අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

Biologics

Member
Dec 8, 2012
130
15
0
මොනව වගේද?

ලෝකය හොඳ තැනක් කරනවානම් එකට අපේ උත්සාහය අවශ්‍යයි. එලියට එන්න පුළුවන්, එලියට එන්න ඕනෑ අයට විතරයි, අඳුර වෙනුවෙන් අනිත් අයට දොස් නගන අයට නෙවෙයි. සමාජයක් වශයෙන් එලියට එන්න ඉස්සර තමන් individually try කල යුතුයි.
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Ela,Thanks for the explaination..

    සහෝදරයා කර්මය කියන්නේ දකින්න පුලුවන් දෙයක්වත අල්ලන්න පුලුවන් දෙයකවත් නෙවෙයි...ඒක ශක්ති විශේෂයක්...විශ්වය පුරා පැතිරුණු ප්‍රබල ශක්ති විශේෂයක්....ඒත් මිනිසා තුල බලපැවැත්වෙන එකම දේ කර්මය නෙවෙයි...තව නියාම ධර්ම 4ක් බලපානවා. ඒ ගැන විස්තර බින්ගෝ සහෝදරයා කියලා තියෙනවා නේද...

    බුද්ධ දර්ශනය අනුව මේ ලෝකේ කවුරුවත් මැවු දෙයක් නෙවෙයි...බුදුන් වහන්සේ නිර්මාණවාදය සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා...කිසිම තැනක මේ විශ්වයේ නිර්මාණය ගැන එතුමා කියලා නැහැ.ඒත් මිනිසාගේ පරිනාමය පිළිබඳව ඒක්තරා සුත්‍රයක (අග්ගඤ්ඤ සූත්‍රය) දේශනා කරලා තියෙනවා....ඒ බුදුන් වහන්සේගෙන් ඔනේම වෙලාවක ඔනෙම දෙයක් ගැන අහන්න පුලුවන්.කිසිම තහංචියක් නැහැ.ඉතිං මේ ලෝකේ ආරම්භ වුනේ කොහොමද කියලා ඒ කාලේ හිටිය අයටත් ප්‍රශ්න ඇති වුනා....දවසක් කෙනෙක් ගිහින් ඇහුවා මේ ලෝකේ ආරම්භ වුනේ කොහොමද...කවදද...කවුද මැව්වේ....වගේ ප්‍රශ්න ...ඒත එතුමා නිස්සද්දව හිටියා..එතුම මේ වගේ ප්‍රශ්න වලට කිව්වේ අව්‍යකෘත ප්‍රශ්න කියලා....ඒ කියන්නේ උත්තර දුන්නට සාමානය මනසකට තේරුම් ගන්න බැරි..උත්තර දුන්නත් ඊට පස්සේ ඒ වගේම ප්‍රශ්න ගණනාවත් හිතේ ඇතිවන (විශ්වයේ සම්භවය මෙහෙමයි කිව්වහම ඇයි එහෙම වුනේ..අරහෙම වෙන්නේ නැතුව වගේ දේවල්)....ඒ දැන ගන්න දේවල් වර්ථමානයේ ජීවත් වෙන්න කොහෙත්ම අදාල නැති ප්‍රශ්න....ඒව්වට උත්තර දුනේනේ නැහැ එතුමා....
    අනික විශ්වයේ සම්භවය පිළිබඳ කිසිම ආගමක/ දර්ශයනක උගන්වලත් නැහැනේ.....එහෙම කියලා තියෙන දේවලුත් අසම්පුර්ණයිනේ....නිකමට හිතලා බලන්න දෙවිකෙනෙක් ලෝකේ මැව්ව නම්....
    *ඒ දෙවියො බිහි වුනේ කෙහොමද...කවුරු හරි මැව්වද..?
    *මැව්වේ නැත්තං නිකම්ම එතුමා බිහි වුනාද...(එතුමා නිකම්ම බිහි වුනා නම් මැවුම්වාදයත් එතනින්ම ප්‍රතික්ෂෙප වෙනවනේ)
    *මැව්ව නම් එතුමාව මව්වේ කවුද..එතකොට ඒ මවපු කෙනාව මව්වේ කවුද...
    *දෙවියන්ව කොහොම මැවුනත් මේ විශ්වය මවන්න කලින් ඒතුමා හිටියේ කොහෙද...ඒ කියන්නේ ඒතුමාට ඉන්නත් තැනක් අවකාශයක් තියෙන්නත් එපැයි නේද...එතකොට ඒ අවකාශය එතුමාට කලින් බිහිවෙන්න ඔනිනේ..නැත්තං එතන මැවෙන්නේ කොහොමද ඉඩක් නැතුව....
    *එතකොට ඒ අවකාශය මැව්වේ කවුද....
    මෙහෙම අනන්නතය වෙනකම් ප්‍රශ් න අහන්න පුලුවන් මට....කිසිම ආගමක/දර්ශනයක මේකට උත්තර නැහැ....බුදුන් වහනසේත් මේක ගැන අහනකොට කිව්වේ මේක දැන ගත්තට වැඩක් තියෙද අපට කියලා.....දැන් ගන්න මෙච්චර දේවල් තියෙන්දි එදිනෙදා ප්‍රශන වලට උත්තර හොයා ගන්නේ නැතිව මේක ගැන දැන ගත්තත් ඇති ඵලේ මොකක්ද නිසා .අනික ඒ ගැන කිව්වත් සාමාන්‍ය මනසකට ඒක තේරුම් ගන්න පුලුවන්ද...(උදාහරණයක් විදියට සාමාන්‍ය කෙනෙකුට ක්වොන්ටම් වාදය ගැන තේරුම් කරන්න ගියොත් ප්‍රතිඵලයක් තියෙද..?) අන්න ඒකයි බුදුන් එදා මේ ප්‍රශ්න වලට උත්තර නොදුන්නේ...ඒත් අනිත් ආගම් ශාස්තෘවරුන් මේ ගැන කියන්නේ මෙනවද..? ඔබට කර්මය ක්‍රියාත්මක වෙන ආකාරය මම තව දුරටත් පැහැදිලි කරන්නම්....(නොදන්නා හෙයින් ..දැන ගැනීම සඳහා)
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ලෝකය හොඳ තැනක් කරනවානම් එකට අපේ උත්සාහය අවශ්‍යයි. එලියට එන්න පුළුවන්, එලියට එන්න ඕනෑ අයට විතරයි, අඳුර වෙනුවෙන් අනිත් අයට දොස් නගන අයට නෙවෙයි. සමාජයක් වශයෙන් එලියට එන්න ඉස්සර තමන් individually try කල යුතුයි.

    අදුරින් එලියට එනවා කියල කියන්නේ ඉස්ලාම් අදහන්න ඕනි කියන එකටද බන් ? :D
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    අදුරින් එලියට එනවා කියල කියන්නේ ඉස්ලාම් අදහන්න ඕනි කියන එකටද බන් ? :D

    සැඟවුනු අර්ථ ගොඩයි (ලු) :lol:

    අනිවාර්යයෙන් නැහැ, මම මෙතන අදහස් කලේ යම්කිසි ප්‍රශ්නයකට පසුබිමක් තියෙනවා. එක හරි විදිහට දැනගන්නේ නැතුව විසඳුමක් හොයන්න බැහැ. මෙතන ජාතිවාදයෙන්, ආගම් වාදයෙන් මුස්ලිම්ස්ලට පහත් ලෙස බැනීමෙන්, ඔවුන්ගේ ඇදහිලි, පිළිපැදීම් වලට ගැරහීමෙන් ඉස්ලාමය අදෙහීමෙන් අඳුරෙන් එලියට ඒම කෙසේ වෙතත් තමන් අදහන අගමෙන්වත් එලිය දැකගන්න බැරි වෙයි..

    ඇරත් ඉස්ලාමය ඇදහීමේ මුලික දෙය විශ්වාසයයි, ඒක මට නෙවෙයි කාටවත් බලෙන්, හෝ සැඟවුණු අර්ථ වලින් කරන්න බැහැ. ඒක අහන ඔයාටයි උත්තර දෙන මටයි තේරුණා නම්, බය නැතුව, බැන ගන්නේ, මරා ගන්නේ නැතුව අනිත් අයගේ feelings වලට ගරු කරලා අපිට ප්‍රශ්න කතා කරන්න පුළුවන්.එකයි මගේ අදහස..:yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනිවාර්යයෙන් නැහැ, මම මෙතන අදහස් කලේ යම්කිසි ප්‍රශ්නයකට පසුබිමක් තියෙනවා. එක හරි විදිහට දැනගන්නේ නැතුව විසඳුමක් හොයන්න බැහැ. මෙතන ජාතිවාදයෙන්, ආගම් වාදයෙන් මුස්ලිම්ස්ලට පහත් ලෙස බැනීමෙන්, ඔවුන්ගේ ඇදහිලි, පිළිපැදීම් වලට ගැරහීමෙන් ඉස්ලාමය අදෙහීමෙන් අඳුරෙන් එලියට ඒම කෙසේ වෙතත් තමන් අදහන අගමෙන්වත් එලිය දැකගන්න බැරි වෙයි..

    ඇරත් ඉස්ලාමය ඇදහීමේ මුලික දෙය විශ්වාසයයි, ඒක මට නෙවෙයි කාටවත් බලෙන්, හෝ සැඟවුණු අර්ථ වලින් කරන්න බැහැ. ඒක අහන ඔයාටයි උත්තර දෙන මටයි තේරුණා නම්, බය නැතුව, බැන ගන්නේ, මරා ගන්නේ නැතුව අනිත් අයගේ feelings වලට ගරු කරලා අපිට ප්‍රශ්න කතා කරන්න පුළුවන්.එකයි මගේ අදහස..:yes:

    ඒක තමයි මම අර්ජුන්ට ඉස්සෙල්ලාම දීපු උත්තරේ බලන්න...මම කිව්වෙත් මේකම තමයි....
    :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඒක තමයි මම අර්ජුන්ට ඉස්සෙල්ලාම දීපු උත්තරේ බලන්න...මම කිව්වෙත් මේකම තමයි....
    :yes:
    කෝ ඉතින් දැන් ප්‍රශ්න නෑ වගේනෙ;)
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0

    ඒක තමයි මම අර්ජුන්ට ඉස්සෙල්ලාම දීපු උත්තරේ බලන්න...මම කිව්වෙත් මේකම තමයි....
    :yes:

    මෙතන 90% අනිත් අය මුස්ලිම්සලා ගැන කියන අදහස් හරි ඒවා නෙවෙයි, අද ලෝකයේ තියෙන තත්වය අනුව එක එහෙම වෙලා තියෙන්නේ. බලවත් රාජ්‍ය වල අවශ්‍යතාවයට ඔවුන්ට එරෙහි වෙන අය media එක කවදත් පෙන්නනේ demonize කරලා. එක communistslata කළා, vietnameට කල, russianslata කළා etc..දැන් මේ කවුරුවත් පෙන්නපු තරම් නරක නැහැ කියල ඔක්කොටම දන්නවා. ඉස්ලාමය පිලිබඳ ප්‍රශ්න වලට විසඳුම දැනගන්න හොඳම විදිහ, 1. එහි මුලික දේවල් තමන් විසින් සොයා බැලීම 2. එක පැහැදිලි කරන්න පුළුවන් මුස්ලිම් කෙනෙක්ගෙන් අසා දැනගැනීම.
    එහෙම නැත්තම්, ප්‍රශ්නය නැති කරන්න හිතාගෙන එක ජන කොටසක් සමුල ගාතනය කල යුතයි කියල හිතුවොත් එක එම සමාජයේම පරිහානියට හේතු වෙන්න පුළුවන්. ඒ ගැන අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා නේ..එක සිංහල, මුස්ලිම්, දමිල කවුරු කරත් මෝඩ කමක්.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බලාගෙන යනකොට ප්‍රශ්න හොයා ගන්න එකත් ප්‍රශ්නයක් නේ..:lol:
    මට නම් ප්‍රශ්න ගොඩක් තියනවා :confused:
    බුදු දහමේ බුදුකෙනෙක් පහල වෙන එකේ අරමුණක් තියනවා.
    දෙවියන්ගේ දිව්‍යමය ජිවිතයේ අරමුණ කුමක්ද?
    දෙවියන් මිනිසාව මැවීමේ අරමුණ කුමක්ද?