අනේ කාලේ වනේ වාසේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    අනේ කාලේ වනේ වාසේ

    මේ දිග හැරෙන්නේ රිවිර සිකුරාදා පුවත්පතේ මුරගල දේශපාලන විග්‍රහයේ 150 වන ලිපියයි. මුරගල ලිපිය ඇරඹුණේ 2013 මාර්තු 22 වැනිදාය. පිටදෙනවා වෙන්නේ යමකට උරදීමය. ගෙවී ගිය වසර 3 තුළ මුරගල පෙනී සිටියේ මෙරට ප්‍රගතිශීලි ව්‍යාපාරය වෙනුවෙන්ය. මව්බිමට අදරැති අය වෙනුවෙනි. මුරගල, සර්පයාට පොල්ලෙන්ය. අලියාට හෙණ්ඩුවෙන්ය. පෙරේතයාට ගොටුවෙන්ය. යකාට මන්ත්‍රයෙන්ය. ඇතැමුන් ඇතිදේ කියවා සිනාසෙති. මූණ බෙරි කරගන්නෝද සිටිති. තක්කඩිකම් කළවුන් දත්මිටි කන සැටිද සිතිය හැකිය.

    හරියට මෙයට වසර 7 කට පෙර එනම් 2009 මැයි 18 වැනිදා ජාතියේ විජයග්‍රහණයද සිදුවිය. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 30 වසරක දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් කරමින් ජාතියේ දුක් අඳෝනාව අවසන් කළ දිනය විය. පරාජය කළේ දෙමළ බෙදුම්වාදයයි. විනාශ කළේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තයින්ය. නිදහස ලැබුණේ මුළු රටටමය. එම ජයග්‍රහණය යළි යළිත් සිහිපත් කළ යුතුය. ඒ කුරිරු ම්ලේච්ඡත්වයේ තරම මතු පරපුරට කියාදීමටය. දිනූ දේශය රැකගැනීමටය. එදා අලිමංකඩ පාමංකඩය. තොප්පිගල කැලයකි. කීවේ ඕන ගොනකුට යුද්ධ කළ හැකි බවකි. වර්තමානයේ යාපනය සරසවියේ පමණක් නොව උතුරේ ස්ථාන කිහිපයක කොටි නායක සැමරුම පවා නතර කිරීමට නොහැකිවීම දෛවයේ සරදමකි.

    රටපුරාම ගංවතුරය. කෑගල්ල – අරණායක- එළඟපිටිය ගම්මානයන් සාමසර කන්ද නායයෑමෙන් බරපතළ හානියකි. මිනිසුන් පණපිටින්ම මිහිදන් විය. ගම්මාන 3ක පවුල් ආගිය අතක් නැත. රටපුරාම ගංවතුරෙන් සිදුවූ ජීවිත හානි 50 කට අධිකය. ලක්ෂ ගණනක් අවතැන්ය. එයට කැපවන නිලධාරින්ගේ අතිකාල දීමනා සහ ඉන්ධන වියදම් වැනිදෑ ද කපාහැරිය විට තවත් මුදලත් අහවරය. කොළඹ ඇතුළු බස්නාහිර පළාත් කිරියෙන් පැණියෙන් උතුරුවන මෙගා පොලිස් වැඩසටහන් මෙගා වරුසාවෙන් දැන් වැනීසිය මෙන්ය. සන්ධාන ආණ්ඩුව කාලේ කොළඹ සංවර්ධනය යටතේ ගංවතුර අවම විය. කාණු සුද්ධ පවිත්‍ර විය. ඇළවේළි ප්‍රතිසංස්කරණය විය. ඇවිදින මංතීරු සකස් වූයේ ගංවතුර උවදුර පාලනය කිරීමේ ක්‍රමෝපායන්ද එයට එක්කරමිනි.

    ශ්‍රීලනිප මහලේකම් ඇමැති දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශය සිනමා නිළියගෙන් අවුරුදු 5 කට කුලියට ගත් බිල්ඩිමේ බදු මුදල රුපියල් මිලියන 1,370 කි. දැනටමත් ඉන් අත්තිකාරමක් වශයෙන් රුපියල් මිලියන 570 ක් එයට ලබාදී ඇත. ඇමැති ෆොන්සේකාගේ කන්තෝරුවට මාසික කුලිය රුපියල් කෝටියකි. ඩිජිටල් තාක්ෂණ ඇමැති හරින් ප්‍රනාන්දුගේ නිවස අලුත්වැඩියාවට ලක්ෂ 43කි. මහ ජල කඳ ඇවිත් ලක්ෂ 3 ක ජනතාව වටකරන්ය. ගංවතුර අනාථයෝ ඉන්නේ හිරවෙලාය. පොඩි එවුන් ගුලිකරගෙනය. බඩගින්නේ නිදිමරන්ය. තනිවෙලා දැන් දින ගණන්ය.

    ගංවතුර අනාථයෝ දැන් තමන්ගේ දුරකථනයෙන් අමතා කිව යුතුය. ගංවතුර පැතිවල විදුලිය විසන්ධිය. ස්ථාවර දුරකථන රැහැන් ඇද වැටී ඇත. ඇම්ඩාගෙන් ටීචර් මෙසේ ප්‍රශ්නයක් ඇසුවාලු. ඒ “පාළු ළිඳකට වැටුණොත් ඇම්ඩා ඔයා මොකද කරන්නේ කියාය”. ඇම්ඩා කීවේ “නිවසට දුවගොස් ඉනිමග ගෙනවිත් ළිඳට තියා ගොඩවන බවය”. ආපදාවකදී සිදුවිය යුත්තේ රජය සහ ස්වෙච්ඡා සේවකයෝ එම ස්ථානයට ගොස් ඔවුන්ට පිහිටුවීමය. “අපි වෙනුවෙන් අපි” කිවේ එදාය.

    ගංවතුරේ ප්‍රතිඵලයෙන් වැට් බදු විරෝධය යට ගියේය. හොරකම්, දූෂණ, ටොන් පච සියල්ල අමතකය. හෙට සිට වෙසක්ය. හුරේ.. ආණ්ඩුව ගොඬේ ගොඩය. ගංවතුරෙන් අනාථවූ ජනයාටත් වඩා ආණ්ඩුව පරිපාලනයෙන් අනාථය. වසර 7 කට පෙර ධාරනීපාත වැසි නොතකමින් උතුරේ එදා අවසාන සටන කළේ සාමාන්‍ය වැසියන් මුදා ගැනීමටය. ඒ එදාය. මෙදා වසර 7 කට පසු ධාරානිපාත වැසි නොතකමින් ගංවතුරෙන් පාර්ලිමේන්තුව යටවෙන එක නවත්වා ගැනීමට වැලි කොට්ට ගොඩ ගසනු ලැබුවේය.

    ජාතික ඖෂධ නියාමන පනතක් සම්මතකර අධිකාරියක් පිහිටුවා වසරක් ගෙවී ගියද ඖෂධ ප්‍රතිපත්තියේ ප්‍රතිඵල රෝගීන්ට තවමත් නැත. එපමණක් නොව උපදේශන කමිටුව තවමත් වැඩ නැත. ඖෂධ මිල සියයට 40 කින් ඉහළය. ඇන්දුනු ඇන්දිල්ලට ඇඬෙනවාය. බඩුමිල වැඩිය. පතාලය වැඩය. රාජ්‍ය සේවය දුර්වල කරමින් පවති. ප්‍රතිව්‍යුහකරණයට මුවාවී රාජ්‍ය ආයතන විකිණීමට පිඹුරුපත් සැකසේ. ගොවියා කපෝතිය. විරුවා දංගෙඩියටය.

    ආණ්ඩුවට සල්ලි නැත. කොළඹ මහජන පුස්තකාලයට පාඩම් කරන්නට ගියද, රැස්වීමක් බලන්නට එහි ශ්‍රවණාගාරයට ගියද හදිසියකට සුළුදිය පහකිරීමට වැසිකිළියට ගියහොත් එක්වරකට චූ බද්ද රුපියල් 10 කි. මසකට මහජන පුස්තකාල වැසිකිළියෙන්ද ලක්ෂ 3 ක් පමණ එක්කෝ ආණ්ඩුවටය. නැතහොත් කාගේ හෝ අතටය. බලු බද්ද ලබා ගැනීම සඳහා බල්ලන් ලයිසන් කිරීම අකුරටමය. සුනඛයින් වාර්ෂිකව ලියාපදිංචිය පැහැර හැරියොත් දඩය රුපියල් 10,000 කි. මළ සිරුරක් මිහිදන් කිරීමට පවා කළුතර නගර සභාව අයකර රුපියල් 300ක මුදල රුපියල් 2,000 දක්වා ඉහළ දමා ඇත. චූ බද්ද, බලු බද්ද, මළ සිරුරු බද්ද මෙකී නොකී තවත් අමතර බදු රැසකි. ඇති හැකි අය හුරතලේය. පොදු ජනතාව අනතුරේය.

    “යහපාලන” ආණ්ඩුව පවසන පරිදි බදු ගසන්නේ රාජපක්ෂ සමයේ කළ වියදම් පියවා ගැනීමටය. එහෙත් දියවන්නාවේ මෙම්බර්ලාගේ ඩොලර් 62,500 සැප වාහන පර්මිට් එකට අයකරන්නේ රේගු ගාස්තුව පමණක් වන අතර එය රුපියල් 1,050 කි. පිනට කෑම, හිඟාකෑම, ණයට කෑම, සැපට කෑම, බදාගෙන කෑම, ජරාව කෑම ඇතුළු එකී නොකී සියලුම කෑම වර්තමානයේ උරුමක්කාරයන් වන්නේ දේශපාලුවන්ය. ජනතාවට සදා උරුම ලෙවකෑම පමණක්ය. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මේවාටය.
    වැට් එකෙන්ද ගැසූ බද්ද දැන් බඩටම වැදී ඇත. වෙනස රටටමය. රටේ අනාගතයටම කියා මුදල් අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් මාධ්‍ය මගින් ගොබෙල්ස් තියරිය ක්‍රියාවට නැගුවාට වැඩක් නැත. අද පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 117 ක් වන විට ලෝක වෙළෙඳ පොළෙන් ශ්‍රී ලංකාව පෙට්ට්‍රල් බැරලයක් මිලදී ගන්නේ ඇමෙරිකන් ඩොලර් 48 කටය. එදා 2014 ඔක්තෝබර් ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 කට අලෙවි කරන විට ලෝක වෙළෙඳ පොළේ පෙට්‍රල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 120 කි. වර්තමානයේ පෙට්‍රල් ලීටරයක මිල 117 ක් වන අතර ඉන් රුපියල් 65 ක්ම ආණ්ඩුවේ බදුය. නිසි ලෙසට බැලුවොත් රුපියල් 3 ක පරිපාලන ලාභයක් තබාගෙන වර්තමානයේදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 55 ට ලබාදිය හැකිය. බදු බරද මහින්දගේ ඇඟේ ගසා ආණ්ඩුව තමන්ගේ නොහැකියාව හංගා ගැනීමට විකල්ප සොයයි. “යහපාලන” ආණ්ඩුවේ උපන්ගෙයි ගතිය බලි ඇරියත් නොයති.

    දඹුල්ල තොග වෙළෙඳපොළේ එළවළු තොග මිල ඊයේ වනවිට සියයට 25 කින් ඉහළටය. අයහපත් කාලගුණය එයට හේතුව බව කීවද අතරමැදියාගෙන් පාරිභෝගිකයා බේරා ගැනීමට වැඩපිළිවෙළක් ආණ්ඩුවෙන් අවැසිය. රුපියල් 360 නූඞ්ලස් එකට වැට් බද්ද රුපියල් 54 කි. සුපිරි වෙළෙඳසලකින් රෝස්පාන් ගෙඩි දෙකක් ගත්විට වියදම 101 කි. එයට අමතරව රුපියල් 15.66 ක වැට් එකක්ද ගෙවිය යුතුය. පාන් ගෙඩියේ බද්දත් එහෙමය. වැඩි කළ බදුවලින් දුරකථන ගාස්තු බදු සියයට 50 කින් ඉහළ ගියේය. දැන් විදුලි සංදේශ බද්ද සියයට 26.04 කි. එයට ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළුව රජයේ බදු සියයට 4.16 මෙන්ම වැට් බද්ද ද ඇතුළත් වේ. තරුණ පරපුරටනම් ෆ්‍රී වයිෆයි නම් තවත් එපාය. පරණ විදිහටම ඉන්න දුන්නොත් හොඳටම ඇතිය. හොරා හොරා කියා තුන් වේලම මතුර මතුර සිටියාට ගොඩ එන්නේ නැත. ඉකුත් මැතිවරණයන්හි දී ජනයාට පාර වැරදුනේය. දැන් වංගු වැඩිය. පල්ලම් ගොඩකි. බ්‍රේක් නැත.

    අවසානයේදී නටපු නැටුමකුත් නැත. බෙරේ පළුවකුත් නැත. හොරා ලෙස චෝදනා ලැබූ අය වීරයා විය. අවංකයා වංකයා විය. මොළයක් යැයි කීවද එය අලයක් විය. සියල්ල මව්බිමට අදරැති ජනයාට දැන් ප්‍රත්‍යක්ෂ වී හමාරය. ඒකාබද්ධ විපක්ෂයේ ගමන අසීරු බව ඇත්තය. දැන් එය ස්වාධීනව දේශපාලන ගමන සැලසුම් කළයුතු මාර්ගයකට පිවිස තිබේ. එය සජීව ක්‍රියාවලියකි. හැම දෙයකම පටන්ගැනීම අමාරුය. ද්‍රෝහීහු පාවා දෙති. දුර්වලයෝ යටත් වෙති. වීරයෝ අරගල කරති. කිතුල් ගහේ වුවද මුලින් එන්නේ කොට ගොබයක්ය. කොට ගොබය හෙවත් පොඩි අත්ත ආවාට පසු මුදුන් මල එන බව ගැමියෝ දනිති.

    copyright

    ධර්මන් වික්‍රමරත්න
    RIVIRA NEWSPAPER




     
    • Like
    Reactions: pga

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,938
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බනින්න වම්මු හපන්නුය. ආණ්ඩු හැම එකකටම වගේ වම්මු සක්ක ගසා ඇමතිකම්ද ගත්තෝය. උන් කරපු ලබ්බක්ද නැත.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    සුපිරි වෙළෙඳසලකින් රෝස්පාන් ගෙඩි දෙකක් ගත්විට වියදම 101 කි. එයට අමතරව රුපියල් 15.66 ක වැට් එකක්ද ගෙවිය යුතුය.

    Thamunge athe thiena widiyata wiyadan karanna ona.
    5 Star hotel ekakin kewoth Rs.500 wei.

    Gedara issarahatama genalla dena choon pan ros pan 1 Rs10.

     

    Thamunge athe thiena widiyata wiyadan karanna ona.
    5 Star hotel ekakin kewoth Rs.500 wei.

    අඩේ කොහෙද බං ඒ තරු පහේ හෝටලේ තියෙන්නේ ? දාපංකො ඇඩ්‍රස් එක, මම අද රෑම පවුලෙ අය එක්ක ගිහින් ෆයින් ඩයිනින් බුෆේ පාරක් දානවා.
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    කුහකත්වය හැර ගත යුත්තක් නැත.

    කුහකත්වය නිසා උඹට නොපෙනෙන දේවල් ටිකක්,



    • [*]ශ්‍රීලනිප මහලේකම් ඇමැති දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශය සිනමා නිළියගෙන් අවුරුදු 5 කට කුලියට ගත් බිල්ඩිමේ බදු මුදල රුපියල් මිලියන 1,370 කි.දැනටමත් ඉන් අත්තිකාරමක් වශයෙන් රුපියල් මිලියන 570 ක් එයට ලබාදී ඇත.


      [*]ඇමැති ෆොන්සේකාගේ කන්තෝරුවට මාසික කුලිය රුපියල් කෝටියකි.


      [*]ඩිජිටල් තාක්ෂණ ඇමැති හරින් ප්‍රනාන්දුගේ නිවස අලුත්වැඩියාවට ලක්ෂ 43කි.


      [*]ඖෂධ මිල සියයට 40 කින් ඉහළය.


      [*]සුනඛයින් වාර්ෂිකව ලියාපදිංචිය පැහැර හැරියොත් දඩය රුපියල් 10,000 කි. මළ සිරුරක් මිහිදන් කිරීමට පවා කළුතර නගර සභාව අයකර රුපියල් 300ක මුදල රුපියල් 2,000 දක්වා ඉහළ දමා ඇත. චූ බද්ද, බලු බද්ද, මළ සිරුරු බද්ද මෙකී නොකී තවත් අමතර බදු රැසකි.


      [*]දියවන්නාවේ මෙම්බර්ලාගේ ඩොලර් 62,500 සැප වාහන පර්මිට් එකට අයකරන්නේ රේගු ගාස්තුව පමණක් වන අතර එය රුපියල් 1,050 කි.


      [*]අද පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 117 ක් වන විට ලෝක වෙළෙඳ පොළෙන් ශ්‍රී ලංකාව පෙට්ට්‍රල් බැරලයක් මිලදී ගන්නේ ඇමෙරිකන් ඩොලර් 48 කටය. එදා 2014 ඔක්තෝබර් ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 කට අලෙවි කරන විට ලෝක වෙළෙඳ පොළේ පෙට්‍රල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 120 කි. වර්තමානයේ පෙට්‍රල් ලීටරයක මිල 117 ක් වන අතර ඉන් රුපියල් 65 ක්ම ආණ්ඩුවේ බදුය. නිසි ලෙසට බැලුවොත් රුපියල් 3 ක පරිපාලන ලාභයක් තබාගෙන වර්තමානයේදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 55 ට ලබාදිය හැකිය.


      [*] වැඩි කළ බදුවලින් දුරකථන ගාස්තු බදු සියයට 50 කින් ඉහළ ගියේය. දැන් විදුලි සංදේශ බද්ද සියයට 26.04 කි. එයට ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළුව රජයේ බදු සියයට 4.16 මෙන්ම වැට් බද්ද ද ඇතුළත් වේ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    කුහකත්වය නිසා උඹට නොපෙනෙන දේවල් ටිකක්,



    • [*]ශ්‍රීලනිප මහලේකම් ඇමැති දුමින්ද දිසානායකගේ අමාත්‍යාංශය සිනමා නිළියගෙන් අවුරුදු 5 කට කුලියට ගත් බිල්ඩිමේ බදු මුදල රුපියල් මිලියන 1,370 කි.දැනටමත් ඉන් අත්තිකාරමක් වශයෙන් රුපියල් මිලියන 570 ක් එයට ලබාදී ඇත.


      [*]ඇමැති ෆොන්සේකාගේ කන්තෝරුවට මාසික කුලිය රුපියල් කෝටියකි.


      [*]ඩිජිටල් තාක්ෂණ ඇමැති හරින් ප්‍රනාන්දුගේ නිවස අලුත්වැඩියාවට ලක්ෂ 43කි.


      [*]ඖෂධ මිල සියයට 40 කින් ඉහළය.


      [*]සුනඛයින් වාර්ෂිකව ලියාපදිංචිය පැහැර හැරියොත් දඩය රුපියල් 10,000 කි. මළ සිරුරක් මිහිදන් කිරීමට පවා කළුතර නගර සභාව අයකර රුපියල් 300ක මුදල රුපියල් 2,000 දක්වා ඉහළ දමා ඇත. චූ බද්ද, බලු බද්ද, මළ සිරුරු බද්ද මෙකී නොකී තවත් අමතර බදු රැසකි.


      [*]දියවන්නාවේ මෙම්බර්ලාගේ ඩොලර් 62,500 සැප වාහන පර්මිට් එකට අයකරන්නේ රේගු ගාස්තුව පමණක් වන අතර එය රුපියල් 1,050 කි.


      [*]අද පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 117 ක් වන විට ලෝක වෙළෙඳ පොළෙන් ශ්‍රී ලංකාව පෙට්ට්‍රල් බැරලයක් මිලදී ගන්නේ ඇමෙරිකන් ඩොලර් 48 කටය. එදා 2014 ඔක්තෝබර් ආණ්ඩුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 කට අලෙවි කරන විට ලෝක වෙළෙඳ පොළේ පෙට්‍රල් බැරලයක මිල ඇමෙරිකන් ඩොලර් 120 කි. වර්තමානයේ පෙට්‍රල් ලීටරයක මිල 117 ක් වන අතර ඉන් රුපියල් 65 ක්ම ආණ්ඩුවේ බදුය. නිසි ලෙසට බැලුවොත් රුපියල් 3 ක පරිපාලන ලාභයක් තබාගෙන වර්තමානයේදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 55 ට ලබාදිය හැකිය.


      [*] වැඩි කළ බදුවලින් දුරකථන ගාස්තු බදු සියයට 50 කින් ඉහළ ගියේය. දැන් විදුලි සංදේශ බද්ද සියයට 26.04 කි. එයට ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළුව රජයේ බදු සියයට 4.16 මෙන්ම වැට් බද්ද ද ඇතුළත් වේ.

    good reply