ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එළඹෙන අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව බව වාර්තා වෙනවා .
ඒ අනුව අප්‍රේල් මාසයේ මුල් සති දෙක ඇතුළත ඔහු දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හට මෙරට සංචාරයක නිරතවන ලෙස ආරාධනා කර තිබුණා .
ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මෙරට සංචාරයේ දී ආර්ථික සබඳතා ඇතුළු කරුණු ගණනාවක් කෙරෙහි අවධානය යොමු වනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා .
මේ අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද පසුගිය ජනවාරියේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෙරට සංචාරයක නිරතවන බවයි
https://www.itnnews.lk/2025/03/05/669617/