අනුරාධපුර – උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට; ‘JAICA’ ප්‍රධානියාත් උත්සවයට

monson

Well-known member
  • May 7, 2007
    16,617
    10,159
    113
    yV5A9CZ.jpeg

    BiNFR4D.jpeg

    hHJuTsI.jpeg

    kYsr1Bh.jpeg

    ob5G7iw.jpeg

    ULtn68l.jpeg

    OHSAgxm.jpeg

    zZ3pQD9.jpeg

    E65ViwK.jpeg

    B1gGtFX.jpeg



    The first phase of Anuradhapura North Irrrigation Project was appointed by the people under the leadership of President Ranil Wickramasinghe and Mr. Tanaka Akihitho, President of Jaika (JICA).
    The Anuradhapura North Water Supply Project provides solutions for agricultural activities in the area as well as the need for drinking water, and it is assuring that there is no harm to the agriculture due to the relevant project, which has taken protests by various parties, here Mr. Ranil Wickramasinghe emphasized.
    President Ranil Wickremesinghe emphasized the significance of the Anuradhapura North Water Supply Project in protecting agriculture in the region during the inauguration of its first phase. Assuring farmers, he highlighted that the project not only provides safe drinking water but also supports agricultural activities, urging them to disregard any unwarranted concerns.
    The inaugural phase, focused on the Anuradhapura Maha Kanadarawa Lake, is already benefiting around 25,000 families across 75 village service areas in Rambewa and Medavachchiya Divisional Secretariat Divisions. Additionally, he mentioned the government's commitment to further development in the region, including plans for the Malwatu Oya Reservoir project, aimed at promoting renewable energy in the North Central Province.


    ලක්ෂයකට අධික ජනතාවට නළ ජලය
    මැදවච්චිය-රඹෑවට අයත් වසම් 75ක ජනතාවට පිරිසුදු ජලය

    ‘ජයිකා’ ප්‍රධානියාත් උත්සවයට

    එක්ලක්ෂ පහළොස්දහස් හයසීයක ජනතාවකට සෙත සැලසෙන අනුරාධපුර – උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර මහකනදරාව ජල පවිත්‍රාගාර පරිශ්‍රයේදී අද (15) සිදු කෙරේ.‍

    ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ඉදි කෙරුණු මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව සඳහා ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JAICA) ප්‍රධානී ආචාර්ය තනක අතිහිකො මහතා දිවයිනට පැමිණීම විශේෂත්වයකි. ජයිකා ආයතනයේ ප්‍රධානියා මෙරටට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගී ව්‍යාප්තිය ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඊට විසඳුමක් වශයෙන් පිරිසුදු පානීය ජලය ලබා දීමට මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයේ මැදවච්චිය සහ රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකට අයත් ග්‍රාම නිලධාරී වසම් 75ක ජීවත් වන ජනතාවට පිරිසුදු සෞඛ්‍යාරක්ෂිත පානීය නළ ජලය මෙම ව්‍යාපෘතිය මඟින් හිමි වන අතර, රුපියල් මිලියන එකොළොස්දහස් පන්සිය පහළොවක පිරිවැයක් දරන මෙම ව්‍යාපෘතියට, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) මඟින් ලබා දෙන ලද ජපන් යෙන් මිලියන පන්දහස් එකසිය හැට හයක ණය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ රුපියල් මිලියන දෙදහස් හත්සිය අසූ නවයක ප්‍රතිපාදන ඇතුළත් වේ.


    ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ජලසම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් නිම කළ මෙම ව්‍යාපෘතියෙන් නව ජල සබඳතා විසිපන්දහසක් ලබා දීමට නියමිතය. දිනකට ඝනමීටර හයදහස් හත්සීයක ජල ධාරිතාවකින් යුතු මෙම ව්‍යාපෘතියේ ජල මූලාශ්‍රය මහකනදරාව ජලාශයයි. නවීන තාක්ෂණය ඔස්සේ ඉදි කරන ලද ජල පවිත්‍රාගාරයක්, තුළුමුවක් (Intake), උස් ජල කුලුනු හතරක්, භූගත ජල තටාක තුනක්, සම්ප්‍රේෂණ නළ පද්ධතිය කිලෝමීටර අසූ නවයකින් හා බෙදා හැරීමේ නළ පද්ධතිය කිලෝමීටර පන්සිය තුනකින් මෙම ව්‍යාපෘතිය සමන්විත වේ.

    මෙම ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ජපන් රජයේ තානාපති මිසුකොෂි හිදෙයකි මහතා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් හා අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් හා ප්‍රදේශයේ ජනතාව සහභාගී වීමට නියමිතය.

    - https://www.dinamina.lk/2024/02/15/local/64694/මහකනදරාව-ජල-ව්යාපෘතිය-අ/

    ආ තව මෝඩ ජෙප්පො කීප දෙනෙක් ඈත ඉඳන් බුරලත් ගිහිල්ල තිබ්බා :lol: