අඳුරින් එළියට....ආගම් වාදයට එරෙහිව

guru.G

Member
Oct 23, 2011
1,108
379
0
Ashram ॐ
කවුරු කොහොම කිව්වත් මේකයි ඇත්ත, අපි අනුන්ව හදන්නේ නැතිව thread එකේ හරියට තියාගෙන අදහස් බෙදාගමු. මේකට ගොඩක් අය තමන්ගේ වටිනා කාලය දාල තියෙන්නේ කවුරු හරි එකෙන් ප්‍රයෝජනයක් ගනී කියන බලාපොරොත්තුවෙන්, එක එහෙමම තියාගන්න උත්සහ කරමු.බුද්ධිමත් සංවාදයක මිනිස්සුන්ට හිතන්න යමක් ඉතිරි වෙයි, එක කරන නොකරන එක ඒගොල්ලන්ට භාරයි.

මචන් වර්තමාන ලෝකයේ මුස්ලිම් රටවල් 57ක් පමණ තිබෙනව. මේවා ඔක්කොම යටත් විජිත යුගයෙන් පස්සේ ලෝක බල සමතුලනය බටහිර රජයන්ට ගියාට පස්සේ ඔවුන්ගේ ඕනෑ එපාකම් වලට අනුව හැදුන ඒව.සමාජ ප්‍රශ්න වලට (ඇත්තටම බටහිර පාලනයේ බල තණ්හාවට) විසඳුම් ලෙස තමා මේවා හදල තියෙන්නේ, ලංකාවේ චන්ද දාන අයට දන්නවා democracy එකේ practical පැත්ත. මෙම තත්වය තුල සෞදි අරාබිය වගේ ඉස්ලාමයේ මුලික රටවල් බටහිරට අවශ්‍ය චිත්‍රය පෙන්වන තැන් බව ගොඩක් අයට හොඳට දන්නවා. හොඳම උදාහරණය bin laden කියන එක්කෙනා CIA වලින්ම හදපු කෙනෙක්, මුල් කාලයේ එයා agent කෙනෙක් හැටියට කටයුතු කලා. එනිසා කෙනෙක් සෞදි වල අන්යගමිකයින්ට තිබෙන පහසුකම් පිළිබඳව පමණක් බලල ඉස්ලාමය judge කරනවානම් එක වැරදි.

නමුත් එක දෙයක් මම පිලිගන්නවා, ගොඩක් අයට research කරලා ඕව හොයන්න කාලයක් නැහැ. තුර්කිය මුස්ලිම් රටක් කියල ගොඩක් අය දන්නේ නැහැ, එය අන්යගමික අයිතීන්, මුලික මිනිස් අයිතිවාසිකම් අතින් සෞදියට opposite පැත්තේ ඉන්න රටක් වගේම ඉස්ලාමීය මුලික සිදන්ත මගින් ලෝකයේ ඉතා උසස් ආර්ථික වර්ධණ වේගයක් ලබා ඇති බව කවුරුත් දන්නේ නැහැ. තවද ඉස්ලාමයේ ඉතිහාස, මෙහෙම violent ආගමක් නම් කොහොමද අවුරුදු 1400 තිස්සේ එය මිනිසුන් අතර පතිරුනේ කියන දේවල් මිනිස්සු හිතන්නේ නැහැ. මම ගොඩක් links මෙතන දාන්න කැමති නැහැ, මොකද මිනිස්සු හිතන්නේ muslimsල quote කරන්නේ තමන්ට bias sources කියල. අනිත් එක මගේ links බලලා ඔයා convince වීම නෙවෙයි මෙතන අවශ්‍යතාවය. එත් පුලුවන්නම් මේ series එක බලන්න, ඔයාට idea එකක් එයි දැනට ඔබට පෙන්නන ඉස්ලාමයේ හා ඉස්ලාමයේ ඉතිහාසයේ ඇති දේවල් අතර වෙනස ගැන.

Link

මම දන්නවා බෞද්ධ පසුබිමකින් සිතනකොට මේක තේරුම් කිරීම අමාරුයි නමුත් මෙහි පසුබිම් පිළිබඳව අදහසක් ගන්න මම මේකට කෙටි පැහැදිළි කිරීමක් කරන්නම්. මේ වරදට මෙ මේ හේතු නිසා හා මේ පසුබිම නිසා මෙම දඬුවම දෙන්න ඕනෑ කියන තරමට මම ඉස්ලාමිය නීතිය හදාරා නැති නමුත් කලින් පිළිතුරකින් පැහැදිලි කරා වගේ දඬුවම් වල මුලික සිධ්ධන්තයන් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එකට හේතුව අවස්තනුකුලව මේවා අවශ්‍ය බව ඉස්ලාමයේ අදහස නිසා. මේක හරියට අපේ දණ්ඩ නීති සංග්‍රහයේ මරණ දඬුවම ඉවත් කරන්නේ නැත්තේ එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය අවස්ථා ඉදිරියේදී ඇති වුවහිත් කියන ප්‍රශ්නය නිසා (7 වන සියවසේ හෝ 21 වන සියවසේ මිනිසුන් සතුන්ටත් අන්ත මනසිකත්වයන්ට වැටෙන බව, කොච්චර අමිහිරි වුවත් යථාර්තය බව ඊයේ ඇමරිකාවේ ප්‍රථමික පාසලේ ලමයින් අමු අමුවේ වෙඩි තබා මරා දැමු සිද්ධිය නිදසුනක්) වගේ. එකයි ගොඩක් අය කියන්නේ ඉස්ලාමයේ 7 වන සියවසේ නීති තවමත් තියාගෙන ඉන්නවා කියල, එක හරි විදිහට අවබෝධ කරගැනීමක් නෙවෙ.

ආගම අත හරින අයට උපරිමය ලෙස මරණ දඬුවම දෙන්නට පසුබිම, මුල්ම කාලයේදී මිනිසුන් ඉස්ලාමය වැළඳ ගැනීම වැලැක්වීම හා එමගින් එහි වර්දනය නැති කිරීම සඳහා යුද්ධ කිරීමට විරුද්ධවාදීන් පෙළඹුණු අවස්ථාවල මේවගේ නීති දැඩිව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය උනා. හේතුව ගොඩක් විරුද්ධවාදීන් කණ්ඩායම් වශයෙන් ඉස්ලාමය වැළඳගෙන spies ලෙස කටයුතු කරන්නට වූ නිසා, පසුව ඔවුන් ඉස්ලාමය හැර ගොස් විරුද්ධ කණ්ඩායම් සමග එකතු උනා. මේ උපක්‍රමය නැති කිරීමට ඉස්ලාමය වැළඳගන්නා සියලු අයව මුලින් දැනුවත් කරලා මෙම දඬුවම ක්‍රියාත්මක කරන්න සිදු උනා. මෙම දඬුවම මුස්ලිම් රටකට අදත් ක්‍රියාත්මක කරන්න පුළුවන් කම තියෙනවා, මුස්ලිම් රටවල් විතරක් නෙවෙයි ලෝකයේ ගොඩක් රටවල් වල නීතියේ spying for enemies, treason වැනි වරදවලට මරණ දඬුවම තියෙනවා. ලංකාවෙත් එහෙමයි. මෙවැනි අවස්ථාවල හැරෙන්න, ඉස්ලාමය පිලිබන්ද හරි අවබෝදයක් නැති නුගත් පාලනයන් වලදී මේවගේ දැඩි දඬුවම් දී ඇති අවස්ථා තිබෙනවා. නමුත් කෙනෙක් මියන්මාරයේ බෞද්ධයින් අන්‍යාගමිකයින්ට සලකන විදිහ බලා බුද්දාගම ගැන අදහස් ගැනීම කොය් තරම වැරදිද, ඉතිහාසයේ හා වර්තමානයේ ඕනෑ තරම් උදාහරණ තිබෙන විට මෙම පාලන පමණක් බලලා ඉස්ලාමය ගැන අදහස් ගැනීම ඒ හා සමානවම වැරදි. ඒ වගේම ඒ අදහස අරගෙන තමන්ගේ අල්ලපු ගෙදර ඉන්න මුස්ලිම් පවුලට apply කිරීම ඉතා අනුවන මෙන්ම අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන ක්‍රියාවක්.

බඩගින්නට පාන් කැල්ලක් හොරකම් කලත් අත කපනවා, ළමයින්ටත් දැඩි දඬුවම් දෙනවා, මෙවැනි කතා ඉස්ලාමය ගැන මිනිස්සු හොයා බැලීම නැවත්වීමට යොදාගන්න ප්‍රචාරණ උපයන්, මම කිව්වා වගේ ඔයාට ඕනනම් net එකේ හරි research එකක් කරලා ඔයාටම අදහසක් අරගන්න පුළුවන්. හැකිනම් පහත උදාහරණ බලන්න.

http://www.truthorfiction.com/rumors/t/thief-islam.htm
http://www.truthorfiction.com/rumors/g/Gaza-mass-weddings.htm
(තවත් ඉස්ලාමයට මඩ ගැසීමට කුඩා ළමුන් යොදාගත් නින්දිත උත්සහයක්)

මම කියන්නේ ඉස්ලාමය රටක ක්‍රියාත්මක උනොත් එක සෞදි අරාබිය වගේ තියෙයි කියල හිතනවානම්, අනිත් මුස්ලිම් රටවලින් හා ඉතිහාසයෙන් උදාහරණ ඇති තරම් පෙන්නන්න මට පුළුවන්. නමුත් ඒවා පෙන්නුවත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔය ප්‍රශ්න වලට 100% ඔයාට ලැබෙයි කියල, ඉස්ලාමය සෞදියේ දෙයක් කියන මතයෙන් බැහැර වෙන්න ටිකක් හෝ deeply ඉස්ලාමය ගැන දැන ගැනීමෙන් තොරව අමාරුයි.

මෙතන වැදගත් දේ ඉස්ලාමය ගැන ගොඩක් දේවල් සමාජයට දීල තිබෙන මතය වැරදියි. සමාජයේ යහපත, අපේ අනාගතය වෙනුවෙන්වත් වත් අපි වගකීමෙන් තොරව මේවගේ දේවල් කිසිම සොයා බැලීමකින් තොරව පිළිගැනීම නවත්වන්න ඕනෑ. අපිට කෙලවුණු දවසට සෞදියේ මුස්ලිම්ස්ලට එකට වගකීම බාරගන්න කියන්න අපිට බැහැ.

අද ඇතිවී තිබෙන හලාල් ප්‍රශ්නය බලන්න, මේකෙන් සමාජයට වෙන සෙත මොකක්ද. මුස්ලිම් අය ඔය company ඔක්කොම හලාල් නැති කලත් එකට විසඳුමක් හොයා ගයි. එක්කෝ altrenative මුස්ලිම් businees ඇති වෙයි. නැත්තම් වැඩි මිල හරි ගෙවල රටේ ඉතිරි කරන්න පුළුවන් සල්ලි වෙන රටකට දීල ඒ අවශ්‍ය දේවල් ගෙන්න ගයි. අන්තිමට වන්නේ ඕනේ නැති වයිරය සමාජයේ පැතිරීම විතරයි. මේක හොඳටම සාකච්චා කරලා විසඳගන්න පුළුවන් ප්‍රශ්නයක්, අනිත් එක මුස්ලිම් අය හලාල් බලල ගන්න බව ඇත්ත, නමුත් එකට කාටවත් blackmail කරන්නේ නැහැ. එතන ඉල්ලුමක් තියෙන නිසා business ඒ market share එක ගන්න halal certification එක ගන්නවා.

මුස්ලිම් අයගේ contribution එක රටේ දියුණුවට යොදා ගන්න ඕනෑතරම් ඉඩ තියෙනවා. ලඟදි තායිලන්තයට අපේ හලාල් products යවන්න පුළුවන් විදි හොයල බලන්න හලාල් certification කට්ටිය try කලා. ග්ලෝබල් market value එක 1 trillionලු.

Thailand%202.jpg

ඇරත් මෙච්චර දේවල් කිරීමන් ඇත්තටම ජනතාවට සහනයක් ලබෙනවනම් මෙහෙම කරත් කමක් නැහැ කියමුකෝ. දැන් janet සහ vendol හලාල් certification නැති කරලා, එත් දැන් කවුරුත් ඒ products වල price අඩු කරලා ඒ සහනය ජනතාවට ලබා දෙන්න කැ ගහන්නේ නැහැනේ.

ඒ නිසා මම කියන්නේ තමාගේ රටට කෙල උනත් කමක් නැහැ කියල ඉස්ලාමය demonize කෙරෙන යුගයක, අපිට මතුපිටින් පෙනෙන දේ විතරක් බලලා ඉස්ලාමය ගැන අදහසක් කොහොමටවත් ගන්න බැහැ. ටිකක් හෝ හොයල බලලා දැනුවත් වීම සමාජයේ යහපත ගැන සිතන හැම කෙනාගෙම වගකීමක් වෙනවා. එතකොටයි අපිට යම් තාක් දුරට හෝ මේ අනවශ්‍ය ප්‍රශ්න මගහැර, practicalව ජාතින් අතර අවබෝදයක් ලබගන්න පුළුවන්.

මෙහෙමයි මචන් මම කියන්නේ නැහැ ඉස්ලාමයේ එන සහ ඉස්ලාමය මත පදනම් උණු සියලු රටවල් වැරදිය කියල . ඔබ තුමා මට පිළිතුරු දෙන්නේ එතන ඉදලනම් මම අපහු ඔබ තුමාට කියන්ඩ ඕනි මම කත කරන්නේ රැඩිකල් ඉස්ලාමය ගැන , රැඩිකල් ඉස්ලාමය බිහි වීමට ආගමෙන් පර .කපනවය ඒ රැඩිකල් ඉස්ලාමය තුලින් මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් දරුණු විදිහට උල්ලංගනය වෙනවය කියන එක , ඒ වගේම ඉස්ලාමයේ එන විශිෂ්ට ගනයේ ලක්ෂණ ගැනත් කතා කරන්න පුළුවන් ... එත් අකුරට ඉස්ලාම් එහෙමත් නැත්තම් රැඩිකල් ඉස්ලාමය ගැන දෙපාරක් හිතන්න වෙනවා ....

අනිවා මචන් මමත් හිතනවා බින් ලාඩන් කියන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදනයක් කියල ..එක ගැන කතා කරනවානම් new world oder ගැනත් කතා කරන්න වෙනවා ... නව අදිරජ්ජ්‍ය වැඩි කුමන්ත්රනත් ඔය රැඩිකල් ඉස්ලාමය වගේම ලෝකේ තියන තවත් ප්‍රස්නයක් , ඔය නව අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට ඔබ තුමම නොදැනුවත්ව ගොදුරු වෙන්න පුළුවන් , ඒ ගැන අපි වෙනම කතා කරමුකෝ ... ඉතින් සහෝ ඔයාම හිතල බලන්න පුසෝන් ලව කොස් ඇට බවනවා වගේ රැඩිකල් ඉස්ලාමය පාවිච්චි කරලා ඇමෙරිකාව තමන්ට යන්න ඕනි තැනට ගිහින් තියනවා නේද ?

හරි ඔබතුම කියනවා තුර්කිය කියන්නෙත් ඉස්ලාම් රටක් එක ගැන මිනිස්සු කතා කරන්නේ නැහැ , ඇයි මේ සව්දිය , නැත්තම් මත කාලීනව ඉස්ලාම් රාජ්ජයක් උන සුඩානය . එහෙමත් නැත්තම් තලෙයිබාන් සංවිදානය වගේ ඒවා ගැන කතා කරන්නේ කියල ...
මෙන්න මේකයි සහෝ හේතුව තුර්කිය . ඩුබායි වගේ දියුණු උන රටවල් මචන් ඉස්ලාමය මත පදනම් වී කටයුතු කරාට ඉස්ලාමය අකුරට ක්‍රියාත්මක කරන්න යන්නේ නැහැ ,, එකට හොදම උද හරනේ තමයි , තුර්කියේ අරක්කු බාවිතය සම්බන්ද නිතින් ගැන විකිපීඩියාවේ හොයල බලන්න , අවරුදු 18 සම්පුර්න නොවී මත්පැන් බාවිතය තහනම්ලු ... මම මත පන් බාවිතය හොදයි කියන්නේ නැහැ , දැන් මේ මම කියපු කතාවත් එක්ක අකුරට ඉස්ලාම් නිතිය සංසන්දනය කරලා බලන්න ...
මේ මම කතා කරන දේ ගැන ඔබ තුමාට තේරෙන්න තවත් දෙයක් කියන්නම් , ලංකාව බුද්දාගම රටක් බුදුදහමට අනුව විතරක් රටේ නිතිය හදුනානම් . ඔබ තුමාට අද මස් , මාළු ,මුකුත් කන්න හම්බ වෙන්නේ නැහැ , නමුත් ආගමික විස්වාසයක් මත පිහිටුවා රාජ්‍ය පාලනය කරන්නට ගියාට ඒ ආගමික මතයම පමණක් කියා අන්තවාදී ක්‍රමයක් වෙන රටවල ක්‍රියාත මක නැහැ , හේතුව තමයි බුද්දාගමේ මිනිස්සු මස් කෑම අනුමත නොකෙරුවට ඔබ තුමාලා කන නිසා . එතන තියෙන්නේ ඔබ තුමාට මානව අයිතිවාසිකම් රක දීමක් ....හැබැයි අකුරට ඉස්ලාමය කරන රටකින් මේක වෙන්නේ නැහැ නේද ?අකුරට ඉස්ලාමය කිරීමෙන් මානව අයිතිවාසිකම් වෙනවා කියල ඔබතුම පිළිගන්නවද ?
ඔබ තුමාගේ කලින් පිළිතුර ගැන සතුටුයි මේකටත් ඒ වනිමම පිළිතුරක් බල පොරොත්තු වෙනවා
 
Biologics

Member
Dec 8, 2012
130
15
0
නියම පැහැදිලි ක්රීමක් සොහොයුරා..
කියවපු තරමට ප්‍රස්නයක් අහන්න තරම් පොයින්ට් එකක් නැහැ...
මට උඹලා හම්බයා නෙවෙයි මොනවා කිව්වත් කමක් නැහැ හොද දේට හොදයි කියන්න මම කාටවත් බය වෙන්න ඕනේ නැහැ...
මගේ ප්‍රතිපත්තිය හරි සිම්පල්..ජාතියක්/ආගමක් මට අවශ්‍ය නැහැ ඌ හොදයි නම් මම ඌට බොක්කෙන්මයි...
යම්කිසි පුද්ගලයෙක් නිකරුනේ තවත් ආගමකට හෝ පුද්ගලයෙකුට මඩ ගහනවානම් එම පුද්ගලයා මගේ ආගමටවත්/ජතියටවත් සම්බන්ධ නැති කෙනෙක්..
එවැනි අය සමග කිසිම සම්බන්ධ තාවයක් නැහැ..
මම කැමති කාත් එක්කත් ෆන් එකේ අදහස් හුවමාරු කරගන්න පොඩ්ඩක් විහිළු කරගන්න මිසක් කැලගන්න නොවෙයි ..

thanks මචන්, මම දන්නා තරමට පැහැදිලි කලා එච්චරයි. මම ගොඩක් දවස් elakiri කියවනවා. නමුත් ඉස්සර හිතාගෙන හිටියේ මේකේ උත්තර ලියන එක කාලය නාස්ති වෙන වැඩක් කියල. මොකද කිසිම දෙයක් හිතන්නේ නැතුව කුණුහරපෙන් බනින සෙට් එකක් විතරයි මේකේ ඉන්නේ කියල. නමුත් කුණු හරප අහගෙන හෝ මිනිස්සුන්ට හිතන්න උගන්නන්න ඕනෑ කියල හිතන උඹල වගේ උන් ලොකු වැඩක් කරනවා කියල දැනගත්තේ පස්සේ. එකයි මාත් හිතුවේ join වෙන්න ඕනෑ කියල. මේකෙන් හොඳ දෙයක් වෙනවනං එකේ credits මේ thread එක පටන් ගත්ත කෙනාගෙන් ඉඳල contribute කරපු ඔක්කොටම යන්න ඕනෑ. :yes:
 
Jul 10, 2011
5,011
473
0
නියම පැහැදිලි ක්රීමක් සොහොයුරා..
කියවපු තරමට ප්‍රස්නයක් අහන්න තරම් පොයින්ට් එකක් නැහැ...
මට උඹලා හම්බයා නෙවෙයි මොනවා කිව්වත් කමක් නැහැ හොද දේට හොදයි කියන්න මම කාටවත් බය වෙන්න ඕනේ නැහැ...
මගේ ප්‍රතිපත්තිය හරි සිම්පල්..ජාතියක්/ආගමක් මට අවශ්‍ය නැහැ ඌ හොදයි නම් මම ඌට බොක්කෙන්මයි...
යම්කිසි පුද්ගලයෙක් නිකරුනේ තවත් ආගමකට හෝ පුද්ගලයෙකුට මඩ ගහනවානම් එම පුද්ගලයා මගේ ආගමටවත්/ජතියටවත් සම්බන්ධ නැති කෙනෙක්..
එවැනි අය සමග කිසිම සම්බන්ධ තාවයක් නැහැ..
මම කැමති කාත් එක්කත් ෆන් එකේ අදහස් හුවමාරු කරගන්න පොඩ්ඩක් විහිළු කරගන්න මිසක් කැලගන්න නොවෙයි ..

00020408.gif

පල හම්බයා යන්න.. තොපි කොහමත් හම්බස් නේ.. :lol::lol:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14075292 said:
    00020408.gif

    පල හම්බයා යන්න.. තොපි කොහමත් හම්බස් නේ.. :lol::lol:
    උඹ මට කරපු පළමුවෙනි විහිළුවක් වසයෙන් මේක මම සදහන් කරගන්නවා:yes:;)
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹ මට කරපු පළමුවෙනි විහිළුවක් වසයෙන් මේක මම සදහන් කරගන්නවා:yes:;)

    හොද වෙලාවට එහම තේරුම් ගත්තේ.. :yes::yes: සමහරුන්ට ඒවත් තේරෙන්නේ නැනේ...:growl::growl: මම හිතුවට වඩා උඹට මොලේ තියෙනවනේ.. :lol::lol: ( දැන් අහන්නෙපා මම කලිං මොකක්ද හිතුවේ කියලා.. :):) කොහම උනත් උඹ එල කොල්ලෙක්..;);) ඒත් උඹ දුබාය් එනවා කියලා ආපු නැති එක තමය් මට අප්සට්!!:(:()
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14075458 said:
    මම හිතුවට වඩා උඹට මොලේ තියෙනවනේ.. :lol::lol:
    උඹ මට කරපු පළමුවෙනි කින්ඩියක් වසයෙන් මේක මම සදහන් කරගන්නවා:lol:

    බොරලුගොඩ මහතා;14075458 said:
    ( දැන් අහන්නෙපා මම කලිං මොකක්ද හිතුවේ කියලා.. :):) කොහම උනත්
    උඹ එල කොල්ලෙක්..;);) ඒත් උඹ දුබාය් එනවා කියලා ආපු නැති එක තමය් මට අප්සට්!!:(:()
    මගේ නම්බරයට කෝල් කරේ නැත්තේ ඇයි උඹ?
     
    Jul 10, 2011
    5,011
    473
    0
    උඹ මට කරපු පළමුවෙනි කින්ඩියක් වසයෙන් මේක මම සදහන් කරගන්නවා:lol:

    මගේ නම්බරයට කෝල් කරේ නැත්තේ ඇයි උඹ?

    :lol::lol: උඹ නම්බරයක් දුන්නද මට? ආයිත් එන්න අදහසක් නැද්ද? :confused:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;14075547 said:
    :lol::lol: උඹ නම්බරයක් දුන්නද මට? ආයිත් එන්න අදහසක් නැද්ද? :confused:
    ඔව් දුන්නා ස්කයිප් චෙක් කරහන්, සමහර විට පහුවෙලා :yes:
     
    Biologics

    Member
    Dec 8, 2012
    130
    15
    0
    මෙහෙමයි මචන් මම කියන්නේ නැහැ ඉස්ලාමයේ එන සහ ඉස්ලාමය මත පදනම් උණු සියලු රටවල් වැරදිය කියල . ඔබ තුමා මට පිළිතුරු දෙන්නේ එතන ඉදලනම් මම අපහු ඔබ තුමාට කියන්ඩ ඕනි මම කත කරන්නේ රැඩිකල් ඉස්ලාමය ගැන , රැඩිකල් ඉස්ලාමය බිහි වීමට ආගමෙන් පර .කපනවය ඒ රැඩිකල් ඉස්ලාමය තුලින් මිනිස්සුන්ගේ මානව අයිතිවාසිකම් දරුණු විදිහට උල්ලංගනය වෙනවය කියන එක , ඒ වගේම ඉස්ලාමයේ එන විශිෂ්ට ගනයේ ලක්ෂණ ගැනත් කතා කරන්න පුළුවන් ... එත් අකුරට ඉස්ලාම් එහෙමත් නැත්තම් රැඩිකල් ඉස්ලාමය ගැන දෙපාරක් හිතන්න වෙනවා ....

    මචන්, උඹ කියන දේ මට තේරෙනවා. මම කවදාවත් අද තියෙන යථාර්තයෙන් මිදිලා මෙහෙම රටවල් නැහැ. සෞදිය, ඇෆ්ගනිස්ථාන් වගේ රටවල් ගැන පෙන්නන ඒවා බොරු කියල කියන්නේ නැහැ.
    මම කියන්නේ ඒක යථාර්ථයේ එක් පැත්තක් වගේම, ගිය අවුරුද්දේ UK වල කල census වලින් muslim population එක දෙගුණයකට ලං වෙලා බව පෙනී ගියා. එකෙනුත් වැඩි ප්‍රතිශතයක් converts, ඔවුන්ගේ projections වලට අනුව අනිත් sencus වල traditional muslimsලට වැඩිය convert muslims ප්‍රතිශතය වැඩි වෙනවලු.

    මේ යථාර්ථ 2ම එකම කුරානයෙන් ආපු ඒවා නම් කොහොමද පරස්පර විරෝධී ඒවා වෙන්නේ?පැහැදිලිව ඉස්ලාමයේ 1 පොතයි තියෙන්න. ඒක කාට උනත් අරගෙන කියවල අදහසක් ගන්න පුළුවන්. පිළිපදින මිනිසුන් බලල නිගමනයකට එනවනම් මේ යථාර්ථ 2ම බලන්න ඕනෑ. එහෙම නැත්තම් source කෙලින්ම ඉගෙනගෙන නිගමනයකට එන්න ඕනෑ. හරි මේ මොකුත් කරන්න මට වෙලාව නැ කියල කියනවනම්, ඔය මොකුත් ඕනෑ නැ මම judge කරන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාවෙන් කියල කියන්න පුළුවන් වෙන්න ඕනෑ. එහෙම නැතුව මුන් ඔක්කොම radical islam, තලේබාන්, හම්බයෝ කියාගෙන, මරපල්ලා කොටපල්ලා කියන එකේ තේරුම මොකක්ද? එකෙන් අනාගතයට සෙතක් වෙනවද? ඔයා හිතනවද සවුදිය radical නොවුන දාට ලංකාවේ ප්‍රශ්න විසඳෙයි කියල?

    අනිවා මචන් මමත් හිතනවා බින් ලාඩන් කියන්නේ ඇමෙරිකාවේ නිෂ්පාදනයක් කියල ..එක ගැන කතා කරනවානම් new world oder ගැනත් කතා කරන්න වෙනවා ... නව අදිරජ්ජ්‍ය වැඩි කුමන්ත්රනත් ඔය රැඩිකල් ඉස්ලාමය වගේම ලෝකේ තියන තවත් ප්‍රස්නයක් , ඔය නව අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකට ඔබ තුමම නොදැනුවත්ව ගොදුරු වෙන්න පුළුවන් , ඒ ගැන අපි වෙනම කතා කරමුකෝ ... ඉතින් සහෝ ඔයාම හිතල බලන්න පුසෝන් ලව කොස් ඇට බවනවා වගේ රැඩිකල් ඉස්ලාමය පාවිච්චි කරලා ඇමෙරිකාව තමන්ට යන්න ඕනි තැනට ගිහින් තියනවා නේද ?

    ඇත්ත, නමුත් එක දැන් කැරකිලා ඒගොල්ලන්ටම වදින කලේ ඇවිල්ල. හේතුව ඉස්ලාමය තියෙන තැන එක සක්‍රීයයි. බටහිර පාලකයෝ හිතුවේ ටික දවසක් තමන්ගේ puppetල ටිකක් දාල අනිත් අයට කරා වගේ මුස්ලිම් රටවල් තමන්ගේ ක්‍රමේට හුරු කරගත්තොත් වැඩේ හරි කියල. එක හරියන්නේ නැහැ කියල තේරෙනකොට ආක්‍රමණය කරලා බලෙන් කරන්න හැදුව. දැන් තව සැරයක් මිනිස්සු නැගිටිලා, මැරුණත් තම නිදහස වෙනුවෙන් සටන් කරන ගතිය මුස්ලිම්ලාගෙන් අරන් දන්න පුළුවන් කුරාණය නැති කරොත් විතරයි, නමුත් කුරානයේ ඉස්පිල්ලක් මාරු කරනව උනත් ලෝකයේ ඉන්න අන්තිම muslims කෙනාවත් මරල තමා එක කරන්න වෙන්නේ. දැන් මේ පටන් අරන් තියෙන arab spring එක අරාබියේ රජ මාලිගවලින් තමා කෙලවර වෙන්නේ, සමහර විට එකට ටිකක් කල් යයි. නමුත් ඇමෙරිකාවට දැනටම ඒ බය ඇති වෙලා. මේ new world order වගේ ඒවත් එක්ක ඉස්ලාමයට ශක්තිමත්ව නැගිටින්න පුළුවන් ඇයි කියලා ඒ subject එකට අදාලව, ඉතිහාසයත් එක්ක වෙන තැනක කතා කතා කරමු, මෙතන එක කලොත් off-topic වෙයි.

    හරි ඔබතුම කියනවා තුර්කිය කියන්නෙත් ඉස්ලාම් රටක් එක ගැන මිනිස්සු කතා කරන්නේ නැහැ , ඇයි මේ සව්දිය , නැත්තම් මත කාලීනව ඉස්ලාම් රාජ්ජයක් උන සුඩානය . එහෙමත් නැත්තම් තලෙයිබාන් සංවිදානය වගේ ඒවා ගැන කතා කරන්නේ කියල ...
    මෙන්න මේකයි සහෝ හේතුව තුර්කිය . ඩුබායි වගේ දියුණු උන රටවල් මචන් ඉස්ලාමය මත පදනම් වී කටයුතු කරාට ඉස්ලාමය අකුරට ක්‍රියාත්මක කරන්න යන්නේ නැහැ ,, එකට හොදම උද හරනේ තමයි , තුර්කියේ අරක්කු බාවිතය සම්බන්ද නිතින් ගැන විකිපීඩියාවේ හොයල බලන්න , අවරුදු 18 සම්පුර්න නොවී මත්පැන් බාවිතය තහනම්ලු ... මම මත පන් බාවිතය හොදයි කියන්නේ නැහැ , දැන් මේ මම කියපු කතාවත් එක්ක අකුරට ඉස්ලාම් නිතිය සංසන්දනය කරලා බලන්න ...
    මේ මම කතා කරන දේ ගැන ඔබ තුමාට තේරෙන්න තවත් දෙයක් කියන්නම් , ලංකාව බුද්දාගම රටක් බුදුදහමට අනුව විතරක් රටේ නිතිය හදුනානම් . ඔබ තුමාට අද මස් , මාළු ,මුකුත් කන්න හම්බ වෙන්නේ නැහැ , නමුත් ආගමික විස්වාසයක් මත පිහිටුවා රාජ්‍ය පාලනය කරන්නට ගියාට ඒ ආගමික මතයම පමණක් කියා අන්තවාදී ක්‍රමයක් වෙන රටවල ක්‍රියාත මක නැහැ , හේතුව තමයි බුද්දාගමේ මිනිස්සු මස් කෑම අනුමත නොකෙරුවට ඔබ තුමාලා කන නිසා . එතන තියෙන්නේ ඔබ තුමාට මානව අයිතිවාසිකම් රක දීමක් ....හැබැයි අකුරට ඉස්ලාමය කරන රටකින් මේක වෙන්නේ නැහැ නේද ?අකුරට ඉස්ලාමය කිරීමෙන් මානව අයිතිවාසිකම් වෙනවා කියල ඔබතුම පිළිගන්නවද ?
    ඔබ තුමාගේ කලින් පිළිතුර ගැන සතුටුයි මේකටත් ඒ වනිමම පිළිතුරක් බල පොරොත්තු වෙනවා

    කොයි රට කොච්චර මුස්ලිම්ද කියන ප්‍රශ්නයට ඔබගේ පිළිතුර මට පිළිගන්න බැහැ මචන්, මොකද ඔබ දන්නා ඉස්ලාමය අනුව තමා ඔබ එක මනින්නේ. අනිත් එක මචන් රටක මත්පැන් ගන්න කොච්චර ලේසි කරනවද කියන එකෙන් එකේ වර්ධනය මනින එක හරිද? මාත් ද්‍රව්‍ය කියන්නේ රටක තරුණ පරපුර වනසන දෙයක්, යුරෝපයේම දැන් බීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, friday night pub වලින් මිනිස්සු අරන් ගිහින් treat කරන්න විතරක් health budget එකෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වැය වෙනව, මේක ලොකු ප්‍රශ්නයක්. එත් ඔයා කියන්නේ තලේබාන් වගේ එකපාරටම අරක්කු කඩ ටික කඩල මිනිස්සු ගහල කරන එක තමා ඉස්ලාමීය ක්‍රමය කියල එක වැරදි, හොඳම උදාහරණය පළමුව prophetට මත්පැන් අහිතකරයි කියල දේව වාක්‍ය අවහම සමහර මුස්ලිම්ල ඉස්ලාමය වැළඳ ගන්න ඉස්සර තිබ්බ පුරුද්ද අත් හරින්න බැරිව බීමත් කම අත්හැර හිටියේ නැහැ, නමුත් නබි තුමා ගිහිල්ල දැන්මම මේක නවත්වන්න කියල ගහල කඩල මැරුවේ නැහැ. පළමුව කිව්වේ වඳින වෙලාවේ තමන්ගේ මනස හියාකාරව තියාගන්න, එක කරන්න බැරි වීමට තුඩුදෙන හේතුවලින් වැළකෙන්න කියා. පසුව මේ ප්‍රතිපත්තිය අනිත් වෙලාවත් පිළිපදින්න එය ඔබේ ජීවිතයට යහපත් කියල කිව්වා, අන්තිඅමට තමයි මෙය සම්පුර්ණයෙන් අත් හරින ලෙස කිව්වේ. මේ වෙනකොට ඒ බොන අය බීම පිළිබඳව දැනගෙන තමන්ම නවත්වන තත්වයක හිටිය. මේකයි ඉස්ලාමයේ approach එක, සෞදිය බලන අයට එක පෙන්නේ නැහැ, තුර්කිය බලන අයට එක පේනවා.

    මම අනිවාර්යෙන් ලංකාවේ හැම කෙනාටම උපරිම නිදහස දීල තියෙනවා කියල පිලිගන්නවා, නමුත් අකුරට ඉස්ලාමය පිළිපදින රටක මෙහෙම නැහැ කියල හිතනවානම් එක ඔයාගේ දැනුමත් එක්ක ගත්ත තීරණයක් කියල හිතලා, මට කරන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ කියන්න උදාහරණ ඉස්ලාමයේ අතීතයෙන් පෙන්වන්න. ඔබ මම දාපු youtube documentry එක බැලුවොත් තේරෙයි, ඉස්ලාමය පැතිරුණ හේතුව මිනිසුන්ට සදරනවා සැලකීම, දැනුමට වැදගත්ම තැනක් දීම, සාමය පවත්වාගැනීම, පාලකයින් අවංක බව වැනි දේවල්, මෙන්ම මෙච්චර ලොකු අධිරාජ්ජ්‍යක් උනාට පස්සේ පාලකයින් බලයට, මුදලට, තානාන්තර වලට තණ්හාවෙන් මේ ඉස්ලාමය කියන අංග පාලනයෙන් ඉවත් කිරීම ඉස්ලාමීය අධිරාජ්ජයන් සම්පුර්ණයෙන්ම බිඳ වැටීමට හේතු වූ බව. එකයි මම කිව්වේ අතීතය නොදැන judge කිරීම වැරදි කියල.

    මම බලාපොරොත්තු වෙනවා මරපියවූ, කොටපියවූ කියන තැනට ටිකක් හෝ එහාට ගිහින් අපිට මේ ප්‍රශ්න දිහා බලන්න පුළුවන් වෙයි කියා.
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තවද ඉස්ලාමයේ ඉතිහාස, මෙහෙම violent ආගමක් නම් කොහොමද අවුරුදු 1400 තිස්සේ එය මිනිසුන් අතර පතිරුනේ කියන දේවල් මිනිස්සු හිතන්නේ නැහැ.

    මම මෙන්න මේකට උත්තරයක් දෙන්නම් සහෝදරයා..මම උදාහරණෙට ගන්නම් ලංකාව.ලංකාවේ කොහොමද මුස්ලිම් අය මෙච්චර පැතිරුණේ කියලා..මොකද අපිට ගන්න පුලුවන් හොඳම උදාහරණ අපේ ලංකාව තුලින්නේ..ලංකාවට මුස්ලිම් අය ආවේ වෙළඳාමට..ඒ එනකොට ගෑණු ගෙනාවේ නම් නැහැ..සහේට ගත්තේ දෙමළ/සිංහල ගෑණු. මුල් කාලයේදී දකුණු ඉන්දියා (තමිල්නාඩු) සම්බන්ධතා නිසා ඒ ගොල්ලො කතා කරේ ද්‍රවිඩ භාෂාව..අදටත් ඒ ගොල්ලො කතා කරන්නේ අරාබි වචන කිහිපයක් මිශ්‍ර වෙච්ච දෙමළ...මුල් කාලේ මුස්ලිම අය හිටියේ වෙරළබඩ කලාපවල විතරයි..පස්සේ කාලේ ජාතිය වැඩිවෙන්න / වෙළඳාම් කටයුතු නිසා රට මැදට ගියා....ඒ අතරට ඉන්දිවේ මුස්ලිම් අයයි / ලන්දේසි කුලී සොල්දාදුවො විදියට බඳවා ගත්ත මැලේ අය ටිකකුයි ඉන්දුනීසියාවෙන් ආපු කට්ටියකුයි පස්සේ කාලෙක ආවා.ඔන්න ...ඔහෙම ආපු පිරිස අද ලංකාව පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා එහෙම නැතුව මුස්ලිම් ජාතිකයන්ට ලංකාවේ වෙනත් අතීත උරුමයක් නැහැ...ප්‍රධානකොටම් වෙළඳාමට ආපු මේ අය අපේ රටේ පාලනයට හවුල් වුනේ නැහැ...අතීතයේ වෙළඳාම වැදගත් සේ සළකපු රජවරුන්ගේ කැමැත්ත අනුග්‍රහය මත මේ අය රටේ ස්ථාපිත වෙන්න පටන් ගත්තා..කලින් කිව්වා ‍වගේ මේ රටෙන්ම ගෑණු අරගෙන් මෙහේම පදිංචි වුනා.

    ලංකාවේ මෙච්චර මුස්ලිම් අය වැඩිවුනේ කෙහොමද..? මම මත දෙකක් ඉදිරිපත් කරන්නම්..

    1.ඉස්ලාම් දහම ගැන පැහැදිලා බොහෝ බෞද්ධ / හින්දු / ක්‍රිස්තියානි අය ඉස්ලාම් වැළඳ ගැනීම...
    2.මුස්ලිම් ජාතික ජනගහනයේ අධික වර්ධනය තුලින්...

    මම නම් දකින්නේ නැහැ ලංකවේ 0.00001% වත් ඉස්ලාම් දහම ගැන පැහැදිලා වැළඳ ගත්තා කියලා ...අනික කිසිම කෙනෙකුට බැහැ තමන්ගේ ජාතියේ ඉඳන් ඉස්ලාම් ආගම අදහන්න..ඒ ගොල්ලෝ නමේ ඉඳලා හැම දෙයක්ම වෙනස් කර ගන්න ඔනේ...කොටින්ම අලුත් කෙනෙක් ඉපදුනා වගේම වෙන්න ඔනේ....ඉස්ලාම්/මුස්ලිම් කියන්නේ ආගමක් / ජන වර්ගයක් විතරක් නෙවෙයි..එකට බැඳිච්ච එක්තරා සංස්කෘතියක්....ඒකෙන් කොටසක් වළඳ ගන්න බැහැ...මුලු සංස්කෘතියම වළඳ ගන්න ඔනේ....අනික වැළඳ ගත්තාට පස්සේ ආපසු හැරීමක් නැහැ...ඉතිං බෞද්ධ / හින්දු / ක්‍රිස්තියානි වගේ නිදහසේ තමන්ගේ ආගම අදහපු අය මම කලින් කිව්වා වගේ 0.00001% වත් ඉස්ලාම් දහම ගැන පැහැදිලා වැළඳ ගත්තේ නම් නැහැ.

    මම දන්න ඉස්ලාමය තුල උපත් පාලනය තහනම්...එහෙම කරාම ඒ ක දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වීමක් විදියට කියලා තියෙනවා.....මේක මට හිතිච්ච දෙයන් නෙවෙයි...තවත් එකක් තමයි මේ බහු විවාහ සංස්කෘතිය....මෙන්න මේ දෙක තමයි ලොව පුරා ඉස්ලාමය ව්‍යාප්ත කරන ප්‍රධාන කාරණා දෙක.ඉස්ලාමය ලොව පුරා ව්‍යාප්ත කරන න්‍යාය පත්‍රයේ ප්‍රධානම කරුණු දෙක...ලංකාව පුරාත් මේ මුස්ලිම් අය ව්‍යාප්ත වෙලා ඉන්නේ මෙන්න මේ දෙක හන්දයි..මෙන්න මේ දෙක දෙවියන්ගේ නාමයෙන් ඉටු කරන්න වෙළඳාමට ආපු මේ පිරිස කටයුතු කරා...කවුරු කොහොම කිව්වත් මේක නිකම්ම නිකං සිද්ධ වෙන දෙයක් නෙවෙයි...මේක න්‍යාය පත්‍රයක්...මම උදාහරණයක් කියන්නම්...

    මම ඉන්නේ නැගෙනහිර පළාතේ.වැඩ කරන්නේ ඉඩම් සම්බන්ධ දෙපාර්තමේනතුවේ....දැනට අවුරුදු කිහිපයකට කලින් මම වැඩ කරපු ප්‍රදේශයේ රජයේ ඉඩමක අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් හැදුවා..ඒ පැත්‍තේ හිටියේ මුස්ලිම් පවුල් කිහිපයක් විතරයි.ඒ ගොල්ලොත් උක් වතු වල කුලියට අපු අය....ඒ ගොල්ලොත් කරේ අනවසරයෙන් තාවකාලිකව අටවපු පැල්පත් වල හිටිය එකයි...ඒ මුස්ලිම් පල්ලිය මුලින්ම හැදුවේ තාවකාලිකව.ටකරන් වලින්..පස්සේ ඒක ගඩොලින් ලස්සනට හැදුවා.හදන්න සල්ලි නම් කොහෙන්ද දන්නේ නැහැ..එකක් ෂුවර් එකට සල්ලි දුන්නේ නම් අර මුස්ලිම් පවුල් දෙක තුන නෙවෙයි..ඒ ගොල්ලොන්ට පල්ලි තියා එදා වේලවත් කෑවේ බොහොම අමාරුවෙන්. දැන්කතාවට එමුකෝ..මේ පල්ලිය හැදුවේ අනවසරයෙන් වුනාට ඒක රජයේ ඉඩම් නීතිය අනුව ඉවත් කරේ නැහැ......පස්සේ ඒක ස්ථීරව ලස්සනට හැදුවා..ඒක කරේ ආගමික සහජීවනයට මුවාවෙන්...ඒක කැඩුවොත් ප්‍රශ්න ඇතිවෙයි කියලා අපි හිතුවා...මේ මුස්ලිම් පල්ලිය මොකද කරේ දන්නවද....එයාලගේ පල්ලියට අයත් භුමිය එන්න එන්නම වැඩි කර ගත්තා..මේක කරේ දවසින් දෙකෙන් නෙවෙයි....අවුරුදු දෙක තුනක් විතර හෙමින් හෙමින් වැඩේ කර ගත්තා...ඔන්න දැන් ප්‍රමාණය අක්කර 2කට කිට්ටුයි....පල්ලියේ අන්තිම වැඩේ මොකක්ද කන්නවද...මේ අක්කර දෙකින් පල්ලියට අක්කර කාලක් විතර තියාගෙන් ඉතිරි ටික පිටින් මුස්ලිම් පවුල් ගෙනැල්ලා පදිංචි කරා....දැන් මිනිස්සු ඉන්නේ පල්ලිය ඇතුලේ..නිළධාරීන් ඇවිල්ලා ප්‍රශ්න කරනකොට පල්ලිය කියන්නේ ඒ අය පල්ලි ඉඩමේ තාවකාලිකව ඉන්නේ ඉන්න තැනක් නැති හන්දා...රජයෙන් ඉඩම දුන්න දවසක ඒ අය එතනින් අයින් කරනවා කියලා...ඔන්න ඕකයි තත්වේ....මම මේ කිව්වේ උදාහරණ එකක් විතරයි...

    තව එකක් කියන්නම් ගල්ඔය ජනපදය පටන් ගන්නකොට නගරේ මැද හැදුවා මුස්ලිම් පල්ලියක්...එතකොට එකම එක මුස්ලිම් ජාතිකයෙන්වත් ඒ නගරෙ හිටියේ නැහැ.එතන මුස්ලිම් පල්ලියක් හදන්න කිසිම හේතුවක් නැහැ...පස්සේ කාලෙක ඒ කිට්ටුවට එක මුස්ලිම් පවුලක් ආවා...ඊට පස්සේ එයාගේ ඉඩම කැබලි කරලා තව පවුල් 3ක් පදිංචි කෙ‍රෙව්වා...ඔන්න ඔකයි මම ලංකාවේ මුස්ලිම් ව්‍යාප්තියේ ප්‍රවණතාවය..

    ඔබතුමා වගේ මධ්‍යස්ථව හිතන මුස්ලිම් ජාතිකයෝ නැහැ අද ලංකාවේ....ඉන්නේ අන්තවාදී අය තමයි.ඒ අයට ඔනේ තමන්ගේ ජාතිය වැඩි කර ගන්න..මෙතන ඉන්න ගොඩක් අයට ඔබතුමා දීපු උත්තර හිතා ගන්නවත් බැහැ....ඒත් දැන් ඒ උත්තර වලට නියමයි කියලා කොමෙන්ට් කරනවා... ඒ අය මේ ගැන දන්නේ වත් නැතුව ඇති....ඒකයි මම කිව්වේ දැන් ලංකාවේ ඉන්න වැඩි දෙනා ඇතුලතින් අන්තවාදී මුස්ලිම ජාතිකයෝ ටිකක් විතරයි කියලා....

    ඊළඟට ඔබතුමාට මම දෙන්නම් හලාල් ගැන මගේ මතය.....
     
    2.මුස්ලිම් ජාතික ජනගහනයේ අධික වර්ධනය තුලින්..

    මුස්ලිම් අය ලංකාවට ආවේ කොහොමද කියන ඉතිහාසය මම හරියටම ඉගෙන ගෙන නැහැ. මට දන්න මට්ටමින් ඔබ කියන එක හරියි. කොහොම හරි මුස්ලිම් අය ලංකාව යුද්ධ කරලා අල්ලාගත්තේ නැහැ, සහ ලංකාව කඩන්න යුද්ධ කරේ නැහැ කියන එක අපි දෙන්නටම පිළිගන්න පුළුවන් දෙයක් කියල මම හිතනවා.

    ජනගහන වර්ධනය ගැන ඔබ කියන්නේ මුස්‌ලිම අය ඉතා වේගවත්ව plan කරලා වර්දනය වුනාය කියන අදහස නම් කරුණාකර පහත ලංකාවේ ජනගහන සංගණන ඉතිහාසය දත්ත වාර්තා බලන්න.

    S5iBe.png

    download PDF from statistics department

    වසරකට දල වශයෙන් බෞද්ධ ජනගහනය 0.07% වර්ධනය වී ඇති අතර මුස්ලිම් ජනගහන වර්ධනය 0.02%.

    මම නම් දකින්නේ නැහැ ලංකවේ 0.00001% වත් ඉස්ලාම් දහම ගැන පැහැදිලා වැළඳ ගත්තා කියලා ...අනික කිසිම කෙනෙකුට බැහැ තමන්ගේ ජාතියේ ඉඳන් ඉස්ලාම් ආගම අදහන්න..ඒ ගොල්ලෝ නමේ ඉඳලා හැම දෙයක්ම වෙනස් කර ගන්න ඔනේ...කොටින්ම අලුත් කෙනෙක් ඉපදුනා වගේම වෙන්න ඔනේ....ඉස්ලාම්/මුස්ලිම් කියන්නේ ආගමක් / ජන වර්ගයක් විතරක් නෙවෙයි..එකට බැඳිච්ච එක්තරා සංස්කෘතියක්....ඒකෙන් කොටසක් වළඳ ගන්න බැහැ...මුලු සංස්කෘතියම වළඳ ගන්න ඔනේ....අනික වැළඳ ගත්තාට පස්සේ ආපසු හැරීමක් නැහැ...ඉතිං බෞද්ධ / හින්දු / ක්‍රිස්තියානි වගේ නිදහසේ තමන්ගේ ආගම අදහපු අය මම කලින් කිව්වා වගේ 0.00001% වත් ඉස්ලාම් දහම ගැන පැහැදිලා වැළඳ ගත්තේ නම් නැහැ.

    මම දන්නේ නැහැ ඔබ 0.00001% ක් වත් වැළඳ ගත්තේ නැහැ කියන්නේ මොන පදනමෙන්ද කියල :confused:, නමුත් ලෝක දත්තයන් අනුව අද වැඩියෙන්ම මිනිසුන් වැළඳගන්නා ආගම ඉස්ලාම්. මේක ලංකාවට බලපාන්නේ නැත්නම්, එකට හේතුව මගේ දැනගැනීම පිණිස පහදා දෙනමෙන් ඉල්ලමි. පැහැදී, නොපැහැදි වැළඳ ගැනීම අන්යගමිකයින්ට පමණක් නෙවෙයි ඉස්ලාමයටත් තිබෙන ප්‍රශ්නයක්, කෙසේ නමුත් මුස්ලිම් නොවනය අය බලන්නේ ඒවා නෙවෙයි නේද? ඒගොල්ලන්ට නම මුස්ලිම් නම් ඇති දන්නේ එකම ගොඩට. තමන්ගේ ජාතියේ ඉඳන් ආගම අදහන එක, නම මාරු කරන එක ඉස්ලාමයේ පුලුවන්ද නැද්ද කියන එකට වඩා, ඒක මිනිස්සු මරාගන්න තරමට ලොකු දෙයක්ද කියන එකයි මගේ ප්‍රශ්නය :)

    ඉස්ලාමයේ ක්‍රිස්තියානි/හින්දු/බෞද්ධ වගේ ආගමක් නෙවෙයි, නිකන් හිතුනොත් වලනගෙන හිතුනොත් ඉවත් වෙන එක ජීවිත දර්ශනයක් පිළිගන්න විදිහ නෙවෙයි. කාට හරි සැකයක් තියෙනවනම් පිළිගන්නේ නැතිව ඉන්න එක වෙනම දෙයක්. අනිත් එක මම කලින් පැහැදිලි කලා ඉස්ලාමය අතහරින අයට මරණය දෙනවා කියන එකේ ඇත්ත නැත්ත.

    මම දන්න ඉස්ලාමය තුල උපත් පාලනය තහනම්...එහෙම කරාම ඒ ක දෙවියන්ගේ කැමැත්තට විරුද්ධ වීමක් විදියට කියලා තියෙනවා.....මේක මට හිතිච්ච දෙයන් නෙවෙයි...තවත් එකක් තමයි මේ බහු විවාහ සංස්කෘතිය....මෙන්න මේ දෙක තමයි ලොව පුරා ඉස්ලාමය ව්‍යාප්ත කරන ප්‍රධාන කාරණා දෙක.ඉස්ලාමය ලොව පුරා ව්‍යාප්ත කරන න්‍යාය පත්‍රයේ ප්‍රධානම කරුණු දෙක...ලංකාව පුරාත් මේ මුස්ලිම් අය ව්‍යාප්ත වෙලා ඉන්නේ මෙන්න මේ දෙක හන්දයි..මෙන්න මේ දෙක දෙවියන්ගේ නාමයෙන් ඉටු කරන්න වෙළඳාමට ආපු මේ පිරිස කටයුතු කරා...කවුරු කොහොම කිව්වත් මේක නිකම්ම නිකං සිද්ධ වෙන දෙයක් නෙවෙයි...මේක න්‍යාය පත්‍රයක්...මම උදාහරණයක් කියන්නම්...

    මෙතනත් ඔබ කියන්නේ මුස්ලිම් අය න්‍යායය පත්‍රයක් ලෙස ළමයි හදල ජනගහනය වැඩි කරන එක කරන්නේ කියල, ඉහත දත්ත වලට අනුව කරුණාකර මට පැහැදිලි කරන්න වසරක දල වශයෙන් 0.02% වර්දනය ඔබ දකින්නේ plan කරලා ළමයි හදල ජනගහනය වැඩි කිරීමේ ප්‍රතිපලයද?

    මම පිලිගන්නවා බෞද්ධ පවුල් වල ළමයි හදන්නේ අඩුවෙන් බව, එකෙන් ජනගහනය ව්‍යාප්ත වේගය අඩු වුනොත් අනිත් ආගම්වලට බැනීම වැරදි නේද? මුස්ලිම් පවුල්වල වුනත් ගෑනු 4කුයි ළමයි 10-12 නැහැ. මේක ලෝකේ ජනගහනය වැඩි වෙනවා කියල දීපු විස්නදුමක් නමුත් අනිත් පැත්තෙන් සුළු ජනවර්ග නැති වීමත් මේකෙන් වෙනවා. දැන් කුඩා පවුල අනාගතයට හොඳයි කියපු සමහර රටවල් ළමයි හදන්න සල්ලි දෙනවා. මොකද මහලු ජනගහනය වැඩිවෙලා නමුත් වැඩ කරන තරුණ ජනගහනය අඩු වෙලා.

    මම ඉන්නේ නැගෙනහිර පළාතේ.වැඩ කරන්නේ ඉඩම් සම්බන්ධ දෙපාර්තමේනතුවේ....දැනට අවුරුදු කිහිපයකට කලින් මම වැඩ කරපු ප්‍රදේශයේ රජයේ ඉඩමක අනවසරයෙන් මුස්ලිම් පල්ලියක් හැදුවා..ඒ පැත්‍තේ හිටියේ මුස්ලිම් පවුල් කිහිපයක් විතරයි.ඒ ගොල්ලොත් උක් වතු වල කුලියට අපු අය....ඒ ගොල්ලොත් කරේ අනවසරයෙන් තාවකාලිකව අටවපු පැල්පත් වල හිටිය එකයි...ඒ මුස්ලිම් පල්ලිය මුලින්ම හැදුවේ තාවකාලිකව.ටකරන් වලින්..පස්සේ ඒක ගඩොලින් ලස්සනට හැදුවා.හදන්න සල්ලි නම් කොහෙන්ද දන්නේ නැහැ..එකක් ෂුවර් එකට සල්ලි දුන්නේ නම් අර මුස්ලිම් පවුල් දෙක තුන නෙවෙයි..ඒ ගොල්ලොන්ට පල්ලි තියා එදා වේලවත් කෑවේ බොහොම අමාරුවෙන්. දැන්කතාවට එමුකෝ..මේ පල්ලිය හැදුවේ අනවසරයෙන් වුනාට ඒක රජයේ ඉඩම් නීතිය අනුව ඉවත් කරේ නැහැ......පස්සේ ඒක ස්ථීරව ලස්සනට හැදුවා..ඒක කරේ ආගමික සහජීවනයට මුවාවෙන්...ඒක කැඩුවොත් ප්‍රශ්න ඇතිවෙයි කියලා අපි හිතුවා...මේ මුස්ලිම් පල්ලිය මොකද කරේ දන්නවද....එයාලගේ පල්ලියට අයත් භුමිය එන්න එන්නම වැඩි කර ගත්තා..මේක කරේ දවසින් දෙකෙන් නෙවෙයි....අවුරුදු දෙක තුනක් විතර හෙමින් හෙමින් වැඩේ කර ගත්තා...ඔන්න දැන් ප්‍රමාණය අක්කර 2කට කිට්ටුයි....පල්ලියේ අන්තිම වැඩේ මොකක්ද කන්නවද...මේ අක්කර දෙකින් පල්ලියට අක්කර කාලක් විතර තියාගෙන් ඉතිරි ටික පිටින් මුස්ලිම් පවුල් ගෙනැල්ලා පදිංචි කරා....දැන් මිනිස්සු ඉන්නේ පල්ලිය ඇතුලේ..නිළධාරීන් ඇවිල්ලා ප්‍රශ්න කරනකොට පල්ලිය කියන්නේ ඒ අය පල්ලි ඉඩමේ තාවකාලිකව ඉන්නේ ඉන්න තැනක් නැති හන්දා...රජයෙන් ඉඩම දුන්න දවසක ඒ අය එතනින් අයින් කරනවා කියලා...ඔන්න ඕකයි තත්වේ....මම මේ කිව්වේ උදාහරණ එකක් විතරයි...

    මචන්, මම පිගන්නවා මුස්ලිම් අය government ඉඩම් අල්ලගන්නවා, samaharu හොරකම් කරනවා, සමහරු එකතු වෙලා පල්ලි හදනවා. මම නැහැ කියන්නේ නැහැ.මම හිතන්නේ නැහැ සිංහල/දෙමල මිනිස්සු මෙහෙම් නැහැ කියල ඔබ මෙයින් අදහස් කරනවා කියල. මේකට හැම මුස්ලිම් මිනිහම වග කියන්න ඕනෑ කියල වයිර කරන එක ප්‍රශ්නයට විසඳන්නේ නැහැ. වෙන කාගේවත් ඕනෑ නැහැ මගේම පෞද්ගලික අත්දැකීම මගේම මාමාව මගේ ඉස්සරහ මුස්ලිම් වීම නිසාම වර්තමාන රජයේ ප්‍රබල දේශපාලඥයෙක්ගේ හෙන්චයියෙක් වෙඩි තබා මාරුව. කනගාටුවට කරුණ නම් මම අද සිංහල අය අතර අදහස් බෙදාගන්න හේතුව ඔහු විසින්ම මට සිංහල උගන්නන ඕනෑ, එතකොටයි සමාජය අතර අවබෝදය එන්නේ කියල සිංහල ඔහුගේම යාලු සිංහල teacher කෙනෙක් ගාවට යැවීමයි. මම අද ලංකාවේ නැහැ, අවශ්‍ය ඔක්කොම දේවල් එක්ක විදේශ රටක ඉන්නේ. මට ඕනනම් මෙතන එකට ඔක්කොමලගෙන් පලිගන්න ඇවිලෙන ගින්නට හොඳට මරාගනිල්ල මට මොකද කියල පිදුරු දන්න පුළුවන්. මෙච්චර අමාරුවෙන් type කරන්න ඕනෑ නැ, ඕගොල්ලන්ගේ ආගමික ත්රෙඅඩ් එකකට කුහරප ටිකක් දැම්මොත් ඇති. නමුත් මම දන්නවා ඒ වෙඩි තියපු එවුන් එක කලේ සිංහල හෝ බුද්ධාගම රැකගන්න නෙවෙයි, උගේ වාසියට කියල. මගේ ආගම අනුව කනේක්ගේ වරදට වෙන වයිර කිරීම ඉතා බලවත් වැරද්දක්. සහ කාටත් සදරණය ඉටු වෙයි කියන බලවත් විශ්වාසය මට තිබෙනවා.

    මම කියන්නේ නැහැ, නීති විරෝදී ලෙස වැඩ කරන අයට දඬුවම් නොකරන්න කියල. ප්‍රශ්නේ නීතිය අද සිංහල, දෙමල මුස්ලිම් කාටත් සල්ලි වලට ගන්න පුලවන්. එකයි මෙතන තියෙන ප්‍රශ්නය, නීතිය හරියට ඔක්කොටම ක්‍රියාත්මක වෙනවනම් මේවා වෙන්නේ නැහැනේද? ඒක ගැන ඇයි අපි ටිකක් හෝ අවදානය යොමු නොකරන්නේ?

    තව එකක් කියන්නම් ගල්ඔය ජනපදය පටන් ගන්නකොට නගරේ මැද හැදුවා මුස්ලිම් පල්ලියක්...එතකොට එකම එක මුස්ලිම් ජාතිකයෙන්වත් ඒ නගරෙ හිටියේ නැහැ.එතන මුස්ලිම් පල්ලියක් හදන්න කිසිම හේතුවක් නැහැ...පස්සේ කාලෙක ඒ කිට්ටුවට එක මුස්ලිම් පවුලක් ආවා...ඊට පස්සේ එයාගේ ඉඩම කැබලි කරලා තව පවුල් 3ක් පදිංචි කෙ‍රෙව්වා...ඔන්න ඔකයි මම ලංකාවේ මුස්ලිම් ව්‍යාප්තියේ ප්‍රවණතාවය..

    ඔබතුමා වගේ මධ්‍යස්ථව හිතන මුස්ලිම් ජාතිකයෝ නැහැ අද ලංකාවේ....ඉන්නේ අන්තවාදී අය තමයි.ඒ අයට ඔනේ තමන්ගේ ජාතිය වැඩි කර ගන්න..මෙතන ඉන්න ගොඩක් අයට ඔබතුමා දීපු උත්තර හිතා ගන්නවත් බැහැ....ඒත් දැන් ඒ උත්තර වලට නියමයි කියලා කොමෙන්ට් කරනවා... ඒ අය මේ ගැන දන්නේ වත් නැතුව ඇති....ඒකයි මම කිව්වේ දැන් ලංකාවේ ඉන්න වැඩි දෙනා ඇතුලතින් අන්තවාදී මුස්ලිම ජාතිකයෝ ටිකක් විතරයි කියලා....

    කරුණාකර මම මද්‍යස්ථ හා වෙන කෙනෙක් අන්තවාදී මුස්ලිම් කියා නොකියන මෙන් ඉල්ලා සිටීම, ඉස්ලාමය මද්‍යස්තයි. මගෙන් මධ්‍යස්ත බවක් ඔබ දැක්ක නම් එක මගේ ආගමෙන් ලැබුණු දෙයක් විනා වෙන කිසිවක් නෙවෙයි, ඒක පිළිගැනීමට හෝ නොගැනීමට තිබෙන අයිතියට මම ගරු කරනවා, ඒ ගැන ප්‍රශ්න කිරීමට හෝ ඒ ගැන ඉගෙන ගන්න ඕනෑතරම් නිදහස මගේ ආගමේ තිබෙන බවත් මතක් කරන්නට කමතයි. අන්තවාදීන් අන්තවාදීන් ලෙසම හඳුන්වමු, ගොඩක් වෙලාවට කුමන ආගමේ හිටියත් ඒ ආගම කියන දෙය නෙවෙයි ඔවුන් කරන්නේ, ඒ නිසා ආගම ආදේශ කිරීම ප්‍රශ්න වලට විසඳුම නෙවෙයි කියලයි මම විශ්වාස කරන්නේ.

    ඊළඟට ඔබතුමාට මම දෙන්නම් හලාල් ගැන මගේ මතය.....
    :)
     
    Last edited:

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    මචන්, උඹ කියන දේ මට තේරෙනවා. මම කවදාවත් අද තියෙන යථාර්තයෙන් මිදිලා මෙහෙම රටවල් නැහැ. සෞදිය, ඇෆ්ගනිස්ථාන් වගේ රටවල් ගැන පෙන්නන ඒවා බොරු කියල කියන්නේ නැහැ.
    මම කියන්නේ ඒක යථාර්ථයේ එක් පැත්තක් වගේම, ගිය අවුරුද්දේ UK වල කල census වලින් muslim population එක දෙගුණයකට ලං වෙලා බව පෙනී ගියා. එකෙනුත් වැඩි ප්‍රතිශතයක් converts, ඔවුන්ගේ projections වලට අනුව අනිත් sencus වල traditional muslimsලට වැඩිය convert muslims ප්‍රතිශතය වැඩි වෙනවලු.

    මේ යථාර්ථ 2ම එකම කුරානයෙන් ආපු ඒවා නම් කොහොමද පරස්පර විරෝධී ඒවා වෙන්නේ?පැහැදිලිව ඉස්ලාමයේ 1 පොතයි තියෙන්න. ඒක කාට උනත් අරගෙන කියවල අදහසක් ගන්න පුළුවන්. පිළිපදින මිනිසුන් බලල නිගමනයකට එනවනම් මේ යථාර්ථ 2ම බලන්න ඕනෑ. එහෙම නැත්තම් source කෙලින්ම ඉගෙනගෙන නිගමනයකට එන්න ඕනෑ. හරි මේ මොකුත් කරන්න මට වෙලාව නැ කියල කියනවනම්, ඔය මොකුත් ඕනෑ නැ මම judge කරන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාවෙන් කියල කියන්න පුළුවන් වෙන්න ඕනෑ. එහෙම නැතුව මුන් ඔක්කොම radical islam, තලේබාන්, හම්බයෝ කියාගෙන, මරපල්ලා කොටපල්ලා කියන එකේ තේරුම මොකක්ද? එකෙන් අනාගතයට සෙතක් වෙනවද? ඔයා හිතනවද සවුදිය radical නොවුන දාට ලංකාවේ ප්‍රශ්න විසඳෙයි කියල?

    සොරි වෙන්න ඕනි මචන් .මම උබ රිප්ලයි කරලා තිබුන එක දැක්කේ දැන් ..මරපියව් කොටපියව් කියන එකනම් අනුමත කරන්නේ නැහැ මචන් මම අද තියන ජාතිබේද ප්‍රස්නේ ගැන නෙවෙයි මචන් කතා කලේ ...අද තියන ජාති බෙදා ප්‍රශ්නයේදී පවා ඉස්මතු වෙන සමහර කාරණා 100% ඇත්ත නොවුනට , එහෙම නැත්තටම නැහැ කියන්න බහ නේද කියන එක ...දැන ඔය දැඩි මතදාරී මුස්ලිම් වරු ලංකාවෙත් ඇති වෙලා තියනවා නේද , මම කියන්නේ නැහැ හැමෝම එහෙමයි කියල නමුත් මේ දැඩි මතදාරී පිරිස වැඩි වීම කියන එක ප්‍රස්නයක් වෙනවනේ මචන් , ඔය හැම ආගමකම වගේ දැඩි මත දරින් ඉන්නවා එත් මුස්ලිම් අගමේදී මිනිහෙක්ට එහෙම වෙන්න තිය පසුබිම වැඩි ,අද ලෝකේ වෙන කුමන ආගමක් වෙනුවෙන් නැති තරම් මුස්ලිම් අගම මතබේදයට තුඩු දෙන එකක් වෙලා , මුස්ලිම් ව්‍යාප්තිය කියන එකට හේතුනම් තියනවා මචන් , දැන් වෙන ආගමක කෙනෙක්ව බදින්න යනකොට පවා තමන් දරන මතයේ නිදහස අනිත් එක්කෙනාට දරන්න පුළුවන් නිදහස අනිත් කෙනාට හිමි වෙනවා , එත් මුස්ලිම් කෙනෙක් බදිනවානම් ඒ අවස්ථාව අහිමි වෙලා ,ඔහු හෝ ඇය මුස්ලිම් විය යුතුමයි ..ය දේව වැඩි දහම් පසුබිමක හැදුනු කෙනෙක් වැඩි දියුණු උන තවත් දේව වාදී ආගමකටම මාරු වීමේ ප්‍රතිශතය වැඩි .තවත් විදිහකින් බැලුවොත් උපත් පාලනය ගැන ඉස්ලාමිය නිතින් වලත් බලපෑමක් මේ මුස්ලිම් ව්‍යාප්තිය කියන එකට බල පනවා .. මුස්ලිම් වෙන ප්‍රතිශතය වගේම secular / nonreligious / agnostic/atheist වගේ වෙන ප්‍රතිශතයත් වැඩි වෙලා තියනවා .

    ඇත්ත, නමුත් එක දැන් කැරකිලා ඒගොල්ලන්ටම වදින කලේ ඇවිල්ල. හේතුව ඉස්ලාමය තියෙන තැන එක සක්‍රීයයි. බටහිර පාලකයෝ හිතුවේ ටික දවසක් තමන්ගේ puppetල ටිකක් දාල අනිත් අයට කරා වගේ මුස්ලිම් රටවල් තමන්ගේ ක්‍රමේට හුරු කරගත්තොත් වැඩේ හරි කියල. එක හරියන්නේ නැහැ කියල තේරෙනකොට ආක්‍රමණය කරලා බලෙන් කරන්න හැදුව. දැන් තව සැරයක් මිනිස්සු නැගිටිලා, මැරුණත් තම නිදහස වෙනුවෙන් සටන් කරන ගතිය මුස්ලිම්ලාගෙන් අරන් දන්න පුළුවන් කුරාණය නැති කරොත් විතරයි, නමුත් කුරානයේ ඉස්පිල්ලක් මාරු කරනව උනත් ලෝකයේ ඉන්න අන්තිම muslims කෙනාවත් මරල තමා එක කරන්න වෙන්නේ. දැන් මේ පටන් අරන් තියෙන arab spring එක අරාබියේ රජ මාලිගවලින් තමා කෙලවර වෙන්නේ, සමහර විට එකට ටිකක් කල් යයි. නමුත් ඇමෙරිකාවට දැනටම ඒ බය ඇති වෙලා. මේ new world order වගේ ඒවත් එක්ක ඉස්ලාමයට ශක්තිමත්ව නැගිටින්න පුළුවන් ඇයි කියලා ඒ subject එකට අදාලව, ඉතිහාසයත් එක්ක වෙන තැනක කතා කතා කරමු, මෙතන එක කලොත් off-topic වෙයි.

    මේක ගැන වෙනමකත කරමු යාලු ,මේක වෙන සබ්ජක්ට් එකක්නේ

    කොයි රට කොච්චර මුස්ලිම්ද කියන ප්‍රශ්නයට ඔබගේ පිළිතුර මට පිළිගන්න බැහැ මචන්, මොකද ඔබ දන්නා ඉස්ලාමය අනුව තමා ඔබ එක මනින්නේ. අනිත් එක මචන් රටක මත්පැන් ගන්න කොච්චර ලේසි කරනවද කියන එකෙන් එකේ වර්ධනය මනින එක හරිද? මාත් ද්‍රව්‍ය කියන්නේ රටක තරුණ පරපුර වනසන දෙයක්, යුරෝපයේම දැන් බීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ, friday night pub වලින් මිනිස්සු අරන් ගිහින් treat කරන්න විතරක් health budget එකෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් වැය වෙනව, මේක ලොකු ප්‍රශ්නයක්. එත් ඔයා කියන්නේ තලේබාන් වගේ එකපාරටම අරක්කු කඩ ටික කඩල මිනිස්සු ගහල කරන එක තමා ඉස්ලාමීය ක්‍රමය කියල එක වැරදි, හොඳම උදාහරණය පළමුව prophetට මත්පැන් අහිතකරයි කියල දේව වාක්‍ය අවහම සමහර මුස්ලිම්ල ඉස්ලාමය වැළඳ ගන්න ඉස්සර තිබ්බ පුරුද්ද අත් හරින්න බැරිව බීමත් කම අත්හැර හිටියේ නැහැ, නමුත් නබි තුමා ගිහිල්ල දැන්මම මේක නවත්වන්න කියල ගහල කඩල මැරුවේ නැහැ. පළමුව කිව්වේ වඳින වෙලාවේ තමන්ගේ මනස හියාකාරව තියාගන්න, එක කරන්න බැරි වීමට තුඩුදෙන හේතුවලින් වැළකෙන්න කියා. පසුව මේ ප්‍රතිපත්තිය අනිත් වෙලාවත් පිළිපදින්න එය ඔබේ ජීවිතයට යහපත් කියල කිව්වා, අන්තිඅමට තමයි මෙය සම්පුර්ණයෙන් අත් හරින ලෙස කිව්වේ. මේ වෙනකොට ඒ බොන අය බීම පිළිබඳව දැනගෙන තමන්ම නවත්වන තත්වයක හිටිය. මේකයි ඉස්ලාමයේ approach එක, සෞදිය බලන අයට එක පෙන්නේ නැහැ, තුර්කිය බලන අයට එක පේනවා.

    බොන එකනම් හොද නැහැ... මම ඒ උදාහරණෙ ගෙනාවේ අකුරටම ඉස්ලාමිය නිතින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක කියන්න ...

    මම අනිවාර්යෙන් ලංකාවේ හැම කෙනාටම උපරිම නිදහස දීල තියෙනවා කියල පිලිගන්නවා, නමුත් අකුරට ඉස්ලාමය පිළිපදින රටක මෙහෙම නැහැ කියල හිතනවානම් එක ඔයාගේ දැනුමත් එක්ක ගත්ත තීරණයක් කියල හිතලා, මට කරන්න පුළුවන් එහෙම වෙන්නේ නැහැ කියන්න උදාහරණ ඉස්ලාමයේ අතීතයෙන් පෙන්වන්න. ඔබ මම දාපු youtube documentry එක බැලුවොත් තේරෙයි, ඉස්ලාමය පැතිරුණ හේතුව මිනිසුන්ට සදරනවා සැලකීම, දැනුමට වැදගත්ම තැනක් දීම, සාමය පවත්වාගැනීම, පාලකයින් අවංක බව වැනි දේවල්, මෙන්ම මෙච්චර ලොකු අධිරාජ්ජ්‍යක් උනාට පස්සේ පාලකයින් බලයට, මුදලට, තානාන්තර වලට තණ්හාවෙන් මේ ඉස්ලාමය කියන අංග පාලනයෙන් ඉවත් කිරීම ඉස්ලාමීය අධිරාජ්ජයන් සම්පුර්ණයෙන්ම බිඳ වැටීමට හේතු වූ බව. එකයි මම කිව්වේ අතීතය නොදැන judge කිරීම වැරදි කියල.

    අනිවා මචන් මම කතා කරන්නේ මගේ දැනුම් මට්ටමත් එක්ක ,අනිවාර්යෙන් මගේ දැනුම් මට්ටම වර්දනය කරගන්න මම සුදානම් , උබ නිකන්ම මෙහෙම වෙන්නේ නැහැ කිව්වට මම පිළිගන්න සුදානම් නැහැ මචන් . උබ මට අන් ආගමික මත දැරීමට ඉස්ලාමයේ ඇති අවස්ථාව ගැන ගැන එහෙම පැහැදිලි කරපන් , උබ තුර්කිය වගේ සමහර රටවල් පෙන්නනවානම් සහෝ මෙන්න මේක බලපන් ටිකක් පොඩි වීඩියෝ එකක් , මේක සදරණිය කරණය කරන්නකෝ ඔබ තුමාගේ දැනුම් මට්ටමෙන් , මමත් ඉගෙන ගන්න

    මචන් මගේ කිසිම අදහසක් නැහැ ජාති බෙදා ප්‍රසන සදරණිය කරණය කරන්න , මේවා ගැන අපි කතා කරන්න පටන් ගත්තේ ඔය ජාතිබේද ප්‍රසන එන්න සැහෙන්න කලින් ...
    උබට මම මගේ අදහස ගැන පැහැදිලි කරන්නම් , මිනිස්සුන්ගේ දියුණු වෙන දැනුමත් ,විද්‍යාවත් එක්ක ගොඩ නැගුන දර්ශනයන් වල පදනම් වෙන්න ඕනි මචන් , ආගම 100 % හරිය කියල ඒ මතම දැඩිව රැදෙන්න ගියොත් එතන ප්‍රස්නයක් එනවා , උබලගේ අගම කියල වෙනසක් නැහැ. එකත් ලෝකේ තියන ප්‍රදාන ආගම විස්වාසයන් 20 ගණනකින් 1 විතරයි , හරි දේ හරි විදිහටත් වැරදි දේ වැරදි විදිහටත් විස්වාසයන් විස්වාසයන් කියන එකත් මිනිස්සු වෙන් කරලා අදුන ගන්න ඕනි ,

    උබ ඔය මරපියව් කොටපියවූ වගේ ආගමික බෙදීම ගැන හරි වැරැද්ද කතා කරන නිසා මේක තේරෙනවද කියල බලපන්

    disconnecting-people.jpg