අනාවැකියක් කියන්නද

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    පංචායුධ කුමාරයාගේ කතාව
    ----------------------------------

    ලංකාවේ බලවත්ම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය වන්නේ වැඩිම කලක් තනි පක්ෂයක් ලෙස වැඩිම ඡන්ද පදනමක් දරා සිටින නිසාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහිදී දෙවැනි තැන දිනා ගනියි. තුන්වන බලවේගයක් ලෙස විවිධ පක්ෂ විවිධ අවස්ථාවලදී මතුවී නැතිවී නැවත මතු වූ අවස්ථා ඇත. නමුත් පහුගිය ඉතිහාසය පුරාම ලාංකීය දේශපාලනයේ ජනප්‍රියම දේශපාලන පක්ෂය කුමක්දැයි කාගෙන් ඇසූවද එයට දෙන පිළිතුර ජනතා විමුක්ති පෙරමුණ යි යන්නය. ශක්තිමත් අවංක බිම්මට්ටමේ සාමාජිකත්වයක්, සංවිධානාත්මක ප්‍රචාරණ වැඩ පිළිවෙලක්, තර්කානුකූල දේශපාලන විග්‍රහයක් පමණක් නොව එකම අවස්ථාවකදී දක්ෂ කතිකයින් වැඩිම පිරිසක් සිටින එකම දේශපාලන පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ය. එබැවින් එම පෙරමුණේ දේශපාලකයින්ට ශුද්ධ ජනප්‍රියත්වයක් හැමදාම තිබිණ. ඔවුන්ගේ ජනප්‍රියත්වය විවිධ ප්‍රචාරණ ක්‍රම මගින් බලෙන් බුම්බවනු ලැබූ ඒවා නොවන අතර ඔවුන්ගේ සත්‍ය ගරුක නීති ගරුක සහ විනය ගරුක භාවය නිසා ඉබේම වාගේ ලැබෙන ජන විශ්වාසය නිසා හිමිවූ අමතර වාසියකි. එම නිසාම යමක් කමක් තර්කානුකූලව වටහා ගත හැකි බුද්ධිමත් ඡන්දදායක පිරිසක් ජනතා විමුක්ති පෙරමුණ වටා හැමදාම එක් රොක් විය. ආණ්ඩු බලයක් අහිමි දේශපාලන පක්ෂයක දිගින් දිගටම සිටීමෙන්ම ඔවුන්ගේ ඔවුන්ගේ දේශපාලන ඕනෑකම කුමක්දැයි මැනවින් තේරුම් කර දී තිබේ. මෙවැනි පක්ෂයක ජනප්‍රියම කථිකයෙකු තමන් වෙත ඈදා ගැනීම කවර හෝ දේශපාලන පක්ෂයට හැම අතකින්ම වාසි දායකය. ආණ්ඩු බලයේ පැවති එක්සත් ජනතා සන්ධාන රජය එවකටදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතාව දේශපාලනික බිලී බා ගැනීමකට ලක් කිරීම එවත් තත්වයකි. පැවති රජයේ වංචා දුෂණ අකටයුතු කම් වසා ගැනීමේ මාධ්‍ය මෙහෙයුම් මෙන්ම ප්‍රචාරණ වැඩ පිළිවෙලවල් චතුර කථික විරවංශ මහතාගේ මුවින් කඩු තල සේ විසි වන්නට විය. එමගින් පැවති ආණ්ඩුවට මුල් කාලයේදී විශාල ආරක්ෂාවක් ලැබින. වීරවංශ මහතා ජනතා විමුක්ති පෙරමුණේ දී උන්නාට වඩා තරුවක් සේ දිලෙන්ට ගත්තේ එවිටය. ගැලරියේ විසිල් වලින් ඔහු අමන්දානන්දයට පත් වූ අතර එතෙක් ඔහු ආරක්ෂා කරගෙන සිටි දේශපාලන කන්‍යා භාවය පවා ඔහුටම අමතකව ගියේය. දැන් ඉතින් මොනවා නැති උනත් අඩුම තරමින් හෙලිකොප්ටරයෙන් ගොස් සීගිරිය බැලීමටවත් ලැබෙනු ඇතැයි ඔහුට සිතෙන්නෙට ඇත. ඒ විමල් විරවංශ මහතාගේ මෑත ඉතිහාසයික පළමු දේශපාලන අවධියයි.

    දෙවන අවධිය ආරම්භ වන්නේ නිර්ධන පංතියේ වීරවංශ සහෝදරයා ධනපති පංතියේ ධන කුවේරයෙකු බවට පත්වන්නට පටන් ගැන්මෙනි. එතෙක් කොණ්ඩය සහ රැවුල ගැන නොසිතූ ඔහු ඒවා ගැන වැඩියෙන් උනන්දු වන බවත්, රූපලාවන්‍ය පිළිබදව වැඩිපුර උනන්දුවන බවත්, රුපියල් ලක්ෂ ගණන් වටිනා කමීස මිලට ගෙන ඇති බවත්, තම අමාත්‍යංශයේ පුටුවට පවා ලක්ෂ ගණන් වියදම් කර ඇති බවත්, තම පුද්ගලික ජීවිතයේ සුඛ විහරණය සදහා රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිතා කරන බවත් ආදී පුවත් දිගින් දිගටම ජනමාධ්‍ය හරහා වාර්තා කෙරින. එලෙසම උක්ත චෝදනා තවත් සාන්ද්‍රික කිරීමේ පුවත්පත් කාටුන් පත්තරවල හැමදාම තිබිණ. විරවංශගේ දේශපාලන චරිතය අද පවා ඕනෑම කාටුන් කරුවෙකු රූපයට නගන්නේ ජංගම දුරකතනයක් බෙල්ලේ රුවාගෙනය. ඒවා ගැන අදහස් දක්වන්නට වීරවංශ මහතා ඉදිරිපත් නොවුනේ සාම්ප්‍රධායික ඇමති කෙනෙකු පරිද්දෙනි. එහෙත් ඔහුගේ දේශපාලන අතීතය දෙස බැලීමේදී ඔහු හැසිරිය යුතුව තිබුණේ චෝදනා වලට පිලිතුරු දීමෙනි.
    ඉන්පසු වීරවංශ මහතා පක්ෂ මාරුවෙන් පසු ඉදිරිපත් වූ පළමු පාර්ලිමෙන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වුයේ දැවැන්ත ධනවාදී ප්‍රචාරණ වැඩ පිළිවෙලක් සමගය. පංචායුධ කුමාරයාගේ වෙළද දැන්වීම කාටත් මතක ඇතැයි සිතමි. එහිදී ඔහු සමාජවාදී චින්තනය සම්පූර්ණයෙන්ම අමතක කර ධනවාදී චින්තන රටාවට අනුගත වෙමින් පුද්ගලිකවාදී ප්‍රචාරක යාන්ත්‍රනයක් දියත් කලේය. එමගින් වීරවංශ මහතා වාර්ථාගත මනාප ප්‍රමාණයක් සමග පාර්ලිමෙන්තුවට පිවිසියේය. ඔහුගේ තිබූ ආවේගාත්මක කලහකාරී ප්‍රයෝකාරී මෙන්ම උපායශීලි දේශපාලන ක්‍රමෝපායන් නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමන්දානන්දයට පත් විය. පණට පණ සේ දෙදෙනා දේශපාලන ප්‍රේමයකින් වාගේ බැදී සිටියහ. බොහෝ වේදිකා වලදී හිටපු ජනාධිපතිවරයා හා විරවංශ මහතා මුල් ආසන වල එකට සිටිනු දැකගත හැකිවිය. මේ ගැන නිදහස් පක්ෂ ජ්‍යේෂ්ඨයින් උන්නේ හිත හොදකින් නොවන අතර වත්මන් ජනාධිපතිවරයා පවා ඊට නොකැමැත්ත පළකල ඇතැම් අවස්ථා තිබිණ. ඉන් පසුව උදාවුයේ විරවංශගේ තාර්කික බුද්ධිය සමපූර්ණයෙන්ම ඔහු වෙතින් ගිලිහී ගිය තත්වයකි. මහින්ද මහතා අධෝ මුඛයෙන් යවනා වා බිදක් වුව පුස්ඹයි කියන්නට තරම් හේ මහින්දවාදයෙන් ඔත්පලව මහින්ද සාසනයේ අන්ධ අනුගාමිකයෙකු බවට පත්විය. ඒ පිළිබදව සිය පැරණි දේශපාලන සහෝදරයින් කලකිරුණු කනස්සලුසහගත අදහස් සංවේගයෙන් යුතුව පළකරද්දී ඒ මහතා ඔවුනට නින්දා සහගත සහ අවඥා සහගත ලෙස සමච්චලයෙන් සිනාසෙනු මාධ්‍ය සංදර්ශණ වලදී දැකගත හැකි විය. එලෙසම හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකු ලෙස රජය තුලද රට තුලද ප්‍රචලිත වන ඒ මහතා තම අමාත්‍ය ධූරයටත් එහා ගිය බල සීමාවත් නිසගයෙන්ම අත්පත්කරගෙන සිටියේය. ඒ විරවංශ මහතාගේ මෑත ඉතිහාසයික දේශපාලනයේ අභිමානවත් දෙවන අවධියයි.

    මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වීමත් සමග දේශපාලන අනාත භාවයට පත් අවාසනාවන්තම අසරණයා විරවංශ මහතාය. වර්තමානය වනවිට ඔහු මර්වින් සිල්වාටත් වඩා ජරාජීර්ණ වූ යල්පැනගිය නිර්ලජ්ජ දේශපාලන චරිතයකි. සිහිබුද්ධියක් ඇතිව තුතේ පංතිය හෝ සමත්වූ තරමේ අධ්‍යාපන දැනුමක් ඇති කිසිවෙක් විරවංශව හෝ මර්වින් සිල්වාව නැවත පාර්ලිමෙන්තුවට තෝරා පත්කර එවනු ඇතැයි සිතිය නොහැකිය. පසුගිය කාලයේ ජාතික රූපවාහිණිය විරවංශ අරක් ගෙන සිටියේය. තම දේශපාලන විරුද්ධවාදීන්ට තර්කානුකූල නොවන මඩ බාල්දි පිටින් රැගෙන විත් ජාතික රූපවාහිණියේ තබා දමා ගසනු අපට දැකගත හැකි විය. ඒ මඩ වලට උත්තර බදින්නට විරවංශගේ විරුද්ධවාදීන්ට සමබර නාලිකාවන් තිබිණ. එහෙත් අදවන විට වීරවංශට එල්ල වන චෝදනා වලට පිළිතරු දීමට ඔහුට නාලිකාවක් නැත. හේ මාධ්‍ය හමු පැවැත්වුවද ඒවා පළකරන ඇතැම් මාධ්‍ය පවා විකාශය කරන්නේ විරවංශටම අවාසි සහගත ඔහුගේම හඩ පට පමණි. ඇතැම් දේශපාලකයින් විරවංශට බැණ වැදීම හෝ උත්තර දීම පවා සම්පූර්ණයෙන් නවත්වා දැමීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒබව පසුගිය පාර්ලිමෙන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා විරවංශ පිළිබදව කල ප්‍රකාශයෙන් තවත් තහවුරු වෙයි. දැන් විරවංශට නැවත ජනතා විමුක්ති පෙරමුණට යා නොහැක. ඔහු විසින් අටවා ගත් දේශපාලන පක්ෂයට ඡන්ද පදනමක් ඇත්තේම නැති බව ඌව ඡන්දය සාක්ෂි ඇතිව පෙන්වා දෙයි. මහින්දට බලයක් නැති නිදහස් පක්ෂයකද රාජ්‍ය බලයක් නැති නිදහස් සන්ධානයකද වීරවංශට පිලපිට පඩියකවත් ඉඩක් නැත. මේ අවුඅස්සේ අමාත්‍යධූරය දැරූ කාල සීමාව තුල සිදුකරන ලදැයි කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබදව විමර්ශනයක් කරන්නට වංචා දූෂණ කොමිසමට පැමිණිලි ලැබී ඇත. ඒ වග විභාගයන් පිළිබදව සොයා බලන්නට පත් කල කමිටිවේ සිටින්නේ රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අනුර කුමාර දිසානායක ආදී පිරිස්ය. වංචා හෝ දූෂණ ඇත්නම් ඒවා වසා ගන්නට දැන් විරවංශට රාජ්‍ය බලයක් නැත. මහමැතිවරණයට පෙර මෙම දුෂණ චෝදනා ගැන සොයා බැලීම දින 100 වැඩපිළිවෙලේ ප්‍රධාන අංගයකි. ඒවා මේවා නිමවන විටම පාර්ලිමෙන්තු මහ මැතිවරණය එයි. ඊට වීරවංශ මහතාද නාම යෝජනා භාර දී ජනතාව අතරට යායුතුය. ශුද්ධ ජනප්‍රියත්වටය පයින් ගසා සහෝදරයින්ට කෙල ගසා තමන් වැදු දේශපාලන මහ ගෙදර වු ජනතා විමුක්ති පෙරමුණේ සුජාත භාවය පිළිබදව තර්ක කල ඒ පංචායුධ කුමාරයාගේ ඉරණම එසේ විය. මේ විරවංශගේ මෑත කාලීන දේශපාලන ඉතිහාසයික තෙවන අවධියයි. එය අවසන් අවධිය යැයි කියන්නට මා නොපෙළෙඹෙන්නේ කරූ ජයසූරියව දෙවන තැන තබා උපේක්ෂා ස්වර්ණමාලීව පාර්ලිමෙන්තු යැවූ අදබාල ඡන්ද දායකයින් ලක්ෂ ගණනක් තවමත් ලංකාව පුරා ඇති බව දන්නා බැවිනි. කෙසේ වී නමුදු මේ දේශපාලන චරිතය අපට ජීවිතයේ යතාර්ථයද අවස්ථාවාදී දේශපාලනයේ ආදීනවද අධ්‍යාත්මයක් අහිමි කර ගැනීමේ අවසන් ඉරණමද මනාව කියාදෙයි.

    සමන් එදිරිමුණී
    23/01/2015
     

    Gilani

    Banned
    Aug 17, 2015
    152
    14
    0
    අද කිවුවා කියලා හිතා ගනිල්ලා JVP එකට ලබන සැරේ ආසන 25 කට වඩා එනවා......

    එන්නේ තනිකර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික චන්ද වලින්....මහින්ද පක්ෂයේ නායකත්වය ලගදීම හැලෙනවා.....ශ්‍රී ලංකා කාරයෝ දෙකට බෙදෙනවා....මහින්ද අලුත් පක්ෂයකින් චන්දෙ ඉල්ලන්න එනවා ( හැබැයි අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා එක කරන්න බැරි විදිහට වැඩේ කොරයි දැන් ඉන්න එවුන් )...මහින්ද පාක්ෂිකයන්ට යන එනමක් නැති වෙනවා ....එකෙන් JVP චන්ද මල්ල වැඩි වෙනවා

    ko bn 25
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    කිසි ප්‍රස්නයක් නැහැ.....වැරදුනොත් මම මගේ account එක උඹට දෙන්නම් ....හරි ගියොත් උඹේ එක මට දීපන් .....ඔට්ටුද?

    dn accont eka dunnada?:lol:
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔන්න උඹ කියන හින්දම මම හිතා ගත්ත විසි පහක් ලැබුන කියල.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද කිවුවා කියලා හිතා ගනිල්ලා JVP එකට ලබන සැරේ ආසන 25 කට වඩා එනවා......:P:P:P
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,376
    2,376
    113
    උ ඔට්ටුවට කැමති උනේ නැහැනේ .....:P:P:P

    හම්බුනේ නැහැනේ ....මහින්දට උන වඩේමයි ...දිනුවා කියලා හිතන් හිටියට දිනුවේ නැහැ :lol::lol::lol:

    පෙර වැරදි :P:P:P

    :lol: :lol: :lol: :rofl: :P

    අද කිවුවා කියලා හිතා ගනිල්ලා JVP එකට ලබන සැරේ ආසන 25 කට වඩා එනවා......:P:P:P

    :shocked: :shocked::rofl::lol::growl::baffled:
     
    • Like
    Reactions: Gasa84

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉස්සෙල්ල නගර සබහවක් දෙකක් දිනාගන්න බලහල්ලකෝ :lol:
     
    Last edited:

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    අද කිවුවා කියලා හිතා ගනිල්ලා JVP එකට ලබන සැරේ ආසන 25 කට වඩා එනවා......

    එන්නේ තනිකර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික චන්ද වලින්....මහින්ද පක්ෂයේ නායකත්වය ලගදීම හැලෙනවා.....ශ්‍රී ලංකා කාරයෝ දෙකට බෙදෙනවා....මහින්ද අලුත් පක්ෂයකින් චන්දෙ ඉල්ලන්න එනවා ( හැබැයි අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා එක කරන්න බැරි විදිහට වැඩේ කොරයි දැන් ඉන්න එවුන් )...මහින්ද පාක්ෂිකයන්ට යන එනමක් නැති වෙනවා ....එකෙන් JVP චන්ද මල්ල වැඩි වෙනවා

    uba kivva neda Hilari dinanawa kiyala..