සාර්ථක තොරතුරක් ලබා දෙන්නාට මුදල්ත්‍යාගයක් -
2025.02.19 වන දින උදෑසන ගනේමුල්ල සංජීව යන සංවිධානාත්මක අපරාධකරු අධිකරණ භූමිය තුලදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ආධාර අනුබල දුන් සැකකාර කාන්තාවගේ ඡායාරූපයක් සහ විස්තර පහතින් දැක්වේ.
සැකකාරියගේ විස්තර :-
01. නම :- පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි
02. වයස :- අවුරුදු 25
03. ජා.හැ.අ :- 995892480v
03. ලිපිනය :- මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම.
සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත හැකි විගස දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
මෙම සැකකාරිය පිළිබඳව සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.
එමෙන්ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය අතිශයින්ම ආරක්ෂා කරන්නෙමු.
දුරකථන අංක :-
අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය - 071 - 8591727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය - 071 - 8591735