අන්‍යාගමිකයෙකුට පෙම් කරමි!
මං මේක මේ විදියට දාලා ඔයාලගෙන් උපදෙස් ගන්න හිතුවෙ මට වෙන කරන්න දෙයක් නැති නිසයි. අද රටේ තත්වය අනුව මේ මාත්‍රුකාව කාත් එක්කවත් කතා කරන්නවත් බැ.
මං මුස්ලිම් පිරිමි ළමයෙකුට ආදරය කරනවා. දැන් ඒක කිව්ව ගමන් දන්න වචන ඔක්කොම කියාගෙන මට බැනගෙන එන්න එපා. ඔයාලා හිතන විදියට මං වැරදි කාරියෙක් වෙන්න ඇති. ඒත් මගේ හිතෙත් ඇති උනේ ගැනු ළමයෙක්ගෙ හිතේ විශේෂ පිරිමි ළමයෙක් ගැන ඇති උන ස්වභාවික ආදරයක්ම තමයි. ආගම මැද්දට ආවෙ ඒට පස්සෙ. මං මෝඩ කෙල්ලෙක් නෙවේ. හැගීම් වලට වහල් වෙලා තීරන ගන්න බොළඳ හෝන්තුවකුත් නෙමෙයි. මං පොඩි කාලේ දහම් පාසල් ගිය බෞද්ධ පරිසරයක හැදුනු වැඩුනු කෙනෙක් බුද්ධ දර්ශනය විශ්වාස කරන කෙනෙක්. ඒත් ඕනිම කෙනෙක්ගෙ ජීවිතේ දුර්වලම අවස්තාවක් වන ආදරේ ළගදි මගෙ හිතත් අසරන වෙලා නැවතුනේ මෙතන. එහෙම වෙන්න මට සාධාරන හේතු ගොඩාක් තියනවා. ඒ දේවල් මං එකින් එක විස්තර කරන්න යන්නේ නැ.
හොර රහසේ තිබ්බ අපේ ආදරේට කවදාවත් ගෙවල් වලින් විශේෂයෙන් අපේ ගෙදරින් කවදාවත් කැමත්තක් නොලැබෙන නිසා අපි තීරනය කලා පුලුවන් තරම් කාලායක් පෙම්වතුන් විදියට කවදාවත් කසාද නොබැඳ ඉන්න. ඒත් නොහිතූ විදියට මට මේ ගැන ගෙදරට කියන්න සිදු උනා සහ නොහිතූ විදියට කලබලයකින් තොරව මගේ කැමැත්තට ගෙදරින් ඉඩත් ලැබුනා. ඒ මගේ සතුට ගැන හිතලා. මොකද මං කවදාවත් අකීකරු ළමයෙක් වෙලා නැහැ. මගේ ගෙදර අයට කිසිම අඩුපාඩුවක් නොවෙන විදියට මං එයාලව බලාගන්නවා. වැඩිමල් දරුවා විදියට වෙන්න ඕනි ඔක්කොම යුතුකම් ඉටු කරලා තියනවා සහ මේ පිරිමි ළමයව මගේ ගෙදර අයත් අඳුනනවා.
මගේ වයසත් ඉක්මනට ගෙවීගෙන යන නිසා මං වෙන දේකට කැමැත්තකුත් නැති නිසා එයාලා මේකට ඉඩ දීලා මට කිව්වා ඉක්මනට පිලිවෙලක් වෙන්න කියලා. මෙතනදී තමයි මං ජීවිතේ ලොකුම ගැටලුවට මුහුන දෙන්නේ. මට තර්ක කරන්න වෙලා තියෙන්නේ මගේම හදවත සහ බුද්ධිය එක්ක. හේතුව එයාව බඳින්න නම් මට මුස්ලිම් වෙන්න සිද්ධ වෙනවා. භාහිරව පමනක් නෙමෙයි හදවතින්ම ඒ දේවල් අදහන්න සිද්ධ වෙනවා. එතනයි මට ප්‍රශ්නය තියෙන්නේ. වැටහීමක් තියන කෙනෙක් විදියට මං කොහොමද ඒ ආගම 100% විශ්වාස කරන්නේ!!! මට මගේ ආදරය වෙනුවෙන් ඒ දේ කරන්න ඕනි උනත් මගේ මොළය සූදාන්ම් නැ ඒ ඉගැන්වීම් සත්‍ය ලෙස පිලිගන්න. එහෙමයි කියලා මට කවදාවත් මගේ ආදරය නැති කරගන්නත් බැ. එයා කියනවා විශ්වාස නොකර එයා නිසා ආගමට එන එක තේරුමක් නැති දෙයක් කියලා. එතකොට මං එකක් හිතේ තියාගෙන එකක් පුරුදු පුහුනු වෙවී දෙකෙන් එකක් වත් හරියට කර නොගෙන ජීවිතේ නාස්ති කර ගනීයි සහ පවු පුරව ගනී කියලා. මං මොකද්ද කරන්නේ? බුද්ධියට ඉඩ දීලා මගේ ජීවිතේ එයත් එක්ක ඉස්සරහට අරන් නොයා හැමදාමත් හිතෙන් තැවි තැවී ජීවත් වෙනවද? මගේ ආදරේ වෙනුවෙන් අඳ භක්තිකයෙක් ලෙස ආදරනීය පවුල් ජීවිතයක් ගත කරනවද?
කරුණාකර මගේ දෙමව්පියන්ට අපහාස කිරීමෙන් වළකින මෙන් ඉල්ලා සිටිමි. මෙය හුදෙක් මා විසින් ඇති කරගත් හැගීමක් පමනක් බවත් එම හැගීම ඔබ අප සියල්ලටම පොදු අවන්ක අහින්සක හැගීමක් විනා ජාතිය වැනසීමට ගත් උත්සහයක් නොවන බවත් සලකන්න. එකම වරද මා ඒ හැගීම ඇති කරගත්තේ කාලානුරූපීව වැරදි පුද්ගලයෙකු කෙරෙහි වීමයි. ඉතින් මා ඔබෙන් බලාපොරුත්තු වන්නේ ඇනුම් බැනුම් නොව ඔබ මා සිටින අවස්තාවට පත් උවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් පමනි. මේ ප්‍රශ්නය දෙස පාට කන්නාඩි වලින් නොබලා මනුශ්‍යත්වයේ දැසින් බලා හිතට එකගව අදහස් දක්වන්න.
ජාතිය පාවා දීමේ වරදට ඔබට අනුව මා වැරදි කරුවෙකු වී හමාරය. මේ මා මාගේම හෘදසාක්‍ෂිය ඉදිරියේ වැරදි කරුවෙකු වන අවස්තාවයි.

යකාගේ කතාවක්නේ ඒක