ඕක තමයි වැරද්ද . මෙයත් ඊලමට කඩේ ගිය කෙනෙක්. දැන් වෙනස් වෙලා. එහෙම කෙනෙක් චම්පික හිටියේ මාක්ස්වාදයේ අරකය මේකය කියන එක හරිද . මෙයත් ඒ තෝම්බුවෙන්මයි.
ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට.
චම්පික ගැන තියන විවේචනය වෙනස් එකක්. ඒක නලින් මහතා කියන්නත් කලින් සමහරු එහෙන් මෙහන් කියපු දෙයක්.
චම්පික කරන්නේ අදාළ අවස්ථාවේ තියන ජනප්‍රිය රැල්ලට එකතු වෙලා යන එක. ඔහුගේ ජාතිකවාදය 'ව්‍යාජ ජාතිකවාදයක්' විදිහට තමයි සමහරු හඳුන්වන්නේ.
උදාහරණයකින් කියනව නම් නලින් මහතා මාක්ස්වාදයෙන් වෙන්වුනේ "මාක්ස්වාදයේ දරිද්‍රතාවය" ඔහු වටහා ගත් නිසා මිසක් ඒ අවස්ථාවේ මාක්ස්වාදයට විරුද්ධව රැල්ලක් නැගල ගිය නිසා නොවේ. ඔහුට පොතක් ලියන්න සිද්ධ උනේ ඔහු නිර්මාණය කළ මාක්ස්වාදී විරෝධී දැනුම අනික් අයට ලබා දෙන්න. ඔහුගේ වෙනසට හේතුවත් ඒ දැනුමම තමයි. ඔහුට ඒ ගැන හංගන්න දෙයක් නෑ.
චම්පික මේ දක්වා තමන් නියෝජනය කළ මතය වෙනස් කරගත්ත අවස්ථාවල ඔහු වඩා ජනප්‍රිය හෝ අනාගතයේ ජනප්‍රිය විය හැකි මතවාදයක් හඹා ගිය බව පේනවා. උදා- මතකද මුස්ලිම් විරෝධය නැගල ගිය වෙලේ චම්පික හිමීට මුට්ටිය දාල බැලුවා?
මෙන්න මේ විවේචනය මත පදනම් වෙලා තමයි ඔහුගේ වර්තමාන හැසිරීම තේරුම් කරගන්න වෙන්නෙ. දැන් චම්පික ලවක් දෙවක් නැතුව මහින්දට හා මහින්දට පමණක් ගහන්නේ ඇයි? අනික් උන් හොරු නෙවෙයිද? ඇයි බැසිල්/ගෝඨා? හේතුව මහින්ද සදහටම දේශපාලනයෙන් ඉවත් කරල ජාතිකවාදයේ තනි නියෝජනය තමන්ට ගන්න.
