අනේ පවු අලි පැඩ්ඩා..

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනේ පවු අලි පැඩ්ඩා..

    තවත් අලියෙක්‌ දුම්රියට බිලි..කොළඹ සිට මඩකලපුව බලා ගමන් කරන රාත්‍රි තැපැල් දුම්රියේ ගැටීමෙන් පසුගිය 9 දා අලුයම අලි මරණයක්‌ සිදුවී ඇත. කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ සහ හතරැස්‌කොටුව අතර දෙසිය තිස්‌පස්‌වැනි කණුව අසලදී මෙම අලියා ගැටී ඇත. අලියා දුම්රියේ ගැටී මීටර් සියයක්‌ පමණ ඇදී ගොස්‌ දෙකට වෙන් වී මියගොස්‌ සිටියේය.
    ele700.jpg

    මින්නේරිය හා කවුඩල්ල වැව් ජලයෙන් පිරී ඇති නිසා මේ දිනවල මින්නේරිය හා කවුඩුල්ල ජාතික උද්‍යානවල වාසය කළ වල් අලි හුරුළු රක්‍ෂිතයට සංක්‍රමණය වෙති. මීට සති දෙකකට පමණ පෙර ද මේ ආසන්නයේම අලියකු දුම්රියේ ගැටී ඇත.