අනුවේදනීය කථාවක
වැසිකිළියක් නිවහන කරගත් අපට
නිවසක් තනා දුන්නොත් ලොකු පිනක්
දරුවන් සමඟ අසරණවූ සුමනාවතී කියයි
මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කු
මගේ සැමියා මමයි දරුවොයි එක්ක බදු ගෙයක ඉන්නකොට තමයි ඔහු අපව දමල ගියේ. සැමියා ගියාට පස්සෙ අපට ප්‍රශ්න රාශියකට මුහුණදෙන්න සිදු වුණා. පස්සෙ අපට ඉන්න හිටින්න තැනක් නැතිව හැම තැනම ගියා. ඒත් කිසිවක් ලැබුණේ නැහැ. අන්තිමට කරන්න දෙයක් නැතිව තමයි මේ අතහැර දමපු වැසිකිළියට පදිංචියට ආවේ යයි ඉන්න හිටින්නට නිවසක් නොමැතිව වැසිකිළියක් තමාගේත්, දරුවන්ගේත් පදිංචිය කරගත් කඹුරුපිටියේ ගම්උදාවේ එදා තැනූ වැසිකිළියක් නිවස කරගෙන සිටින රම්ඕවිටිගේ සුමනාවතී මහත්මිය පැවැසුවාය.
සුමනාවතී තරුණියක්ව සිටියදී ප්‍රේම සම්බන්ධයක් මත තරුණයකු සමඟ නිවසට හොරෙන් පැනගොස් විවාහවි ඇති දෙදෙනාම විවාහයෙන් පසුව නිවසක් කුලියට ගෙන පදිංචි වී තිබේ. එසේ තිබියදී සුමනාවතීට පළමු දරුවා ලැබිණි. කාලයක් යනවිට ඇය දරු තිදෙනෙකුගේ මවක් වූවාය. දරු තිදෙනාගේ බරත් අනෙකුත් ප්‍රශ්නත් නිසා සුමනාවතීගේ පවුලේ අගහිඟකම් මතුවන්නට විය. මේ අතර දෙදෙනා අතර රණ්ඩු සරුවල්ද නිතර ඇතිවිය. කාලයක් යද්දී සැමියා වෙනත් කාන්තාවක් සමඟ ගියේ අහිංසක සුමනාවතීත්, දරුවනුත් අතරමං කොටය. දැන් සුමනාවතී කබලෙන් ලිපට වැටුණි. නිවසේ කුලිය ගෙවීමද ප්‍රශ්නයක් විය. අවසානයේ සුමනාවතීටත් දරුවන්ටත් සිදුවූයේ නිවස භාරදී මහ පාරට බැසීමටය. සුමනාවතී ගම්උදාවේ අතහැර දමා තිබූ පරණ වැසිකිළිය තම නිවහන කරගත්තේ වෙන යැමට තැනක් නොතිබූ නිසාය. මෙම වැසිකිළිය ගම් උදා කාලයේ පැමිණෙන ජනතාවට පරිහණය කිරීමට ඉදිකොට තිබූ එකකි. සුමනාවතී ජරාජීර්ණව තිබූ පොදු වැසිකිළිය අස්පස් කරගෙන දරුවන් සමඟ පදිංචි වූවාය. වැසිකිළියේ පදිංචියට ගිය ඇයට ගම්උදාවේ අය හැකි සෑම අයුරින්ම උදව් කළහ. සුමනාවතී කුලී වැඩවලට ගියේ දරුවන්ගේ කටයුතු සඳහා කීයක් හෝ උපයා ගැනීමට අවශ්‍ය නිසාය. ගමේ ඉන්න හුඟාක් උදවිය අපට උදව් කරනවා. පන්සලෙනුත් අපට උදව් කරනවා. මේ ඉඩම අයිති ප්‍රාදේශීය සභාවට. අපට කවුරු හරි නිවසක් හදලා දෙනවා නම් ප්‍රාදේශීය සභාව අවසරය දෙනවා.
මගේ ලොකු දුවයි, පුතයි. ඉහළ විටියල ගුණරත්න කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගන්නවා. බාල දුව පෙර පාසලට යනවා. එක දවසක් රාත්‍රි දොළහට විතර වහල කඩාගෙන වැටුණා. පස්සේ ග්‍රාමසේවක මහත්තයත් ප්‍රාදේශීය ලේකම්තුමාත්, ඇවිත් ගමේ අයත් වහලය හදලා දුන්නා. කවුරු හරි මෙතන පුංචි ගෙයක් හදලා දෙනවා නම් ලොකු පිනක්. මට කුලී වැඩ කරලා ගෙවල් හදන්න බැහැ යෑයි සුමනාවතී පැවැසුවාය.
සුමනාවතී සහ දරුවන්ට පුංචි නිවසක් හදල දෙන්න කවුරුහරි දානපතියෙක් ඉදිරිපත් වෙනවා නම් කොතරම් පින් අතේ වැඩක්ද, සුමනාවතීගේ දරුවන්ට අධ්‍යාපන කටයුතු කිරීමට යම් මුදලක් පරිත්‍යාග කිරීමට කැමැති අයෙක් සිටී නම් කඹුරුපිටිය ලංකා බැංකුව 73790916 ගිණුම් අංකයට බැර කළ ªª €ව්
මෙතනින් ගත්තෙ
http://www.divaina.com/2012/11/13/provin04.html

පුලුවන් කමක් තියෙන අය පුංචි හරි උපකාරයක් කරමු. මේ අපි වගේම මිනිස්සු. හිත උනුවෙන කථාවක් මචන්. එහෙම උනුවෙන හදවතක් තියෙන අය ඉන්නවනම් පුංචි උපකාරයක් කරමු. බම්ප් එකක් වත් දාන්න අමතක කරන්නෙපා.
තෙරුවන් සරණයි!