අනුරපුරෙන් එඩ්ස් රෝගීන් 24 යි මරණ 4 යි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා එච්.අයි.වී ආසාදිතයන් 24 දෙනෙකු අනුරාධපුරයෙන් හමුවී ඇති බවත් මින් පුද්ගලයන් සිවු දෙනෙකු මියගොස් ඇති බවද අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පැවසුවාය. ඉතිහාසයේ වැඩිම එච්අයිවී ආසාදිතයන් වාර්තාවූයේ මෙම වසරේ බවද ඇය පැවසුවාය. අනුරාධපුරයේ පිරිමි පිරිමි අතර සිදුවන ලිංගික සේවනය නිසා පුද්ගලයන් හත් දෙනෙකුටත් කාන්තාවන් හා පිරිමින් අතර සිදුවූ අනාරක්ෂිත ලිංගික සබඳතා නිසා පුද්ගලයන් 17 දෙනෙකුට එච්. අයි. වී. රෝගය වැලඳී ඇති බවද වෛද්‍යවරිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් අප ඊයේ (04) දින සිදුකළ විමසුමේදී වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවාය.



    "අනුරාධපුරයෙන් පසුගිය 2020 වසරේ එච්. අයි. වී. ආසාදිතයන් 15 දෙනෙකු වාර්තා වුණා. 2021 වසරේ එම සංඛ්‍යාව 10 ට අඩුවුණා. 2022 ජනවාරියේ සිට මේ දක්වා රෝගීන් 24 දක්වා වර්ධනය වුණා. මෙය ඉතිහාසයේ වැඩිම එච්. අයි. වී. රෝගීන් හමුවූ වසරයි. ලංකාවේම එච්අයිවී රෝගය ව්‍යාප්ත වෙමින් තිබෙනවා. අනුරාධපුරයෙන් එච්. අයි. වී. ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ මැදවච්චිය, කහටගස්දිගිලිය, රාජාංගණය හා තඹුත්තේගම යන ග්‍රාමීය ප්‍රදේශවලින්.

    විදේශගතවුවන්ගෙන් 25% ක දෙනෙකුට රෝගය වැලදී තිබෙනවා. රුධිරය පරිත්‍යාග කළ පුද්ගලයගේ රුධිරය රෝගීන්ට ලබාදීමට පෙර ලේ බැංකුවෙන් පරීක්ෂාවට ලක්කරනවා. එහිදී ලේ පරිත්‍යග කළ පිරිසෙන් 20% කට එච්. අයි. වී. රෝගය වැලඳී තිබෙන බවට අනාවරණය වුණා. රෝගය වැලඳුණ මුල් අවස්ථාවේදී ප්‍රතිකාර කිරීමෙන් රෝගීන් සුවපත් කරන්න පුළුවන්, කල්ගතවූ පසුව අවදානම වැඩියි.

    අනාරක්ෂිත ලිංගික සබදතා හේතුවෙන් එච්. අයි. වී. රෝගය වැලඳීම ප්‍රධානතම හේතුවයි. මෙම ගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් 300 කට අධික පිරිසක් මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලියාපදිංචි වී සිටිනවා.

    මින් වැඩි පිරිසක් අනුරාධපුරයෙන් පිටත පදිංචි කාන්තාවන්, ඔවුන් මාස තුනකට වරක් රුධිරය පරික්ෂා කරගන්නවා. ඒ වගේම රෝහලින් ඔවුන්ට කොන්ඩම් නොමිලේ ලබා දෙනවා. බස් රථයකදී හෝ මග තොටදී කාන්තාවන් හඳුනාගෙන පසුව අනාරක්ෂිතව ලිංගිකව එක්වීම නිසා එච්. අයි. වී. රෝගය වැලඳී ඇති අවස්ථා වැඩිවී තිබෙනවා. එම නිසා එච්. අයි. වී. රෝගයෙන් මිදීමට අනාරක්ෂිත ලිංගික සබඳතාවලින් දුරස්වන ලෙසට තමන් ඉල්ලා සිටින බවද වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය මෙහිදී පැවසුවාය.
    දයාරත්න ඇඹෝගම
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,229
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙම ගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් 300 කට අධික පිරිසක් මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලියාපදිංචි වී සිටිනවා.
    හම්මෝ මේ වාක්‍යය තට්ටයෙක් හරියට කියෙව්වනම් විනාසයි 😃
     
    • Like
    Reactions: virajkavn

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ ඒ කියන්නේ ගණිකා සේවයේ ඉන්න අය රෙජිස්ටර් කරලා නේද? ලංකාවේ ඔය වගේ එකක් ඇහුවමයි. ගණිකා වෘත්තීය නීතිගත රටවලත් ඔය විදිහට රෙජිස්ටර් කරවල එස්ටීඩී චෙකප් හෙම කරනවා. :love2: :love2: :love2:
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔය පැත්තේ සැලුන් වලට යන එකත් බයානකයි ඉතිම් :confused: ඔය සෙට් එක ඉස්සරහට කොළබට බැස්සම සැප කොහොමද ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    • Like
    Reactions: Hyaenidae

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,053
    9,701
    113
    එක තැනක නෑ
    අඩෝ ඒ කියන්නේ ගණිකා සේවයේ ඉන්න අය රෙජිස්ටර් කරලා නේද? ලංකාවේ ඔය වගේ එකක් ඇහුවමයි. ගණිකා වෘත්තීය නීතිගත රටවලත් ඔය විදිහට රෙජිස්ටර් කරවල එස්ටීඩී චෙකප් හෙම කරනවා. :love2: :love2: :love2:
    Naha machan eken kiyanne prostitution karana femalesla 300k hispital eke AIDS patientsla widihata register karala innawa kiyalai.
     
    • Sad
    Reactions: RedProMaxxa_2

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Naha machan eken kiyanne prostitution karana femalesla 300k hispital eke AIDS patientsla widihata register karala innawa kiyalai.
    එහෙම සීන් එකක් නෙමේ මං හිතන්නෙ. ලිංගික ශ්‍රමිකයො විදියට ඉන්න අයව දැනුවත් කරලා මාස තුනකට සැරයක් එයාලගෙ STD ටෙස්ට් කරලා දෙනවා. ඊට අමතරව එයාලට කොන්ඩම් free දෙනවා, customer ලා එක්ක safe පිට ගනුදෙනු කරන්න. එක්තරා විදියකට එයාලව ට්‍රැක් කරගෙන ඉන්නෙ ඔහොම හොස්පිට්ල් වලින්. Patients ලම නෙමෙයි එයාලා.

    ඉස්සර හිරු එකේ ගියා 33 කාමරය කියලා එකක්. ඒකෙදි ජාතික ලිංගාශ්‍රිත රෝග වැලැක්වීමේ මධ්‍යස්ථානෙ ඩිරෙක්ටර් හරි කවුරුහරි ඔය කතාව නිතර කිව්වා. එයාලගෙ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වලින් ඕක කරගෙන යන්නෙ. Prostitution ලංකාවෙ illegal උනත් STD පාලනය කරගන්න එයාලා ඔහොම කරගෙන යනවා.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Challenge Thumbs Up GIF