අනෝමාගේ මැදිහත්වීම ....

starchild82

Member
Jan 9, 2010
581
12
0
අනෝමාගේ මැදිහත්වීම ....

ට්‍රොජන් අශ්වයා කඩොල් ඇතු බවට පත් කිරීම !

අනෝමාගේ මැදිහත්වීම තවත් දේශපාලනයක ආරම්භයක්‌ දක්‌වා වර්ධනය වෙමින් තිබේ. අනෝමා කරන්නේද දේශපාලනයකි. එහෙත් එයට පදනම් වී තිබෙන්නේ අතිශය සංවේදී සිද්ධියකි. ඇගේ කඳුළුවලින් බොහෝ සිත් කැළඹේ.

ජෙනරාල් සරත් ෆොන්සේකා අද ප්‍රබල පුවත් මවන්නකු බවට පත්ව සිටියි. යුද හමුදා පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනීමත් සමගම අලුත් දේශපාලන නොසන්සුන් බවක්‌ද මතු වෙමින් තිබේ. ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම පිළිබඳ මෙන්ම අත්අඩංගුවට ගත් ආකාරය පිළිබඳවද විවිධ විවේචන මේ වන විටත් ඉදිරිපත්ව තිබේ.

ජෙනරාල් ෆොන්සේකා සිය කීර්තිමත් දේශප්‍රේමී අතීත ජයග්‍රහණයන්ට අවමන් කර බෙදුම්වාදී හා ෆෙඩරල්වාදී දේශෙද්‍ර`හී කල්ලියක ඉත්තෙක්‌ බවට පත්ව සිටිතියි රජයේ පාර්ශ්වයෙන් ප්‍රබල චෝදනාවක්‌ එල්ල වී තිබේ. එපමණක්‌ නොව ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව නැඟෙන යුද අපරාධ චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්‌ෂිකරුවෙක්‌ බවට පත්ව සිටිතියිද කියති.

ජෙනරාල් ෆොන්සේකාගේ අයිතීන් වෙනුවෙන් අධිකරණයෙන් යුක්‌තියක්‌ අපේක්‍ෂා කිරීමට ක්‍රමයක්‌ හා පිළිවෙළක්‌ද වේ. විපක්‍ෂය එය හොඳින් දනී. අලුත්කඩේ ඇති වූ උණුසුම පසුවදා මහරගම ප්‍රදේශයටද බෝවී තිබිණි. තවත් ගැටුමක්‌ ඇති විය.

ජෙනරාල් ෆොන්aaaසේකා අද මැදිවී සිටින්නේ සරදම් සහිත දෛවයකටය. අද ජෙනරාල් පාර්ශ්වය ලෙස පෙළට සිටින අය එදා ඔහුගේ සතුරන් හෝ විවේචකයන් ලෙස සිටි අය වෙති. අද ඔහුට එරෙහිව සිටින අය එදා ඔහු සමග ගසට පොත්ත මෙන් සිටි අයයි. මේ විරසකය නැතහොත් උඩු යටිකුරු වීමද අප ප්‍රවේෂමින් තේරුම් ගත යුතුය. අපි පළමුව රජයේ පාර්ශ්වය දෙසට හැරෙමු.

ජෙනරාල් ෆොන්සේකා නිලධාරියකු ලෙස ඉහළටම ඔසවා තැබූ රාජපක්‍ෂවරුන් අද ඔහුට විරුද්ධ ඇයි? දේශප්‍රේමී සෙන්පතියකු ලෙස එදා ජනප්‍රසාදයට පාත්‍රව සිටි අභීත රණවිරුවාට සිදුවූයේ කුමක්‌ද? එල්. ටී. ටී. ඊ. සංවිධානය පමණක්‌ නොව එහි අසහාය නායක ප්‍රභාකරන්ද ඝාතනය කිරීමේ සැලසුමේ ප්‍රබල භූමිකාවක්‌ ඔහුට භාරවිය. ප්‍රභාකරන් ඝාතනය වූ බව රටට නිවේදනය කරන ලද්දේද ඔහු විසිනි. ඒ වෙනුවෙන් ඔහුට උසස්‌වීම්ද ගෞරව සම්මානද හිමි විය. ඔහු ආරක්‍ෂක හමුදාවේ ඉහළම නිලයටද පත්විණි. එහෙත් ඔහු තුළ දවසින් දවස කලකිරීම් වර්ධනය වූ බවත් අවසානයේ ඔහු දේශපාලනයට යොමු වූ බවත් කියනු ලැබේ.
 

starchild82

Member
Jan 9, 2010
581
12
0
මෙසේ දේශප්‍රේමී හමුදාවේ නායකත්වය භාරව ක්‍රියා කළ ඔහු පසුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපති පමණක්‌ නොව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂද දැඩි විවේචනයට ලක්‌ කළේය. ගෝඨාභය සුදු කොඩි රැගෙන භාරවීමට පැමිණි කොටි සංවිධානයේ ප්‍රබලයන්ට වෙඩි තැබීමට අණදුන් කෙනෙකු බව කීමට තරම් ඔහු ඉදිරිපත් විය. ඔහුගේ මෙම ප්‍රකාශ ශ්‍රී ලංකා රජය දැඩි අපහසුවට පත් කරන්නක්‌ පමණක්‌ නොව ලංකාව යුද අපරාධ නමැති දඬුකඳේ ගසන්නට බලා සිටින බටහිරයන්ට හොඳ සාක්‍ෂික්‌යක්‌ද විය.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඔහුගේ මෙම විවේචන තවත් දැඩි විය. වරක්‌ ඔහු බී. බී. සී. සේවය අමතා කියා සිටියේ යුද අපරාධකරුවන් රැකීමට තමා කිසිසේත් සුදානම් නොවන බවත් ඒ වෙනුවෙන් කෙරෙන නඩු විභාගයකදී සාක්‍ෂිකරුවකු වීමට වුවද සුදානම් බවත්ය. ජෙනරාල් ෆොන්සේකා යනු මෙම ඊළාම් විරෝධී සටනේ එක්‌ සතුරෙකි. ඔහු තරම් ඒ කාර්ය කළ හමුදා නිලධාරියෙක්‌ද නැත. එවන් ඉහළම හමුදා නිලධාරියා එම ක්‍රියාවලිය දෝෂ දර්ශනයට භාජන කිරීම යනු බරපතල සිද්ධියකි.

ජෙනරාල් ෆොන්සේකා ජනාධිපතිවරණයෙන් පසු වඩ වඩාත් රජයේ විවේචකයා පමණක්‌ නොව බටහිර සිට යුද අපරාධ චෝදනා නඟන අයගේ කටහඬ බවටද පත්විය. මේ තත්ත්වය වෙනස්‌ නොවවුවහොත් රටක්‌ වශයෙන් ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන අනතුරේ ස්‌වභාවයද අප සැලකිල්ලට ගත යුතුය. සැබැවින්ම ජෙනරාල් කර ඇත්තේ මුහුණ සමග තරහ වී නාසය කපා ගැනීමකි.

ජෙනරාල් ෆොන්සේකාගේ දෙවැනි මැතිවරණ මෙහෙයුමට ඉඩදී බලාසිටීම වෙනුවට සතුරු බලවේගවලට ඔහු පාවිච්චි කිරීම වැලැක්‌වීම නුවනට හුරු බව රජය තීරණය කිරීම යුක්‌ති සහගතය. එහෙත් ජෙනරාල් නැවැත්විය හැක්‌කේ කෙසේද? ඒ සඳහා ගත යුතු ක්‍රියා මාර්ගය කුමක්‌ද? රජය අනතුරුව මුහුණ දුන්නේ එම අන්තෝ ජටා බහි ජටා තත්ත්වයටය. එහෙත් අවසානයේදී ඔහුට එරෙහිව ක්‍රියා කළ හැකි නීතිමය මාර්ගය තෝරා ගැනීමට රජයට සිදු විය. ඒ උසස්‌ම හමුදා නිලධාරියා ලෙස ක්‍රියා කරමින් ඔහු විසින් කරන ලද රාජ්‍ය විරෝධී හා හමුදා විනයට පටහැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක්‌ ඉදිරිපත් කර ඔහු හමුදා පොලිස්‌භාරයට ගෙන රඳවා තැබීමය.

ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ලෙස ක්‍රියා කරමින් දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කිරීම, හමුදාව භේද කිරීම, රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකට සහභාගි වීම වැනි චෝදනා අද ඔහුට එරෙහිව නඟා තිබේ. හමුදා පනතේ 57 (1) වගන්තිය යටතේ ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට පත්විය. ඒ සියල්ල සත්‍යය වුවද රජය ඔහු අත්අඩංගුවට ගත් අවස්‌ථාව හා ආකාරය බොහෝ දෙනෙකු අනුමත නොකරති. ජනාධිපති රාජපක්‍ෂ විසින් ඉතා පැහැදිලිව බිම දමන ලද ප්‍රතිවාදියා යළිත් වීරයකු කිරීමට රජය අවස්‌ථාව සලසා දුන් බව මගේ හැඟීමයි.