අනුරාගිනි-තහනම්-කරන්න
මැතිව් පීරිස් මිනීමැරුම් නඩුව ඇසුරෙන් ප්‍රවීන සිනමා අධ්යක්ෂ චන්ද්‍රන් රත්නම් නිර්මාණය කළ “අනුරාගිනී -According to Mathew” චිත්‍රපටය තහනම් කරන ලෙස අගරදගුරු මැල්කම් රංජිත් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
චන්ද්‍රන් රත්නම් විසින් අධ්‍යක්ෂනය කළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනයට අවසන් සංස්කරණ කටයුතු සදහා සූදානම් වෙමින් සිටින අවස්ථාවේ තමන්ට මේ ගැන දැනගන්නට ලැබුණු බව චිත්‍රපට අධ්‍යක්ෂකවරයා පවසයි. මැතිව් පීරිස් නමැති ඇන්ග්ලිකන් පූජකයකු විසින් 1977 බමණ සිය බිරියද පෙම්වතියගේ විවාහක සහකරුවාද ඝාතනය කිරීම නිසා ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූ සිදුවීමේ නඩු වාර්තා පදනම් කරගෙන සිනමා කෘතිය නිර්මානය කළ බව අධ්යක්ෂවරයා පවසයි.
පසුගිය කාලයේ සිනමා කෘතිවලට පමණක් නොව සාහිත්‍ය කෘතිවලටද ආගමික බලධාරින්ගේ ආක්රමනික මැදිහත්වීමක් සිදුවිය. 1970 සමගි පෙරමුණ පාලනයේ මෙන්ම 1977 එ.ජා.ප. පාලනයේදී සිනමා කෘති, ගුවන්විදුලි ගීත සහ සාහිත්‍ය කෘති පවා වාරණයට ලක් විය. රාජපක්ෂ පාලනය තුළ මංජුල වෙඩිවර්ධනගේ මේරි නම් වූ මරියා, කේ.කේ.සමන් කුමාරගේ නේරංජනේ ස්නානේ වැනි සාහිත්‍ය කෘතිද ප්‍රසන්න විතානගේ පුරහද කලුවර, විමුක්ති ජයසුන්දරගේ අක්ෂරය, අශෝක හදගමගේ තනිතටුවෙන් පියාඹන්න වැනි සිනමා කෘති රජයේ වාරනයට ලක් විය.
නමුත් වත්මන් පාලනයේ ප්රමුඛ සටන් පාඨ වූයේ සමාජ ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ හා මානව නිදහසයි. අදහස් ප්රකාශනය හා විවේචනය හේතුවෙන් මරා දැමුනු දහස් ගණනකගේ මිනී පෙන්වමින් බලයට පත් වූ වර්තමාන හවුල් ආණ්ඩුවද කලා කෘති වාරණය කිරීම දක්වා පල්ලම් බසිමින් සිටින බවට විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන් රාජපක්ෂගේ පාලනයට සමාන ලෙස අදහස් ප්රකාශනය, දේශපාලන නිදහස මර්දනය කරවන සූදානමක් වත්මන් ආණ්ඩුව සතුව ඇති බවට බොහෝ දේශපාලන මතධාරිහු අනතුරු අගවති. ඒ නිසාම කලාකෘතිවලට හා කලාකරුවන්ට එම මර්දනය එල්ලවීම වැලැක්වීමේ සූදානමක්ද අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති.
Source - lankaviews
මැතිව් පීරිස් මිනීමැරුම්
ඒ 1944 වසරයි. ෆෙලිසියා ලොයිස් ඉයුනිස් මෙන්ඩිස් සමඟ අතිනත ගත් මැතිව් ජෝර්ජ් ෆෙඩ්රික් පීරිස් තමන්ගේ යුග ජීවිතය ආරම්භ කලේ සාමාන්‍ය විවාපත් යුවලක් විදියටමයි. කාලය ගත වෙද්දී, දරුවන් තුන් දෙනෙක්ගේ දෙමාපියන් බවට පත් වෙන්න ඔවුන් දෙන්නා වාසනාවන්ත වුණා.
1950 අවුරුද්දේදී මැතිව් පීරිස් අසනීප වෙනවා. අත පය වාරු නැතිව සති හයක් රෝහල්ගත වෙලා ඉන්න ඔහුට සිද්ධ වෙනවා. මේකට හේතුව ඔහුගේ මොළයේ ටියුමරයක් බව තමයි වෛද්‍යවරු පවසන්නේ. ඒ කාලය ඇතුලත ඔහු සිහින පෙළක් දැකලා තියෙනවා. එයින් කියවෙලා තියෙන්නේ ඔහුගේ මේ රෝගී තත්ත්වය දෙවියන් වහන්සේ විසින් සුව කරන්න පුළුවන් බවයි. ඊට වසර හතරකට පස්සේ, එංගලන්තයේදී ඔහු මැතිව් පීරිස් පියතුමා බවට පත්වෙන්නේ මේකේ ප්‍රතිඵලයක් විදියට.
පුංචි බොරැල්ලේ තිබුණු ශාන්ත පාවුළු දේවස්ථානයේ දේවගැතිවරයා වුණු මැතිව් පීරිස් පියතුමා ප්‍රසිද්ධ වුණේ, මනුස්ස ශරීරයෙන් අමනුෂ්‍ය ආත්මයන් පළවාහරින්නට හැකියාව ඇත්තෙක් විදියට. සුමානයක් පාසා, බ්‍රහස්පතින්දා දවසේ මේ සඳහා දේව පූජාවක් පැවැත්වුණා. ඩැල්රින් ඉන්ග්‍රම් සහ රසල් ඉන්ග්‍රම් කියන්නේ ඒ පූජාවට සහභාගී වුණු තරුණ, විවාපත් යුවලක්. මැතිව් පීරිස් පියතුමාගේ ලේකම් විදියට රැකියාවට බැඳෙන්න ඩැල්රින් ඉන්ග්‍රම්ට අවස්ථාව ලැබෙන්නේ මේ අතරේදී. දේවස්ථානයේම වාසය කරන්නත් ඉන්ග්‍රම් පවුලට ඔහුගෙන් ආරධනා ලැබෙනවා. රැකියා විරහිතව ඉඳපු ඔවුන්ට මේක ලොකු අස්වැසිල්ලක් වෙනවා. ඒත් වැඩි කලක් ඒ සතුට විඳින්න ඔවුන්ට ලැබුණේ නැහැ.
හොඳ සෞඛ්‍යමත් කෙනෙක් වුණු රසල් ඉන්ග්‍රම් දරුණු විදියට රෝගී වෙන්නේ කවුරුවත් නොහිතපු විදියට. මොළයට සැපයෙන ග්ලුකෝස් ප්‍රමාණය අඩු වීම නිසා ඔහු මිය යන්නේ කොළඹ ජාතික රෝහලේදී. මේ කාරණා සේරම වෙද්දී, මැතිව් පීරිස් පියතුමාගේ බිරිඳත් දරුවනුත් ජීවත් වුණේ එංගලන්තයේ. මේ මරණයෙන් පසුව, මැතිව් පියතුමාගේ කීම පිට ඔවුන් නැවත ලංකාවට එනවා. වැඩි කලක් නොයාම ඉයුනිස් මෙන්ඩිස්, එහෙමත් නැත්තන් මැතිව් පියතුමාගේ බිරිඳ රෝහල්ගත වෙලා මිය යන්නේ, ඇයගේත් සිරුරේ ග්ලුකෝස් මට්ටම අඩුවීම හේතුවෙන්. නුදුරු කාලයක් ඇතුළතදී එකම රෝගී තත්ත්වය නිසා කොළඹ ජාතික රෝහලේදී සිද්ධ වෙච්ච මේ මරණ දෙක ගැන, ඒ රෝහලේ වෛද්‍යවරුන්ට දැනෙන්නේ ලොකු සැකයක්. මේ ගැන පොලිස් පරීක්ෂණ දියත් කෙරුණේ ඉන් පස්සෙයි. ලොවට හොරා අනියම් පෙමක පැටලිලා ඉඳපු ඩැල්රින් ඉන්ග්‍රම් සහ මැතිව් පීරිස් ගැන ඔවුන් දැනගත්තේ මෙහි ප්‍රතිඵලයක් විදියට.
තමන්ගේ ආදරයට බාධාව විදියට ඔවුන් දැක්කේ තමන්ගේ ජීවන සහකරුවන්ව. දියවැඩියා රෝගීන්ට දෙන ඉන්සියුලින් ඖෂධය ලබා දීලා තමන්ගේ බිරිඳත්, ඩැල්රින්ගේ ස්වාමි පුරුෂයා වුණු රසල් ඉන්ග්‍රම්වත්, ඝාතනය කල මැතිව් පීරිස්ට මරණ දඬුවම ලබා දෙන්න අධිකරණය තීරණය කළා. එයට අත් උදව් දීම හේතුවෙන් ඩැල්රින් ඉන්ග්‍රම්ද වරදකාරියක් බවට පත් වුණා. ලංකාවේ මරණ දඬුවම එලෙසින්ම ක්‍රියාත්මක නොවෙන නිසා, තමන් පළවා හැරපු අමනුෂ්‍ය ආත්ම බඳු මිනිස්සු සැරිසරන බන්ධනාගාරයක හිරබත් කන්නට මැතිව් පීරිස්ට සිදුවුණා.

Last edited: