අනාගත දත්ත ගබඩාව DNA අණුවක් තුල – විස්මිත සොයා

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    අනාගත දත්ත ගබඩාව DNA අණුවක් තුල – විස්මිත සොයා

    මෙය ඇසු විට ඔබ පුදුම වනවා නොඅනුමානය. මා මේ කියන්න යන්නේ සත්‍ය කතාවකි. සාමාන්‍යයෙන් ඔබ දෘඩ තැටියක නොහොත් පරිඝනක Hard Disk එකක හෝ Pen Drive එකක දත්ත කොපමණ කාලයක් තබා ගත හැකිදැයි ඔබ සිතන්නෙහිද ? අවුරුදු දහයක් හෝ ඊට වැඩි ගණනක් ?

    dna.jpg


    backblaze storage නම් ආයතනය මෙම ගැටලුවට විසඳුම් සෙවීමට Hard Drives 25,000 ක් එකවර ධාවනය වීමට සලස්වන ලදී. දෘඩ තැටියේ අවසානය ලං වත්ම කහින ආකාරයේ ශබ්ධයක් ඉන් පිටවන බව ඔහුන් පවසනවා. පසුව එම Hard Disk Drives නැවත Install කර එහි ආයු කාලය සටහන් කරගනු ලැබේ. අවුරුදු 5 ක් පුරාවට නොකඩවා ධාවනය වෙද්දී Hard Disk එක 22% ක් ගෙවී ගොස් ඇති බවට පර්යේෂණ මගින් සනාථ වී තිබෙනවා. මේ අතරින් සමහර Hard Disks අවුරුදු 10 ක් පුරාවටම නොනැසී පැවතීමට පුළුවන් බවත්, සමහරක් අවුරුදු 10 ක් ලැබීමට පෙර තම ආයු කාලය නිම කල බවත්, ඉන් තවත් සමහරක් අවුරුද්දක්වත් ක්‍රියාකාරී ලෙස තබා ගැනිටවත් නොහැකි වූ බව පර්යේෂකයෝ පවසති.

    මේ ගැටළුවට විසඳුමක් ලෙස ස්විට්සර්ලන්ත පර්යේෂකයන් ගෙන ඇත්තේ සජීවී DNA අණුය. පුදුමසහගත දෙයනම් එමගින් අවුරුදු මිලියන ගණනක් වුවත් දත්තයන් සුරක්ෂිතව ගබඩා කල හැකි වීමයි. එනම් න්‍යායාත්මකව DNA ග්‍රෑම් එකක් තුල අන්තර්ජාලයේ සියලුම දත්ත ගබඩා කල හැකිබව පෙන්වා දෙන ලදී. එනම් අන්තර්ජාලයේ යෝධයන් වන Google, Facebook හි දත්තයන් සම්පුර්ණයෙන්ම පාහේ ගබඩා කල හැකිවීම පුදුමයට කරුණකි.


    DNA-structure.jpg


    කල පර්යේෂණ අනුව DNA ග්‍රෑම් එකක් තුල එක්සාබයිට් 455 ක් ගබඩා කිරීමට හැකිවන අතර එක්සාබයිට් එකක් යනු ගිගාබයිට් බිලියනයකි.

    ඔහුනට මේ නිර්මාණශීලි අදහස පැමිණ තිබෙන්නේ ෆොසිලකරණය හේතුවෙන් DNA බොහෝ කාලයක් සුරක්ෂිතව තිබීම පදනම් කොට ගෙනය. පුදුමසහගත දෙය නම් අවුරුදු 110,000 ක් පමණ පැරණි Polar Bear එනම් හිම වලසකුගේ සම්පුර්ණ ජාන පද්ධතිය කියවීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. එසේම මෑතකදී එම විද්‍යාඥයන් හට අවුරුදු 700,000 ක් පැරණි අශ්වයෙකුගේ පවා ජාන පද්ධතිය කියවීමට සමත්ව තිබේ.

    DNA තාක්ෂණික වශයෙන් පහත වැටීම ඔහුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව බව Chemical Department සහ Applied Biology අංශයේ කථිකාචාර්යවරයෙකු වන Robert Crews මහතා පවසයි. එසේම DNA අණු ස්ථායිව තබා ගැනීමට ක්‍රමවත් ක්‍රමවේදයක් සොයාගැනීමට සහ DNA ස්ථායිව තබාගෙන ඒ මත දත්ත ගබඩා කරගැනීමේ කාර්යන් දෙකම එකිනෙකට සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වන බවද Robert Crews මහතා CNN ප්‍රවෘති සේවයට පවසා තිබේ.

    මෙය සාර්ථක වුවහොත් අනාගතයේදී පරිඝනක ක්ෂේත්‍රයේ මෙන්ම විවිධ තාක්ෂණ ක්ෂේත්‍රය තුල ඇති විශාල විප්ලවයක් කරනු නොඅනුමානය.


    Source

    http://www.technews.lk/dna-digital-data-storage
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :no: :no: :no:
    පිටසක්වල ජීවීන් ඇවිල්ල නියුක්ලියර් වෙපන්ස් වලිං ගැහුවොත් ජාන විකෘති වෙනව :(
    ඒත් එක්කම ඩේටත් නැතිවෙන්න පුළුවන් :(
    ඩේට සමාන්තර විශ්වෙක සේව් කරන්න ඕනෙ :yes:
    එතකොට පිටසක්වල උන් ගැහුවත් අවුලක් නෑ :yes: :yes: :yes:
     
    • Like
    Reactions: keshara

    blue_in_rio

    Well-known member
  • :no: :no: :no:
    පිටසක්වල ජීවීන් ඇවිල්ල නියුක්ලියර් වෙපන්ස් වලිං ගැහුවොත් ජාන විකෘති වෙනව :(
    ඒත් එක්කම ඩේටත් නැතිවෙන්න පුළුවන් :(
    ඩේට සමාන්තර විශ්වෙක සේව් කරන්න ඕනෙ :yes:
    එතකොට පිටසක්වල උන් ගැහුවත් අවුලක් නෑ :yes: :yes: :yes:

    picard-facepalm.jpg
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    :no: :no: :no:
    පිටසක්වල ජීවීන් ඇවිල්ල නියුක්ලියර් වෙපන්ස් වලිං ගැහුවොත් ජාන විකෘති වෙනව :(
    ඒත් එක්කම ඩේටත් නැතිවෙන්න පුළුවන් :(
    ඩේට සමාන්තර විශ්වෙක සේව් කරන්න ඕනෙ :yes:
    එතකොට පිටසක්වල උන් ගැහුවත් අවුලක් නෑ :yes: :yes: :yes:

    වට් ඉෆ් දේ ඇටැක් පැරාලෙල් යුනිවෙර්ස් ඔල්සෝ ? :eek:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වට් ඉෆ් දේ ඇටැක් පැරාලෙල් යුනිවෙර්ස් ඔල්සෝ ? :eek:

    දෙයා රා මෝ දෑන් අ සින්ගල් පැරලල් යුනිවර්ස් :yes: :yes:
    දේ කැන්නොට් බී ෆකින්ග් ඕල් ද යුනිවර්සස් ඇට් ද සේම් ටයිම් :yes: