අනූ නමයෙන් බේරීම...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    "අනූ නමයෙන් බේරීම" කියල හෙඩිම දැම්මට මොකද, මේක ඊටත් එහා ගිය අමුතුම ආකාරයේ බේරිල්ලක්....

    මේ සිද්දියට මූන දුන්නෙ මගේම අයිය නොවෙන්න,
    වෙන කෙනෙක් කිවුවනං මම මේක විශ්වාස කරන්නෙත් නෑ....

    ගෙදර ඉන්න දවසට අපේ අයියන්ඩිගෙ ප්‍රධානම රාජකාරිය වුණේ ඇඳ බදාගෙන නිදා ගන්න එක...
    නිවාඩු තියෙනවනං සුමානයක් වුණත් එක දිගට නිදා ගැනීමේ අපූරු හැකියාවක් මිනිහට තියෙනව....

    දැන් සුමානෙකට විතර කලින් අයිය ගෙදර තනියම ඉඳපු වෙලාවක, මොකාක් හරි අහේතුවකට,
    ඇඳ එක්ක තිබුණ ආත්මීය බැඳීම මොහොතකට අත් හැරල දාල,
    ගේ පිටිපස්සෙ තිබුණ පොල් ගහේ පොල් ටික කඩා දාන්න ගිහින් තියෙනව....

    පොල් කඩනව කිවුවම කස්ටියට මතක් වෙන්නෙ,
    පොල් වළල්ලට බැහැල ගස් බඩ ගාන කාපර් කෙනෙක්වනෙ....
    එච්චර වැඩර්ල අපේ ෆැමිලි එකේ නෑ....
    අපේ පරම්පරාව ගැන කියනවනං, ප්ලේන් එකේ යන්න තියෙන බයට, යුරෝප් යන්න තිබුණ චාන්ස් එකට පයින් ගහල, පාස් පෝට් එක සාක්කුවෙ දාගෙන බස් එකේ එල්ලිලා ගෙදර ආපු උන්දල ඉන්න, අත් වැටක් නැති පඩිපෙලකටවත් නගින්නෙ නැති, පොළොවෙ පයගහල ඉන්න පරපුරක්....

    ඒ පරපුරේම පුරුකක් වෙච්ච අපේ අයියත් පොල් කඩන්න ගිහින් තියෙන්නෙ දිග කෙක්කක් අමෝරගෙන...

    පොල් වල්ලට කෙක්ක දිග මදි වෙච්ච නිසා, අපේ ගොං පැටිය ගහ මුල ඉනිමග දිග ඇරල ඒක දිගේ පඩි කීපයක් උඩට ගිහින් තියෙනව....

    කොහොමින් කොහොම හරි ඉනිමගේ ඉඳන් ගෙඩි දෙක තුනක් බිමටත් ඇදබාල,
    තවත්,
    එක ගෙඩියක් ඇද්ද පාරට මිනිහගෙ මූන කෙලින්ම පොල් ගෙඩිය පහලට එනව පේනව....

    පවුලේ නම්බුව තියල බිම ඉඳන් පොලේ ඇද්දනං අහකට පනින්නවත් තිබුණනෙ...

    අපේ මිනිහත් කරකියා ගන්න දෙයක් නැතුව,
    ඉනිමගේ බඩගාපු කරුමෙට, කෙක්කයි, ඉනිමගයි බදාගෙන කට බලියගෙන තව මොහොතකින් ඔලුවට පත බෑවෙන්න යන පොල් ගෙඩ්ඩ දිහා බකං නිලං ඉන්නව...

    ඒත් එක්කම කතාවෙ වීරය කතාවට එන්ටර් වෙනව...,

    කොහේද ඉඳං පියාඹගෙන ආපු කපුටෙක්, අයියගෙ මූණ කෙලින් එන පොල් ගෙඩියෙ හැපෙනව... පොල් ගෙඩියෙ ගමන්මග වෙනස් වෙනව...
    කපුට ආගිය අතක් හොයාගන්න බැරිවෙනව...

    අයියගෙ වාසනාවද...??
    කපුටගෙ අවාසනාවද...??
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    Ammo meka sira nam porage wasanawa
    Munata watunanam kohoma thyeida
    Mageth kondata watila thynwa pol gediyak.
    Tharu wisi una
    ඔවු මේක මාරම කතාවක්... ඒ හේතුව නිසාමයි කිරියෙත් දාන්න හිතුනෙ...

    වැඩේ කියන්නෙ. සාමාන්‍යයෙන් මේ පැත්තෙ ආසාවට කාක්කෙක් හොයාගන්න නැති එක...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පවුලේ නම්බුව තියල බිම ඉඳන් පොලේ ඇද්දනං අහකට පනින්නවත් තිබුණනෙ...
    mehema karaa kiyala naa bn,,,, munata enawa ... ape siyaageth oluwatama watunaa kekken pol kadala... loku amaruwak une naalu... siyaa kiwwata porata panas ganan wala sidda wechcha deyak... godak weleta unagas neh ganne una gahath barai, eka nisa time madi berenna... pol gediyath bara nisa wegen enawa...
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,122
    113
    ඔය කියන විදිහට ඕකා එවෙලෙත් නිදන් ඉඳලා දැක්ක හීනයක් තමා උබට රහ කරලා තියෙන්නෙ. කතාව ක්ලෝස්.

    අපේ සීයා හීන විශාරද. මම දැන් සීයගෙන් ඇහුවා. සාමාන්‍යන්
    කපුටෙක් ඇඹුල් ගහක ඉඳලා කෑගහන්නෙ අමුත්තො එද්දි. ගහ ඇඹුල් නොවුන නිසත් සතා කලු කපුටා නිසාත් සීයා කියන්නෙ අමුහුත්තෙක් ආගිය විස්තරයක් සහ නැවත් එන පෙරනිමිත්තක්ලු...
    මේ අකුරු වලින් තමා උගෙ නම පටන් ගන්නවා කියන්නෙ

    ධ න ර අ
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ekane api giyoth apita monawa wei da:sorry:
    Angry Jake Gyllenhaal GIF
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    ගෙදර ඉන්න දවසට අපේ අයියන්ඩිගෙ ප්‍රධානම රාජකාරිය වුණේ ඇඳ බදාගෙන නිදා ගන්න එක...
    නිවාඩු තියෙනවනං සුමානයක් වුණත් එක දිගට නිදා ගැනීමේ අපූරු හැකියාවක් මිනිහට තියෙනව....
    මේ ටික කියවද්දි හිතට පොඩි බයක් ආව උබ අපේ මල්ලිද කියල. :baffled: :baffled: :baffled::baffled:
    කතාව ගැන නම් මාර පුදුමයි මොකුත් හිතාගන්න බෑ තාම. @Stimulus mind රිප්ලයි කලොත් නම් Final destination තමයි :lol::lol::lol:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    ඔය කියන විදිහට ඕකා එවෙලෙත් නිදන් ඉඳලා දැක්ක හීනයක් තමා උබට රහ කරලා තියෙන්නෙ. කතාව ක්ලෝස්.

    අපේ සීයා හීන විශාරද. මම දැන් සීයගෙන් ඇහුවා. සාමාන්‍යන්
    කපුටෙක් ඇඹුල් ගහක ඉඳලා කෑගහන්නෙ අමුත්තො එද්දි. ගහ ඇඹුල් නොවුන නිසත් සතා කලු කපුටා නිසාත් සීයා කියන්නෙ අමුහුත්තෙක් ආගිය විස්තරයක් සහ නැවත් එන පෙරනිමිත්තක්ලු...
    මේ අකුරු වලින් තමා උගෙ නම පටන් ගන්නවා කියන්නෙ

    ධ න ර අ
    Anuradha