අනුර සහෝදරයා සිංහල බෞද්ධකම ගැන කතා කිරීම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    //අපි ඔය හැමදෙනාටම වඩා ධාර්මිකයි. අපි හැදුනේ වැඩුනේ බෞද්ධ පරිසරයක. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ තමයි මට බුද්ධාගම උගන්නපු හාමුදුරුවෝ. රතනපාල ස්ථවිර.//

    //ඔය හැම දෙනාටම වඩා අපි ධාර්මිකයි.//

    //කැළණිය විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ මම බෞද්ධ සංගමයේ සභාපති. ඒවා නිකන් විශ්ව විද්‍යාලයක ලැබෙන දේවල් නෙමෙයි. //

    //මම බෞද්ධයෙක් කියලා කෑ ගහලා කියන්නේ නෑ. මම බෞද්ධයෙකුට තියෙන මූලික සිල්පද ටික ආරක්ෂා කරනවා.//

    //මම ඉතාමත් හොඳ සිංහල බෞද්ධ පරිසරයක ගොඩනැඟුනු බෞද්ධයෙක් හැටියට ජීවත්වෙන කෙනෙක්. //

    //හැත්තෑව දශකයේ අපේ පක්ෂය ආරම්භ කරනවිට අපේ පක්ෂයේ කේන්ද්‍රස්ථානය බවට පත්වුනේ පන්සල. අදත් එහෙමයි. ඔය හැම නායකයෙකුටම වඩා හාමුදුරුවන් වහන්සේලා එක්ක අපේ හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා. //


    ඉහත දැක්වෙන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා සේපාල් අමරසිංහගේ සිදුවීම සම්බන්ධව විමසීමෙන් පසුව හිරු සළකුණ වැඩසටහනේ දී දැක්වූ අදහස් කිහිපයක්ය.

    අනුර සහෝදරයාට සිංහල බෞද්ධකම ගැන කතා කිරීමට සිදුවීමෙත්, ලාල්කාන්ත සහෝදරයාට අනුරාධපුරයේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙමින් ළමා කාලය ගත කල ආකාරය ගැන නොස්ටැල්ජික මතකයන් අවදි කිරීමට සිදුවීම පසුපසත් දේශපාලනික හේතුවක් තිබෙන බව තේරුම් ගැනීමට අපහසු නැත.

    ආර්ථික අර්බුදයත් සමඟ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි කළකිරුණු ඇතැම් ජනයා ජවිපේ කෙරෙහි ආකර්ෂණය වෙමින් සිටියි. ජවිපේ මේ දිනවල පවත්වන රැස්වීම් වල ජන සහභාගීත්වය දැකීමෙන් අනාගතයේ ලබාගත හැකි ජයග්‍රහණ ගැන යම් තක්සේරුවකට එහි නායකයන් පැමිණ සිටිනවා විය හැකිය. එහිදී තමන්ගේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් එහාට පිම්මක් පැනීමට ඔවුන්ට සිදුවන අතර එම පිම්ම පැනීමට නම් නව දේශපාලනික ක්‍රමෝපායන් භාවිතා කිරීමට සිදුවනු ඇත. වසර 75 ශාපය හා රාජපක්ෂලාගේ හොරකම් ගැන නිතර මතක් කිරීම තමන්ගේ සාම්ප්‍රදායික ඡන්ද පදනම චූන් කිරීමට ප්‍රමාණවත් වුවත්, ඉහත කී පිම්ම පැනීමට ප්‍රමාණවත් වන්නේ නැත. එහිදී ආගම සහ සංස්කෘතිය මඟ හැර යා නොහැකි වන සේ ඔවුන්ට සම්මුඛ වෙයි. වෙනදාට වඩා ආගම හා සංස්කෘතිය ගැන කතා කිරීමට ⁣සිදුවීම මඟින් පෙනෙන්නේ සමාජජාලා වල ආගමට හා සංස්කෘතියට වෛර කරමින් සිටින ඇතැම් ජවිපේ හිතවාදීන් ඇතුළු තමන්ගේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් ඔබ්බට ඔවුන්ගේ ආමන්ත්‍රණය දිර්ඝ කර ඇති බවය.
    දේශපාලනික ජයග්‍රහණ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඉහළ නායකත්වය එවැනි හැරවුම් ලක්ෂයකට පැමිණිම තේරුම් ගැනීමට අපහසු නොවේ. නමුත්, ජාතිකත්වය, බුදු දහම, සිංහල බෞද්ධ සංස්කෘතිය, භික්ෂූන් වහන්සේලා, පන්සල් දේශපාලනය වහකදුරු වී ජවිපේට ආකර්ෂණය වී සිටින වාම-ලිබරල්, නිරාගමික කොටස් ජවිපේ මේ නව ප්‍රවණතාවයන් සමඟ ගණුදෙනු කරන ආකාරය දැකබලා ගැනීම සිත්ගන්නා සුළු වනවාට සැකයක් නැත.
    ඇතැමෙකුට කිවහැක්කේ රාජපක්ෂලා, ප්‍රේමදාසලා මෙන් අනුර සහෝදරයා දේශපාලන වාසි ලබාගැනීමට ආගම හෝ පන්සල භාවිතා නොකරනු ඇති බවයි. ඔහුගේ පහත ප්‍රකාශය වැනි දෙයක් ඒ සඳහා යොදාගත හැකිය.

    //දළදා මාළිගාව මම උපයෝගී කරගන්නේ නෑ මගේ ඡන්ද ව්‍යාපාරයට. ඒක තමා දළදා වහන්සේට දෙන්න පුළුවන් උත්තරීතරම ගෞරවය. මම දළදා කරඬුව, ශ්‍රී මහා බෝධිය වදින්න යන්නේ නෑ මාධ්‍ය අරගෙන.//

    මෙහිදී අනුර සහෝදරයා අනෙකුත් දේශපාලකයන්ගෙන් වෙනස්ව තමන් පන්සල් දේශපාලනයේ යෙදෙන ආකාරය සළකුණු කරයි. අනෙකුත් දේශපාලකයන් තමන්ගේ ආගමික නැමියාව මාධ්‍ය සමඟ මල් වට්ටි උස්සාගෙන පන්සල තුලට ගොස් ප්‍රදර්ශනය කරන විට අනුර සහෝදරයා තම ආගමික නැමියාව සළකුණු කරන්නේ තමන් මාධ්‍ය සමඟ පන්සල් නොයන බව ප්‍රසිද්ධ මාධ්‍යයේ පැවසීම හරහාය.
    අනුර සහෝදරයාට මල් වට්ටි අරගෙන පන්සල් යාමට සිදුවන්නේ කවදා හෝ ජවිපේ ආණ්ඩුවක් හැදූ දාටය.
     
    • Like
    Reactions: 2osama

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පන්සල් ගියත් වැරදි.. නොගියත් වැරදි.. නාකි මයිනා වගේ චැනල් වලට අණබෙර ගහලා පන්සල් සංදර්සන තමයි බයියන්ට හරියන්නේ
    අනෙකුත් දේශපාලකයන් තමන්ගේ ආගමික නැමියාව මාධ්‍ය සමඟ මල් වට්ටි උස්සාගෙන පන්සල තුලට ගොස් ප්‍රදර්ශනය කරන විට අනුර සහෝදරයා තම ආගමික නැමියාව සළකුණු කරන්නේ තමන් මාධ්‍ය සමඟ පන්සල් නොයන බව ප්‍රසිද්ධ මාධ්‍යයේ පැවසීම හරහාය.
     
    • Like
    Reactions: 2osama

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අනෙකුත් දේශපාලකයන් තමන්ගේ ආගමික නැමියාව මාධ්‍ය සමඟ මල් වට්ටි උස්සාගෙන පන්සල තුලට ගොස් ප්‍රදර්ශනය කරන විට අනුර සහෝදරයා තම ආගමික නැමියාව සළකුණු කරන්නේ තමන් මාධ්‍ය සමඟ පන්සල් නොයන බව ප්‍රසිද්ධ මාධ්‍යයේ පැවසීම හරහාය.

    ඉතින් මොකක්ද එකේ වැරැද්ද. ආගම ගැන අහපු ප්‍රශ්නෙකටනේ ඔය උත්තර දුන්නේ. සටන වැඩසටහන මාත් බැලුවා
     
    • Like
    Reactions: Gunther

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    සහෝදරයා :lol: :lol: :lol:
    okun thama niragamika kiyala budu dahama kane
    Dan eka chanda campaign ekak lu
    Unta kade yana unuth innawane
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    320611955-701006171379752-5237075022287702483-n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපි උනට වට කරල ගහනව බන්, ඒකයි ඔය අඩන්නෙ ජෙප්පො 🤭🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Api kiyanne kawda?
    ------ Post added on Jan 12, 2023 at 1:05 AM
    මම තනියෙන්, කොහොමින් කොහොම හරි ජෙප්පො අවසන්, නිරාගමික රැඩිකල් කතා ඔක්කොම හුටස් ලබන පෝයට සිල් සමාදන් වෙන්ඩත් බැරිකමක් නැ ලප උපාසක🤭
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මම තනියෙන්, කොහොමින් කොහොම හරි ජෙප්පො අවසන්, නිරාගමික රැඩිකල් කතා ඔක්කොම හුටස් ලබන පෝයට සිල් සමාදන් වෙන්ඩත් බැරිකමක් නැ ලප උපාසක🤭
    Agamak adahime ho nohada inna eka rate ayithiyak nemeda? agamakata bannath ekayi niragamika kenekta bannath ekayi ne ehema baluwama
    Jeppa awasan nam na .
    But un awith karana dewal gana thama prashne