"අනූ නමයෙන් බේරීම" කියල හෙඩිම දැම්මට මොකද, මේක ඊටත් එහා ගිය අමුතුම ආකාරයේ බේරිල්ලක්....
මේ සිද්දියට මූන දුන්නෙ මගේම අයිය නොවෙන්න,
වෙන කෙනෙක් කිවුවනං මම මේක විශ්වාස කරන්නෙත් නෑ....
ගෙදර ඉන්න දවසට අපේ අයියන්ඩිගෙ ප්‍රධානම රාජකාරිය වුණේ ඇඳ බදාගෙන නිදා ගන්න එක...
නිවාඩු තියෙනවනං සුමානයක් වුණත් එක දිගට නිදා ගැනීමේ අපූරු හැකියාවක් මිනිහට තියෙනව....
දැන් සුමානෙකට විතර කලින් අයිය ගෙදර තනියම ඉඳපු වෙලාවක, මොකාක් හරි අහේතුවකට,
ඇඳ එක්ක තිබුණ ආත්මීය බැඳීම මොහොතකට අත් හැරල දාල,
ගේ පිටිපස්සෙ තිබුණ පොල් ගහේ පොල් ටික කඩා දාන්න ගිහින් තියෙනව....
පොල් කඩනව කිවුවම කස්ටියට මතක් වෙන්නෙ,
පොල් වළල්ලට බැහැල ගස් බඩ ගාන කාපර් කෙනෙක්වනෙ....
එච්චර වැඩර්ල අපේ ෆැමිලි එකේ නෑ....
අපේ පරම්පරාව ගැන කියනවනං, ප්ලේන් එකේ යන්න තියෙන බයට, යුරෝප් යන්න තිබුණ චාන්ස් එකට පයින් ගහල, පාස් පෝට් එක සාක්කුවෙ දාගෙන බස් එකේ එල්ලිලා ගෙදර ආපු උන්දල ඉන්න, අත් වැටක් නැති පඩිපෙලකටවත් නගින්නෙ නැති, පොළොවෙ පයගහල ඉන්න පරපුරක්....
ඒ පරපුරේම පුරුකක් වෙච්ච අපේ අයියත් පොල් කඩන්න ගිහින් තියෙන්නෙ දිග කෙක්කක් අමෝරගෙන...
පොල් වල්ලට කෙක්ක දිග මදි වෙච්ච නිසා, අපේ ගොං පැටිය ගහ මුල ඉනිමග දිග ඇරල ඒක දිගේ පඩි කීපයක් උඩට ගිහින් තියෙනව....
කොහොමින් කොහොම හරි ඉනිමගේ ඉඳන් ගෙඩි දෙක තුනක් බිමටත් ඇදබාල,
තවත්,
එක ගෙඩියක් ඇද්ද පාරට මිනිහගෙ මූන කෙලින්ම පොල් ගෙඩිය පහලට එනව පේනව....
පවුලේ නම්බුව තියල බිම ඉඳන් පොලේ ඇද්දනං අහකට පනින්නවත් තිබුණනෙ...
අපේ මිනිහත් කරකියා ගන්න දෙයක් නැතුව,
ඉනිමගේ බඩගාපු කරුමෙට, කෙක්කයි, ඉනිමගයි බදාගෙන කට බලියගෙන තව මොහොතකින් ඔලුවට පත බෑවෙන්න යන පොල් ගෙඩ්ඩ දිහා බකං නිලං ඉන්නව...
ඒත් එක්කම කතාවෙ වීරය කතාවට එන්ටර් වෙනව...,
කොහේද ඉඳං පියාඹගෙන ආපු කපුටෙක්, අයියගෙ මූණ කෙලින් එන පොල් ගෙඩියෙ හැපෙනව... පොල් ගෙඩියෙ ගමන්මග වෙනස් වෙනව...
කපුට ආගිය අතක් හොයාගන්න බැරිවෙනව...
අයියගෙ වාසනාවද...??
කපුටගෙ අවාසනාවද...??