අන්‍යාගමිකයෙකුට පෙම් කරමි!

Guity lover

Member
Oct 13, 2017
7
1
0
අන්‍යාගමිකයෙකුට පෙම් කරමි!

මං මේක මේ විදියට දාලා ඔයාලගෙන් උපදෙස් ගන්න හිතුවෙ මට වෙන කරන්න දෙයක් නැති නිසයි. අද රටේ තත්වය අනුව මේ මාත්‍රුකාව කාත් එක්කවත් කතා කරන්නවත් බැ.
මං මුස්ලිම් පිරිමි ළමයෙකුට ආදරය කරනවා. දැන් ඒක කිව්ව ගමන් දන්න වචන ඔක්කොම කියාගෙන මට බැනගෙන එන්න එපා. ඔයාලා හිතන විදියට මං වැරදි කාරියෙක් වෙන්න ඇති. ඒත් මගේ හිතෙත් ඇති උනේ ගැනු ළමයෙක්ගෙ හිතේ විශේෂ පිරිමි ළමයෙක් ගැන ඇති උන ස්වභාවික ආදරයක්ම තමයි. ආගම මැද්දට ආවෙ ඒට පස්සෙ. මං මෝඩ කෙල්ලෙක් නෙවේ. හැගීම් වලට වහල් වෙලා තීරන ගන්න බොළඳ හෝන්තුවකුත් නෙමෙයි. මං පොඩි කාලේ දහම් පාසල් ගිය බෞද්ධ පරිසරයක හැදුනු වැඩුනු කෙනෙක් බුද්ධ දර්ශනය විශ්වාස කරන කෙනෙක්. ඒත් ඕනිම කෙනෙක්ගෙ ජීවිතේ දුර්වලම අවස්තාවක් වන ආදරේ ළගදි මගෙ හිතත් අසරන වෙලා නැවතුනේ මෙතන. එහෙම වෙන්න මට සාධාරන හේතු ගොඩාක් තියනවා. ඒ දේවල් මං එකින් එක විස්තර කරන්න යන්නේ නැ.
හොර රහසේ තිබ්බ අපේ ආදරේට කවදාවත් ගෙවල් වලින් විශේෂයෙන් අපේ ගෙදරින් කවදාවත් කැමත්තක් නොලැබෙන නිසා අපි තීරනය කලා පුලුවන් තරම් කාලායක් පෙම්වතුන් විදියට කවදාවත් කසාද නොබැඳ ඉන්න. ඒත් නොහිතූ විදියට මට මේ ගැන ගෙදරට කියන්න සිදු උනා සහ නොහිතූ විදියට කලබලයකින් තොරව මගේ කැමැත්තට ගෙදරින් ඉඩත් ලැබුනා. ඒ මගේ සතුට ගැන හිතලා. මොකද මං කවදාවත් අකීකරු ළමයෙක් වෙලා නැහැ. මගේ ගෙදර අයට කිසිම අඩුපාඩුවක් නොවෙන විදියට මං එයාලව බලාගන්නවා. වැඩිමල් දරුවා විදියට වෙන්න ඕනි ඔක්කොම යුතුකම් ඉටු කරලා තියනවා සහ මේ පිරිමි ළමයව මගේ ගෙදර අයත් අඳුනනවා.
මගේ වයසත් ඉක්මනට ගෙවීගෙන යන නිසා මං වෙන දේකට කැමැත්තකුත් නැති නිසා එයාලා මේකට ඉඩ දීලා මට කිව්වා ඉක්මනට පිලිවෙලක් වෙන්න කියලා. මෙතනදී තමයි මං ජීවිතේ ලොකුම ගැටලුවට මුහුන දෙන්නේ. මට තර්ක කරන්න වෙලා තියෙන්නේ මගේම හදවත සහ බුද්ධිය එක්ක. හේතුව එයාව බඳින්න නම් මට මුස්ලිම් වෙන්න සිද්ධ වෙනවා. භාහිරව පමනක් නෙමෙයි හදවතින්ම ඒ දේවල් අදහන්න සිද්ධ වෙනවා. එතනයි මට ප්‍රශ්නය තියෙන්නේ. වැටහීමක් තියන කෙනෙක් විදියට මං කොහොමද ඒ ආගම 100% විශ්වාස කරන්නේ!!! මට මගේ ආදරය වෙනුවෙන් ඒ දේ කරන්න ඕනි උනත් මගේ මොළය සූදාන්ම් නැ ඒ ඉගැන්වීම් සත්‍ය ලෙස පිලිගන්න. එහෙමයි කියලා මට කවදාවත් මගේ ආදරය නැති කරගන්නත් බැ. එයා කියනවා විශ්වාස නොකර එයා නිසා ආගමට එන එක තේරුමක් නැති දෙයක් කියලා. එතකොට මං එකක් හිතේ තියාගෙන එකක් පුරුදු පුහුනු වෙවී දෙකෙන් එකක් වත් හරියට කර නොගෙන ජීවිතේ නාස්ති කර ගනීයි සහ පවු පුරව ගනී කියලා. මං මොකද්ද කරන්නේ? බුද්ධියට ඉඩ දීලා මගේ ජීවිතේ එයත් එක්ක ඉස්සරහට අරන් නොයා හැමදාමත් හිතෙන් තැවි තැවී ජීවත් වෙනවද? මගේ ආදරේ වෙනුවෙන් අඳ භක්තිකයෙක් ලෙස ආදරනීය පවුල් ජීවිතයක් ගත කරනවද?

කරුණාකර මගේ දෙමව්පියන්ට අපහාස කිරීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි. මෙය හුදෙක් මා විසින් ඇති කරගත් හැගීමක් පමනක් බවත් එම හැගීම ඔබ අප සියල්ලටම පොදු අවන්ක අහින්සක හැගීමක් විනා ජාතිය වැනසීමට ගත් උත්සහයක් නොවන බවත් සලකන්න. එකම වරද මා ඒ හැගීම ඇති කරගත්තේ කාලානුරූපීව වැරදි පුද්ගලයෙකු කෙරෙහි වීමයි. ඉතින් මා ඔබෙන් බලාපොරුත්තු වන්නේ ඇනුම් බැනුම් නොව ඔබ මා සිටින අවස්තාවට පත් උවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස්‍ පමනි. මේ ප්‍රශ්නය දෙස පාට කන්නාඩි වලින් නොබලා මනුශ්‍යත්වයේ දැසින් බලා හිතට එකගව අදහස් දක්වන්න.
ජාතිය පාවා දීමේ වරදට ඔබට අනුව මා වැරදි කරුවෙකු වී හමාරය. මේ මා මාගේම හෘදසාක්‍ෂිය ඉදිරියේ වැරදි කරුවෙකු වන අවස්තාවයි.
 
  • Like
Reactions: Dishta Didin

emines

Junior member
  • Apr 24, 2012
    301
    22
    18
    ආදරේ කියන්නේ සුන්දර හැඟීමක් .. විවාහ වුනාට පස්සේ ඔය දැන් තියෙන ස්වභාවය වෙනස් වෙනවා .. මම නම් කියන්නේ එයා ඔයාට ආදරෙයි නම් ඔයාගේ අගමැ වෙනස් කරන්න කියන්නේ නැහැ . අගමැ වෙනස් කරන්න කියනවා කියන්නේ එය මෝඩ භක්තිකයෙක් විතරයි කියන එක. ඔය ඔය කසාදෙ කරන්න එපා. ඔය ඇත්තටම බෞද්ද කෙනෙක් නම් දන්නවනේ ඔය කියන දේවල් අතාරින්නත් .. මෝඩ වෙන්න එපා . ඔයාගේ අගමැ මාරු කරන්න එපා . අනිවාර්යයෙන්ම ඔයාට අනාගතේ පසුතැවෙන්න වෙනවා ඔය මුස්ලිම් ආගමට ගිහින් ඔය වැඩේ කර ගත්තොතින්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එයාව බඳින්න නම් මට මුස්ලිම් වෙන්න සිද්ධ වෙනවා :baffled: යකාගේ කතාවක්නේ ඒක :oo:

    දෙන්නම ක්‍රිස්තියානි වෙයල්ලා වැඩේ ඉවරයි :yes:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එයාව බඳින්න නම් මට මුස්ලිම් වෙන්න සිද්ධ වෙනවා :baffled: යකාගේ කතාවක්නේ ඒක :oo:

    දෙන්නම ක්‍රිස්තියානි වෙයල්ලා වැඩේ ඉවරයි :yes:
    :lol::lol::lol::lol:
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    Nikam boru Wada karanna EPA.oya wage napunsaka thread nisa thamai seriously dapu thread ekakatawath hariyata uththarayak labenne naththe.api dannawa Muslims la bandoth mokada wenne Kiyala.ithin thawath gon part Danna EPA.eken wenne seriously dapu prashnayak unath anith aya joke ekata ganna eka.hariyata Mata Una wage
     
    • Like
    Reactions: Dishta Didin

    Guity lover

    Member
    Oct 13, 2017
    7
    1
    0
    මේකට රිප්ලයි කරන්න කාලය වැය කරපු සියලු දෙනාටම ස්තූතියි. ඔයාලා කියන දේ මට තේරෙනවා. නමුත් මට මොනාද කරන්නේ කියලා හිතා ගන්න බැරුවයි ඉන්නේ
     
    Guity lover

    Member
    Oct 13, 2017
    7
    1
    0
    Nikam boru Wada karanna EPA.oya wage napunsaka thread nisa thamai seriously dapu thread ekakatawath hariyata uththarayak labenne naththe.api dannawa Muslims la bandoth mokada wenne Kiyala.ithin thawath gon part Danna EPA.eken wenne seriously dapu prashnayak unath anith aya joke ekata ganna eka.hariyata Mata Una wage

    මෙන්න මේ පුද්ගලයාට නම් විශේෂයෙන් දෙයක් කියන්න තියනවා. ඔයා ගැනුද පිරිමිද මං දන්නෙ නැ. ඒත් නිකන් විහිලුවක් වෙන්න එපා හලෝ. නපුන්සක කියන වචනේ තේරුම දන්නවනම් මේ වගේ ගොන් කතාවක් කියන එකක් නැ. තමුන් ලෙස්බියන් ත්‍රෙඩ් දදා අනුන්ට නපුන්සක කියනවා දැක්කමයි! අනික ඔයා ලෙස්බියන් උනා කියලා අනිත් අයත් එහෙම වෙන්න අවශ්‍යත් නැ. මේකෙ දෙයක් අහන්න ඔයාගෙන් අවසර ගන්න අවශ්‍යත් නැ. මගේ ප්‍රශ්න ජජ් කරන්න ඔයා මගේ කවුද මොනවද දන්නේ?? මට ඔයාගෙ දේවල් වැඩක් නැ වගේම ඔයාට මගේ දේවලුත් වැඩක් නැ. ඔයාගෙ ප්‍රශ්නෙට අදාල අය ඔයාට උත්තර දෙයි. මගෙ ප්‍රශ්නෙට අදාල අය මට උත්තර දෙයි. ඒ ගැන ඔයා කලබල වෙන්න අවශ්‍ය නැ. ඒක නිසා තමුන් නොදන්න අනුන් ගේ ජීවිත ජජ් කරන්න වත් විහිලුවට ගන්නවත් නොයා තමුන් ගේ වැඩක් බලා ගත්තා නම් වඩා හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එයාව බඳින්න නම් මට මුස්ලිම් වෙන්න සිද්ධ වෙනවා :baffled: යකාගේ කතාවක්නේ ඒක :oo:

    දෙන්නම ක්‍රිස්තියානි වෙයල්ලා වැඩේ ඉවරයි :yes:
    :cool::cool:දෙන්නටම ස්වර්ගෙට යන්න පුළුවන් ..හැබැයි මුස්ලිම් උනාම හම්බෙන කන්‍යාවෝ 69 නම් හම්බෙන් නැ :(:(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ආදරය සුන්දර වරදකි
    කිසිදා සමාවක් නම් නැති
     
    kasunigamage

    Active member
  • Oct 9, 2017
    299
    147
    43
    oya thamai methana hamotama joke ekak wela thiyenne.mm kiyanne kiyanna ona de.mama damme Mata aththata ma thiyena prashnayak.oya wage gonpart ekak newei.mata kellekta thiyenna one serama e widiyata ma thiyenawa.oya thamai kellek widiyta awith methana gonpart Dana ponna dial eka.
    Real kellekta me wage gon thread Danna uwamnawak Naha.
    Gihin doctor kenek Ta kiyala full-body scan ekak karagnna.oyata thiyenne oya hithagena Inna awayawa newei.:lol:
    මෙන්න මේ පුද්ගලයාට නම් විශේෂයෙන් දෙයක් කියන්න තියනවා. ඔයා ගැනුද පිරිමිද මං දන්නෙ නැ. ඒත් නිකන් විහිලුවක් වෙන්න එපා හලෝ. නපුන්සක කියන වචනේ තේරුම දන්නවනම් මේ වගේ ගොන් කතාවක් කියන එකක් නැ. තමුන් ලෙස්බියන් ත්‍රෙඩ් දදා අනුන්ට නපුන්සක කියනවා දැක්කමයි! අනික ඔයා ලෙස්බියන් උනා කියලා අනිත් අයත් එහෙම වෙන්න අවශ්‍යත් නැ. මේකෙ දෙයක් අහන්න ඔයාගෙන් අවසර ගන්න අවශ්‍යත් නැ. මගේ ප්‍රශ්න ජජ් කරන්න ඔයා මගේ කවුද මොනවද දන්නේ?? මට ඔයාගෙ දේවල් වැඩක් නැ වගේම ඔයාට මගේ දේවලුත් වැඩක් නැ. ඔයාගෙ ප්‍රශ්නෙට අදාල අය ඔයාට උත්තර දෙයි. මගෙ ප්‍රශ්නෙට අදාල අය මට උත්තර දෙයි. ඒ ගැන ඔයා කලබල වෙන්න අවශ්‍ය නැ. ඒක නිසා තමුන් නොදන්න අනුන් ගේ ජීවිත ජජ් කරන්න වත් විහිලුවට ගන්නවත් නොයා තමුන් ගේ වැඩක් බලා ගත්තා නම් වඩා හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,031
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බැන්දට පස්සේ කියයි මෑ ඇටෙත් කපන්න ඕන කියල..... උබම කල්පනාකරලා තීරණයක් ගනින්........... හම්බයෝ දෙමල කතාකරන්න ලොකුම හේතුව ඕකුන්ට සිංහල ගෑනු දුන්නේ නෑ....... දෙමල්ලු කරගහන් ජිවිතේ ගැටගහගත්තේ...... දැන් පරම්පරාව පොෂ් නිසා අතින් අරන් උකේ තියාගන්නවා........ උබේ කැමැත්තක් ;)
     
    The-King

    Banned
    Oct 12, 2017
    112
    8
    0
    අන්‍යාගමිකයෙකුට පෙම් බැදී නුවන් බුවා! :|
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොල්ලගෙන් අහපන් ස්වර්ගෙට ගියාමත් කොන කපනවද කවුද කපන්නෙ කියල. උත්තර දුන්නොත් බැඳපන්:dull:
     
    Guity lover

    Member
    Oct 13, 2017
    7
    1
    0
    එම ආගමේ ඇති අසාරත්වය මම දන්නවා. ඒත් මේ සම්බන්ධයේදී අපි දෙන්නම සමානයි. ඔහු අතින් මට කිසි වරදක් සිදු වී නැහැ. මට බලපැමක් නැහැ. ඒත් මට ඕනි මගේ හිත හදා ගන්න. මගේ හිතේ තියන වරදකාරී හැගීම නැති කර ගන්න.