අනෝමාගේ මැදිහත්වීම ....
ට්‍රොජන් අශ්වයා කඩොල් ඇතු බවට පත් කිරීම !
අනෝමාගේ මැදිහත්වීම තවත් දේශපාලනයක ආරම්භයක් දක්වා වර්ධනය වෙමින් තිබේ. අනෝමා කරන්නේද දේශපාලනයකි. එහෙත් එයට පදනම් වී තිබෙන්නේ අතිශය සංවේදී සිද්ධියකි. ඇගේ කඳුළුවලින් බොහෝ සිත් කැළඹේ.
ජෙනරාල් සරත් ෆොන්සේකා අද ප්‍රබල පුවත් මවන්නකු බවට පත්ව සිටියි. යුද හමුදා පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමත් සමගම අලුත් දේශපාලන නොසන්සුන් බවක්ද මතු වෙමින් තිබේ. ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙන්ම අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳවද විවිධ විවේචන මේ වන විටත් ඉදිරිපත්ව තිබේ.
ජෙනරාල් ෆොන්සේකා සිය කීර්තිමත් දේශප්‍රේමී අතීත ජයග්රහණයන්ට අවමන් කර බෙදුම්වාදී හා ෆෙඩරල්වාදී දේශෙද්‍ර`හී කල්ලියක ඉත්තෙක් බවට පත්ව සිටිතියි රජයේ පාර්ශ්වයෙන් ප්‍රබල චෝදනාවක් එල්ල වී තිබේ. එපමණක් නොව ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව නැඟෙන යුද අපරාධ චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවෙක් බවට පත්ව සිටිතියිද කියති.
ජෙනරාල් ෆොන්සේකාගේ අයිතීන් වෙනුවෙන් අධිකරණයෙන් යුක්තියක් අපේක්ෂා කිරීමට ක්‍රමයක් හා පිළිවෙළක්ද වේ. විපක්ෂය එය හොඳින් දනී. අලුත්කඩේ ඇති වූ උණුසුම පසුවදා මහරගම ප්‍රදේශයටද බෝවී තිබිණි. තවත් ගැටුමක් ඇති විය.
ජෙනරාල් ෆොන්aaaසේකා අද මැදිවී සිටින්නේ සරදම් සහිත දෛවයකටය. අද ජෙනරාල් පාර්ශ්වය ලෙස පෙළට සිටින අය එදා ඔහුගේ සතුරන් හෝ විවේචකයන් ලෙස සිටි අය වෙති. අද ඔහුට එරෙහිව සිටින අය එදා ඔහු සමග ගසට පොත්ත මෙන් සිටි අයයි. මේ විරසකය නැතහොත් උඩු යටිකුරු වීමද අප ප්රවේෂමින් තේරුම් ගත යුතුය. අපි පළමුව රජයේ පාර්ශ්වය දෙසට හැරෙමු.
ජෙනරාල් ෆොන්සේකා නිලධාරියකු ලෙස ඉහළටම ඔසවා තැබූ රාජපක්ෂවරුන් අද ඔහුට විරුද්ධ ඇයි? දේශප්‍රේමී සෙන්පතියකු ලෙස එදා ජනප්‍රසාදයට පාත්රව සිටි අභීත රණවිරුවාට සිදුවූයේ කුමක්ද? එල්. ටී. ටී. ඊ. සංවිධානය පමණක් නොව එහි අසහාය නායක ප්රභාකරන්ද ඝාතනය කිරීමේ සැලසුමේ ප්‍රබල භූමිකාවක් ඔහුට භාරවිය. ප්රභාකරන් ඝාතනය වූ බව රටට නිවේදනය කරන ලද්දේද ඔහු විසිනි. ඒ වෙනුවෙන් ඔහුට උසස්වීම්ද ගෞරව සම්මානද හිමි විය. ඔහු ආරක්ෂක හමුදාවේ ඉහළම නිලයටද පත්විණි. එහෙත් ඔහු තුළ දවසින් දවස කලකිරීම් වර්ධනය වූ බවත් අවසානයේ ඔහු දේශපාලනයට යොමු වූ බවත් කියනු ලැබේ.