ඉහත ලිපියේ කිසිම ස්වාමීන්වහන්සේ නමක් හෝ ආයතනයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ත්රිපිටකය සහ ප්රායෝගික උදාහරණ උපමා පමණයි තියෙන්නේ. බලන්න තියෙන්නේ ලෝකය ධරන්නේ එහෙමද නැත්නම් එහෙම නෙමෙයිද කියලා. මේ ඝෝර කටුක සසරින් මිදෙන්න අප දැකිය යුත්තේ, වැඩිය යුත්තේ කුමක් ද කියන දේ තමයි සාකච්චාවට වැදගත් වෙන්නේ.
පුද්ගල විවේචන
මහා ප්රඥා සම්පන්න වූ, ධර්ම සෙන්පති වූ සාරිපුත්ත තෙරුන්ටත් පුද්ගල විවේචනයට අවසර තිබ්බේ නැහැ. මොකද අනාවරණ ඥාණ (කිසිවක් වැහිලා නැහැ) බුදු රජාණන්වහන්සේ නමකට පමණයි කෙනෙක් විවේචනය කරන්න පුළුවන්. එතනින් මෙහා සියල්ලෝම පුද්ගල විවේචන කරනවා කියන්නේ මෝඩකමක්.
අනිත් අතින් පුද්ගල විවේචනයේදී තමා ප්රසිද්ධියේ පෙන්වනවා තමන්ගේ දෙමව්පියන්, ගුරුවරුන් සහ තමන් හරියයි දරාගත්ත පුද්ගලයින් තුලින් තමා ලබා ගත් දේ. තමන්ට නොදරන දහමක් අනිත් අයට කියන්නේ කොහොමද? කිව්වට අනිත් අය පිළිගනීද? යමෙක්ට රාග ද්වේශ මෝහ පාලනය කරගන්න බැරුව හැසිරෙනවානම් ඔහු දරා සිටින ආගම දහම ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන් බලන් ඉන්න අයට. ඒ නිසා තමන්ට යම් දහමක් නිවැරදි බව හැඟෙනවා නම් මුලින්ම තමා ඒ දහමට අනුගත වෙන්නේ. නිරායාසයෙන්ම අනිත් අයට ඒ දේ දැනෙනවා. මල් සුවඳට බඹරු එනවා වගේ.
තව දෙයක්, යමෙක් කලිසන් කමිස ඇඳගෙන keyboard එකක් ඉදිරියට වෙලා ඉඳන්, අරිහත් දජය දරා සිටින වටාපත රැගත් උපසම්පදා භික්ෂුවකට අපහාස කරන්න පුලුවන්ද කියලා හිතලා බලන්න. හැසිරීම කුමක් වුවත් මහා සංඝ රත්නය උදෙසා උපසම්පදා භික්ෂුන්ට දෙන දානය බුදු රජාණන්වහන්සේට දෙන දානයටත් වඩා මහත් ඵලයි කිව්වේ ඇයි කියලා හිතලා බලන්න. උපසම්පදා සාමනේර නමක් වුවත් සෙල්ලමක් නෙමෙයි. කාසාව කණ්ටක උනත් මහා සංඝරත්නය නියෝජනය කරනවා නම් මහා ගුණයක්. මහා සංඝරත්නය කියන්නේ සුළු පටු ගුණයක් නෙමෙයි.
ඒ නිසා පුද්ගල විවේචන අඩු කරලා, භික්ෂු වෙවෙචන වලින් හැකි තාක් ඈත් වෙන්න බලන්න.
ධර්ම කරුණු සාකච්චාවට කිසිම බාධාවක් නැහැ ඒක.
තෙරුවන් සරණයි!