අනුන්ගේ භාර්යාවන් කරා යන්නෙක් විය.

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මුගලන් තෙරණුවෝ ගිජුකුළු පර්වතයේ වැඩ වසන කල්හි පිණ්ඩපාතයෙන් පසු ලක්ඛණ තෙරණුවන් සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ, වැඳ එකත් පස් ව හිඳ ගත් සේක.
    මුගලන් තෙරණුවෝ විසින් මෙය වදාළ සේක. “මම ගිජුකුළු පර්වතයෙන් බසින විට අසූචි වලක හිසත් සමඟ ගිලුනු පුරුෂයෙකු දිවැසින් දැක්කෙමි.

    ආශ්චර්යයි! අද්භූතයි! මෙවැනි සත්වයෝත් වෙත් ද මෙවැනි යක්ෂයෝත් වෙත් ද මෙවැනි ආත්ම භාව ලැබීමකුත් වෙත් ද යැයි මේ අදහස මට විය”.

    එ කල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන් ඇමතූ සේක.

    “මහණෙනි,‍ මාගේ සමහර ශ්‍රාවකයෝ මෙබඳු දේ දන්නා, දක්නා, නුවණින් යුතු ව මෙහි වෙසෙති. මේ සත්වයා මා විසින් පෙර දක්නා ලදි. එහෙත් මා නොපැවසුවේ මාගේ වදන් අන් අය නොඅදහන්නාහු විය හැක. එසේ යමෙක් මාගේ වදන් නොඅදහන්නාහු නම් එය ඔවුනට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේය.

    මේ සත්ව තෙම පෙර රජගහ නුවර ම අනුන්ගේ භාර්යාවන් කරා යන්නෙක් විය.

    හෙතෙම කළ අකුසල කර්ම විපාකයෙන් බොහෝ වර්ෂ ගණන්, බොහෝ වර්ෂ සිය ගණන්, බොහෝ වර්ෂ දහස් ගණන්, බොහෝ වර්ෂ ලක්ෂ ගණන් නිරයෙහි පැසී, දුක් විඳ, ඒ කළ අකුසල කර්මයේ ම ඉතිරි විපාකයෙන් මෙබඳු ආත්ම භාවයක් ලැබී බොහෝ දුක් විඳියි”.

    ගූතකූප සූත්‍රය ඇසුරින් 👇

    උපුටා ගැනීමකි.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,047
    10,613
    113
    දැන් උඹ මේ කියන කතාවේ මෙහෙම කියලා තියෙනවා නේ

    “මහණෙනි,‍ මාගේ සමහර ශ්‍රාවකයෝ මෙබඳු දේ දන්නා, දක්නා, නුවණින් යුතු ව මෙහි වෙසෙති. මේ සත්වයා මා විසින් පෙර දක්නා ලදි. එහෙත් මා නොපැවසුවේ මාගේ වදන් අන් අය නොඅදහන්නාහු විය හැක. එසේ යමෙක් මාගේ වදන් නොඅදහන්නාහු නම් එය ඔවුනට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේය.

    මේ කියලා තියෙන විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරන දෙයක් අපි පිළිගත්තේ නැත්නම් පවු සිද්ධ වෙනවා කියලා නේ

    හැබැයි මම අහල තියෙන විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේ විදියට

    බුදුරජාණන් වහන්සේට ගරු කරන නිසා හෝ උන්වහන්සේ උගන්වන නිසා හෝ යමක් නො පිළිගන්නා ලෙස වදාළේ මෙසේය ..
    මහණෙනි අපගේ ශාස්තෘන් වහන්සේ ගරු කළ යුත්තෙකි එනිසා ශාස්තෲ ගෞරවයෙන් මෙසේ කියමු උන්වහන්සේ උගන්වන නිසා මෙසේ කියමු ප්‍රකාශ කරන්නහු ද එසේ නැතිව ඔබ දැනගෙන අවබෝධ කරගෙන යමක් ප්‍රකාශ කරන්නේද ස්වාමීනි දැනගෙන අවබෝධ කරගෙන ප්‍රකාශ කරමින් භික්ෂූන් වහන්සේලා කීහ.

    තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ දෙසූ පමණින් පිළි ගනු සඳහා නොවේ. විචාරශීලීව බුද්ධිමත්ව අවබෝධ කර ගනු සඳහා ය. අන්ධ විශ්වාසයෙන් යමක් පිළිගැනීම උන්වහන්සේ කිසි විටෙකත් අනුමත කළේ නැහැ …
    අසාගෙන පවත්වාගෙන ආ පමණින් නොපිළිගන්න, පරපුරෙන් ආ පමණින් නොපිළිගන්න, මෙසේ වූයේ ය යන ආරංචියෙන් නොපිළිගන්න, පොතෙහි වූ පමණින් නොපිළිගන්න, තම තර්කයට ගැළපෙන පමණින් නොපිළිගන්න, තම දෘෂ්ටිය ගැලපුන පමණින් නොපිළිගන්න, යෝග්‍ය සේ පෙනුණ පමණින් නොපිළිගන්න, ගුරුවරයා කියූ නිසාම නොපිළිගන්න, මෙම වැරදි පසෙකලා යමක් වැරදි ද නිවැරදි ද නුවණැත්තන්ගේ පැසසුමට ලක් විය ද ජරාවට ලක්වේද මෙහි ප්‍රතිඵල හොඳද නරකද ගැන කරුණු තමන් විසින්ම විමසා බලා…. යමක් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ කළ යුතු බව බුදු රජාණන් වහන්සේ ඉගැන්වූවා….

    එතකොට උඹ කියන මේ "මාගේ වදන් නොඅදහන්නාහු නම් එය ඔවුනට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස පවතින්නේය." කතාවේ අවුලක් තියෙනවා නේ

    මොකද පෘතක්ජන පුද්ගලයෙකුට ඔය කියන අසූචි වලක හිසත් සමඟ ගිලුනු පුරුෂයා පෙන්නේ නෑනේ , එතකොට බුදුන් එහෙම කිවුවට විශ්වාස නොකරන එක සාධාරණයි , තමන්ට නොපෙනෙන දෙයක් විශ්වාස නොකිරීම නිසා පවු සිද්ධ වෙන්නේ කොහොමද ?
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389

    Mutaa owa theren na, muu oya pin balagena share karana dewal :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: hi.dushan

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    ඔක්කොම සත්තු එ කියන්නෙ මනුස්සයෙක් වෙලා තියෙනවා එක සැරයක් හරි. එහෙම බැලුවුඔත් මිනිස්සු කීයක්ඩ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    දැන් උඹ මේ කියන කතාවේ මෙහෙම කියලා තියෙනවා නේ

    මේ කියලා තියෙන විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරන දෙයක් අපි පිළිගත්තේ නැත්නම් පවු සිද්ධ වෙනවා කියලා නේ

    හැබැයි මම අහල තියෙන විදියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේ විදියට

    බුදුරජාණන් වහන්සේට ගරු කරන නිසා හෝ උන්වහන්සේ උගන්වන නිසා හෝ යමක් නො පිළිගන්නා ලෙස වදාළේ මෙසේය ..
    මහණෙනි අපගේ ශාස්තෘන් වහන්සේ ගරු කළ යුත්තෙකි එනිසා ශාස්තෲ ගෞරවයෙන් මෙසේ කියමු උන්වහන්සේ උගන්වන නිසා මෙසේ කියමු ප්‍රකාශ කරන්නහු ද එසේ නැතිව ඔබ දැනගෙන අවබෝධ කරගෙන යමක් ප්‍රකාශ කරන්නේද ස්වාමීනි දැනගෙන අවබෝධ කරගෙන ප්‍රකාශ කරමින් භික්ෂූන් වහන්සේලා කීහ.
    ඒ මොන සූත්‍රයේද පින්වත? පොඩ්ඩක් අපිටත් දැන ගන්න කියන්නේ නම් බොහෝ පින්.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    තමන්ට නොපෙනෙන දෙයක් විශ්වාස නොකිරීම නිසා පවු සිද්ධ වෙන්නේ කොහොමද ?

    පව්/ පින් දෙකම අභිසංස්කරණය.
    කර්ම විෂය අචින්තයි.

    අවිද්‍යාව පිරිසිද දකින තැන සංස්කරණය වෙන්නේ නැහැ. සංස්කරණය අදාලම නැහැ. අවිද්‍යාව පිරිසිද දකින විදිහ, චතුරාර්ය සත්‍ය, දේශනා කරලා තියෙද්දි, දේශනා කරපුවා කරලා නිවන් දකින්නේ නැතුව ඇයි මේ අචින්ත විෂයක් හොයලා ප්‍රමාදයට පත් වෙන්නේ?