අනුර කුමාර - රට භාරගන්න සූදානම්

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    වත්මන් දේශපාලන අර්බුදය සහ අරාජිකත්වය නිම කරමින් රට නව මගකට ගැනීමේ වගකීම භාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.



    මාස 6 කින් විධිමත් මහමැතිවරණයක් පැවැත්විය යුතු බවත් ඊට පෙර කෙටි කාලයක් සඳහා ආණ්ඩුවක් තනන්නේ නම් තමන් මූලිකත්වය ගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟ බව අනුර කුමාර මහතා කියා සිටියේය.
    එම යෝජනාවට අනෙක්පක්ෂ අකමැතිනම් අනෙක් පක්ෂ එක්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් තනන්නේ නම් තමන් එහි කොටස්කරුවන් නොවන බවත් එම අවස්ථාවේ විපක්ෂයට යන බවත් එහි සිට අවශ්‍ය සහය පමණක් දෙන බවත් ඔහු පැහැදිලි කළේය.
    මේ මොහොතේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේදී තමන්ට මූලිකත්වය දුන්නොත් කැමති බවත් නොදුන්නොත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්ෂයේ සිට සහය දක්වන බවයි.
    කෙසේ වෙතත් මෙම කොන්දේසි වලට පෙර ජනපති ඉවත්ව කතානායක ජනපති ලෙස පත්විය යුතු බවද ඔහු පවසා ඇත.
    වර්තමාන දේශපාලන අර්බුදය නිමා කොට රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා වන ජාතික ජන බලවේගයේ කෙටි කාලීන යෝජනා මාලාව

    1. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතුය.
    2. දැනට අගමැතිවරයෙක් නොමැති තත්වයක් තුළ කථානායකවරයා තාවකාලික වැඩබලන ජනාධිපති ලෙස කටයුතු කළ යුතුය.
    3. වර්තමාන ආණ්ඩුවත් වර්තමාන පාර්ලිමේන්තුවේ සංයුතියත් තවදුරටත් ජනවරම නියෝජනය නොකරන බැවින්ද ආණ්ඩුව පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති හෙයින්ද වත්මන් පාර්ලිමේන්තුවේ සිදුකරන කවර හෝ වෙනසක් ජනතාව පිළිනොගන්නා බැවින්ද මාස 06ක් තුළ නව ජන වරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතුය. ඒ අතරතුර කාලය සඳහා තාවකාලික පාලන ව්‍යුහයක් ලෙස;
    (අ) වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම බාර ගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බැවින් ජාතික ජන බලවේගය ප්‍රධාන වගකීම දරමින් පාර්ලිමේන්තුව තුළින් තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුවක් බාධාවකින් තොරව පත්කර ගැනීමට අවශ්‍ය ඉඩකඩ ජාතික ජන බලවේගයට ලබාදීම,
    (ආ) එසේ නොමැති නම් කෙටි කලක් සඳහා වත්මන් පාර්ලිමේන්තුව තුළ අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවා ගැනීම. එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු එහි කොටස්කරුවන් නොවී විපක්‍ෂයේ සිට ඊට සහාය දක්වනු ඇත.



    4. ඉහත ආකාර දෙකෙන් කුමන ආකාරයෙන් හෝ පත්වෙන තාවකාලික අන්තර් කාලීන ආණ්ඩුව පහත සඳහන් කටයුතු ඉටු කළ යුතුය.
    I. ජනාධිපතිවරයාගේ බලය සීමා කරන හා වර්තමාන ජනාධිපතිගේ ධුර කාලය සීමා කරන 21වන ව්‍යවස්ථා සංශෝධනය වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගත යුතුය.
    II. වර්තමානයේ ජනතාව මුහුණදී සිටින බරපතළ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා වන අත්‍යවශ්‍ය සහන ලබාදීමට පියවර ගත යුතුය.
    III. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වූ ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමත කරගත යුතුය.
    IV. තාවකාලික ආණ්ඩුව පිහිටුවා මාස 06ක් ඇතුළත නව පාලනයක් පිහිටුවිය හැකි වන පරිදි ඒ සඳහා වන මහ මැතිවරණය හා වත්මන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයද සහිතව ජනමත විචාරණයත් එකවිට පැවැත්විය යුතුය.
    V. එම තාවකාලික ආණ්ඩුවේ කටයුතු එකඟ වූ පරිදි සිදු වන්නේද යන්න අධීක්‍ෂණය කිරීම සඳහා අධීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතුය. එය වර්තමාන ජනතා සටන සමග සම්බන්ධව සිටින වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු සටනේ නියෝජිතයන්, ආගමික නායකයන්, විවිධ වෘත්තීයවේදී සංවිධාන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත විය යුතුය.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    හොඳයි.. හරියටම දැනගන්න පුළුවන් මිනිහා ගැන.. :yes:

    මෙච්චර කල් කියපුව කරනවද කියලා බලා ගන්න පුළුවන් :yes:
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔකේ පලවෙනි එක කරගන්න නේ බන් ඕනේ වෙලා තියෙන්නේ. ගෝටා අයින් උන ගමන් අර ගු තැම්බ සජියා එනවා ජනපති සිහිනෙට. ඊට පස්සේ අනුර ලොක්කට වැඩේ කරගන්න වෙන්නේ නැ .
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ගෝටා යවන්ට එපැයි මොන hutta කරන්ටත්
    ජනාධිපතිගෙ වැය ශීර්සය කපලා, 20 අහෝසි කරලා 21 ගේන එක වගේ ඒව කරලා මිනිහව නාමික ජනාධිපති කරලා බිත්තියට හේත්තු කරන්න පුලුවන්..
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ජනාධිපතිගෙ වැය ශීර්සය කපලා, 20 අහෝසි කරලා 21 ගේන එක වගේ ඒව කරලා මිනිහව නාමික ජනාධිපති කරලා බිත්තියට හේත්තු කරන්න පුලුවන්..
    Samanya minissunta owa therenne nene ban kaaalayak yanakan. Naamikawa hitiyath minissu hithanne uuta power thiyenawa kiyala
     
    • Like
    Reactions: saturn and magix

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඕකටනේ මාස ගානක් සේරම කඩාකප්පල් කරගෙන වර්ජනය කරල නැති බිල්ලො මවල රටම ගිනි තිබ්බේ සක්කිලි පකය
     
    • Like
    Reactions: kalaweddha and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    දැන් රට ගිනිතියල , මිනිස්සු මරලා ඉවරනේ .. දැන් භාරගන්න ලෑස්තියි .මේවා වෙන්න කලින් බෑ කියපු එකාට දැන් පුළුවන් වෙලා . හරියට පාස්කු බෝම්බෙන් දවස් දෙකකට පස්සේ ගෝටා ජනාධ්පති අපේක්ෂක උනා වගේ .. pasku v 2.0
     
    • Like
    Reactions: kalaweddha

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    දැන් රට ගිනිතියල , මිනිස්සු මරලා ඉවරනේ .. දැන් භාරගන්න ලෑස්තියි .මේවා වෙන්න කලින් බෑ කියපු එකාට දැන් පුළුවන් වෙලා . හරියට පාස්කු බෝම්බෙන් දවස් දෙකකට පස්සේ ගෝටා ජනාධ්පති අපේක්ෂක උනා වගේ .. pasku v 2.0
    Minissu maruwe mahindane :rolleyes:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඔකේ පලවෙනි එක කරගන්න නේ බන් ඕනේ වෙලා තියෙන්නේ. ගෝටා අයින් උන ගමන් අර ගු තැම්බ සජියා එනවා ජනපති සිහිනෙට. ඊට පස්සේ අනුර ලොක්කට වැඩේ කරගන්න වෙන්නේ නැ .
    this gonna happen
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕකටනේ මාස ගානක් සේරම කඩාකප්පල් කරගෙන වර්ජනය කරල නැති බිල්ලො මවල රටම ගිනි තිබ්බේ සක්කිලි පකය
    nathi billo kawuda ? kiyapanko un mawwa billo tika ?
     

    Sen-lu

    Well-known member
  • දැන් රට ගිනිතියල , මිනිස්සු මරලා ඉවරනේ .. දැන් භාරගන්න ලෑස්තියි .මේවා වෙන්න කලින් බෑ කියපු එකාට දැන් පුළුවන් වෙලා . හරියට පාස්කු බෝම්බෙන් දවස් දෙකකට පස්සේ ගෝටා ජනාධ්පති අපේක්ෂක උනා වගේ .. pasku v 2.0
    අබුද්දස කාලෙවත් අහපු දැකපු දේවල්ද මේ ගෝතයා මිනීමරල බලේට ආවෙ කියල බයියොම පිලිගන්නවා 😂.

    අනික පාඩුවේ උද්ඝෝෂණය කරගෙන හිටපු මිනිස්සුන්ට ගහල ඉල්ලං කාල රටම ගිනිතිබ්බෙ මහින්දයයි උගේ සට්ටැඹියොයි කියලත් මූට අමතක වෙලා.
    ජෙප්පො පාඩුවේ හිටපු බයියොන්ට ගිහින් ගහල.
    පව් බයියො.
     
    • Haha
    Reactions: TCB Rox and haunte