අපයෝජනය

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
දරුවන් අපයෝජනයට ලක්‌වීම වැළැක්‌වීම සඳහා
සියලුම පාසල් වෑන් රථ ලියාපදිංචිය අනිවාර්යයි

බලපත්‍ර ලබාදීම ජනවාරි සිට


පාසල් සිසුන් ප්‍රවාහනය කරන සියලූම වෑන් රථ ලියාපදිංචිය අනිවාර්යය කිරීමට රජය තීරණය කර ඇත.

පාසල් වෑන් රථ තුළදී දරුවන් අපයෝජනයට ලක්‌වීම වැළැක්‌වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ළමා ආරක්‍ෂක අධිකාරිය පවසයි. ඒ අනුව දිවයිනේ සියලුම පාසල් වෑන් රථ සඳහා බලපත් නිකුත් කිරීම ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක බව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති අනෝමා දිසානායක මහත්මිය "දිවයින"ට පැවසුවාය. මෙහි පළමු අදියර යටතේ බස්‌නාහිර පළාතේ සියලුම පාසල් වෑන් රථවලට බලපත්‍ර නිකුත් කිරීම මේ දිනවල සිදු කෙරෙන බව ඒ මහත්මිය කීවාය.

රජයේ අනුමත බලපත්‍ර තිබේද යන්න පිළිබඳව ජනවාරි මාසයේ සිට බස්‌නාහිර පළාතේ පාසල් වෑන්රථ සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කරන බවද ඒ මහත්මිය පැවසුවාය.

අනුමත බලපත්‍ර රහිත පාසල් වෑන් රථ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පැවසු ඒ මහත්මිය හැකි ඉක්‌මනින් වාහන හිමිකරුවන් හා රියදුරන් විසින් ඇඟිලි සලකුණු ලබා දීමත්, අයදුම්පත් බාරදීමෙන් අදාළ බලපත්‍ර ලබා ගැනීමත් අනිවාර්ය බව ඒ මහත්මිය අවධාරණය කළාය.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, සමස්‌ත ලංකා පාසල් වෑන් රථ සංගමය හා සිවිල් ආරක්‍ෂක ප්‍රවාහන සංගමය මෙම වැඩපිළිවෙළ සඳහා දායක වී තිබේ.