මහින්ද රාජපක්ෂ තුන්වෙනි වරටත් ජනාධිපති කළ යුතුයැයි සිතන ශ්‍රී ලංකාවේ ජනයා සිතිය යුතු ප්‍රශ්ණ කිහිපයක්.
01. මහින්ද රාජපක්ෂ ව්‍යවස්ථාදායක සභාව පත් නොකරන්නේ ඇයි?
02. මහින්ද රාජපක්ෂ ස්වාධීන අධිකරණ සේවා කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
03. මහින්ද රාජපක්ෂ ස්වාධීන අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
04. මහින්ද රාජපක්ෂ ස්වාධීන මානව හිමිකම් කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
05. මහින්ද රාජපක්ෂ ස්වාධීන මූල්‍ය කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
06. මහින්ද රාජපක්ෂ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
07. මහින්ද රාජපක්ෂ ස්වාධීන රාජ්‍ය සේවා කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
08. මහින්ද රාජපක්ෂ ස්වාධීන ජාතික පොලිස් කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
09. මහින්ද රාජපක්ෂ ස්වාධීන සීමා නිර්ණය කොමිෂන් සභාව පත් නොකරන්නේ ඇයි?
10. මහින්ද රාජපක්ෂ පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට සහ අධිකරණයට වගකිව යුතු ආයතනයක් නොකරන්නේ ඇයි?
11. මහින්ද රාජපක්ෂ විදේශ තානාපති සේවයට තමන්ගේ සහ තම ඇමතියන්ගේ සුදුසුකම් රහිත ඤාතීන් සහ හිතවතුන් පත් කරන්නේ ඇයි?
12. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ගුවන් සේවය වැනි රජයේ වැදගත් ආයතන මෙහෙයවීමට තම නුගත් ඤාතීන් සහ හිතවතුන් පත් කරන්නේ ඇයි?
13. මහින්ද රාජපක්ෂට විද්‍යාත්මකව විෂයන් වෙන් කරන ලද සීමිත අමාත්‍ය මණ්ඩලයක් වෙනුවට ආයතනයෙන් ආයතනයට අමාත්‍යංශ පිහිටුවන ලද ලෝකයේ විශාලතම අමාත්‍ය මණ්ඩලය ඇත්තේ ඇයි?
14. මහින්ද රාජපක්ෂ ලංකාවේ, සිවිල් සහ අපරාධ නීතිය ප්‍රසිද්ධියේ උල්ලංඝණය කරන්නේ ඇයි?
මහින්ද රාජපක්ෂ තුන් වෙනි වරටත් ලංකාවේ ජනාධිපති කළ යුතු යැයි කියන අයගේ අවධානය පිණීසයි. ඔබ මේ ප්‍රශ්ණ 14 ට පිළිතුරු දෙනු ඇතැයි අපේක්ෂා කරමි.