*අනුරාධපුර*

*sanjana*

Well-known member
  • Apr 2, 2008
    1,277
    195
    63
    Kurunegala
    අනුරාධපුරය, යනු ශ්‍රි ලංකාවේ පෞරාණික අගනුවරකි. අනුරාධපුරය පදනම් වූ ශ්‍රි ලාංකීය ශිෂ්ඨාචාරය ආසියාවේ සහ මුලු මහත් ලෝකයේම බිහිවූ විශිෂ්ඨතම ශිෂ්ඨාචාරයක් ලෙස සැලකිය හැකිය.​
    නගරය මේ වන විට යුනෙස්කෝ ලෝක උරුම නගරයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. අනුරාධපුරය, වත්මන් අගනුවර වන ‍කොළඹ නගරයේ සිට කාලෝ මීටර් 205ක් පමණ උතුරින් උතුරු මැද පළාතේ මල්වතු ඔය අසබඩ පිහිටා ඇත. ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ සිට ක්‍රිස්තු වර්‍ෂ 11වන සියවස දක්වා අනුරාධපුර රාජධානියේ එනම් සිංහලේ අගනුවර වශයෙන් පැවතුනි. එම කාලය තුල දකුණු ආසියාවේ ඉතාම බලවත් සහ ස්ථාවර සහ කල්පවත්නා දේශපාලනික පාලන තන්ත්‍රයක් හා ජනජීවිතයක් පැවතුනි. එමෙන්ම එය ඉතා පොහොසත්, අනභිබවනීය සංස්කෘතියක් සහිත ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක් වී තිබුණි. දැනට වර්ග කිලෝමීටර 40කින් පමණ සමන්විත, විහාරාරාම විශාල ප්‍රමාණයකින් වලින් වටවුනු අනුරාධපුර ‍පෞරාණික නගරය බෞද්ධ ලෝකය තුල ඉතා වැදගත් හා පූජනීය ස්ථානයක් ගනී. ලෝකයේ ප්‍රධානතම පුරා විද්‍යා ස්ථාන වලින් එකක් ලෙස අනුරාධපුර පෞරාණික නගරය හඳුන්වා දිය හැක. මෙම නගරය හින්දූන්ටද වැදගත් වන අතර රාමායණයේ සඳහන් අසුර වංශික රාවණා රජුගේ රාජධානියේ අගනුවර ලෙසද සැලකේ.
    ක්‍රි.පු 4 වැනි සියවසේ ආරම්භ වී 11 වැනි සියවස දක්වා අනුරාධපුර රාජධානියේ අගනුවර ලෙස අනුරාධපුරය පැවතුනේය. මෙම මුළු කාලය තුල දකුණු ආසියාවේ දේශපාලන බලය හා නාගරික ජීවිතය සම්බන්ධයෙන් ගත් කළ වඩාත් ස්ථාවරව හා කල්පැවතුනු මධ්‍යස්ථානය ලෙස සැලකින. හතරැස් සැතපුම් 16 ක් පුරා පැතිරුණු නගරයකි
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: