හොදම ජායාරුප සහ සැගවුණු අනුවේදනීය කථා
1. ගිජුලිහිණියා සහ දරුවා...........
මෙම ඡායාරූපය 1994 වසරේ පුලිට්සර් සම්මානය දිනා ගත් ඡායාරූපයකි. නමුත් එම සම්මානය ලබා ගැනීමට එය සිය කාචයේ සටහන් කරගත් ඡායාරූප ශිල්පියා පැමිණ සිටියේ නැත. මන්ද යත් ඒ වන විට ඔහු දැඩි මානසික ආතතියකින් පීඩා විඳීම නිසාය. මෙම ඡායාරූපයට පුලිට්සර් සම්මානය ලැබි දින හතරක් තුළ ඔහු සිය දිවි හානි කරගෙන තිබිණි. මෙම දිවි නසා ගැනීම පිටුපස ඇත්තේ අතිශය ශෝචනීය කතා පුවතකි. සම්මාන දිනූ මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සුඩාන දරුවෙකි. සුඩානය දරුණු ආහාර හිඟයකට ලක්ව තිබූ කාලයේ එහි වැසියන් මන්දපෝෂණයෙන් පෙළෙන්නට වූහ. විවිධ රටවලින් බෙදාදුන් වියළි ආහාර සලාක ලබා ගැනීම සඳහා කිලෝමීටර් ගණනාවක් පයින් ගමන් කළයුතු විය. රූපයේ දැක්වෙන්නේ සුඩාන දරුවකු සිය ආහාර සලාකය ලබා ගැනීම සඳහා ගමන් කරන අතර දැඩි කුසගින්නත් මහන්සියත් නිසා ගිමන් හරිමින් සිටින ආකාරයයි. ඔහු අසල සිටින ගිජුලිහිණියා දරුවා ඩැහැගෙන යාමට මාන බලමින් සිටී. 1993 වසරේ දකුණු අප්රිකානු ප්රවෘත්ති ඡායාරූප ශිල්පී කෙවින් කාටර් විසින් සුඩාන සංචාරයක් අතරතුර සටහන් කරගන්නා ලද මෙම ඡායාරූපය එම වසරේ සඟරා සහ වාර ප්රකාශන විශාල ප්රමාණයක පළවිය. ඡායාරූපය දුටුවන්ගේ ඊළඟ පැනය වූයේ එහි සිටින දරුවා අත්විඳි ඉරණම කුමක් ද යන්නයි. නමුත් එය කිසිවකු දැන සිටියේ නැත. මන්දපෝෂණයෙන් දැඩි ලෙස පීඩා විඳිමින් සිටි දරුවාට තව අඩියක් හෝ දුර ඇවිද යන්නට තරම් ශක්තියක් නොතිබුණු බව කාටර් දැන සිටියේය. ඒ නිසාම දරුවා ගිජුලිහිණියාගේ ගොදුරක් බවට පත් වන්නට ඇති බව ඔහුට හොඳ හැටි විශ්වාසය.
උසස් මට්ටමේ ඡායාරූපයක් සටහන් කරගෙන ප්රවෘත්ති ඡායාරූප ශිල්පියෙකු ලෙස නියමාකාරව සේවය කළ ද මානුෂීය වශයෙන් ඒ මොහොතේ තමාගෙන් ඉටුවිය යුතු යුතුකම ඔහු පැහැර හැර තිබිණි. ගිජුලිහිණියා එළවා දමා දරුවා මරණයෙන් බේරා ගන්නට තමාට සිත් නොදුන්නේ මන්දැයි ඔහු සෑම අවස්ථාවකම දෙවියන්ගෙන් ප්රශ්න කළේය. ඡායාරූපය සටහන් කරගත් දින සිට මහත් සිත් තැවුලින් සිටි ඔහු මාස කීපයක් ගත වූ පසු ඡායාරූප ක්ෂේත්රයෙන් සමුගත්තේය. ඒ මෙම රැකියාව නිසා ඔහුට තව තවත් මෙම සිදුවීම අමතක කර දමන්නට තිබූ නොහැකියාව නිසාය. නමුත් ඔහුට තම හෘද සාක්ෂියෙන් ගැලවීමක් තිබුණේ නැත. ඒ අතර 1994 වසරේ ලොව හොඳම විශේෂාංග ඡායාරූපයට හිමි පුලිට්සර් සම්මානය මෙම ඡායාරූපය විසින් හිමිකරගෙන ඇති බව ඔහුට දැනගන්නට ලැබිණි. නැවත වරක් ඔහුගේ හිතේ වූ ආතතිය දෙතුන් ගුණයකින් වැඩි වූයේය. සම්මාන දිනය දා රාත්රියේදීම සියදිවි හානි කරගන්නට ගත් උත්සාහය මිතුරෙකුගේ පැමිණීම නිසා නතර විය. පසුදින පුවත්පත්වල පිටු කාටර්ගේ සහ එම ඡායාරූපයේ තොරතුරුවලින් පිරී තිබිණි. තුන්වන වරටත් ඔහුගේ මානසික ආතතිය අධික ලෙස වර්ධනය වූයේය. ඒ අනුව 1994 වසරේ ජූලි මස 27 වන දින ඔහු සිය හෘද සාක්ෂියෙන් පැන ගියේය. ඒ දකුණු අප්රිකාවේ බ්රෑම්ෆොන්ටින් ස්පෘට් නම් ගංගාව අසල සවිකර තිබූ දැවැන්ත බටයක් තුළදීය. ඇතුළු වීම තහනම් කර තිබූ එම බටය තුළදී කාබන් මොනොක්සයිඩ් වායුව ආඝ්රාණය වීමෙන් කැමරා කාචය දෙස එල්ල කරගෙන තිබූ දෙනෙත් ඔහු සඳහටම පියා ගත්තේය.

https://www.facebook.com/rukman.thi...71748874916.1073741871.100008263174434&type=1