අන්ධ ජෙප්පො වෙත

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    අන්ධ ජෙප්පො වෙත

    ජවිපෙ වටා මනසින් අන්ධව, රතු පාටට රැවටී තවමත් රැඳෙන තරුණ තරුණියන් වෙත,

    කරුණාකර මේ දේ තේරුම් ගන්න. තමන්ගේ හෝ තම පක්ෂයේ වාසියට රටේ පරමාධිකාරී ජනතාව වංචා කිරීම බරපතළ අපරාධ වරදක්. දැනටමත් ජවිපෙ 6 දෙනාම, නීතිපති ජයසුරිය සමග දුෂණ අපරාධ චෝදනා යටතේ දුෂණ කොමිසම හමුවට පමුණුවා ඇත්තේ ජනතා පරමාධිපත්‍ය බලය චේතනවිතව පක්ෂයේ වාසියට මංකොල්ල කෑම වරදට සමාව දිය නොහැකි වරදක් වන හෙයිනි.

    ජවිපෙට නීති උපදෙස් දෙන්න කිසිවකු නැත. ඒ බව පිළිගන්න අනුර කුමාර කැමති වන්නේද නැත. රටේ බරපතළ ප්‍රශ්නයක් ඇත. අතිශයින් දුෂිත ප්‍රධාන පක්ෂ දෙක අධිකරණය දෙපයින් පාගගන රටේ පොදු සම්පත් මංකොල්ල කයි. නමුත් ඒ පිළිබඳව හිස් වචන දොඩන ජවිපෙ ඉන් එහා එම බරපතළ දුෂණ අපරාධ සම්බන්ධව කිසිවක් නොකරයි. බොරුවට රටේ ජනතාවට පේන්න, මාධ්‍යය කැඳවා file මිටි ගණන් දුෂණ කොමිසම වෙත ගෙනයයි. ජවිපෙ දුෂණ විරෝධය එතැනින් නිමවෙයි.

    බිලියන 7 කට අධික බදු වංචා කරමින් අමාත්‍යවරු වරු හා මන්ත්‍රී වරු සියගණනක් වාහන පර්මිට් විකුණන කොට ඔවුන් සියලු දෙනාටම එරෙහිව දුෂණ චෝදනා යටතේ නාගානන්ද නඩු පැවරු විට, තැන තැන අහුමුලුවල දොඩන ජවිපෙ ඊට එරෙහිව වචනයක් කථා කතා කලේ නැත.

    පාර්ලිමේන්තුව සම්මත කල ජාතික ලැයිස්තුවක් නැති බව දනිමින්ම, අනෙක් දුෂිත පක්ෂ අනුගමනය කරමින් ජනතාව ප්‍රතික්ෂේප කල වුන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගවන විට, ජවිපෙ ඊට එරෙහිව වචනයක් කථා නොකලා පමණක් නොව ජනතාව ප්‍රතික්ෂේප කළවුන් දෙදෙනෙක්ම පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රින්ගවීමට ක්‍රියා කළේය.

    BMW රාජ්‍ය බදු වංචාව බිලියන 16 කට අධිකය. මෙම වංචාව යට ගසන ලද රේගු අධ්‍යක්ෂ ජනරාල් චුලානන්ද පෙරේරා ධුරයෙන් නෙරපා හැර පී එස් එම් චාල්ස් මහත්මිය එම තනතුරට පත් කිරීමට එම නඩුව සෘජුවම හේතු විය. එපමනක් නොව නව අධ්‍යක්ෂ ජනරාල් වරිය මෙම නඩුව සම්බන්ධව රේගුව පවත්වන ලද ව්‍යාජ පරීක්ෂණය අවලංගු කර නැවත විධිමත් පරීක්ෂණයක් පවත්වා රජයට වංචා කරන ලද බිලියන 16 ක බදු අයකරගැනීමට ක්‍රියා කරන බව අධිකරණය වෙත ලිඛිතව දැනුම් දීමට ක්‍රියා කළේය. නමුත් ජවිපෙ මේ අවස්ථාවේ ක්‍රියා කලේද BMW සමාගමෙන් අල්ලසක් ලබා ගත් පක්ෂයක් මෙනි.

    බදුර්දීන් විල්පත්තුවට කරන විනාශය ජවිපෙ මැනවින් දනියි. නමුත් ඒ පිළිබඳවද ජවිපෙ කිසිදු නීතිමය පියවරක් ගැනීම මග හැරියේය. බදුර්දීන්ට එරෙහිව නාගානන්ද නඩු පැවරු විට ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක එසේ බදුර්දින්ට එරෙහිව නඩුව පැවරීම මුස්ලිම් ජනතාවට කරන ලද අසාධාරණයක් යැයි ප්‍රකාශ කළේය.ඔහුට ස්වභාවික වන විනාශයට වඩා චුදිතයා නියෝජනය කරන මුස්ලිම් චන්ද කීපයක් වැදගත් විය. අධිකරණය මේ වනවිට බදුර්දීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ව්‍යාජ දිවුරුම් ප්‍රකාශය ප්‍රතික්ෂේප කර එම නඩුව විභාගයට ගැනීමට තීරණය කරන ලදී. නමුත් ජවිපෙ තවමත් මේ මහා අපරාධයට එරෙහිව කිසිම නෛතික පියවරක් ගැනීමට අපොහොසත්ය.

    අනුර කුමාරගේ ලඟම හිතවතා බවට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ, රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස් සම්බන්ධව බැඳුම් කර විමර්ශන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම නීතිපති ජයසුරිය විසින් පැහැරහැර දැනට මාස 10 කට අධික බව ජවිපෙ හොඳින් දනියි. ඒ සම්බන්ධවද කිසිම නීතිමය පියවරක් ගැනීමද ජවිපෙ චේතනාන්විතව මගහරින ලදී. එපමණක් නොව ජයන්ත ජයසුරිය නීතිපති තනතුරට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් පසුපස හිඟමනේ යනවිට ඔහුට සහාය පලකිරිමටද ජවිපෙ ක්‍රියා කළේය.

    මේ ලැයිස්තුව තව බොහෝ දිගය. මේ කිසිම අවස්ථාවක ජනතා පරමාධිපත්‍යය, නීතියේ අධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය ගැන කථා කරන, අල්ලස දුෂණය වංචාව ගැන රටට හිස් වචන දොඩන ජවිපෙ අහලකවත් නොවීය. ජවිපෙ ක්‍රියාකාරීන්ට ප්‍රඥාව බිඳක් තිබේ නම් තවදුරටත් අනුර කුමාර පසුපස මනසින් අන්ධව යෑමේ කිසිම තේරුමක් තිබේද නැද්ද යන්න විමසා බැලිය යුතුය.

    නාගානන්දට ජවිපෙ නායකත්වය දැඩි විවේචනයට ලක් කරන්නේ ඇයිද යන්න ජවිපෙ ක්‍රියාකාරීන් රතු කන්නාඩි පසෙකට විසිකර ප්‍රඥාව අවධිකර විමසා බැලීමට කාලය පැමිණ ඇති බව ඔවුන් තේරුම් ගත යුතුව ඇත.


    https://bit.ly/2CJr2HF
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මම නං ලංකාවේ දේශපාලනයේ ප්‍රතිපත්තිගරුක වාමාංශික දේශපාලනිකයෙක් විදියට දකින්නේ සහ මම ගරු කරන්නේ ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්නට විතරයි.

    ඔහුගේ මතය හරි හෝ වැරදි වෙන්න පුලුවන්. හැබැයි ඔහු ඒක වෙනුවෙන් නොබියව පෙනී සිටිනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    මම නං ලංකාවේ දේශපාලනයේ ප්‍රතිපත්තිගරුක වාමාංශික දේශපාලනිකයෙක් විදියට දකින්නේ සහ මම ගරු කරන්නේ ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්නට විතරයි.

    ඔහුගේ මතය හරි හෝ වැරදි වෙන්න පුලුවන්. හැබැයි ඔහු ඒක වෙනුවෙන් නොබියව පෙනී සිටිනවා.

    u pissek :rofl:

    communist leaders are either crazy or cunning and followers are dumb
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජවිපේ යනු රටට පෙර පක්ෂය කියන තීම් එකේ යන තවත් එක් පක්ෂයක් පමණයි.. ඔවුන්ට හෝ ඔවුන් විසින් කඩේ යන පාර්ශවයන්ට දේශපාලනිකව වාසි වෙන තැනදී විතරක් ජවිපේ විප්ලවවාදීන් වෙනවා, ඒත් කොයිතරම් සමාජ අසාධාරණයක් ඉස්සරහ උනත් ඔවුන්ගේ පක්ෂයට අවාසි වෙනවනම් ඔවුන් ජනතාව වෙනුවෙන් විප්ලව කරන්නේ නැහැ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    පාර්ලිමේන්තුව සම්මත කල ජාතික ලැයිස්තුවක් නැති බව දනිමින්ම, අනෙක් දුෂිත පක්ෂ අනුගමනය කරමින් ජනතාව ප්‍රතික්ෂේප කල වුන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගවන විට, ජවිපෙ ඊට එරෙහිව වචනයක් කථා නොකලා පමණක් නොව ජනතාව ප්‍රතික්ෂේප කළවුන් දෙදෙනෙක්ම පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රින්ගවීමට ක්‍රියා කළේය.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    තව ටිකකින් ඵයි අරයා..:D

    කවුද බන්

    එන්න කියපන්

    images
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    බදුර්දීන්ට එරෙහිව නාගානන්ද නඩු පැවරු විට ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක එසේ බදුර්දින්ට එරෙහිව නඩුව පැවරීම මුස්ලිම් ජනතාවට කරන ලද අසාධාරණයක් යැයි ප්‍රකාශ කළේය.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    මහ පක්ශ දෙකට සාපේක්ෂව හොඳයි බන්. දෙගොල්ලොන්ගෙම රෙදි ගලවලා තියෙනවා. ජවිපෙ උන්ගෙම රෙදි ගලෝගෙන ගොඩක් කල් නිස ජවිපෙ රෙදි ගැන කතා නොකර ඉමු.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    බදුර්දීන්ට එරෙහිව නාගානන්ද නඩු පැවරු විට ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක එසේ බදුර්දින්ට එරෙහිව නඩුව පැවරීම මුස්ලිම් ජනතාවට කරන ලද අසාධාරණයක් යැයි ප්‍රකාශ කළේය.


    බිමල් කියන එකා නම් මහ රැඩිකල් පොන්න ටෝක් දෙන එකෙක්. ඕකව හරියන්නෙ සන්නස්ගලයටම තමයි.

    ලින්ක් පිලීස්
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    බිමල් කියන එකා නම් මහ රැඩිකල් පොන්න ටෝක් දෙන එකෙක්. ඕකව හරියන්නෙ සන්නස්ගලයටම තමයි.

    ලින්ක් පිලීස්

    නාගනන්ද කියන්නේ. ඔය දාල තියෙන ලිපිය හයිලයිට් කළේ (නාගනන්දගේ facebook එකේ තියෙනවා)
     
    Last edited:

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    පාර්ලිමේන්තුව සම්මත කල ජාතික ලැයිස්තුවක් නැති බව දනිමින්ම, අනෙක් දුෂිත පක්ෂ අනුගමනය කරමින් ජනතාව ප්‍රතික්ෂේප කල වුන් පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රිංගවන විට, ජවිපෙ ඊට එරෙහිව වචනයක් කථා නොකලා පමණක් නොව ජනතාව ප්‍රතික්ෂේප කළවුන් දෙදෙනෙක්ම පස්ස දොරෙන් පාර්ලිමේන්තුවට රින්ගවීමට ක්‍රියා කළේය.



    නතාව පිළිගෙන පාර්ලිමේන්තු ආව උන් රට දියුණු කරල ද?හොර පාරෙන් ආව හදුන්නෙත්ති රටට වැඩක් කලේ නැද්ද? ඌ හම්බකරන්න කරන්න ආව ද?
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    බදුර්දීන්ට එරෙහිව නාගානන්ද නඩු පැවරු විට ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක එසේ බදුර්දින්ට එරෙහිව නඩුව පැවරීම මුස්ලිම් ජනතාවට කරන ලද අසාධාරණයක් යැයි ප්‍රකාශ කළේය.[/QUOT

    බොරු දාන්න එපා බන්
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ammatasiri, Nagananda sathi 2n weerayek wela.
    Original article eka lipau kena monawa balaporoththuwen meka liwwada danne ne.
    JVP ekada neethi pathi departhumenthuwe, rahas polisiye weda karanna oni?