ethakota niyama hadith saha corrupted hadiths wala wnasa hoyanne kohomada?
තරමක් ගැඹුරින් explain කරන්න ඕනෑ දේවල්, මොකද කෙටියෙන් කුරානය හා හදිත් කියන්නේ ඉස්ලාමිය සමාජයක මුලික අඩිතාලම්. කුරානය prophet mohamed ට දෙවියන් විසින් ලබාදුන් දේව වාක්‍ය. මීට කලින් Moses, Jesus වගේ නබි වරුන්ට (messengers) මේ වගේම දේව වාක්‍ය ලැබිල තියෙනවා. Muslim ලට අනුව Mohammed තුමා තමා අන්තිම prophet. කුරානය සූරා (sura - chapters) 114 කින් සමන්විතයි. මෙහි සමහර ඉස්ලාමයට පෙර සමාජයන් ගැන සඳහන් වෙනවා, සමහර ඉස්ලාමයේ මුලික සිද්දාන්ත, සමාජ හා පෞද්ගලික වගකීම්, යුතුකම් ගැන නීති ගැන සඳහන් වෙනවා, හරියට theory book එකක් වගේ. ඇත්තටම සමාජයට theory විතරක් හරියන්නේ නැහැ, මිනිසුන්ට යම් දෙයක් හරියන්නේ එය practical ව කරන්න පුළුවන් නම් පමණයි. එක තම නබි වරයෙකුගේ චරියතයෙන් වෙන්නේ. එයා හැම සාමන්‍ය මිනිහෙක් වගේම day-to-day සමාජයේ දේවල් වල යෙදිලා පෞද්ගලිකව හා සමාජයක් වශයෙන් theory eka apply කරන්නේ කියල අනිත් අයට, කියල, පෙන්නල, උපදෙස් දීල තියෙනවා. Prophet ගේ එම ක්‍රියාවන්, ක්රමයන්, උපදෙස් ඔහුගේ මුස්ලිම් සගයන් විසින් ලියා කල එකතුව තමා හදිත් (Hadith) කියන්නේ.
මේ මුලික මුලාශ්‍ර 2න් තම ඉස්ලමයේ සම්පුරන් life system එක ගොඩ නැගෙන්නේ. සමහර නීති, වගකීම්, යුතුකම් ඉතා පැහැදිලිව තිබෙන අතර අනෙක් ඒවා අදහස් ගැනීම සඳහා, කාලයට, තැනට, අනුව මෙම මුලාශ්‍ර ඉතා හොඳින් ඉගෙන ගත් අයට decide කරන්න පුළුවන් විදිහට හැඩ ගැන්ව තිබෙනවා. ඔය Sharia කියල law වගේ පෙන්නන්න හදන system එක ගොඩ නැගෙන්නේ මෙම කුරානය, හදිත් මුලිකව වර්තමාන කාලයට, සමාජ විධි වලට අනුව නැගණ ප්‍රශ්න අනුව ඒ subject එකෙන් හදිත්/කුරානය උගත් (මොවුන් නිකන් tv වල පෙන්නන ගොඩක් ලේබ්බෙල, මුල්ලලා නෙවෙයි) පුද්ගල්යින්ග්ගේ අදහස් එකතු වීමෙනුයි.
හදිත් වල subjects (personel, family, civil, political, law, medical) වගේ ගොඩක් වර්ග තිබෙන අතර, හදිත් report කරන්නා අනුව (මෙම අයගේ biography ඉගෙන ගන්න එක මෙහි අංගයක්) හදිත් වර්ගීකරණය වගේ දේවල් මෙම field එකේ උගත් අය වර්තමාන ප්‍රශ්න වලට දෙන විසඳුම් වලට බලපානවා, මේවා තමා fatwa ලෙස හඳුන් වන්නේ.
ඉහත විග්‍රහයෙන් හදිත් කියන්නේ මොකක්ද කියල පැහැදිලියි වෙයි කියල හිතනවා.
So prophet ගෙන් පස්සේ ආපු scholars මේ එකතු කරපු hadith තමාගේ කාලයේ ප්‍රශ්න වලට සමාජයට විසඳුම් දෙන්න, වර්ගීකරණය කරලා, ඒවා කුරානයේ එන මුලික සිද්දාන්ත සමග සසඳලා ඉගෙන ගන්න වගේම, එම කාලය, ප්‍රශ්න පිලිබඳ ඒගොල්ලන්ගේ මත ලියල තියන්න පටන් ගත්ත. මෙහිදී prophet එක්කම හිටිය සමහර අය අහු විසින් කව්වා කියල බොරු ගෙතු නිසා (පෞද්ගලික තරහ, ආර්ථික වගේ නොයෙක් හේතු මත) මෙම හදිත් report කරන්නාගේ චරිතයත් අධ්‍යයනය කරන්න සිදු වුණා. මෙය prophet ගෙන් පසු සාම කාලකදීම ආපු scholars අතින් සිදු වීමෙන්, හදිත් හැදෑරීම වෙනම විෂයක් බවට පත් වී තිබෙනවා. මෙහි report කරන්නා අනුව, එයට තව අය දෙන තහවුරු කිරීම් අනුව (වැඩි පිරිසක් report කිරීම), එය කුරානයේ මුලික සිද්දාන්ත වලට පටහැනි වීම නොවීම අනුව, පසු කාලීන scholars ලගේ අදහස් අනුව strong හෝ weak සහ සමහර ඒවා සම්පුර්ණයෙන් තමන්ගේ වාසියට සමහරු ගොතපු ඒවා කියල හඳුනාගෙන තිබේ.
වැඩි විස්තර ඕනේ නම් මේකේ තියෙනවා http://en.wikipedia.org/wiki/Hadith_studies





