අන්දරේ සන්ධානේ
අන්දරේ ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත්
කිරීම සඳහා එක්වූ බව වාර්තා වේ. එක්සත්
ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්රචාරක
කටයුතුවලට අන්දරේගේ පිළිරුවත් පාවිච්චි කර
ඇති ඇයුරු ඡායාරූපයෙන් දැක්වේ.
හම්බන්තොට - කතරගම ප්රධාන
මාර්ගයේ පල්ලෙමලල ප්රදේශයේ ඉදිකර ඇති
අන්දරේගේ පිළිරුවෙහි දෑත් දෙකෙහි නිල් පාට
කොඩි දෙකක් මේදිනවල දක්නට ඇත.
පාසැල් ඇතුළු රාජ්ය ආයතන සියල්ලම
මැතිවරණ කටයුතුවලට යොදා ගන්නා එක්සත්
ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව රජදවස සිටි
පුද්ගලයෙකුවූ අන්දරේටවත් බේරිල්ලක් නැත.
අන්දරේ ජීවත්වන කාලයේ වුවද දේශපාලන
වැඩවලට සම්බන්ධ වූ බවක් නම් කිසිදිනෙක
ඉතිහාසයේ සඳහන්ව නැත. කෙසේ වුවත්
අන්දරේට දැන්වත් රාජපක්ෂ
ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු වලට
සහභාගි වී ඔහුගේ දෑත් ශක්තිමත් කිරීමට ලැබීම
අන්දරේ ලද වාසනාවකි.




කිරීම සඳහා එක්වූ බව වාර්තා වේ. එක්සත්
ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්රචාරක
කටයුතුවලට අන්දරේගේ පිළිරුවත් පාවිච්චි කර
ඇති ඇයුරු ඡායාරූපයෙන් දැක්වේ.
හම්බන්තොට - කතරගම ප්රධාන
මාර්ගයේ පල්ලෙමලල ප්රදේශයේ ඉදිකර ඇති
අන්දරේගේ පිළිරුවෙහි දෑත් දෙකෙහි නිල් පාට
කොඩි දෙකක් මේදිනවල දක්නට ඇත.
පාසැල් ඇතුළු රාජ්ය ආයතන සියල්ලම
මැතිවරණ කටයුතුවලට යොදා ගන්නා එක්සත්
ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව රජදවස සිටි
පුද්ගලයෙකුවූ අන්දරේටවත් බේරිල්ලක් නැත.
අන්දරේ ජීවත්වන කාලයේ වුවද දේශපාලන
වැඩවලට සම්බන්ධ වූ බවක් නම් කිසිදිනෙක
ඉතිහාසයේ සඳහන්ව නැත. කෙසේ වුවත්
අන්දරේට දැන්වත් රාජපක්ෂ
ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු වලට
සහභාගි වී ඔහුගේ දෑත් ශක්තිමත් කිරීමට ලැබීම
අන්දරේ ලද වාසනාවකි.






