//අපි ඔය හැමදෙනාටම වඩා ධාර්මිකයි. අපි හැදුනේ වැඩුනේ බෞද්ධ පරිසරයක. අපේ පන්සලේ නායක හාමුදුරුවෝ තමයි මට බුද්ධාගම උගන්නපු හාමුදුරුවෝ. රතනපාල ස්ථවිර.//
//ඔය හැම දෙනාටම වඩා අපි ධාර්මිකයි.//
//කැළණිය විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ මම බෞද්ධ සංගමයේ සභාපති. ඒවා නිකන් විශ්ව විද්‍යාලයක ලැබෙන දේවල් නෙමෙයි. //
//මම බෞද්ධයෙක් කියලා කෑ ගහලා කියන්නේ නෑ. මම බෞද්ධයෙකුට තියෙන මූලික සිල්පද ටික ආරක්ෂා කරනවා.//
//මම ඉතාමත් හොඳ සිංහල බෞද්ධ පරිසරයක ගොඩනැඟුනු බෞද්ධයෙක් හැටියට ජීවත්වෙන කෙනෙක්. //
//හැත්තෑව දශකයේ අපේ පක්ෂය ආරම්භ කරනවිට අපේ පක්ෂයේ කේන්ද්‍රස්ථානය බවට පත්වුනේ පන්සල. අදත් එහෙමයි. ඔය හැම නායකයෙකුටම වඩා හාමුදුරුවන් වහන්සේලා එක්ක අපේ හොඳ සම්බන්ධතාවයක් තිබෙනවා. //
ඉහත දැක්වෙන්නේ අනුර කුමාර දිසානායක සහෝදරයා සේපාල් අමරසිංහගේ සිදුවීම සම්බන්ධව විමසීමෙන් පසුව හිරු සළකුණ වැඩසටහනේ දී දැක්වූ අදහස් කිහිපයක්ය.
අනුර සහෝදරයාට සිංහල බෞද්ධකම ගැන කතා කිරීමට සිදුවීමෙත්, ලාල්කාන්ත සහෝදරයාට අනුරාධපුරයේ සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙමින් ළමා කාලය ගත කල ආකාරය ගැන නොස්ටැල්ජික මතකයන් අවදි කිරීමට සිදුවීම පසුපසත් දේශපාලනික හේතුවක් තිබෙන බව තේරුම් ගැනීමට අපහසු නැත.
ආර්ථික අර්බුදයත් සමඟ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි කළකිරුණු ඇතැම් ජනයා ජවිපේ කෙරෙහි ආකර්ෂණය වෙමින් සිටියි. ජවිපේ මේ දිනවල පවත්වන රැස්වීම් වල ජන සහභාගීත්වය දැකීමෙන් අනාගතයේ ලබාගත හැකි ජයග්‍රහණ ගැන යම් තක්සේරුවකට එහි නායකයන් පැමිණ සිටිනවා විය හැකිය. එහිදී තමන්ගේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් එහාට පිම්මක් පැනීමට ඔවුන්ට සිදුවන අතර එම පිම්ම පැනීමට නම් නව දේශපාලනික ක්රමෝපායන් භාවිතා කිරීමට සිදුවනු ඇත. වසර 75 ශාපය හා රාජපක්ෂලාගේ හොරකම් ගැන නිතර මතක් කිරීම තමන්ගේ සාම්ප්‍රදායික ඡන්ද පදනම චූන් කිරීමට ප්‍රමාණවත් වුවත්, ඉහත කී පිම්ම පැනීමට ප්‍රමාණවත් වන්නේ නැත. එහිදී ආගම සහ සංස්කෘතිය මඟ හැර යා නොහැකි වන සේ ඔවුන්ට සම්මුඛ වෙයි. වෙනදාට වඩා ආගම හා සංස්කෘතිය ගැන කතා කිරීමට සිදුවීම මඟින් පෙනෙන්නේ සමාජජාලා වල ආගමට හා සංස්කෘතියට වෛර කරමින් සිටින ඇතැම් ජවිපේ හිතවාදීන් ඇතුළු තමන්ගේ සාම්ප්‍රදායික ඡන්ද පදනමෙන් ඔබ්බට ඔවුන්ගේ ආමන්ත්‍රණය දිර්ඝ කර ඇති බවය.
දේශපාලනික ජයග්‍රහණ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඉහළ නායකත්වය එවැනි හැරවුම් ලක්ෂයකට පැමිණිම තේරුම් ගැනීමට අපහසු නොවේ. නමුත්, ජාතිකත්වය, බුදු දහම, සිංහල බෞද්ධ සංස්කෘතිය, භික්ෂූන් වහන්සේලා, පන්සල් දේශපාලනය වහකදුරු වී ජවිපේට ආකර්ෂණය වී සිටින වාම-ලිබරල්, නිරාගමික කොටස් ජවිපේ මේ නව ප්රවණතාවයන් සමඟ ගණුදෙනු කරන ආකාරය දැකබලා ගැනීම සිත්ගන්නා සුළු වනවාට සැකයක් නැත.
ඇතැමෙකුට කිවහැක්කේ රාජපක්ෂලා, ප්‍රේමදාසලා මෙන් අනුර සහෝදරයා දේශපාලන වාසි ලබාගැනීමට ආගම හෝ පන්සල භාවිතා නොකරනු ඇති බවයි. ඔහුගේ පහත ප්‍රකාශය වැනි දෙයක් ඒ සඳහා යොදාගත හැකිය.
//දළදා මාළිගාව මම උපයෝගී කරගන්නේ නෑ මගේ ඡන්ද ව්‍යාපාරයට. ඒක තමා දළදා වහන්සේට දෙන්න පුළුවන් උත්තරීතරම ගෞරවය. මම දළදා කරඬුව, ශ්‍රී මහා බෝධිය වදින්න යන්නේ නෑ මාධ්‍ය අරගෙන.//
මෙහිදී අනුර සහෝදරයා අනෙකුත් දේශපාලකයන්ගෙන් වෙනස්ව තමන් පන්සල් දේශපාලනයේ යෙදෙන ආකාරය සළකුණු කරයි. අනෙකුත් දේශපාලකයන් තමන්ගේ ආගමික නැමියාව මාධ්‍ය සමඟ මල් වට්ටි උස්සාගෙන පන්සල තුලට ගොස් ප්‍රදර්ශනය කරන විට අනුර සහෝදරයා තම ආගමික නැමියාව සළකුණු කරන්නේ තමන් මාධ්‍ය සමඟ පන්සල් නොයන බව ප්‍රසිද්ධ මාධ්‍යයේ පැවසීම හරහාය.
අනුර සහෝදරයාට මල් වට්ටි අරගෙන පන්සල් යාමට සිදුවන්නේ කවදා හෝ ජවිපේ ආණ්ඩුවක් හැදූ දාටය.