අපට සමාන ග‍්‍රහලොවක්

vajiracj

Member
Mar 30, 2007
45
6
0
අපට සමාන ග‍්‍රහලොවක්

නාසා තාරකා විද්‍යාඥයන් ජීවීන් පැවතිය හැකි ග‍්‍රහලොවක් සොයා ගෙන ඇතැයි යන්න පසුගියදා ලොව පුරා පැතිර ගිය වඩාත් සිත්ගත් ආරංචිය විය. අපේ සූර්යයට සමාන තරුවක් වටා සෑදුණු සෞරග‍්‍රහ මණ්ඩලයක ජීවය පැවතිය හැකි කලාපයක පිහිටි නිල්වන් ග‍්‍රහලෝකයක් (blue planet) ඇතැයි අසන්නට ලැබීම අසිරිමත් දෙයකි.

මේ හෙළිදරවුව කරගෙන ඇත්තේ නාසා ආයතනයේ කෙප්ලර් මෙහෙයුම (Kepler Mission) මගිනුයි. මෙම කෙප්ලර් මෙහෙයුම පසුගිය වසර තිස්සේ ම ඇදහිය නොහැකි වේගයකින් නව ලෝකයන් සොයා ගනිමින් සිටියි. ඒත් ජීවීන් පැවතිය හැකි නව ග‍්‍රහලොවක් ඇතැයි සොයා ගත් පළමු වතාව මෙයයි. මේ නව ග‍්‍රහලොව ෆැරන්හයිට් 72ක පමණ මතුපිට උෂ්ණත්වයක් ඇති එකකි. එම උෂ්ණත්වය අපේ පොළොවේ වසන්ත කාලයේ උෂ්ණත්වයට සමානය.

නාසාහී ඒමිස් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විලියම් බොරුකීගේ මෙහෙයවීමෙන් ඇමරිකාවේ කානෙගී ආයතනයේ ඇලන් බොස් ඇතුළු පර්යේෂක පිරිස කේප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් තරු 155,000ක දීප්තිය විමර්ශනය කර පෘථිවියට එවන ලද ප‍්‍රකාශමිතික දත්ත භාවිත කොට කරන ලද මෙම නිරීක්ෂණ ඇස්ට්‍රෝෆිසිකල් ජර්නල් නම් වූ තාරකාභෞතික විද්‍යා සඟරාවෙහි ළඟදීම පළවනු ඇත.

Read more on මල් කැකුළු