අපට වෙච්චි දේ!!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
මේ කීමට යන්නේ ලංකාවේ ක්‍රිකට් ගැනය.මෙය කිවූ සැනින් ඔබේ කට කජු ලෙල්ලක් වන බව මම දනිමි.කෙසේ වෙතත් මෙය කතා නොකර බැරි තත්වයට අප ඇද වැටී ඇත.හේතුව දිගින් දිගටම පරාජය රසවිදි අප පසුගිය දා දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තාගත පරාජයක් ලැබීමය.

විශාල පරාජයන් ගණනකට පසු දෙවන ටෙස්ට් තරගය අපි ජයග්‍රහණය කළෙමු.අපි ඒ පිළිබද අනේකවාරයක් සතුටු විය යුතු වෙමු.එහෙත් එම ජයග්‍රහණය හමුවේ අප ඉන් පසුව කල යුතුව තිබුනේ ඉතිරි තරගය ජයග්‍රහණය කිරීම නොව.යන්තම් ගොඩින් බේරා ගැනීමය.එනම් කෙසේ හෝ ජය පරාජයෙන් තොරව විසදා ගැනීමය.අපට එම ඉලක්කය හෝ සපුරා ගැනීමට නොහැකි වුයේ දකුණු අප්රිකානුවන්ගේ හැකියාව මත නොව; අපගේ නොහැකියාව මත බව තරගය බැලුවන් සාක්ෂි දරනු ඇත.එය කෙසේ හෝ අප 2-1 ක් ලෙස ජාමේ බෙර ගත් බව පිලි ගත යුතුය.

මේ කියන්නට යන්නේ පසු ගිය දා අප ලැබූ අන්ත පරාජය ගැනය.මුලින් පන්දුවට පහර දුන්නේ දකුණු අප්‍රිකාවය.ඔවුන් 301 ක් ලකුණු ලබා ගත්ත ද තණ තීරුවේ හැටියට මට නම් තවත් ලකුණු 20 ක් පමණ මදිය.ඉතාම හොද තරගයක් බලාපොරොත්තුවෙන් රුපවාහිනිය ඉදිරිපිට වාඩි වුයේ ඒ නිසාය.තරංගගේ දැවී යාම එතරම් සැලකිය යුතු නොවේ.ඒ ඔහුගේ සුපුරුදු පහරය.එය හරි ගියා නම් තරගය මෙයට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණු බව මගේ හැගීමයි.ඩිල්ෂාන්ට නම් ඇත්තේ මොලේ නැති කමය.පිට ඉන්න ඔස්සේ එන පන්දුවට කට් කිරීම ඔහු ඇද ඊයෙක කල වරදක් නොවේ.ඒ නිසා ඔහු පාඩමක් ඉගෙන ගන්නේ නැති ක්‍රීඩකයෙකි.චන්දිමාල් යනු දැනට පිටියේ සිටින පහරවල් වැඩිම ක්‍රීඩකයාය.එහෙත් ඔහු පහරවල් තොර ගැනීමේදී මෙයට වඩා සැලකිලිමත් විය යුතුය.

මුලික වසයෙන් කිව යුතු වන්නේ අපි ක්‍රිකට් බෙසික්ස් අමතක කල බවය.චන්දිමාල් පවා පන්දුව එන රේඛාවට ඉදිරි පාදය ගෙන යා යුතුය යන රීතිය පවා අමතක කර දැම්මේය.අනෙක් අතට අප සියල්ලන් ඔවුන්ගේ වේගවත් තණ තීරු වලදී අන්ද මන්ද වී ඇති බව පෙනෙන්නට තිබේ.අප කිසියම් භීතියකින් පෙලනාවක් වැනිය.සංගක්කාර යනු වේගවත් තනතීරුවලට කෑදර පිතිකරුවෙකි.ඒ නිසාම ඔහුව දව ගනුයේ කිසියම් ගුලියක් දීමෙනි.මහේලට ද ලස්සන ගුලි දෙයි.ක්‍රීඩකයන්ගේ දුර්වල තැන් ඇත.ඒවා නිවැරදිව අවබෝධ කරගෙන දක්ෂ පිතිකරුවන් දව ගත යුතුය.ඔවුන් කලේ එයයි.එහෙත් අපට එම ගුලිය අබරිය හැක්කේ ස්මිත් ට පමණක් දැයි සැකයක් ඇත.

මේ අනුව අපට හදා ගත යුතු බොහෝ දේ ඇත.මුලින් ම තරග දිනීම පැත්තක තබා කණ්ඩායම් හැගීම නංවා ගත යුතුය.ඉන් පසු ක්‍රීඩකයන් අධ්‍යයනය කල යුතුය.ඉන් පසුව බෙසික්ස් හරියට කල යුතුය.මේ සියල්ලටම පෙර රට ගැන යලි සිතන්නට පුරුදු විය යුතුය.මේ සියල්ල ආවේගයෙන් කරන ප්‍රකාශ යයි යමෙකු කිව හොත් එය සැබැය.අපට පරාජය දරා ගත හැකිය.එහෙත් අදහා ගත නොහැකි පරාජ කොහෙත් ම අනුමත කල නොහැකිය.ඒ මන් ද වෘතීය මට්ටමේ කණ්ඩායමකට රට,තණතීරුව,දේශගුණය ගැලවීමට කාරනා නොවිය යුතු නිසාය.මෙය ඩිල්ශාන්ගේ වරද නොවේ.මුළු සංයුතියේම වරදකි.වැරදි හදාගෙන ඊ ලග තරග ජයග්‍රහණය කරන්නේ නම් අප ඉතා කැමතිය.අපගේ බලාපොරොත්තුව ද එයයි.




 
වැටි වැටි සිටිම නොව දිවියක හපන්කම
නැගිටින එකයි වැටෙනා හැම මොහොතකම....
බාධක කොතෙක් තිබුනත් මේ තරග බිම
ආපසු නොහැරුනොත් ජයගත හැකිය සැම....

ක‍්‍රිඩව දේශපාලණික වෙලා පිස්සුවක් වෙලා
අපේ කොල්ලන් ගේ මොරාල් බස්සලා තියෙන්නේ.... :growl:
රට වෙනුවෙන් සෙල්ලම් කලත් මොනා කලත් ආයතනය තුල
මානසික සුවයක් නැත්තම් අපේ කොල්ලන්ට මේ වගේ දේවල්
සිදුවිම පුදුම වෙන්න දෙයක් නෙවේ....:nerd:
ක‍්‍රිඩාවේ පිඩණය මණ්ඩලයේ කචල් පීඩන මේ හැම දෙයක් තුල
මැදි වෙලා ඉන්නේ අපේ කොල්ලො...
කොච්චර හොදට තිබ්බ කණ්ඩායමක්ද???:(
 

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
ගල්පාත මහත්තයා;11838977 said:
වැටි වැටි සිටිම නොව දිවියක හපන්කම
නැගිටින එකයි වැටෙනා හැම මොහොතකම....
බාධක කොතෙක් තිබුනත් මේ තරග බිම
ආපසු නොහැරුනොත් ජයගත හැකිය සැම....

ක‍්‍රිඩව දේශපාලණික වෙලා පිස්සුවක් වෙලා
අපේ කොල්ලන් ගේ මොරාල් බස්සලා තියෙන්නේ.... :growl:
රට වෙනුවෙන් සෙල්ලම් කලත් මොනා කලත් ආයතනය තුල
මානසික සුවයක් නැත්තම් අපේ කොල්ලන්ට මේ වගේ දේවල්
සිදුවිම පුදුම වෙන්න දෙයක් නෙවේ....:nerd:
ක‍්‍රිඩාවේ පිඩණය මණ්ඩලයේ කචල් පීඩන මේ හැම දෙයක් තුල
මැදි වෙලා ඉන්නේ අපේ කොල්ලො...
කොච්චර හොදට තිබ්බ කණ්ඩායමක්ද???:(

ow machan.eth mewa dakiddi waawanne na.:no::no::no:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මං දැක්ක එක නිව්ස් සයිට් එකක නිකන් නෝන්ඩියට වගේ..ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයක් ලබාගැනීමට සමත්විය කියල දාල තියෙනවා :baffled:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මං දැක්ක එක නිව්ස් සයිට් එකක නිකන් නෝන්ඩියට වගේ..ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයක් ලබාගැනීමට සමත්විය කියල දාල තියෙනවා :baffled:

    india da
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවක්. අපේ ටීම් එකට බැනල වැඩක් නෑ. ක්‍රීඩාවට දේශපාලනේ ගාවගත්තම ඔහොම වෙනව. ටීම් එකේ මානසිකත්වය හදන්න ඕනෙ ඔක්කොටම ඉස්සෙල්ල. කන්ෆිඩන්ස් නැති වෙලා තියෙන්නෙ කට්ටියගෙ දැන්. මම නම් කියන්නෙ කොන්ද පන තියනවනම් අර තේරීම් කමිටුව කියන මෝඩ රැල ඉල්ලා අස් වෙන්න ඕනෙ. ටීම් එකට හරියට පඩි ගෙවලත් නෑලු. ඉතින් උන් කොහොමද ගේම් එකට කන්සන්ට්‍රේට් කරන්නෙ? මේ වෙලාවෙ ටීම් එකට බනින එක නවත්තල ඉස්සරහට මොනවද කරන්න ඕනෙ කියල හිතන්න ඕනෙ.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ක්‍රිකට් අවිනිශ්චිත ක්‍රීඩාවක්. අපේ ටීම් එකට බැනල වැඩක් නෑ. ක්‍රීඩාවට දේශපාලනේ ගාවගත්තම ඔහොම වෙනව. ටීම් එකේ මානසිකත්වය හදන්න ඕනෙ ඔක්කොටම ඉස්සෙල්ල. කන්ෆිඩන්ස් නැති වෙලා තියෙන්නෙ කට්ටියගෙ දැන්. මම නම් කියන්නෙ කොන්ද පන තියනවනම් අර තේරීම් කමිටුව කියන මෝඩ රැල ඉල්ලා අස් වෙන්න ඕනෙ. ටීම් එකට හරියට පඩි ගෙවලත් නෑලු. ඉතින් උන් කොහොමද ගේම් එකට කන්සන්ට්‍රේට් කරන්නෙ? මේ වෙලාවෙ ටීම් එකට බනින එක නවත්තල ඉස්සරහට මොනවද කරන්න ඕනෙ කියල හිතන්න ඕනෙ.

    ඔව් බන් world cup එක පැරදුනා කියල කොහොමත් අපේ කොල්ලන් ගෙ මොරාල් බස්සල තියෙන්නෙ ! ඔය මැච් එක පාරාද උන හැටියට මල් හතම අපිට පැන්නට එතන ඇතුලෙ තියෙන්නෙ වෙනම සිද්දියක් ! :dull::dull::dull: