අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

Biologics

Member
Dec 8, 2012
130
15
0

ethakota niyama hadith saha corrupted hadiths wala wnasa hoyanne kohomada?

තරමක් ගැඹුරින් explain කරන්න ඕනෑ දේවල්, මොකද කෙටියෙන් කුරානය හා හදිත් කියන්නේ ඉස්ලාමිය සමාජයක මුලික අඩිතාලම්. කුරානය prophet mohamed ට දෙවියන් විසින් ලබාදුන් දේව වාක්‍ය. මීට කලින් Moses, Jesus වගේ නබි වරුන්ට (messengers) මේ වගේම දේව වාක්‍ය ලැබිල තියෙනවා. Muslim ලට අනුව Mohammed තුමා තමා අන්තිම prophet. කුරානය සූරා (sura - chapters) 114 කින් සමන්විතයි. මෙහි සමහර ඉස්ලාමයට පෙර සමාජයන් ගැන සඳහන් වෙනවා, සමහර ඉස්ලාමයේ මුලික සිද්දාන්ත, සමාජ හා පෞද්ගලික වගකීම්, යුතුකම් ගැන නීති ගැන සඳහන් වෙනවා, හරියට theory book එකක් වගේ. ඇත්තටම සමාජයට theory විතරක් හරියන්නේ නැහැ, මිනිසුන්ට යම් දෙයක් හරියන්නේ එය practical ව කරන්න පුළුවන් නම් පමණයි. එක තම නබි වරයෙකුගේ චරියතයෙන් වෙන්නේ. එයා හැම සාමන්ය මිනිහෙක් වගේම day-to-day සමාජයේ දේවල් වල යෙදිලා පෞද්ගලිකව හා සමාජයක් වශයෙන් theory eka apply කරන්නේ කියල අනිත් අයට, කියල, පෙන්නල, උපදෙස් දීල තියෙනවා. Prophet ගේ එම ක්‍රියාවන්, ක්‍රමයන්, උපදෙස් ඔහුගේ මුස්ලිම් සගයන් විසින් ලියා කල එකතුව තමා හදිත් (Hadith) කියන්නේ.

මේ මුලික මුලාශ්‍ර 2න් තම ඉස්ලමයේ සම්පුරන් life system එක ගොඩ නැගෙන්නේ. සමහර නීති, වගකීම්, යුතුකම් ඉතා පැහැදිලිව තිබෙන අතර අනෙක් ඒවා අදහස් ගැනීම සඳහා, කාලයට, තැනට, අනුව මෙම මුලාශ්‍ර ඉතා හොඳින් ඉගෙන ගත් අයට decide කරන්න පුළුවන් විදිහට හැඩ ගැන්ව තිබෙනවා. ඔය Sharia කියල law වගේ පෙන්නන්න හදන system එක ගොඩ නැගෙන්නේ මෙම කුරානය, හදිත් මුලිකව වර්තමාන කාලයට, සමාජ විධි වලට අනුව නැගණ ප්‍රශ්න අනුව ඒ subject එකෙන් හදිත්/කුරානය උගත් (මොවුන් නිකන් tv වල පෙන්නන ගොඩක් ලේබ්බෙල, මුල්ලලා නෙවෙයි) පුද්ගල්යින්ග්ගේ අදහස් එකතු වීමෙනුයි.

හදිත් වල subjects (personel, family, civil, political, law, medical) වගේ ගොඩක් වර්ග තිබෙන අතර, හදිත් report කරන්නා අනුව (මෙම අයගේ biography ඉගෙන ගන්න එක මෙහි අංගයක්) හදිත් වර්ගීකරණය වගේ දේවල් මෙම field එකේ උගත් අය වර්තමාන ප්‍රශ්න වලට දෙන විසඳුම් වලට බලපානවා, මේවා තමා fatwa ලෙස හඳුන් වන්නේ.

ඉහත විග්‍රහයෙන් හදිත් කියන්නේ මොකක්ද කියල පැහැදිලියි වෙයි කියල හිතනවා.
So prophet ගෙන් පස්සේ ආපු scholars මේ එකතු කරපු hadith තමාගේ කාලයේ ප්‍රශ්න වලට සමාජයට විසඳුම් දෙන්න, වර්ගීකරණය කරලා, ඒවා කුරානයේ එන මුලික සිද්දාන්ත සමග සසඳලා ඉගෙන ගන්න වගේම, එම කාලය, ප්‍රශ්න පිලිබඳ ඒගොල්ලන්ගේ මත ලියල තියන්න පටන් ගත්ත. මෙහිදී prophet එක්කම හිටිය සමහර අය අහු විසින් කව්වා කියල බොරු ගෙතු නිසා (පෞද්ගලික තරහ, ආර්ථික වගේ නොයෙක් හේතු මත) මෙම හදිත් report කරන්නාගේ චරිතයත් අධ්‍යයනය කරන්න සිදු වුණා. මෙය prophet ගෙන් පසු සාම කාලකදීම ආපු scholars අතින් සිදු වීමෙන්, හදිත් හැදෑරීම වෙනම විෂයක් බවට පත් වී තිබෙනවා. මෙහි report කරන්නා අනුව, එයට තව අය දෙන තහවුරු කිරීම් අනුව (වැඩි පිරිසක් report කිරීම), එය කුරානයේ මුලික සිද්දාන්ත වලට පටහැනි වීම නොවීම අනුව, පසු කාලීන scholars ලගේ අදහස් අනුව strong හෝ weak සහ සමහර ඒවා සම්පුර්ණයෙන් තමන්ගේ වාසියට සමහරු ගොතපු ඒවා කියල හඳුනාගෙන තිබේ.

වැඩි විස්තර ඕනේ නම් මේකේ තියෙනවා http://en.wikipedia.org/wiki/Hadith_studies
 
Biologics

Member
Dec 8, 2012
130
15
0
ඒක පැහැදිලි එතකොට ෂරියා වගේ දේවල් ගොඩනගාගන්න පාවිච්චි කරන්නෙ හදීත් එක?

Sharia එක මුලිකවම සමන්විත වෙන්නේ.
Quran
Hadith
මේ දෙකෙන් ප්‍රශ්නයට පැහැදිලි විසඳුමක් ගන්න අපහසු අවස්ථාවල (කාලය, තැන, එම ප්‍රශ්නයේ ස්වරුපය වැනි දේවල් නිසා), හදිත් හා කුරානය scholars හා සමග එම ප්‍රශ්නයට සම්බන්දවන විශේෂඥයින් සම්බන්ද තීරණයක් මත. මෙහිදීත් එම තීරණ ගැනීමට පිටුවහල් වන ක්‍රම 2 ක්‌ මුලිකව තිබේ.
1. Ijma - සරලව ijma කියන්නේ scholars, jusrist සමහර විට මුළු society එකේම විස්නදුමකට එකඟද කියා විමසා බැලීම (consensus of the scholars and jurists, and sometimes the entire community)
2. Kiyas - මෙය scholars විසින් යම් විස්නදුමක් කොයි තරම් මුලික මුලාශ්‍ර වල සිද්දාන්ත සමග ගැලපේ දෙයි බැලීම (reasoning by analogy to one of the higher sources)
(someone pls correct if there's translation mistakes here)

මෙහෙයි sharia වල framework එක ගොඩ නැගෙන්නේ..
 
  • Like
Reactions: sirajstc

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

:):)
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මක්කමෙන් ගෙනා ශුද්ධ වූ සම්සම් ජලය පානය කිරීමෙන් තම අපස්මාරය සුව වූ බව කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඉස්ලාම් ආගම වැළැඳ ගත් බව සෞදි අරාබියේ පුවත්පතක් පවසයි

    එම ජලය හැකි තරම් බොන ලෙස හාමු පාතා පැවසූ බවත්, දෙසතියක් තිස්සේම ජලය බිව් බවත්, දැන් ඇගේ අපස්මාරය සුව වී ඇතැයි වෛද්‍ය වරු පැවසූ බවත්, පහලොස් අවුරුද්දක් තිස්සේ ඇය එම රෝගයෙන් පෙළුනු බවත් එම සෞදි පුවත්පත කියයි.

    වයඹ දිග සෞදි අරාබියේ හයිල් නගරයේ පදිංචි රාජු නම් මෙම සේවිකාව ෆරීඩා යනුවෙන් නම ද වෙනස් කැර ඇත.
     
    Jul 10, 2011
    5,011
    473

    මමත් දැක්කා ඕක.. දෙමල Daily mirror එකේ තිබ්බා..

    http://tamil.dailymirror.lk/2010-07-14-09-13-23/54433-2012-12-09-12-57-54.html
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14020707 said:
    මමත් දැක්කා ඕක.. දෙමල Daily mirror එකේ තිබ්බා..

    http://tamil.dailymirror.lk/2010-07-14-09-13-23/54433-2012-12-09-12-57-54.html

    මෝඩ ගෑණු කෙනෙක්...අඩු ගානේ ‍අල්ලාහ් දෙවියන් කෙරෙහි විශ්වාසය ඇති කරගෙන ඉස්ලාම් වැලඳ ගත්තා නම් ඒත් කමක් නැහැ..එතුමාගේ පණිවිඩකාරයාගේ දේශනා ගැන විශ්වාසයෙන් ඉස්ලාම් වැලඳ ගත්තා තව කමක් නැහැ....
    තොහොමත් අන්ධයින්ට කිරි වල "සුදු පාට" කොහොම තේරුම් කරලා දෙන්නද...:lol:

    මෙහෙම convert වෙන අයගේ ජාතිය මොකක්ද එතකොට මුස්ලිම් නම් නෙවෙයිනේ...එතකොට සිංහල ඉස්ලාම්ද..?
     
    ඔයාගේ මතය වැරදි යාලුවා.. සම් සම් වතුර කියන්නේ මොකක්ද කියලා දන්නවද?
    ඒ වතුරේ ඉතිහාසයටය් දෙවියන්ටය් සමබන්ධ තියනවා මචන්.. :yes::yes:
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    ගොඩක් හොද ට්‍රෙඩ් එකක්...
    බොරලුගොඩ සහෝදරයා ඔහුගේ ආගම ගැන හොදට පැහැදිලි කරලා තියෙනවා.
    මට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි මුස්ලිම් වරුන් ඌරු මස් ප්‍රතික්ශේප කරන්නේ කියලා. එයට හේතූ මොනාද? දැන ගැනීම පිනිස පමණයි.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14020794 said:
    ඔයාගේ මතය වැරදි යාලුවා.. සම් සම් වතුර කියන්නේ මොකක්ද කියලා දන්නවද?
    ඒ වතුරේ ඉතිහාසයටය් දෙවියන්ටය් සමබන්ධ තියනවා මචන්.. :yes::yes:

    නැහැ සහෝදරයා මම කිව්වේ ඒක දෙිවයන්ට සම්බන්ධ නැහැ කියලා නෙවෙයි..මම කිව්වේ එකුමන්ගේ දේශනා එක්ක සම්බන්ධ නැහැ කියලා...
    කමක් නැහැ මොනවද මේ සම් සම් වතුර කියන්නේ...?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෝඩ ගෑණු කෙනෙක්...අඩු ගානේ ‍අල්ලාහ් දෙවියන් කෙරෙහි විශ්වාසය ඇති කරගෙන ඉස්ලාම් වැලඳ ගත්තා නම් ඒත් කමක් නැහැ..එතුමාගේ පණිවිඩකාරයාගේ දේශනා ගැන විශ්වාසයෙන් ඉස්ලාම් වැලඳ ගත්තා තව කමක් නැහැ....
    තොහොමත් අන්ධයින්ට කිරි වල "සුදු පාට" කොහොම තේරුම් කරලා දෙන්නද...:lol:

    මෙහෙම convert වෙන අයගේ ජාතිය මොකක්ද එතකොට මුස්ලිම් නම් නෙවෙයිනේ...එතකොට සිංහල ඉස්ලාම්ද..?

    :D ඔතෙන්ට ඔයාව ආදේශ කරලා බලන්න.
    ඔයාට තිබ්බ මාරාන්තික ලෙඩක් වෙනත් ආගමක කිසියම් දේකින් සුවපත් වුනොත් ඔයාටත් ඒ ආගම ගැන පැහැදීමක් ඇතිවෙයි සමහර විට :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මක්කමෙන් ගෙනා ශුද්ධ වූ සම්සම් ජලය පානය කිරීමෙන් තම අපස්මාරය සුව වූ බව කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඉස්ලාම් ආගම වැළැඳ ගත් බව සෞදි අරාබියේ පුවත්පතක් පවසයි

    එම ජලය හැකි තරම් බොන ලෙස හාමු පාතා පැවසූ බවත්, දෙසතියක් තිස්සේම ජලය බිව් බවත්, දැන් ඇගේ අපස්මාරය සුව වී ඇතැයි වෛද්‍ය වරු පැවසූ බවත්, පහලොස් අවුරුද්දක් තිස්සේ ඇය එම රෝගයෙන් පෙළුනු බවත් එම සෞදි පුවත්පත කියයි.

    වයඹ දිග සෞදි අරාබියේ හයිල් නගරයේ පදිංචි රාජු නම් මෙම සේවිකාව ෆරීඩා යනුවෙන් නම ද වෙනස් කැර ඇත.
    ඇන ගහනවා කියල තර්ජනය කරලා බලෙන් ආගමට හරවගන්න ඇති. නැත්තම් හොද ගානක් දෙන්න ඇති:lol::lol:
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ගොඩක් හොද ට්‍රෙඩ් එකක්...
    බොරලුගොඩ සහෝදරයා ඔහුගේ ආගම ගැන හොදට පැහැදිලි කරලා තියෙනවා.
    මට තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි මුස්ලිම් වරුන් ඌරු මස් ප්‍රතික්ශේප කරන්නේ කියලා. එයට හේතූ මොනාද? දැන ගැනීම පිනිස පමණයි.

    පලවැනියෙන්ම ස්තුතිය් ඔයාට..:cool:
    ඌරු මස් අපේ ආගමෙන් අපිට තහනම් කරපු දෙයක්..නබිතුමා ජීවත් වෙන කාලේ කවුරුවත් නබිතුමාගෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවේ නැ මොකද ඒ කාලේ මිනිස්සු නබිතුමන්ව තරයේ විශ්වාස කරා.. ඒ නිසා නබිතුමා මොනවා කිව්වත් ඒක ඒ විදිහටම පිලිපැද්දා.. නබිතුමා කිව්වොත් එකේ මොනවහරි අර්තයක් තියෙය් කියලත් එගොල්ලො විස්වාස කරා.. දැනුත් අපිත් විස්වාස කරනවා.. ඉස්ලාම් ආගම හැටියට මිනිස්සුන්ගේ සෞඛ්‍යට හානි වෙන කිසිම දෙයක් පරිහරන කරන්න බැ.. ඒ පදනම මත තමය් නබිතුමා ඌරු මස් කනේක තහනම් කරේ.. මොකද ඌරෝ ජරාව පවා කන නිසා.. කොහම නමුත් දැන් නවීන විද්්‍යාවෙන් සොයාගෙන තියෙනවා ඌරන්ගේ ඇගේ තියෙන විසබීජ අපි සාමන්යෙන් අනිත් මස් උයන විදිහට ඉව්වොත් ඒ විස බීජ මැරෙන්නේ නැ කියලා.. ඒ තරම් උෂ්නත්වයක් අපිට සාමන්යෙන් ලබා දෙන්න බැ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මක්කමෙන් ගෙනා ශුද්ධ වූ සම්සම් ජලය පානය කිරීමෙන් තම අපස්මාරය සුව වූ බව කියන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක ඉස්ලාම් ආගම වැළැඳ ගත් බව සෞදි අරාබියේ පුවත්පතක් පවසයි

    එම ජලය හැකි තරම් බොන ලෙස හාමු පාතා පැවසූ බවත්, දෙසතියක් තිස්සේම ජලය බිව් බවත්, දැන් ඇගේ අපස්මාරය සුව වී ඇතැයි වෛද්‍ය වරු පැවසූ බවත්, පහලොස් අවුරුද්දක් තිස්සේ ඇය එම රෝගයෙන් පෙළුනු බවත් එම සෞදි පුවත්පත කියයි.

    වයඹ දිග සෞදි අරාබියේ හයිල් නගරයේ පදිංචි රාජු නම් මෙම සේවිකාව ෆරීඩා යනුවෙන් නම ද වෙනස් කැර ඇත.
    මෙහෙමයි සහෝ.. සමහරවිට මේක අපේ පිරිත් වතුර වගේ බලගතු දෙයක් වෙන්න පුලුවන්.. ඒත් ඒහෙමයි කියලා ආගම වෙනස් කලානම් ඒක මෝඩකමක්, කොහොමත් උගත් ගෑනු අය මැදපෙරදිග යන්නෙ නෑනේ.:D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14020853 said:
    :D ඔතෙන්ට ඔයාව ආදේශ කරලා බලන්න.
    ඔයාට තිබ්බ මාරාන්තික ලෙඩක් වෙනත් ආගමක කිසියම් දේකින් සුවපත් වුනොත් ඔයාටත් ඒ ආගම ගැන පැහැදීමක් ඇතිවෙයි සමහර විට :)

    හදිස්සියෙවත් ගියා කියමුකෝ...ඔන්න ඊගාවට හැදෙනවා තවත් ලෙඩක් (අපි හිතමු ඒඩ්ස්) ආයෙත් අර ශුද්ධ වු ජලය පානය කරලා හරි ගියේ නැත්තං ඔන්න ඒ ආගම එපා වෙලා ආයෙත් එනවා කලින් එකට....:lol::lol:
    මම කිව්වේ ඒ ආගමේ හරය ගැන අවබෝධ වෙලා නෙවෙයිනේ පැටියෝ ඒ ආගම වැලඳ ගත්තේ...අන්න ඒකයි...කවුරු හරි පිරිත් පන් ටිකක් බීලා ඔකම වුනා කියලා බුද්ධාගම එන එකද හරි...එහෙම නැත්තං බුද්ධ දේශිකය ගැන පැහැදිලාද...අන්න ඒකයි මම කිව්වේ පැටියෝ....:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බොරලුගොඩ මහතා;14020888 said:
    පලවැනියෙන්ම ස්තුතිය් ඔයාට..:cool:
    ඌරු මස් අපේ ආගමෙන් අපිට තහනම් කරපු දෙයක්..නබිතුමා ජීවත් වෙන කාලේ කවුරුවත් නබිතුමාගෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවේ නැ මොකද ඒ කාලේ මිනිස්සු නබිතුමන්ව තරයේ විශ්වාස කරා.. ඒ නිසා නබිතුමා මොනවා කිව්වත් ඒක ඒ විදිහටම පිලිපැද්දා.. නබිතුමා කිව්වොත් එකේ මොනවහරි අර්තයක් තියෙය් කියලත් එගොල්ලො විස්වාස කරා.. දැනුත් අපිත් විස්වාස කරනවා.. ඉස්ලාම් ආගම හැටියට මිනිස්සුන්ගේ සෞඛ්‍යට හානි වෙන කිසිම දෙයක් පරිහරන කරන්න බැ.. ඒ පදනම මත තමය් නබිතුමා ඌරු මස් කනේක තහනම් කරේ.. මොකද ඌරෝ ජරාව පවා කන නිසා.. කොහම නමුත් දැන් නවීන විද්්‍යාවෙන් සොයාගෙන තියෙනවා ඌරන්ගේ ඇගේ තියෙන විසබීජ අපි සාමන්යෙන් අනිත් මස් උයන විදිහට ඉව්වොත් ඒ විස බීජ මැරෙන්නේ නැ කියලා.. ඒ තරම් උෂ්නත්වයක් අපිට සාමන්යෙන් ලබා දෙන්න බැ..

    ඔන්න ඕකයි සහෝ වෙනස ඔයාලගෙ අනුගාමිකයන්ට නායකතුමාගෙන් ප්‍රශ්න කරන්න අයිතියක් තිබුනෙ නෑ. සමහර විට එහෙම අහන්න තරම් ඔවුන්ට දැනුමක් නැතුව ඇති. ඒත් අපේ බුදු හාමුදුරුවො දේශනා කල විදියට අපේ ආගම ගැන ඕන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුලුවන්,

    ඕක තමයි හදවත පදනම් කරගත් භක්තියෙයි,බුද්ධිය පදනම් කරගත් අනුගමනය කිරීමෙයි අතර තියෙන වෙනස.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරලුගොඩ මහතා;14020888 said:
    පලවැනියෙන්ම ස්තුතිය් ඔයාට..:cool:
    ඌරු මස් අපේ ආගමෙන් අපිට තහනම් කරපු දෙයක්..නබිතුමා ජීවත් වෙන කාලේ කවුරුවත් නබිතුමාගෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවේ නැ මොකද ඒ කාලේ මිනිස්සු නබිතුමන්ව තරයේ විශ්වාස කරා.. ඒ නිසා නබිතුමා මොනවා කිව්වත් ඒක ඒ විදිහටම පිලිපැද්දා.. නබිතුමා කිව්වොත් එකේ මොනවහරි අර්තයක් තියෙය් කියලත් එගොල්ලො විස්වාස කරා.. දැනුත් අපිත් විස්වාස කරනවා.. ඉස්ලාම් ආගම හැටියට මිනිස්සුන්ගේ සෞඛ්‍යට හානි වෙන කිසිම දෙයක් පරිහරන කරන්න බැ.. ඒ පදනම මත තමය් නබිතුමා ඌරු මස් කනේක තහනම් කරේ.. මොකද ඌරෝ ජරාව පවා කන නිසා.. කොහම නමුත් දැන් නවීන විද්්‍යාවෙන් සොයාගෙන තියෙනවා ඌරන්ගේ ඇගේ තියෙන විසබීජ අපි සාමන්යෙන් අනිත් මස් උයන විදිහට ඉව්වොත් ඒ විස බීජ මැරෙන්නේ නැ කියලා.. ඒ තරම් උෂ්නත්වයක් අපිට සාමන්යෙන් ලබා දෙන්න බැ..

    :):)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    නැහැ සහෝදරයා මම කිව්වේ ඒක දෙිවයන්ට සම්බන්ධ නැහැ කියලා නෙවෙයි..මම කිව්වේ එකුමන්ගේ දේශනා එක්ක සම්බන්ධ නැහැ කියලා...
    කමක් නැහැ මොනවද මේ සම් සම් වතුර කියන්නේ...?

    ඒක දිග කතාවක් යාලුවා.. ඒත් පුලුවන් තරම් කැටියෙන් කියන්න බලන්නම්.. අපි නබිවරු කියන්නේ දෙවියන්ගේ පණිවුඩ කරුවන්ටටය්.. එකේ අන්තිම තැනත්තා තමය් මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහිවසල්ලම් තුමා.. එයාට කලිං ආපු කෙනෙක් තමය් ඉබ්‍රාහිම් නබි කියන්නේ.. ( ඉංග්‍රිසියෙන් අබ්‍රහාම් කියන්නේ අරයට තමය්)..
    එයාට දවසක් දෙවියන්ගේ අණයක් ලැබුනා දෙවියන් ගෙන මිනිස්සුන්ට කියලා දෙන්න කිසියම් ප්‍රදෙසයට යන්න කියලා.. එය ඒ වෙලාවේ ඉදියේ තමන්ගේ බිරිදය් පොඩි පුත සමග කාන්තාරයක.. බිරිදටත් පුතාටත් කන්නවත් බොන්නවත් කිසිම දෙයක් ලේස්ති කරන්නේ නැතුව එයා ගමන පිටත් උනේ දෙවියෙන් ගැන මෙයා තියපු විස්වාසය නිසය්.. කොහම නමුත් කාලය යනකොට මෙයගේ බඩගින්නේ අඩන්න පටන්ගත්තා.. ඒ ප්‍රදේසයට කියන්නේ ''සෆා මර්වා කදු දෙක මැද''.. ඉබ්‍රහිම් නබිගේ පුතා බඩගින්න අඩනකොට එයාගේ බිරිද මේ කදු දෙකට නැගලා කවුරුහරු උදව්වට ඉන්නවද කියල බලන්න මේ කදු දෙක අතරේ දුවනකොට මෙයා දකිනවා මෙයාගේ බබා බඩගින්නේ කකුල ගහපු තැන ඉදලා වතුර එනේක.. ඒ වෙලාවේ මෙයා වතුර ගලාගෙන එනනිසා ''සම් සම්'' ''නවතිනු නවතිනු'' කියලා කියනවා...
    පසු කාලේක මේ ඉබ්‍රාහිම් කියන නබිතුමය් එයාගේ පුතා ඉස්මයිල් කියන මෙයය් එකතුවෙලා තමය් අපෙ මක්කම හදන්නේ.. දැනුත් මිනිස්සු සවුදියට වන්දනා ගමන් යන්නේ මේගොල්ලන්ගේ කැපකිරිම් සිහිකරන්නය්..:yes:
     
    Jul 10, 2011
    5,011
    473
    0

    ඔන්න ඕකයි සහෝ වෙනස ඔයාලගෙ අනුගාමිකයන්ට නායකතුමාගෙන් ප්‍රශ්න කරන්න අයිතියක් තිබුනෙ නෑ. සමහර විට එහෙම අහන්න තරම් ඔවුන්ට දැනුමක් නැතුව ඇති. ඒත් අපේ බුදු හාමුදුරුවො දේශනා කල විදියට අපේ ආගම ගැන ඕන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුලුවන්,

    ඕක තමයි හදවත පදනම් කරගත් භක්තියෙයි,බුද්ධිය පදනම් කරගත් අනුගමනය කිරීමෙයි අතර තියෙන වෙනස.

    අය්තියක් නැති කතාවක් නෙමෙය් මැට්ටෝ.. නබිතුමාගෙන මිනිස්සු ඒ තරම් විස්වාස කරා.. මොකද නබිතුමාට සමහර විශිෂ්ට හැකියාවල් තිබ්බා.. සාමනයෙන් හැම නබි කෙනෙකුටම තියනවට වඩා..:sorry::sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඔන්න ඕකයි සහෝ වෙනස ඔයාලගෙ අනුගාමිකයන්ට නායකතුමාගෙන් ප්‍රශ්න කරන්න අයිතියක් තිබුනෙ නෑ. සමහර විට එහෙම අහන්න තරම් ඔවුන්ට දැනුමක් නැතුව ඇති. ඒත් අපේ බුදු හාමුදුරුවො දේශනා කල විදියට අපේ ආගම ගැන ඕන කෙනෙකුට ප්‍රශ්න කරන්න පුලුවන්,

    ඕක තමයි හදවත පදනම් කරගත් භක්තියෙයි,බුද්ධිය පදනම් කරගත් අනුගමනය කිරීමෙයි අතර තියෙන වෙනස.

    කාලාම සුත්‍රයේදී...

    යමක් ඇසු පමණින්...
    පරම්පරාවෙන් ආ පලියට...
    මෙය මෙසේ යැයි කී පමණින්...
    පොත පතෙහි මෙසේ යැයි සඳහන් වු පරිද්දෙන්...
    තර්කයට ගැලපෙන පමණන්...
    න්‍යායට ගැලපෙන පමණන්...
    පිටින් හරි යැයි පෙනෙන පරිද්දෙන්...
    මගේ දෘශ්ඨියට ගොචර වු නිසා..
    ආධිපතයට අනුකූල වු නිසා..
    මා ගරු කරන කෙනෙක් නී පලියට..
    යමක් පිලි ගන්න එපා...ඔනේ දෙයන් තමන්ගේ විචාර බුද්ධියෙන් විමසා බලා පිළිගන්න.....