අනුරාධපුරයේ

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡

    Meka Aththakda ban :dull:

    අනුරාධපුරයේ ​පිඩු සිඟා වැඩි හිමි නමක් ක්ෂණයකින් පෙනී එර්දි වෙයි​!​

    අනුරාධපුර නගරයට ආසන්නයේ පිහිටි තිඹිරිකඩවල ප්‍රදේශයේ උදෑසන කාලයේදී පිඬු සිඟා වැඩීමට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් දර්ශනය වී අතුරුදන් වන බවට මේ දිනවල අනුරාධපුර ප්‍රදේශයේ රාවයක් පැතිර යමින් තිබේ. උන්වහන්සේට දානය පිළිගැන්වූ තිඹිරිකඩවල ශ්‍රාවස්තිපුර ලිපිනයේ පදිංචි එස්.ඒ.ඩී. චන්දික නිලන්ත සමරතුංග (38) දෙදරු පියා මේ අත්දැකීමට පසුගිය 29 වනදා මුහුණ දී තිබේ.



    මම 29 වනදා උදේ මවට බෙහෙත් සාත්තුවක් කරලා ත්‍රී රෝද රථයෙන් නිවසට පැමිණියා. නිවසට පැමිණෙද්දි ඉතා ශාන්තවත් ගමනින් පිඬුසිඟාවඩින වඩින හිමිනමක් මා දුටුවා. මා නිවසට ගොස් බිරියගෙන් විමසුවා හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියා ද කියා.

    නමුත් බිරිය කිව්වා කවුරුත් නිවසට නොපැමිණි බව. මා ඒ අනුව උදෑසන සකසා තිබූ ආහාරවලින් උන්වහන්සේට දානය පිළිගැන්වීම සඳහා කොටසක් භාජනයට දමාගෙන ත්‍රී රෝද රථයෙන් උනවහන්සේ පසුපස ගමන් කළා. මාර්ගය ආසන්නයේ ඉදි කර තිබෙන බුදු පිළිමය ආසන්නයේදී මා උන් වහන්සේ නවතා මා දානය පිළිගැන්වූවා.

    උන්වහන්සේ ශරීරය වැසෙන ලෙස සිවුර පොරවාගෙන (දෙවුර පොරවා - පරිමණ්ඩලම්) සිටියේ. සිවුරෙන් වසා ගෙන සිටි පාත්‍රයට මා දානය බෙදන විට අද දිනයේ ලැබුණු දානය ප්‍රමාණවත් බව උන්වහන්සේ පැවැසූවා. මා මුදල් අවශ්‍යදැයි විමසූ විට මා මුදල් පරිහරණයක් නොමැති බව ශාන්ත හඬින් පැවසුවා. උන්වහන්සේ ඉතා ලස්සන සිරුරක් හිමි භික්ෂුවක්. පාවහන් පැළඳ සිටියේ නැහැ.

    අව්රශ්මියෙන් බේරිමට කුඩයක්වත් භාවිතා කළේ නැහැ. ඔබ වහන්සේ කොහි සිටද මෙහි වඩින්නේ යනුවෙන් මා ඇසූ විට උන්වහන්සේ මා රිටිගල කන්ද ප්‍රදේශයේ භාවනවේ යෙදෙන බව කියා සිටියා. හමුවීමට හැකි ස්ථානයක් මා හට පවසන ලෙස මා උන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. නමුත් ඔබට මාව දැකගන්න අමාරුයි යනුවෙන් පවසා, මනුෂ්‍යන් හට තවත් පණිවිඩයක් දෙන්න පුලුවන්දැයි විමසුවා.

    සිදුවීම විස්තර කරන චන්දික නිලන්ත


    Anurapura.jpg



    සියලු මනුෂ්‍යයන් හට කිසිදු හිරිහැරයක් නොවී ගුණ ධර්මයේ යෙදුණ හොත් තමාගේ ජීවිතයම හාස්කමක් වේවි. අදහාගත නොහැකි ලෙස ජීවිතය ලස්සන වේවි යැයි උන්වහන්සේ මාහට පවසා නැවත ඉදිරියට වැඩම කළා.

    මා ත්‍රී රෝද රථයෙන් නිවසට ගොස් දානය රැගෙන ගිය භාජන නිවසේ තබා නැවතත් උන්වහන්සේ හමුවීමේ අරමුණෙන් උන්වහන්සේ පසුපස ගමන් කළා. මාහට ඉදිරියෙන් උන්වහන්සේ වඩින අයුරු මා හොඳින්ම දැක්කා. නමුත් උන්වහන්සේ ආසන්නයට ලංවනවාත් සමගම මා සමග කතා බස් කළ උන්වහන්සේ එක්වරම නොපෙනී අතුරුදන්වුණා. මා ප්‍ර දේශයේ සෑම තැනකම උන්වහන්සේ සෙව්වත් සොයා ගැනිමට නොහැකි වුණා.


    ප්‍රදේශයේ කිහිප දෙනෙකුගෙන්ම උදෑසන හිමිනමක් පිණ්ඩපාතයේ වැඩියේ දැයි විමසූ විට එවැනි හිමිනමක් පිණ්ඩපාතයේ නොවැඩි බව ඔවුන් කීවා . මා මීට වසරකට ඉහතදී රාත්‍රී සිහිනයකින් විශාල නුගරුකක් දැක්කා. සුළු වේලාවක් යන විට නුග රුකේ උඩසිට පොළොව දෙසට නුග වැළක් ඇදී ආවා. එහි අග කොටසින් එක්වරම අලංකාර බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය වුණා. යම් කෙනෙකු මා හට සිහිනෙන් පැවසුවා. නුග රුකකට පහන් දල්වා ආගමික වතාවත්වල යෙදෙන ලෙස.

    ඉන්පසු මා කිසිම දිනක මස් මාංශ , සුරා පානය, දුම්පානය , පරුෂ වචන භාවිතා කළේ නෑ. සෑම පෝයකදීම මා සිල් සමාදන් වූවා. මා හිතන්නේ මා හට දර්ශනයට වන්නට ඇත්තේ රහතන් වහන්සේ නමක් නමුත් මේ බව පැවසුවාට බොහෝ දෙනෙක් එය පිළිගන්නේ නැහැ. මගේ හිතවතුන් කිහිප දෙනෙකුට පමණයි මම මේ සිද්ධිය පැවසුවේ යැයි චන්දික නිලන්ත මහතා පැවසීය.

    මේ ආකාරයෙන්ම ඊට දින දෙකකට පමණ පසුව තිඹිරිගඩවල මාර්ගයේදී වෑන් රථයකින් ගමන් කළ පුද්ගලයකුට උදෑසන උන්වහන්සේ පිඬුසිඟාවඩිමින් සිටියදී හමුවී තිබේ. උන්වහන්සේව ප්‍රධන මාර්ගයට ඇරලවන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කර තිබේ. උන්වහන්සේ වඩම්මවාගෙන යද්දී අනුරාධපුර බන්ධනාගාරය අසළදී තමන් වහන්සේව එම ස්ථානයෙන් බස්සවන ලෙස දන්වා තිබේ.

    වෑන් රථයේ පැමිණි පුද්ගලා උන්වහන්සේව වෑන් රථයෙන් බැස්සවීම සඳහා දොර විවෘත කර බලනවාත් සමගම වෑන් රථයේ පැමිණි උන්වහන්සේ අතුරුදන් වූ බව වාර්තා විය. මේ වන විට ප්‍රදේශයේ බොහෝ පිරිසක් උන්වහන්සේ දැක ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියත් උන්වහන්සේ දැකබලා ගැනීමේ අවස්ථාව නැවතත් කිසිවෙකුටත් ලැබී නොමැත.



    Anuradhapure inna ewun kiyapalla balanna :D

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මන්දා බන් හැබැයි ඔය වගෙ ආපු හැම කතාවක්ම (මැත කාලිනව)අවසානයෙදි බොරු කියලා ඔප්පු උනා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මන්දා බන් හැබැයි ඔය වගෙ ආපු හැම කතාවක්ම (මැත කාලිනව)අවසානයෙදි බොරු කියලා ඔප්පු උනා

    Monawada e anith katha :nerd: Math dekala copy paste ekak denme :dull: aththa neththa hoyaganna :rolleyes: samahara vita inna puluwanda ehama :confused:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    Monawada e anith katha :nerd: Math dekala copy paste ekak denme :dull: aththa neththa hoyaganna :rolleyes: samahara vita inna puluwanda ehama :confused:

    ඩැන් එ ඔක්කොම කතා ටික උබට කියන්න ඔනද මං අනෙ හු#@#@# ඔනනම් හොයා ගනින් කැ@@@ රිදෙයි:P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    :dull: Otu kiri wedi wela :baffled:
    බලපන් දැන් ත්‍රෙඩ් පාලු වෙලා ඔක්කොම කියවනවා විතරයි අදහසක් වත් දාන්නෙ නැහැ මිනිස්සු එන්න එන්න යන්ත්‍ර වෙනවා කතා බහා කිරිලි ඔක්කොම නැවතිලා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    බලපන් දැන් ත්‍රෙඩ් පාලු වෙලා ඔක්කොම කියවනවා විතරයි අදහසක් වත් දාන්නෙ නැහැ මිනිස්සු එන්න එන්න යන්ත්‍ර වෙනවා කතා බහා කිරිලි ඔක්කොම නැවතිලා

    maha ekatwath uwamanawak (gt) nae den site eka gena :dull: issranam comment ekakwath danawa :rolleyes: balapan site eke kochchara dewal abawayata gihinda kiyala :baffled:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    maha ekatwath uwamanawak (gt) nae den site eka gena :dull: issranam comment ekakwath danawa :rolleyes: balapan site eke kochchara dewal abawayata gihinda kiyala :baffled:
    උටත් වෙලාවක් නැතිව ඇති බන් උගෙත් කොලු කාලෙ ඉවරනෙ :rofl: දැන් බර කරට ගන්නවා ඇති
    ඉතින් කොහෙද වෙලාවක්:P
     
    • Like
    Reactions: mzonerz

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මේක කලිනුත් එකෙක් දාලා තිබ්බ බන්, මේ නිසා බුවාට බැනලා , රෙප් කපලා සීන් එකක් නිසා , පොර එලකිරි එන්නෙත් නෑ කියලා දාලා තිබ්බා
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මේක කලිනුත් එකෙක් දාලා තිබ්බ බන්, මේ නිසා බුවාට බැනලා , රෙප් කපලා සීන් එකක් නිසා , පොර එලකිරි එන්නෙත් නෑ කියලා දාලා තිබ්බා

    :nerd: thread plz :dull:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    math dekka ohoma kathawak newspaper ekaka dala thyenawa,ade eka atta nam........ :)
    Sadu sadu saduuuuuuu !!!!
     

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    මෙවන් දේ සත්‍යනම් එය ඇසීමට ලැබීම මා කල ඇති පිනක් සේ සිතමි