අනේ කාලේ වනේ වාසේ!
දැරණිගල ශ්‍රී සුමන සමන් දේවාලයේ භාරකාර මහින්ද බණ්ඩාර මහතාගේ නිවසට පෙරේදා රාත්‍රී සොරු ඇතුළුව මුදල් හා රන්භාණ්ඩ පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය.
අපේ බඩු නැතිවුනහම ඒවා සොයා දෙන ලෙස ඉල්ලා දෙවියන්ට කන්නලව් කරන්නට අප දේවාල පස්සේ යතත් සමන් දේවාලයේ භාරකාර බණ්ඩාර මහතා හිතුවේ පොලීසියේ පිහිට පතන්නට ය.
හොරකම සිදුව ඇත්තේ මගුල් ගෙදරකට ගෙදර ඇත්තො ගිය අවසරයෙන් ප්‍රයෝජන ගනිමිනි. එහෙම වෙලාවක අපේ ගෙදරකට පැන්නේ නම් ගන්න රන් භාණ්ඩයක් හොරෙකුට ඉතිරිවන්නේ නැත. එහෙත් මෙහෙ එහෙම නොවේ ය. ඇත්තටම තවමත් නැතිවූ රන් භාණ්ඩවල වටිනාකම මෙතෙකැයි තවමත් තක්සේරු කර නැත. ඒ ප්‍රමාණයේ විශාලත්වය නිසා වෙතැයි අපි සිතමු. ඇත්තටම දෙවියන්ට නොකියා පොලීසියට කියන්නට ඇත්තේ වටිනාකම විශාල නිසා විය හැකිය යන්න අපේ අනුමානයට හේතු විය.
අප භාරකාර තුමා ගැන හෝ එතුමාගේ දේපල ගැන වැඩිදුර ප්‍රශ්න නගන්නට බලාපොරොත්තු නොවෙමු. එහෙත් හොරුන් ගැනත් දෙවියන් ගැනත් අපට ප්‍රශ්න තිබේ.
දෙවියන්වත් මායිම් නොකරන මේ හොරුන් ඇත්තටම කම්බා හොරුන්වන්නට ඉඩ තිබේ. අප නම් කියන්නේ මුන් ජනතාවගේ ආගමික විශ්වාස නෝන්ඩි කරන්නට විදේස බලවේගයකින් ඩොලර් ද ලබන්නට ඇති බව ය. එක් පැත්තකින් උන් හොරාගත් මුදල රුපියල්ම 70000 කි. අනිත් පැත්තෙන් තක්සේරු කරන්නටත් අමාරු රත්තරන් තොගයකි. ඒ සියල්ලට උඩින් කොතෙක් දැයි කිව නොහැකි ඩොලර් එහෙමත් ලැබුනානම් කොහොමද?
අනිත් පැත්තෙන් අපට දෙවියන් ගැන ද ප්‍රශ්න තිබේ. තමන්ගේ භාරකාරයාගේ විමනවත් ආරක්ෂාකරන්නට බැරි තරමට ඔබතුමන්ලා පිරිහුනාම අපිට අලකලංචියක් වුනහම පිහිටක් පතා අපි යන්නේ කාගේ විමානයට ද?
අපේ ආරක්ෂාව අපට සළසා ගන්නටැයි මේ ආණ්ඩුව ද (පරණ ජේආර්ගේ ආණ්ඩුව මෙන්ම) කීවා ම අප හිතුවේ දෙවියන්ගේ බැක්අප් එකක්වත් තියෙන නිසා කමක් නැහැයි කියා ය. දැන් ඒකත් නිකම් නැති පාට ය.
දැන් ඉතින් අපට කාගේ ආරස්සාව ද?