ඡායාරූප මූලාශ්‍රය, SRI LANKA PARLIAMENT
Article Information
- Author, බීබීසී සිංහල
- Role,
- පැය 5 කට පෙර
අයවැය ඉදිරිපත් කිරීමේ පළමු පියවර වන මෙය, තුන්වරක් කියවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර හඳුන්වන්නේ විසර්ජන පනත් කෙටුම්පත ලෙස යි.
මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ වන විට විදේශගතව සිටි බැවින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ වැඩබලන මුදල් අමාත්‍යවරයා විසිනි.
ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය වසර දෙකට සාපේක්ෂව මෙවර ද ප්‍රාග්ධන එසේත් නැතිනම් මූලධන වියදම් අභිබවා පුනරාවර්තන වියදම් ඉහල ගොස් තිබේ
ජනාධිපති වැය ශීර්ෂයේ තුන් ගුණයක ඉහළ යාමක්
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පළමු අයවැය වූ 2025 අයවැයේදී ඔහු සිදු කළ ප්රමුඛ කාර්යයක් වූයේ 2024 වසරට සාපේක්ෂව ජනාධිපති වැය ශීර්ෂය හරි අඩකින් පමණ අඩු කිරීම ය.කෙසේවෙතත් 2025ට සාපේක්ෂව ආසන්න වශයෙන් තුන්ගුණයකින් පමණ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ ගොස් තිබේ. එය 2024 වසරේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට සාපේක්ෂව 72%ක පමණ වැඩි වීමකි.
කෙසේ වෙතත්, අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය 2025 අයවැයට සාපේක්ෂ ව අඩු වී තිබේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, 2025ට සාපේක්ෂව ආසන්න වශයෙන් තුන් ගුණයකින් පමණ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඉහළ ගොස් තිබේ
මුදල් අමාත්‍යංශයට රු. බිලියන 634ක්
මෙවර වැඩි ම මුදලක් වෙන් ව තිබෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍ය ධුරය දරන මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයට යි.එම මුදල රු. බිලියන 634.78කි.
දෙවනුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයට ද , තෙවනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහා ද මුදල් වෙන්ව ඇති අතර, ජනාධිපතිවරයා විසින් ම අමාත්‍ය ධුරය දරනු ලබන ආරක්ෂක අමාත්‍යංශයට රු. බිලියන 455ක් වෙන්ව තිබේ.
------ Post added on Oct 3, 2025 at 1:09 PM
