අනුර_විල්පත්තු

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනුර_විල්පත්තු

    අනුර කුමාර විල්පත්තුව ගැන කතා නොකරන බවට ගොන් පොස්ට් දමන කිහිපදෙනෙකුගේ දැනගැනීම සඳහා. 2014 වසරේ පාර්ලිමේන්තුවේ විල්පත්තුව සම්බන්දව අනුර සහෝදරයාගේ ප්‍රකාශ.
    විල්පත්තුව වන විනාශය ගැන එදා අනුර දිසානායක දැවන්ත හඩක් නගද්දි ඇස් කන් පියාගෙන උන්නු අපේ රටේ මිනිස්සු දැන් නින්දෙන් ඇහැරිලා වගේ කථා කරන්නෙ විල්පත්තුව බෙරගමු කියලා








    22.30 සිට (enjoy the video) 2018 (අද දින දක්වාම කෙරෙන ජවිපෙ මැදිහත්වීම් නොදන්නා බයිසන්ලා උදෙසා)

     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    2014 කෑගහපු කෙනා දැන් නිහඩව ඉන්නේ මන්ද??
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2014 කෑගහපු කෙනා දැන් නිහඩව ඉන්නේ මන්ද??




    දැන් බදුර්දීන් රනිල් ගාවනෙ ඉන්නෙ බන්.. ඒකයි සද්ද නැත්තෙ.. :lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    2014 කෑගහපු කෙනා දැන් නිහඩව ඉන්නේ මන්ද??

    දැන් බදුර්දීන් රනිල් ගාවනෙ ඉන්නෙ බන්.. ඒකයි සද්ද නැත්තෙ.. :lol:
    ගල් ගුහා වල ඉන්නකොට ඔහොම තමයි බන් ;)

     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    විල්පත්තුව සහ සිංහරාජය ?
    =======================

    විල්පත්තුව නැවත ගහෙන් ගෙඩි එන්නාසෙ මතුව ඇත, සිංහරාජයක් මතුව ඇත, පවතින රස්නය පිලිබඳව නානාප්‍රකාර ගෝතපාලුවන් පෝස්ට් ශෙයාර් කරයි. මේවායින් සද්භාවයෙන් යුතුව ක්‍රියාත්මක වන්නෙ කවුද? සබෑ ගැටලු කුමක්ද යන්නට ප්‍රශ්න කිරීමෙන් තොරව ක්‍රියාත්මක වීම වඩාත් හානිදායක වන්නෙ පරිසරයටයි.

    සිංහරාජය පිලිබඳව වචනයක් සටහන් කිරීම වැදගත් වේ. සිංහරාජයේ පාරවල් කපනවාය යන්නට අලුත් සටන් පාඨ ඔසවමින් සිටින්නන්ගෙන් ප්‍රශ්න කල යුත්තේ සිංහරාජයේ කුමන ප්‍රදේශයක නව පාරවල් කපන්නෙද කියාය. සිංහරාජය තුල පැවති, පවතින පාරවල් අලුත් වැඩියා කිරීම නව ව්‍යාපෘතිය ඔස්සේ සිදුකරයි. ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජයට ගමන් කිරීම සඳහා පවතින පාරවල් අලුත් වැඩියා කිරීම සිදු කල යුතුයි. සංචාරකයන්ගෙන් ලැබෙන තුට්ටුවෙන් කොටහක් හම්බ කරගන්නා හුණ්ඩුවක් බඳු මේ රට තුල සංචාරකයන් සඳහා අදාල ස්ථාන ප්‍රවර්ධනය කරන්නෙ නම් ඊට සරිලන පහසුකම් තිබිය යුතුවේ. මේ කතා කරන්නෙ එවන් මහා පහසුකම් සහිත ඉදිකිරීම්වත් නොව පවතින අබලන් මාර්ග පද්ධති වැඩිදියුණු කිරීමයි. වැඩිදියුණු කිරීමේදි දෙපස අැති පාරට අයත් කොටස තුල වු ඇතැම් ගස් විනාශ වනවා ඇත. ඒවා නැවත හැරවිය නොහැකි ගනයේ විනාශයන් නොවේ. සිංහරාජය තුල පාරිසරික සංචාරක ක්ශේත්‍රය දියුණු කිරීම සඳහා ඉදිරිපත් කර ඇති ESCAMP ව්‍යාපෘති වාර්තාව ඕනෑම කෙනෙකුට බාගත කල හැක. පරිසර හිඟන්නන් පවසන පරිදි ESCAMP යනු ලෝක බැංකුවෙන් අප මත පැටවු ව්‍යාපෘතියක් නොව මෙරට විසින් ලෝක බැංකුවට ඉදිරිපත් කල ව්‍යාපෘතියකි. පවතින යටිතල පහසුකම් දියුණු කර පාරිසරික සංචාරක ක්ශේත්‍රය දියුණු කිරීම එහි අරමුණයි. නිසි ප්‍රමිතියකින් තොරව Eco tourism ලේබලය යටතේ කටයුතු කිරීමෙන් මෙරටට ලැබෙන දෙයක් නැත නමුත් ප්‍රමිතිගත සංචාරක ක්ශේත්‍රය තුලින් ලබාගත හැකි දේ බොහෝමයි. ව්‍යාපෘතිය ලෝක බැංකුව වෙත ගෙන ගොස් මුදල් ලබාගෙන ඇත්තෙ අප මිස අපට බලෙන් පටවා ලෝක බැංකුවෙන් කරන ලබ්බක් නැත. කරුණු විකෘති කර තමන්ගෙ හිඟන අරමුණු සඳහා ජනතාව නොමඟ යවන පාරිසරික හිඟන්නන්ගෙ අරමුණු සහ ප්‍රකාශයන් ප්‍රශ්න කල යුත්තෙ මේ හෙතුවෙනි.

    දෙවනුව විල්පත්තුව කපනවාය කියා ගහෙන් ගෙඩි එන්නාසේ මෙවර සටන් පාඨ ඔසවන්නන්ගෙන් ප්‍රශ්න කල යුත්තෙ විල්පත්තුවේ කැපෙන්නෙ කොහෙද කියාය ? ඔබ දකින අන්තර්ජාලය තුල සංසරණය වන සියළු ඡායාරූප පැරණි ඡායාරූප වන අතර ඒවා නැවත නැවතත් යොදාගනිමින් සිල්ලර දේශපාලනික අවශ්‍යතා සඳහා නැවතත් ජනතාව උසිගන්වමින් සිටින කුණප බුදින්නන්ගෙන් ප්‍රවේසම් වන්න. විල්පත්තු නඩුව විභාග වෙමින් පවතී. පරිසර යුක්ති කේන්ද්‍රය මුලිකත්වය ගනිමින් විභාග වන මේ නඩු කටයුත්ත ඉදිරියේදි හමාර වනු ඇත.

    තෙවනුව ජනතාවගෙ අනුකම්පාව සහ අවධානය ලබා ගැනීමට දඟලන පාරිසරික හිඟන්නන් පවසන පාරිසරික උශ්ණත්වය ඉහල යෑමට විල්පත්තුවක බලපෑමක් නැත. ගෝලීය වශයෙන් මුහුණු දෙන ගෝලීය උණුසුම ඉහල යෑම සියළු රටවලට එකසේ බලපායි. ඒවාට හරිතාගාර ආචරණය , කාර්මීක රටවල හරිතාගාර වායු විමෝචන සීඝ්‍රතාවන් සහ සුර්ය චක්‍රය තුල අන්තර් ග්ලැසියර සමයකට ස්වාභාවිකවම ගමන් ගන්නා පෘථෘවි අක්ෂයේ ගැස්මේ බලපෑම ඉවහල් වේ.

    පාරිසරික ප්‍රශ්න මෙරට තුල අපමණ ඇත. තම තමන්ගෙ භාවිතාවේ වැරදි සහ අධි පරිභෝජන අවශ්‍යතා ආදි කරුණු බොහෝමයක් ගැටලු ලෙස පවතී. එමෙන්ම ගසක් බිඳ හෙලා අහිමි කරන සිසිලසත්, ස්වභාවධර්මයේ දාමාකාර ප්‍රතික්‍රියා සමූහයක් අඩපන කිරීමටත් අවිවාදයෙන්ම අප එරෙහි විය යුතුවේ. නමුත් තමන්ගෙ විවිධ දේශපාලනික අවශ්‍යතාවන් සහ යටි අරමුණවල හෙළුව වසා ගැනීමට පාරිසරික සටන් උපයෝගී කරගැනීමත් ඒවාට අතකොලු ලෙස පොදු ජනතාවගේ හැඟීම් උපයෝගි කර ගැනීමත් නින්දිත වේ. සංවර්ධනය සහ පාරිසරික සංරක්ෂණ ක්‍රියාවන් සැමවිටම තුලනය කල යුතුවේ. සංවර්ධනයට එරෙහිව පරිසර සුරැකුමත්, පාරිසරික සංරක්ෂණයට එරෙහිව සංවර්ධනයත් යනු අති විනාශකාරී බලවේගයන් වන අතර මේවා අතර තුලනය ලබාගැනීම තුලින් මේ අන්ත දෙකම ආරක්ෂා වන ලෙස ඉදිරියට ගමන් කල හැකිවේ. සියළු සැප සම්පත් වලින් ආඩ්‍ය රටක් නොවන මෙරට තුල ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමත් ඒවා සංවර්ධන ක්‍රියාවලි වලට යොදා ගැනීමත් නිසි අයුරින් සිදු කල යුතුවේ. පාරිසරික අන්තවාදය සහ සංවර්ධන අන්තවාදය යන දෙකම බැහැර කල යුත්තේ එබැවිනි.

    මෙය ලිවීමට මට අයිතියක් අැත්තේ විල්පත්තු පලමු සටනේ සිට එහි සිටි අයකු නිසාත් 2014 වර්ශයේ සිට විවිධ සංවිධාන , පක්ෂ විල්පත්තුව ගණිකා වෘත්තියේ යෙදවීම ඉතාමත් හොඳින් නිරීක්ෂණය කල නිසාත්, ඒ සැමටම වැඩියෙන් පරිසරය සමඟ සිටින ලාංකීක පුරවැසියකු නිසාත්ය
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    බෙල් එක ඇතුලෙ අලුතෙන් ගාපු කොලපාට පේන්ට් එක පිටත් ගෑව. එකයි උනෙ. නැත්තන් මිනිස්සුන්ගෙ හොද හිත දිනාගෙන හිටිය මුන් සෙට් එක. කොහොම උනත් කාටවත් කඩේ නොයා. අපි අපි අපේ රට ගැන හිතුවනම් හරි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    2014 කෑගහපු කෙනා දැන් නිහඩව ඉන්නේ මන්ද??
    Mama 2010di chande dunne mahindata, u thamai wilpaththuwa kapanna oppu pitin liyala dunne. 2015di chande dunne my3ta, u thamai wilpaththuwa kapanna deela balan inne.


    Ubala bedi bedi jvp ekata bana bana hitapan. Eeka okkotama wada aathal neh. Thaman chande dunna para ballo gana wachanayak wath katha karanna epa
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    2014 කෑගහපු කෙනා දැන් නිහඩව ඉන්නේ මන්ද??

    දැන් බදුර්දීන් රනිල් ගාවනෙ ඉන්නෙ බන්.. ඒකයි සද්ද නැත්තෙ.. :lol:

    Again 2015 video ???? :sorry:

    බෙල් එක ඇතුලෙ අලුතෙන් ගාපු කොලපාට පේන්ට් එක පිටත් ගෑව. එකයි උනෙ. නැත්තන් මිනිස්සුන්ගෙ හොද හිත දිනාගෙන හිටිය මුන් සෙට් එක. කොහොම උනත් කාටවත් කඩේ නොයා. අපි අපි අපේ රට ගැන හිතුවනම් හරි.

    aluth video mukuth nadda? atleast last year (2018) ewa?

    Thread closed.
    Illan kaama
    Arambumama Kandulak wela :rofl::rofl::rofl:

    Mama 2010di chande dunne mahindata, u thamai wilpaththuwa kapanna oppu pitin liyala dunne. 2015di chande dunne my3ta, u thamai wilpaththuwa kapanna deela balan inne.


    Ubala bedi bedi jvp ekata bana bana hitapan. Eeka okkotama wada aathal neh. Thaman chande dunna para ballo gana wachanayak wath katha karanna epa




    22.30 සිට (enjoy the video) 2018




    මේක බලල දැන් ඉතින් මොකක් හරි කියපල්ලා. ගල්ගුහා වල හිටියම ඉතින් අප්ඩේට් වෙන්නේ නෑ :D:D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    22.30 සිට (enjoy the video) 2018


    :lol:උෟ කියන්නේ විල්පත්තුව ගැන කථා කරන්නේ ජාතිවාදියෝ කියලනේ ඕයි.ඒ උනාට ඵයා විල්පත්තුව කපන ඵකට විරුද්ධත් වෙනවලු චුට්ටක් විතර:lol:.උඹේ පක්ෂෙ උනුත් උඹ වගේම ගංජ ඩයල් තමා..:lol::lol:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    :lol:උෟ කියන්නේ විල්පත්තුව ගැන කථා කරන්නේ ජාතිවාදියෝ කියලනේ ඕයි.ඒ උනාට ඵයා විල්පත්තුව කපන ඵකට විරුද්ධත් වෙනවලු චුට්ටක් විතර:lol:.උඹේ පක්ෂෙ උනුත් උඹ වගේම ගංජ ඩයල් තමා..:lol::lol:


    ඒ ඉතින් උඹට තේරෙන හැටිනේ බන්. උඹ එහෙමම තෙරුන් ගනින්. :D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බෙල් එක ඇතුලෙ අලුතෙන් ගාපු කොලපාට පේන්ට් එක පිටත් ගෑව. එකයි උනෙ. නැත්තන් මිනිස්සුන්ගෙ හොද හිත දිනාගෙන හිටිය මුන් සෙට් එක. කොහොම උනත් කාටවත් කඩේ නොයා. අපි අපි අපේ රට ගැන හිතුවනම් හරි.

    :yes::yes:

    PPUG0NY.png

     
    Last edited: