අනුන් කරන පින්කම් ඉවසීම ද පින්කමකි

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අනුන් කරන පින්කම් ඉවසීම ද පින්කමකි

    වස්සාවාසික කාලය ඇරඹුණි. උපසම්පදා භික්ෂූන් වහන්සේ විහාරස්ථානවල වස් ශික්ෂා පදය සමාදන් ව එය ආරක්ෂා කරති. සසර භය දන්නෝ වෙහෙර විහාරයට එක්රොක් ව විවිධ පින්කම් හි යෙදෙති.

    වස් කාලය යනු සැදැහැතියන් පින්කම් කරන කාලයකි. ඔවුහු දන් දෙති. සිල් රකිති. භාවනා කරති. භික්ෂූන් වහන්සේට වෙනදාට වඩා උවටැන් කරති. විහාරස්ථාන වැඩි දියුණු කරති. චෛත්‍ය හදති. පිවිසුම් තොරණ හදති. පිරිත් කියති. බෝධි පූජා පින්කම් පවත්වති. ධර්ම දේශනා පින්කම් පවත්වති. රටම පින්කම්වල නිරත වෙති.

    සැදැහැතියන් මෙසේ කරද්දී සැදැහැ නැත්තෝ පව් සිදු කර ගනිති. ඔවුහු භික්ෂුන් වහන්සේ විවේචනය කරති. සැදැහැතියන්ගේ පින්කම්වලට අපහාස උපහාස කරති. විවේචනය කරති. විරුද්ධ වෙති. පෙත්සම් ගසති. උද්ඝෝෂණය කරති. ක්ලේෂ මාරයා ආවේෂ වී පින් කරන ඇත්තන්ට වෛර කරන්නට, ඊර්ෂ්‍යා කරන්නට, ඔවුන් යොදවයි.

    පින නම් මහ අරුම පුදුම දෙයකි. තමන් ම පින්කම් කළ යුතු නැත. අනුන් කරන පින්කම් පිළිබඳ ඊර්ෂ්‍යා නොකර, වෛර සිත්, මාන සිත් ඇති කර නොගෙන සතුටු වේ නම් ඒ තුළින් ද වාසනාව උදා කර ගත හැකි ය.

    මේ සඳහා කදිම කතා පුවතක් ප්‍රේත වස්තුවෙහි අංකුර ප්‍රේත කථා වස්තුව තුළ දක්නට ලැබෙයි. එහි දි අංකුර සිටුවරයාට දෙවියකු හමු වෙයි. මේ දෙවියාගේ දකුණු අත සම්පත්දායි අතක් වෙයි. ඒ අත දික්කර යමක් සිතූ විට ඒ දේ ලැබෙයි. ඒ ඇඟිලි තුඩු අගින් රන් මුතු මැණික් ගලා එයි. අංකුර සිටුවරයා එම දෙවියාගෙන් මෙසේ වන්නට කාරණා විමසයි.

    එවිට දෙවියා පිළිතුරු දෙන්නේ අසය්හ නම් සිටු වරයෙක් දින පතා දුගී මගී යාචකාදීන්ට දන් දෙයි. මොහු එම සිටුවරයාගේ මැදුරට යන මාර්ගයෙහි සන්නාලියෙක් ව වෙසෙයි.

    ඔහුට දන් දෙන්නට ශක්තියක් නොවීය. ඔහු දුප්පතෙකි. දුගී මිනිසුන් ඔහු සන්නාලිකම් කරන ස්ථානයට පැමිණ අසය්හ සිටුතුමා දන් දෙන තැන විමසයි. එවිට ඔහු ඉතා සතුටින් අසය්හ සිටුතුමාගේ දන් හල පෙන්වයි. එසේ දකුණත දිගු කොට සතුටින් දන්හල පෙන් වූ නිසා ඔහු මරණින් මත්තෙහි රුක් දෙවියෙක් ව ඉපිද මෙසේ වාසනාවන්ත සුරතක් ලැබී ය.

    තමන් දන් නුදුන්න ද, දන් දුන් දන්හල පෙන්වීම නිසා මෙම තත්වය ලැබී ය. දන්සල පැවැත් වූ අසය්හ සිටුතුමා දන්සලක් පැවැත්වීම නිසා ශක්‍ර දේවේන්ද්‍රයන් විය. එය එසේ වුව ද එම දන්සලෙහි කළමනාකාරවරයා වශයෙන් වැඩ කළ අය හා දන් බෙදීමට සිටි අය දන්සලට ආ යාචකයන් කෙරෙහි මුහුණ රැළි කොට පිළිකුලෙන් බැලූ නිසා ඔවුන් ප්‍රේතයන් විය. මුහුණු විකෘති වූ, නහය හැකිළුණු, දෑස්වලින් කදුළු නොනවත්වා වෑහෙන ප්‍රේතයන් වී ඉපදිණි. ඔවුන්ගේ අත්වල ඇඟිලි හැකිළුණු අතර ඇඟිලිවලින් අසුචි වෑහෙන්නට විය. පිනෙහි හා පවෙහි විපාකය කෙබඳු ද යන්න එකම සිද්ධිය තුළින් දක්නට හැකි අවස්ථාවක් මෙයින් ප්‍රකට වෙයි.

    අනේපිඩු සිටුතුමා දෙව්රම් වෙහෙර තනා පූජා කළ අවස්ථාවේ සාධු නාද පැවැත්විණි. එහි දී දෙව්රම් වෙහෙර ප්‍රාකාරයෙන් මෙපිට සිටි යාචකයෙක් ද උස් හඬින් සාධුකාර දිණි. ඒ, මේ සිද්ධිය දැන නොව අනෙක් අයගේ සාධු හඬ ඇසීමෙනි. එසේ වුව ද මරණින් මත්තේ ඔහු දිව්‍ය ආත්මභවයක් ලැබූ අතර, දෙව්රම් වෙහෙර තැනූ අනේපිඬු සිටාණන්ටත් වඩා දෙව් සැප ලැබිණි.

    එක්තරා රජ කෙනෙක් තම මැති ඇමතිවරුන්, නිලධාරීන් සහ සම්බන්ධ කොට ගෙන භික්ෂූන් වහන්සේ විශාල පිරිසකට අසදිස මහා දානයක් පැවැත්විය. මේ සඳහා එක් ඇමතියකු සිතන්නේ රජකම තමනට ලැබුණොත් තමනුත් මෙවන් දානයක් දෙන බවයි. තවත් ඇමතියකු රාජ්‍ය භාණ්ඩාගාරයෙහි මුදල් මේ ආකාරයට යෙදවීම අර්ථයක් නොමැති බවත්, දන් දෙනවාට වඩා මිනිසුන්ගේ කුස පිරවීම උසස් යැයි කියමින් විවේචනශීලීව සිතයි. ටික කලක් ගත විණි. දන් දීම රාජ්‍ය භාණ්ඩාගාරය විනාශ කිරීමක් යැයි සිතු ඇමැතිතුමා වංචාවකට හසුව ඔහුගේ ඇමැතිකම ද නැති විය. රජු මරණයට පත් වෙයි. ඇමතිවරු රැස්ව රජුගෙන් පසු රජු වශයෙන් දන් දීම කෙරෙහි සුභ ප්‍රාර්ථනා තිබු ඇමති තුමා පත් කරයි. යමෙක් කරන පින්කම පිළිබඳ යහපත් සිතින් සිතුව ද ඊට යහපත් වූ ප්‍රති විපාක ලැබෙන බව මෙයින් පැහැදිලි වෙයි.

    පින යනු සිතේ සතුටයි. පිනා යාමයි. චිත්තං පුණාතීති පුඤ්ඤං, හදයං පුණාතීති පුඤ්ඤං ආදි ලෙස එය දක්වයි. පුණාති යනු පොළනවා යන අර්ථය දෙයි.පොළන්නේ කුල්ලෙනි. පෙනේරයෙන් කරන්නේ හැලීමයි. හලද්දි යහපත් දේ පිටතට ගොස් අයහපත් දේ ඉතිරි වෙයි. පොළද්දි එසේ නොවෙයි. යහපත් දේ ඉතිරි කොටගෙන අයහපත් දේ බැහැර කරයි.

    අපගේ සිතත් එසේ ය. යහපත් සිතිවිලි ඇත. අයහපත් සිතිවිලි ඇත. මෙය පෙළිය යුතු ය. පොළා පිරිසුදු කර ගත යුතු ය. සිතෙහි වන නරක දේ පොළා ඉවත් කරන කුල්ල පින්කමයි. නරක සිතිවිලි ඉවත් කරන්නට පින්කම් කළ යුතු ය. මෙය සිත අභ්‍යන්තර සටනකි. යුද්ධයකි. සිත තුළ ලෝභ, ද්වේෂ, මෝහ යැයි සේනාංක තුනක් පවතී. මේ සේනාංක යටතේ අනු සේනාංක රාශියක් පවතී. රාග, ද්වේෂ, බද්ධ වෛරය, ගුණමකුකම, කුහකකම, ඊර්ෂ්‍යාව, මසුරුකම, මානය ආදි වශයෙන් අනු සේනාංක රාශියකි.

    පින්කමක් කරන්නට සුදානම් වන විට මේ සේනාංකයක් පෙරට විත් එය වළකයි. විටෙක තමන්ගේ අභ්‍යන්තරය පමණක් නොව අනුන් ද නවතන්නට විවිධ අපවාද, උපවාද,විවේචන, බාධා කරයි. ඒ පාපී චේතනා අනුකණ්ඩයන්ගේ බලපෑමෙනි.

    පිනට බාධා කිරීමෙන් අපගේ සසර ගමන අඩු නොවේ. කෙළවර නොවේ. සසර ගමන අඩු කර ගන්නට, සසර ගමන කෙළවර කරන්නට අවශ්‍ය දේ පිනයි. එහෙයින් නිවන් අපේක්ෂා කරන්නා තම ජඩ ජාගර තුච්ඡ සිත සකස් කර ගත යුතුයි.

    ඒ සඳහා පළමු ව ශ්‍රද්ධාව නම් වූ සෙන්පතියා සකස් කර ගත යුතුයි. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය කෙරෙහි පැහැදීමක්, ප්‍රසාදයක් ඇති කර ගත යුතු යි. අනතුරුව එම සේනාධි නායකයා යටතේ අලෝභ, අද්වේෂ, අමෝහ යන සේනාංක තුන පිහිටුවා ගත යුතුයි. අනතුරුව බණ ඇසීම, බණ කියවීම, බණ ලිවීම ආදියෙන් ප්‍රඥාව නම් වූ ආයුධ රැස් කර ගත යුතුයි.

    එසේ වූ කල පෙර කී අනුඛණ්ඩයන්ට එරෙහිව සටන් කරයි. රාගාදි සේනා පරාජය කරයි. විනාශ කරයි. නැති කරයි. එවිට තමන්ට පින්කම් කළ හැකි යි. අනුන් කරන පින්කම් ඉවසිය හැකි යි. තමන්ට පින්කම් කළ නොහැකි වුව ද, අනුන් කරන පින්කම් ඉවසීම ද පින්කමකි.

    තෙරුවන් සරණයි !
    සදහම් අමා වැස්ස වැස්ස
     
    • Like
    • Haha
    Reactions: Candid-B and kinkon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එයා හරිම ලස්සනයි, එයගේ මුහුණ,ශරීරය හරිම පැහැපත් හැඩකාරයි. ඒ වගේම හරිම මෟදුයි සුමටයි. ඒ ස්පර්ශය හරිමසනීපයි. අතහරින්න හිතෙන්නෙම නැහැ. හැබැයි ඉතිම් ඒ හැමදේම ලස්සන පැහැපත් මෘදු මොලොක් සනීප එයාගෙ බාහිරින් පිහිටි සම විතරයි. සමට ඇතුලෙන් තියෙන්නේ ලේ මස් සැරව මළ මුත්‍රා ⁣කියන දෙවල්. ඉතිම් ඒ බව දැන දැනත් මම එයා ගැන රාගයක් ඇතිකරගන්නවා නම්.. මම මොනතරම් නම් මෝඩද..
    මම කොච්චර දැන ගත්තත් ඒ ශරිරය ඇතුලෙ තියෙන්නේ ලේ මස් සැරව කියලා, මට රාගය ඇතිවෙන්නෙ ඉබේටමයි. ඒ ඇයි දන්නවාද මම සසර පුරාවටම පුරුදු කලේ රාගය ඉතිම් ඒකයි මගේ හිතෙ ඒ විදියට රාගය ඇතිවෙන්නෙ. රාගය ඇතිවෙන්න සුදුසු රුපයක් ශබ්දයක් දැකපු අහපු ගමන්ම රාගය ඇතිවෙනවා. ඉතිම් ඒකට එක හේතුවක් තමයි සසර පුරාවටම පුරුදු කලේ රාගය නිසාවෙනි.
    ඉතිම් මේ කයේ අසුභ දැකලමයි රාගය දුරුකරගන්න ඕන. එකපාරක් දෙපාරක් අසුභය සිහිකරාට මදි. නිතරම මේ කයේ අසුභය නුවණින් මෙනෙහි කරන්න ඕන.අන්න එතකොටයි රාගය යටපත්වෙලා,විදර්ශනා නුවණ ඉස්මතුවෙලා රාගය සම්පූර්ණයෙන්ම ප්‍රහානය වෙන්න පටන්ගන්නෙ..
    ඉතිම් ඒක දවසකින් ⁣දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බොහෝ කාලයක් කරනන ඕන. සමහරවිට මුළු ජිවිත කාලෙම කරන්න වෙයි. එත් බැරිනම් තව ආත්මභාවයන් කිහිපයක්ම කරන්න වෙයි.
    අවශ්‍ය වෙන්නෙ අතනොහරින උත්සාහය වීර්‍යයි. හැබැයි ඉතිම් ඒක කෙන කෙනාට වෙනස්වෙනවා.ඉන්ද්‍රිය ධර්මයන් වැඩිල නම් , සසරෙ මාර්ගය වඩල පුරුදු කරලා ති
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,174
    1
    61,521
    113
    Mother Earth
    වස්සාවාසික කාලය ඇරඹුණි. උපසම්පදා භික්ෂූන් වහන්සේ විහාරස්ථානවල වස් ශික්ෂා පදය සමාදන් ව එය ආරක්ෂා කරති. සසර භය දන්නෝ වෙහෙර විහාරයට එක්රොක් ව විවිධ පින්කම් හි යෙදෙති.
    වැස්සට පන්සලට ගිහින් හාමුදුරුවන්ට පුක දෙන්න කියලද කියන්නෙ ? :sorry: