අනිවා කියවපන් !!!!!

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බං. ලංකාවේ පොලිසිය උන්ට ඕන දේ මිසක් නීතියට වැඩ කලේ කවද්ද.
    හොදම දේ ඉතිං ඕව ෆෝන් එකේ නොදා ඉන්න එක.

    සිරාවට. සුද්ද කරලා දාන එක හොදයි
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    එහෙනම් අදම ෆින්ගර්ප්‍රින්ට් ලොක් එක අයින් කරන්ඩ ඕනේ.
    ලංකාවේ පොලිසියෙන් නම් ඔය මොන ලොක් එක තිබුනත් ගැලවිල්ලක් නැති වෙයි බන්.
    දෙන්ඩ බෑ කිවුවොත් කුදලගෙන ගිහින් කුඩුවේ දායි කුඩු පැකට් එකක් එක්ක ඇල්ලුවා කියල.

    ඔව් බං. ලංකාවේ පොලිසිය උන්ට ඕන දේ මිසක් නීතියට වැඩ කලේ කවද්ද.
    හොදම දේ ඉතිං ඕව ෆෝන් එකේ නොදා ඉන්න එක.

    මාත් කියන්නේ ඒකයි. මොන නීති තිබ්බත් ලංකාවේ පොලිස් යක්කු එක්ක බෑ.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔය වගේ ලගින් යන සින් එකක් මටත් උනා.ඉඳලා ඉඳලා කාලෙකින් නුවර පැත්තේ ගියේ නැති නිසා ක්ලාස් කට් කරලා නුවර ගියා රවුමක් දාන්න යාලුවෙක් එක්ක.බැහැල ටිකක් යද්දී කතා කරලා චෙක් කරන්න ඕන කිවුව.හැබැයි ෆෝන් එක එලියට ගන්න කිවුවා.ලෝක් ඇරලා නම් බැලුවේ නෑ.බෑග් එකයි පර්ස් එකයි නම් චෙක් කරා.සිම් එකක් කොලේක ඔතලා නවල නවලා දාල තිබ්බ පර්ස් එකේ.සැක හිතිලා ඒකත් ඇරිය :lol: පස්සේ අයිඩි බලලා කොළඹ උන් මොකද නුවර ආවේ කියල ඇහුවම ,විබාගේ ළඟ නිසා මාලිගාව වැඳලා යන්න අවා කිවුවම අපිව යැවුවා :D
    ඒ වෙලාවේ නම් හොයලා තියෙන්නේ ඩ්‍රග්ස් ගැන.ඒ ලඟින් ගිය කොල්ලෝ ඔක්කොම වගේ කතා කරලා චෙක් කරා එකෙක් නෑර (ඔෆිස් යනවා වගේ හිටිය උන් ඇර අනිත් ඔක්කොම )
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    ඕකත් අර සිගරට් බොනවා වගේ වැඩක් වෙන්න ඇති බන්.. පාරේ ඉදන් බිව්වට අවුලක් නැහැ.
    මිනිස්සු ගැවසෙන ස්ථාන වල බිව්වම අවුල්.. ස්ටෑන්ඩ් එකක වගේ.. ඕකත් එහෙම වෙන්න ඇති..
    ඔය අල්ලන්නේ ස්ටෑන්ඩ් වල වගේ public තැන්වල වෙන්න ඇති.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම අනුන්ගේ ෆෝන් චෙක් කරන්නෙ කොහොමද CID කියල යකෝ පුදුම වැඩක් නෙ.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    2.අහඹු ලෙස ජංගම දුරකථන පරික්ශාව
    පොලිස් නිලධාරියෙකුට ඔබ ගමන් ගන්නා විටදි ඔබගේ ජංගම දුරකථනයේ අසභ්‍ය දර්ශන තිබේදැයි වරෙන්තුවක් නොමැතිව පරික්ශා කල නොහැක. එසේ කිරිමට හැකියාව ඇත්තේ හෝඩුවාවක් ලැබි හෝ විවෘත වරෙන්තුවක් මතය (Open Warrant). එහෙත් ඔබව වෙනයම් ක්‍රියාවකට අත්අඩංගුව ගැනිමකදි ඔබගේ ජංගම දුරකථනය සෝදිසි කිරිමට පොලිසියට අවසර ඇත. පොලීසිය විසින් ඔබගේ ජංගම දුරකථනය පරික්ශාවට විමසිමේදි එය සදහා ඇති වරෙන්තුව පිලිබදව ප්‍රශ්ණ කිරිමට ඔබට අයිතියක් ඇත. වරෙන්තුවක් හෝ නිස්චිත හොඩුවාවක් නොමැතිනම් ඔබගේ ජංගම දුරකථනය ලබාදිමෙන් වැලකිය හැකිය. අද වන විට සමාජයේ නොදැනුවත් කම නිසා බොහො පොලිස් නිලධාරින් වරෙන්තු නොමැතිව ජංගම දුරකථන පරික්ශාව සිදුකරණු ලබයි.
     
    Last edited: