අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කරපු දේවල් වලට අනුව, අඩු හෝ වැඩි නැතිව ඉබේම විපාක ලැබෙනවා කියන එකේ කිසිම illogical බවක් ඔයාට පෙන්නේ නැහැ, එක කොහොමද වෙන්නේ කියන ප්‍රශ්නේ ඔය කාගෙන්වත් අහලත් නැහැ. ඔයා එක ඇත විඳලත් නැහැ, එත් ඔයාට එක 100% sure. එත් අනිත් ආගම් වල illogical බව ගැන විතරක් ඔයාට පේනවා, ප්‍රශ්න එනවා. මේකද ඔය කියන්නේ අනිත් ආගම් වල පිළිතුරු නැහැ කියල? ඔයා ඇත්තටම විපාක කිසිම දෙයකින් තොරව ඉබේ වෙනවා කියල විශ්වාස කරනව. මේ නිසා තම ඔයාගේ ප්‍රශ්න වලට මගේ උත්තර ගැලපෙන්නේ නැත්තේ.
    පළමුවෙන්ම ගැලපෙන්න හෝ නොගැලපෙන්න ඔබ මට පිළිතුරු දීල නැහැ.

    අනිත් ආගම් වල illogical බව ගැන විතරක් ඔයාට පේනවා, ප්‍රශ්න එනවා.
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ මොකක්ද කියලවත් ඔබ කියවලා නැහැනේ. අනිත් ආගම් ගැන වැරදි වැටහීම් ඇති කර ගන්නේ නැතිව ඒ අය‍ගෙන්ම ප්‍රශ්න අහලා දැන ගන්න තමයි මේ thred එක පටන් ගැනීමේ අරමුණ.

    අඩු හෝ වැඩි නැතිව ඉබේම විපාක ලැබෙනවා
    ඔබ ඔය ඉරක් ගහල පෙන්නලා තියන දේ සම්පුර්ණයෙන් වැරදියි.

    අඩු හෝ වැඩි නැතිව- කර්මයේ ප්‍රමාණය තීරණය කරන්නේ තමුන්මයි. උදාහරණයක් කියන්නම් ඔබ කාට හරි දානයක් දෙනවා ඔබම හිතලා, සතුටු සිතින්. අයෙමත් ඔබ දානයක් දෙනවා වෙන කවුරු හරි කියූ පලියට. තවත් දානයක් දෙනවා ඔබම එත් ලෝභයෙන් දෙන්නේ. ඔය අවස්ථා තුනේම පිනක් තියනවා. එහි ප්‍රමාණය තීරණය කලේ ඔබමයි.
    ඉබේම විපාක ලැබෙනවා- බුදු දහමේ කිසි දෙයක් ඉබේ වෙන්නේ නැහැ. හේතුපල දහම අනුවයි සියල්ල සිදු වන්නේ. එක්කෝ පෙර කර්මයක් කල නිසා විපාක දෙනවා. නැතිනම් අනිත් නියාම ධර්ම 4න් එකක් බලපානවා.
     
    • Like
    Reactions: laknath123

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14021279 said:
    අතීතෙ යමා මහ පෙළහර දැකලා බුදු සරණ ගියුපු අන්‍යාගමිකයොත් හිටියලු නේද අයියා. ;)
    ඒ අයත් මෝඩයෝ වෙන්න ඇති. :(
    අපෝ එහෙම දෙයක් නෑ බන්. අනික ඔය සරණ යනවා කියන එකේ තේරුම අනුගමනය කරනවා කියන එක මිසක් සිවුරු දාගෙන මහණ වෙන එකට නෙමෙයි. තමන්ගෙ වාසියට ආගම මාරු කරන එකෙයි කෙනෙක්ගෙ හැකියාවන් දැකලා එයාව විශ්වාස කරනවා කියන එක සමානයි වගේ පෙනුනට ලොකු වෙනසක් තියෙනවා.තමන්ගෙ වාසියට ආගම මාරු කරන එකෙයි කෙනෙක්ගෙ හැකියාවන් දැකලා එයාව විශ්වාස කරනවා කියන එක සමානයි වගේ පෙනුනට ලොකු වෙනසක් තියෙනවා.

    පැටියා;14021551 said:
    :D බොහොම හොඳියි.
    ජේසුස් වහන්සේගෙ ජීවිත කතාවෙ වසර 10ක හිදැසක් තියනවා කියලා අහලා තියනවා.
    ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    උත්තර දැනගෙන ප්‍රශ්න අහන්න එපා බන්
    :lol:
    පැටියා;14021648 said:
    :D සරණ ගියා කියන එක පොඩ්ඩක් විග්‍රහ කරන්න පුලුවන්ද අයියා.
    ශාක්‍යයන්ගේ මානය බිදීම කියන දෙයින් මොකක්ද බුදු හාමුදුරුවෝ බලාපොරොත්තු වුනේ?
    ඒ අය බුදුන් ඉස්සරහා වැඳ නමස්කාර කරන එක විතරද?

    වඳින්න කියලවත් බුදුහාමුදුරුවො කාටවත් කියලා නෑ. මට මතකයි. ඔය සූත්‍රයක තියෙන සිද්දියක්. එක දවසක් සින්දු කියන මනුස්සයෙක් ඇවිල්ලා බුදු හාමුදුරුවො ඉස්සරහ එයාගෙ සිතාරයත් තියාගෙන සින්දුවක් කියන්න අරගෙන, ඒකෙ පදවල හැටියට තියෙන්නෙ බුදුන්වහන්සේ තමන්ගෙ බිරිඳට සමාන කරලා විස්තර කරපු සින්දුවක්, සින්දුව කියලා ගායකයා එයාගෙ සින්දුව ලස්සනද කියලා බුදු හාමුදුරුවොන්ගෙ ඇහුවා,, ඊටපස්සෙ උන්වහන්සෙ ඔව් ඒක ලස්සන තනුවක් කිව්වා, එතකොට මගෙ පද?? කියලා ගායකයා ඇහුව, බුදුන්වහන්සේ තමන්ට ඒ පද ඇහුනේ නේ කියලා කිව්වා.. අන්න එහෙමයි වැඩ.

    පැටියා;14021861 said:
    :D නිවන කරා යන මාර්ගය බුදුන් දෙසපු මාරගයම කියලා ඔයාට විශ්වාසයක් ඇතිවුනේ කොහොමද?

    ඔයා කිවුවා ඔයා ඉල්ලපු දේවල් දෙවියො දුන්නෙ නෑ කියලා.
    ඒ නිසා ඔයා දෙවියන්ව ප්‍රතික්ෂේප කලා.

    ඉතිං ඔයා මාර්ගපලයක් වත් අවබෝධ කරගන්නෙ නැතුව කොහොමද කියන්නෙ බුදු හාමුදුරුවෝ දේශනා කරපු නිවනට යන මාර්ගය සත්‍යයි කියලා? :eek:

    විද්‍යාව අදහන ගමන් ඒක ඔලුවෙ තියාගෙන ගොන් තර්ක ගේන්න එපා බන්.උඹ ඔය කියන විද්‍යාවෙ තියෙන බොරු මම උඹට ඕනනම් පොතක් ලියලා දෙන්නම්. උඹත් අර පාට පේන්නෙනැති බල්ලෙක් වගේ බන්.. කොච්චර මේක මේ පාටයි කිව්වත් නෑ කියලමයි කියන්නෙ.කොහොමටත් උඹ සීමාව ඉක්මවලා ගිහින් ආගම සැකරනවා, ඒක හොඳ දෙයක් නෙමෙයි. ආගම්වල තියෙන දේවල් සැකකරන්න කලින් කවුරුවත් කියලා දෙනකම් බලාගෙන ඉන්නෙ නැතුව ආගම ගැන ඉගෙනගනින්.

    AIDS කියන රෝගය සුව කරන්න පුලුවන්ද? කියන ප්‍රශ්නයටත් තාම පිළිතුරු නැහැ. ඒ නිසා ඔයා mediacal science බොරු කියල කියනවද?:confused:

    ඇහ් ඔයත් විද්‍යාව අදහනවද.විද්‍යාවෙන්ම උත්තර දෙන්නම්. විද්‍යාවෙන් ඒඩ්ස් හොයාගත්තෙ 80 දශකයේ, හොඳේ. ඊටකලින් මේ ලෙඩේ තිබුනා කියල විද්‍යාව කියන පොත් ගොඩේ ලියලා නැති නිසා එහෙම ලෙඩක් තිබ්බෙ නෑ.ඔයාට උත්තර ලැබුනා කියලා මම හිතනවා

    හොද පිළිතුරක් සොයාගෙන එයි කියල බලාපොරොත්තු වෙනවා. තව ප්‍රශ්න තියනවා නම් මෙතන දාන්න. හෙට හමුවෙමු..:cool:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;14021648 said:
    :D සරණ ගියා කියන එක පොඩ්ඩක් විග්‍රහ කරන්න පුලුවන්ද අයියා.
    ශාක්‍යයන්ගේ මානය බිදීම කියන දෙයින් මොකක්ද බුදු හාමුදුරුවෝ බලාපොරොත්තු වුනේ?
    ඒ අය බුදුන් ඉස්සරහා වැඳ නමස්කාර කරන එක විතරද?

    සරණ ගියා කියන එක පොඩ්ඩක් විග්‍රහ කරන්න පුලුවන්ද අයියා.

    මල්ලී සරණ යෑම කියන්නේ ඉතාම කෙටියෙන් මම කියන්නම් ..ඒ තුල “දැන ගැනීම” සහ “අවබෝධය” කියන අර්ථයන්ගැබ් වෙලා තියෙනවා...ඒ කියන්නේ, සරණ යෑම කියන්නේ අවබෝධයෙන් කරන කටයුත්තක් වෙනවා... බාහිර බලවේගයක් මත යැපෙන, සිතීමෙන් තොර විශ්වාසය හා අන්ධ භක්තිය මෙහිදී ප්‍රතික්ෂේප වෙනවා....එතකොට ප්‍රාතිහාර්ය දැකලා සරණ යන්නට විදියක් නැහැ නේද...එහෙම කෙනෙක් ඒ ප්‍රාතිහාර්ය පස්සෙන් යනවා නම් එක් සරණ යෑම්කුත් නෙවෙයි....උදාහරණය්ක විදියට යම් කෙනෙක් බුදුන්ගේ රූපයට වශි වෙලා මහන වෙනවා නම් හරි බුද්ධාගමට එනවා නම් හරි ඒක සරණ යෑමක් නෙවෙයි...ඒ වගේම බුදුන් යමා මහා පෙළහර පානවා දැකලා මහන වෙනවා නම් හරි බුද්ධාගමට එනවා නම් හරි ඒකත් සරණ යෑමක් නෙවෙයි..තේරුණාද ඔයාට.....

    ශාක්‍යයන්ගේ මානය බිදීම කියන දෙයින් මොකක්ද බුදු හාමුදුරුවෝ බලාපොරොත්තු වුනේ?
    ඒ අය බුදුන් ඉස්සරහා වැඳ නමස්කාර කරන එක විතරද?

    ඉතාම කෙටියෙන් මම කතාවත් කියන්නම් ...සුද්ධෝදන රජුගේ ආරාධනාවෙන් බුදුන් වහන්සේ කිඹුල්වත් පුරයට එහෙමත් නැත්නම් කපිලවස්තුවට වැඩියානේ...ශාක්‍ය කියන්නේ බොහොම ආඩම්බරකාරයෝ නිසා වැඩිමහල් ශාක්‍යයෝ හිතුවා සිද්ධාර්ථ දැන් බුදුවෙලා කියලා කිව්වාට /සිවුරක් දා ගත්ත පලියට අපිට වඩා බාල එයාට ඇයි වඳින්නේ කියලා. ..ඒත් ප්‍රසිද්ධියේ බුදු හාමුදුරුවන්ට වඳින්නේ නැතුව හිටියොත් හරිත් නැතිවෙන නිසා එයාලා ඒකටත් උපායක් යෙදුවා.

    උපාය තමා එයාලා ලාබාල ශාක්‍යයන්ට කිව්වා බුදු හාමුදුරුවන්ට වැඳලා එතැනම වාඩිවෙන්න පිටිපස්සට ආපහු එන්න එපා කියලා. එතකොට වඳින්න එන්න ඉඩකඩ නැති නිසා නොවැඳ ඉන්න පුලුවන්නේ. බුදු හාමුදුරුවොත් මේ ශාක්‍යයන්ගේ මාන්නාධික බව තේරුම් අරගෙන ශාක්‍යයන්ගේ මානය බිඳින්න යමා මහ පෙළහර පෑවා....
    ඔයාගේ ප්‍රශ්නේ....ඒ අය බුදුන් ඉස්සරහා වැඳ නමස්කාර කරන එක විතරද?
    නැහැ මෙන්න මේකයි ඔකේ පසුබිම....ශාක්‍ය වංශිකයෝ කියන්නේ බුදුන්ගේ ලේ ඥාතීන් . (ගිහි කල) සුද්ධෝදන රජතුමාගේ ආරාධනය පරිදි, සුද්ධෝදන රජතුමාගේ මාළිගයට වැඩියත් ඔවුන් බුදු කෙනකුට දෙන්න ඔනේ ගෞරවය දුන්නේ නැහැ...ගරු කරනවා කියන්නේ වඳින එකම කියන එක මම අදහස් කරන්නේ නැහැ...
    *ඉතිං බුදුන්ට සමීප මේ පිරිස බුදුන්ව ගණන් නොගැනීම අනාගත ධර්ම ප්‍රචාරයට කොච්චර බාධාවක්ද..?
    *මේ රටවල් තුල බුද්ධ දර්ශනය ප්‍රචාරයට මේ පිරිස අනුග්‍රහය දේවිද....
    *ඉතිං මේ වැඩිහිටි ශාක්‍යයෝ පිරිසව අනාගත පරම්පරාව අනුගමනය නොකරාවිද....
    *මෙය දිගින් දිගටම පැවතුනහොත් මේ පිරිස අතරින් නිවන් අවබෝධය ලැබීමට පින් ඇති කී දෙනකුට මේ අවස්ථාව මග හැරේවිද....
    *මේ සිද්ධි දාමය අන්‍යාගමිකයින්ගේ හාස්‍යබර විවේනයට (තමන්ගේ එවුන්වත් පිලි ගන්නේ නැති ආගම අනිත් එවුන්ට පිළි ගන්නන්න හදනවා කියලා වගේ)ලක් වුනොත් සමස්ථ බුද්ධ ප්‍රචාරයට එය කොච්චර බලපාවිද...‍
    මේ ඔක්කොම නිකම්ම නිකං මානයක් හන්ද බාධාවක් වුනොත් සාරාසංඛ්‍ය කල්පා ලක්ෂයක් තිස්සේ ගත් උත්සහයට මොකක්ද වෙන්නේ සහෝ....ඉතිං එතුමා කරන්න ඔනේ හොඳම‍ දේ කරා...අනික දිලිසෙන ඉර වළාකුලකින් වැහුනාම එකේ එළිය දෙන්නේ නැහැ නේද...ඒ වගේම තමයි මෝහයෙන් වැහුනු මනසට,දෙයක් කොච්චර හොඳන් කිව්වත් ඒක තේරුම් ගන්න බැහැ...ඉතිං මෝහය ඉවත් කරපු ‍මනසකට ධර්මයදෙන්න ඔනි..අන්න ඒකයි යමා මහා පෙළහර පෑවේ.....
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    පළමුවෙන්ම ගැලපෙන්න හෝ නොගැලපෙන්න ඔබ මට පිළිතුරු දීල නැහැ.
    පිළිතුරු ලබාගැනීම නෙවෙයි මෙතනින් සිදුවිය යුත්තේ යම් තීරණයක පසුබිම දැනගැනීමයි, එවිටයි වැටහීම් ඇති වන්නේ. මම පැහැදිලි කලේ ඔයා හරි කියලා හිතන දේවල් උනොත් පමණක් දෙවියෙක් ඉන්නවා කියල කියන එක කොහොමද සාධාරණය වෙන්නේ කියල? එහෙම ඔය එක සාධාරණයි කියල කියනවනම් ඔව් මම ඔයාගේ ප්‍රශ්න වලට පිළිතුරු දීල නැහැ, මම පිළිගන්නම්.

    අනිත් ආගම් වල illogical බව ගැන විතරක් ඔයාට පේනවා, ප්‍රශ්න එනවා.
    මේ ත්‍රෙඩ් එකේ අරමුණ මොකක්ද කියලවත් ඔබ කියවලා නැහැනේ. අනිත් ආගම් ගැන වැරදි වැටහීම් ඇති කර ගන්නේ නැතිව ඒ අය‍ගෙන්ම ප්‍රශ්න අහලා දැන ගන්න තමයි මේ thred එක පටන් ගැනීමේ අරමුණ.

    මම ඔයාගේ විශ්වාසයේ තේරුනේ නැති දෙයක් අහුමොත් thread එකේ අරමුණට එක පටහැනි වෙන්නේ කොහොමද? මට (හා මෙය කියවන අනිත් අයට) වැටහීමක් එන්නේ ඔයා එක තේරුම් කලොත් විතරයි. අනික ඔයා බුද්දාගමේ ප්‍රශ්ණ අහන්න කියපු නිසා තමා මම ඇහුවේ.
    අඩු හෝ වැඩි නැතිව ඉබේම විපාක ලැබෙනවා[/U]
    ඔබ ඔය ඉරක් ගහල පෙන්නලා තියන දේ සම්පුර්ණයෙන් වැරදියි.

    බුදු දහමේ කිසි දෙයක් ඉබේ වෙන්නේ නැහැ. හේතුපල දහම අනුවයි සියල්ල සිදු වන්නේ. එක්කෝ පෙර කර්මයක් කල නිසා විපාක දෙනවා. නැතිනම් අනිත් නියාම ධර්ම 4න් එකක් බලපානවා.

    හරි එහෙනම් හේතු පල ධර්මයට අනුව ඔයා දැන් ලබා තිබෙන මනුෂ්‍ය ආත්මයට හරියටම හේතුව මට කියන්න පුලුවන්ද? එහෙම නැත්තම් කුමන න්යාම දහර්මයද ඔයාට වෙන දෙයක් නොවී ඔයා මනුස්සයෙක් වෙන්න ඕනෑ කියල තීරණය කලේ?
     
    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    පැටියා;14021922 said:
    :lol: අන්ධ විශ්වාසයක්?
    අහස කලු වුනාට තව ටිකකින් වහින්නත් පුලුවන් ඒ වගේම ඒ වැහි වළාකුලු හුළඟට ගහගෙන ගිහිං ආයෙත් ඉර පායන්නත් පුලුවන්.

    විස්වාසයක් කියන එක ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බන් , එකනේ එකට විස්වාසයක් කියන්නේ මොන ආගමික විස්වාසයක් ගැන කතා කරත් ඔය ගේම් එකේ හිරවෙනවා .
    බුදු දහමේ විස්වාසය ගැන මට මෙහෙම අදහසක් තියනවා මචන් , ජිවය මිනිස්සු කියන්නේ කොහොම කිව්වත් සොබා දහමේ කොටසක් හිතල බලපන් , අපි ව ජිවය කියන දේ හැදිලා තියෙන්නේ තියන පාරසරික සාදක වලට සංවේදීව ඒ පාරසරික සාදක මතම පැවතෙමින් , විශ්වයේ වෙන තවත් ප්‍රතික්රියවාක ප්‍රතිපලයක් විදිහට ජිවය කියන දේ බිහි වෙනවා , මම අහල තියනවා සයන්ටිස් ල කියනවා අපිව හැදිලා තියෙන්නේ තරු දුහුවිලි වලින්ලු

    377258_10152078310145942_1785392509_n.jpg

    මම මේක කිව්වේ අපි විශ්වයේ එක ශක්තියක් ප්‍රතික්‍රිය කරන තවත් විදිහක් විතරයි කියන්න , ඒ කියන්නේ අපි සොබා දහමේ කොටසක් .
    මේ සියලු දේ බිහිවෙන්නේ එක එක පරමාණු එක එක විදිහට ආකර්ෂණය වීමෙන් හැදෙන ප්‍රතික්‍රියාවක ප්‍රතිපලයක් හැටියට , උදාහරණයක් විදිහට වතුර ගමු , වතුර කියන්නේ h2o කියන එක හයිඩ්‍රජන් අනු සහ ඔක්සිජන් අනු එකට ආකර්ෂණය වීම නිසා තමයි වතුර බින්දුවක් බිහිවෙන්නේ , එහෙම බිහිවෙන වතුර බින්දුව එකම ජිවන රටවක පවතිනවා , උල්පත් වලින් එලියට එනවා , දිය පාරක් වෙනවා , ගගක් වෙලා ගලාගෙන යනවා , මුහුදක් වෙනවා , වාෂ්ප වෙලා අපහු උඩට යනවා ,වැස්සක් විදිහට අපහු බිමට වැටෙනවා , එකම දේ සිද්ද වෙමින් එහිම පවතිනවා ,මේ ඔක්සිජන් අනු වලටයි හයිඩ්‍රජන් අනු වලටයි ඔය ක්‍රියාවලිය ඇතුලේ කැරකි කැරකි ඉන්න සිද්ද වෙන්නේ ඒ දෙක ආකර්ෂණය වීමේ හේතුව නිසා , එහෙම ආකර්ෂණය උනේ නැත්තම් එක තවත් වතුර බින්දුවක් නෙවෙයි

    karma%2BFacebook.jpg

    බුදු හාමුදුරුවෝ කියනවා අපිත් එහෙමලු අපි ආකර්ෂණය වෙන හේතුන්ට ඇලුනොත් එකම සිද්දියක කැරකි කැරකි ඉන්න වෙයිලු ,සොබා දහම හැම දෙයකටම ප්‍රතික්‍රිය දක්වන්නේ මේ වගේලු, නිවන කියන්නේ ඇලීම් වලින් තොර වීම කියන එකලු ,

    මේක ඔප්පු කරන්න බැහැ , මේක විස්වාසයක් හරියටම කියන්න මට තේරෙන්නේ නැහැ හැබැයි සමහර ඒවගේ දෙයක් වෙන්න ඇති වෙන්නේ අපිට ,

    අගම විදිහට විස්වාස කරගෙන ඉන්න එක වැරදි හෝ වෙනස් උනාට විශ්වීය ශක්තින් ප්‍රතික්‍රිය කරන විදිහ වෙනස් වෙන්න වෙන්න බහ

    හැබැයි ඔය හැම ආගමකම කියන දේ නම් හොද මිනිහෙක් වෙයන් කියන එක , එහෙම උනොත් සමහර විට හොද දෙයක් වෙයි එක නිසා

    063-Im-on-my-way.jpg
     
    Last edited:

    වැදගත් සහෝ....කොහොමත් විද්‍යාව කියන්නේ අද අදට සාපේක්ෂව ඊයේ ප්‍රාථමිකයි....ඒ හන්දා මේව්වා තහවුරු කරන්න අද විද්‍යාවට බැහැ..ඒත් හෙට සමහර විට පුලුවන්වේවි...අර ඇස්ට්‍රල් බොඩි කියන සංකල්පය පවා තාමත් තියෙන්නේ ප්‍රාථමික මට්මටම් පර්යේෂණයකනේ...මේ වගේ දේවල් කොච්චර නම් තාම විද්‍යාවට හිතා ගන්නවත් බැරි වෙලා තියෙනවද..?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැදගත් සහෝ....කොහොමත් විද්‍යාව කියන්නේ අද අදට සාපේක්ෂව ඊයේ ප්‍රාථමිකයි....ඒ හන්දා මේව්වා තහවුරු කරන්න අද විද්‍යාවට බැහැ..ඒත් හෙට සමහර විට පුලුවන්වේවි...අර ඇස්ට්‍රල් බොඩි කියන සංකල්පය පවා තාමත් තියෙන්නේ ප්‍රාථමික මට්මටම් පර්යේෂණයකනේ...මේ වගේ දේවල් කොච්චර නම් තාම විද්‍යාවට හිතා ගන්නවත් බැරි වෙලා තියෙනවද..?
    එහෙම තැන්නම් ඕන තරම් තියෙනවා
    :yes:
    කෝ මේ පැටියා :eek:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හරි එහෙනම් හේතු පල ධර්මයට අනුව ඔයා දැන් ලබා තිබෙන මනුෂ්‍ය ආත්මයට හරියටම හේතුව මට කියන්න පුලුවන්ද? එහෙම නැත්තම් කුමන න්යාම දහර්මයද ඔයාට වෙන දෙයක් නොවී ඔයා මනුස්සයෙක් වෙන්න ඕනෑ කියල තීරණය කලේ?
    පුළුවන්. කර්ම නියාමයට අනුව මම මනුෂ්‍යයෙක් උනා. එය මිය යන මොහොතේ ඇති වන චුති සිත අනුව තීරණය වෙනවා. ඔබ මෙලොවදී කුසල් වැඩියෙන් කිරීම හෝ අකුසල් වැඩියෙන් කිරීම චුති සිත සුභ හෝ අසුභ එකක් වීමට ආසන්න වශයෙන් බලපානවා.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කව්ද අඳුරේ? :confused:

    මොන ආගමේ හිටියත් මොන දෟෂ්ඨිය තිබ්බත් මොන දර්ශනය අනුගමනය කරත් ඊට විරුද්ධව කටයුතු කරන්නන් හැමදාම අඳුරේය.....:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බයෝලොජික්ස් නම් අහන්නේ පැටියගේ ජාතියේ ප්‍රශ්න...:lol:
    ෂුවර් එකටම ඌ නෙමෙයි... මට නම් සැක හිතෙන්නෙම ටොපා තමයි.. මොකද එයත් විකීපීඩියා එකේ සෝස් තමා හැම එකටම දික් කරන්නෙ?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ෂුවර් එකටම ඌ නෙමෙයි... මට නම් සැක හිතෙන්නෙම ටොපා තමයි.. මොකද එයත් විකීපීඩියා එකේ සෝස් තමා හැම එකටම දික් කරන්නෙ?

    නෑ මං කිව්වේ උ‍ගේ අඩුව පිරිමහනවා....:lol:
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    බයෝලොජික්ස් නම් අහන්නේ පැටියගේ ජාතියේ ප්‍රශ්න...:lol:

    ෂුවර් එකටම ඌ නෙමෙයි... මට නම් සැක හිතෙන්නෙම ටොපා තමයි.. මොකද එයත් විකීපීඩියා එකේ සෝස් තමා හැම එකටම දික් කරන්නෙ?

    කෝ එයත් නෑ නේ, කියන්න දෙයක් නැතුවවත්ද?;)

    :) මගේ timezone එක වෙනස්, ඒ නිසා තමා මම ලංකාවේ time එකෙන් ලේට් වෙලා එන්නේ..කොහොමද කට්ටිය?
     
    Last edited:

    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    පුළුවන්. කර්ම නියාමයට අනුව මම මනුෂ්‍යයෙක් උනා. එය මිය යන මොහොතේ ඇති වන චුති සිත අනුව තීරණය වෙනවා. ඔබ මෙලොවදී කුසල් වැඩියෙන් කිරීම හෝ අකුසල් වැඩියෙන් කිරීම චුති සිත සුභ හෝ අසුභ එකක් වීමට ආසන්න වශයෙන් බලපානවා.

    Ela,Thanks for the explaination..