අපරාදේ කොල්ලව මැරුවේ.....

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    අතීතයෙන් බිඳක්

    අපරාදෙ කොල්ලව මැරුවේ.....

    රුපියල් සත පස්සේ වේගයෙන් හඹායන වර්තමාන ලෝකයේ මිනිස් ජීවිතයක ඇති වටිනාකම බාල්දු වී ගොස්ය. මිනිසුන් තමන්ගේම වරිගයේ එවුන් කිසිදු පාපයක් නොසිතා මරා දමන්නේ තමන් සැපසේ ජීවත්වන්නට සිතා ය. තවත් කෙනකු දහඩිය මහන්සියෙන් හරිහම්බ කරන දේ තවත් අයකු විසින් පැහැර ගන්නේ එම වස්තුවට ලොබ බැඳ ය. එහිදී රටක් වටිනා ජීවිතයක් වුවත් වළපල්ලට යවන්නට තන්හාවෙන් මුසපත් වූ සුළු දෙයක් ය.

    කඳුවලින් වටවූ රාගල ගම්මානයේ දිවිගෙවූ ලෙච්චමීගේ දරු පවුල ජීවත් වීමට වෙර දැරුවේ දහඩිය මහන්සියෙන් හොයාගන්නා සොච්චම් මුදලෙනි. දරු තිදෙනකුගෙන් යුත් පවුලේ දරු දෙදෙනකු විවහාප්‍රාප්තව දුර ඈත විසුව ද තම බාලම පුත්‍රයා වූ ප්‍රභාත් මවුපියන් සමඟ වාසය කළේ පවුලේ ආදරය නොඅඩුව ලබා ගනිමින් ය. ප්‍රභාත් රාත්‍රීයේ සීතල පිනි වැස්සේම අවදිව තම පියාගේ සිල්ලරබඩු කඩයට යෑමට පා එසවූවේ ය.

    “මම කඩේට යනවා ඔයාලා දොරවල් වහගෙන නිදා ගන්න...”

    නින්ද පලාගිය රාත්‍රිය ගෙවී ගොස් අලුයම උදාවෙමින් තිබුණේ අලුත් දවසකට මංපෙත් විවර කරමින් ය. ඇය අරුණෝදයට රිසි සේ උදාවන්නට ඉඩදී නිවෙසෙහි දොර හැරියා ය. පාන්දරින් කඳු මාවත දිගේ දිවගෙන ආ දෙමළ කොලු ගැටයා විසල් කරගත් දෙනෙතින් යුතුව පැවසුවේ හදවත පුපුරා යන්නට ඉඩදුන් කතාවකි. ඇයට එය ඇසුණේ සිහිනයෙන් මෙනි.

    “මේ ඇහුණ ද?”

    “පුතා කඩේ නැහැයි කියන්නේ...”

    මං ගිහින් බලලා එන්නම්...” කුමාරසාමි මදක් තිගැස්මෙන් යුතුව තම බිරියට පැවසුවේ ය.

    කෙසේ වුවද තම පුතුට කුමක් හෝ අතුරු අන්තරාවක් වී ඇතිබවට සැක සිතූ කුමාරසාමි දෙනෙතින් නොහැඬුව ද හදවතින් හඬමින් දිවගියේ රාගල පොලිසියට ය. “අනේ...සර් මගේ පුතා තමයි රෑට කඩේ නිදාගන්නේ....ඊයේ රාත්තිරියේ පුතා කඩේට යනවා කියලා යන්න ගියා. හැමදාම උදේට එනවා. අද ආවෙ නැහැ. කඩේ තිබ්බ සේප්පුවත් කඩලා සල්ලි අරගෙන ගිහින්. මට මොනව නැතත් මගේ පුතාව හොයලා දුන්නොත් ඇති සර්...”

    කුමාරසාමි තම බාලපුතුගේ අතුරුදන්වීමෙන් හොඳටෝම සසලව සිටියේ ය.

    සියල්ල සාවධානව අසා සිටි රාගල පොලිස් ස්ථානාධිපති අජිත් ධර්මපාල මහතා සිද්ධිය වූ ස්ථානයට යනවිටත් සිල්ලර කඩය පුරාම යකුන් නැටූ පිට්ටනියක් සේ ය. බඩු මූට්ටු පෙරළා දමා යකඩ සේප්පුව විවෘත කර එහි තිබූ මුදල් ද රැගෙන ගොස් ය.

    “මේක නම් මංකොල්ලයක් වගෙයි...ඒත් කඩේ හිටිය මිනිහට මොකද වුණේ...”

    පොලිසිය විමර්ශන කටයුතු ඇරඹුව ද කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට තරම් දෙයක් නොලැබිණි. කුමාරසාමි ලෙච්චමී දෙමහල්ලෝ උදාවන හැමදිනකම පොලිසියට පැමිණ තම දුක කීහ.




    මේ අතර පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රදේශයේ සියලු සංවිධාන හා ත්‍රීරෝද රථ රියැදුරන් ගෙන්වා ප්‍රභා ගේ අතුරුදන්වීම පිළිබඳ දැනුම්වත් කළේ ය. තම පෞද්ගලික දුරකථන අංකය පවා ත්‍රීරෝද රථ රියැදුරන්ට ලබා දුන් ඔහු තොරතුරක් ලද වහාම තමා දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

    කාලය ගෙවී ගිය ද තොරතුරක් නොලැබීම ප්‍රභාගේ වියෝව ඈතින් ඈතට සැඟවී ගොස් තිබිණි.ඒ වන විටත් ප්‍රභා අතුරුදන්ව දින 85 ගෙවීගොස් තිබිණි. ලෙච්චමීත් කුමාරසාමිත් කෝවිල් ගානේ දෙපය රිදෙනතුරු ඇවිද දෙවියන්ට කීවේ තම ආදරණීය පුතු සොයාදෙන ලෙස ය.

    කාලය ගෙවී ගියේ එක් මොහොතක ප්‍රභාගේ අතුරුදන්වීම පිළිබඳ පුංචිම පුංචි හෝඩුවාවක් රැගෙන පොලිසියට එන්නේ ත්‍රීවිල් රථ රියදුරෙක්මය. ඔහු කෙලින්ම ගොස් පොලිසියේ ලොකු මහතා හමුවුණේ ය.

    “සර්...මං එක්ක මිනිහෙක් හයර් එකක් ගියා...යනකම්ම පොලිසියට බැන බැන තමයි ගියේ...”

    ලොකු මහත්තයා කල්පනා කළේය.

    “ඒ මිනිහා පිස්සෙක් ද?”

    “නැහැ...සර් මොනවා හරි මිනිහා දන්න දෙයක් හංගනවා වගේ...” රියැදුරා කීවේය.

    ලොකු මහත්තයා කල්පනා කොට අපූරු උපායක් යෙදුවේ ය.

    “හරි...ආයේමත් මිනිහා හම්බවුනොත් උඹත් පොලිසියට බැනපන්...ඔක්කොම දේවල් අහගනින්...”

    හරියටම දින දෙකකට පසු එම ත්‍රීවිල් රියැදුරුට ඒ මනුස්සයා හමුවිය. දෙදෙනාගේ මාතෘකාව වූයේ පොලිසියෙන් සිදුවන හිරි හැර ගැන ය.

    “බය වෙන්න එපා...ගැහුවොත් ගහපන්...ඉතුරු ටික මං බලාගන්නම්... අපේ අනිල් අයියට මං කියන්නම්...”

    හමුවූ අපූරු මිනිහා ත්‍රිවීල්කරුට කීවේ ය. ආයේමත් පසුවදා එන්නට ද ගිවිසා ගත්තේ ය.

    ත්‍රීවිල් රියැදුරු එක පිම්මට ගියේ පොලිසියට ය. සියල්ල නොවලහා කීවේ ලොකු මහතාට ය.

    “හරි...උඹ හෙටත් ඔහොම ම පලයන්...අපි ඉන්නවා මඟ...”

    පොලිසිය යම් තීරණයකට එළැඹ සිටියේ ය. සිවිල් ඇඳුම් ලාගත් නිලධාරීහු පිරිසක් ඕනෑම දෙයකට සූදානම්ව මග රැක සිටියහ.

    ත්‍රීවිල් රථ රියැදුරු සැකකාර පුද්ගලයා සමඟ රථයට ගොඩවිය. මඳ දුරක් යද්දීම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

    ඔහු නමින් “ෆෙඩ්රික් ය.” ඔහුව පොලිසියට රැගෙන ගොස් දැඩිලෙස ප්‍රශ්න කරමින් ඔහු දන්නා දේ වමාරවා ගැනීමට පොලිසියට ඒ හැටි අපහසු නොවීය. හොඳහැටි හෙම්බත්ව සිටි ෆෙඩ්රික් පොලිසිය ඉදිරියේ තොරතුරු සියල්ල අනාවරණය කළේ ය. ඒ සමඟම අපරාධ ගණනාවක සුලමුල හෙළිවන්නේ අබිරහස් ලෙස වැළලී ගිය බොහෝ සිදුවීම්වල සැබෑව එකින් එක එළියට එමින් ය. එකොළොස් වතාවක්ම වෙළෙඳසල් බිඳ මුදල් කොල්ලකා තිබුණේ මොවුන් ය.

    “දැන් ඉතින් කියපන්...තංගවේලු මුදලාලිගේ පුතාට මොකද කළේ...කෝ දැන් මුදලාලිගේ පුතා...”

    කෝපයෙන් වියරුව සිටින ස්ථානාධිපතිවරයාගේ හඩින් ෆෙඩ්රික් සට සට ගා වෙවුලන්නට වූයේ ය.

    “කියපන්, කෝ මුදලාලිගෙ පුතා...”

    තවත් නිහඬව සිටීම අනුවණකමකැයි සිතූ ඔහු කටහඬ අවදි කරන්නට පටන් ගත්තේය.



    “ සර්...අපි එයාව මරලා දැම්මා...”

    කාගේත් බලාපොරොත්තු සුන් වී ගියේ දුක්බරව ය. වේදනාවෙන් යුතුව එකිනෙකා මුහුණට මුහුණ බලද්දී අපරාධකරුවා තමන් හවුලේ කළ අපරාධය ගැන පාපොච්චාරණයක යෙදුණේ ය.

    “එදා හොඳට හඳ පායලා තිබුණ දවසක් සර්...අපි ළඟ සතයක්වත් තිබුණේ නැහැ. අපි හිතාගත්තා මුදලාලිගේ කඩේ සල්ලි ලක්ෂ දෙක තුනක්වත් ඇති කියලා. මුදලාලිගෙ පුතා හැමදාම රෑට කඩේට යන බව අපි දැනගෙන හිටියා. අතරමඟදී මිනිහට ගහලා යතුරු කැරැල්ල ගන්න හිතුවා. ඉස්සෙල්ලම මැදවත්ත කනත්තට ගිහින් අඩි හයක වළක් හෑරුවා. මුදලාලිගෙ පුතා මරලා ඒකට දාලා වහලා නිසොල්මනේ ඉන්නයි අපිට ඕන වුණේ...”

    ෆෙඩ්රික්ගෙන් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගන්නට හැකිවීමෙන් අබිරහසක් වී වැළලීමට යා තිබූ අපරාධයේ සුලමුල හෙළිදරව් විය.

    මහ රාත්‍රියේ තනිමඟ ආ ප්‍රභාත්ගේ ඉණේ සඟවාගෙන තිබූ යතුරු කැරැල්ල උදුරාගත් අපරාධ කල්ලිය ඔහුගේ ගෙල සිරකර දැමුවේ නයිලෝන් නූලකින් දෙපසට ඇදීමෙනි.

    රාත්‍රියේ නිවෙසින් පිටව ආ ප්‍රභාත්ගේ මාරයා ඒ රාත්‍රී අන්ධකාරයෙහි කොතැනක හෝ සැඟවී සිටින බව කිසිවකු දැන සිටියේ නැත. තාත්තාගේ සිල්ලර කඩය රාත්‍රියට තනිරැක්ක ප්‍රභාත්ට ආයේමත් හුස්ම ගන්නට මේ අපරාධ කල්ලිය ඉඩ තැබුවේ නැත. ප්‍රභාත් මරා සොහොනේ වළ දැමූ ඔවුහු තම කාර්යය නිමවා ආපසු දිව ආවේ කඩය වෙතට ය. සේප්පුව කඩා බිඳ දමා මුදල් සෙවූ ඔවුන්ට අන්තිමට හමුවූයේ රුපියල් දහසේ කොළ තුනකි.ලක්ෂ ගණනක් මුදල් පිළිබඳ සිතිවිල්ලෙන් සිටි මංකොල්ලකරුවන්ට හිමිවූයේ රුපියල් දහසේ කොළ තුන පමණකි.

    “අපරාදෙ කොල්ලව මැරුවේ...” යන හැඟීම් ඔවුන් තුළ ඇතිකළේ දුකකි. විවාහයට ලක ලැහැස්ති වෙමින් සිටි “ප්‍රභා” තරුණ වියේදීම මරු වසඟයට ගියේ මුදලට ලොබ බැඳි අමන රැළකගේ පාපකාරී සිතිවිල්ල නිසා ය. ප්‍රභාගේ සිරුර සොයා මැදවත්ත සුසාන භූමිය වෙත ගිය පොලිසිය එහි වැළලී ගිය “ප්‍රභා” ගේ සිරුර ගොඩගත්තේ ය. ප්‍රභාගේ හුස්ම පොද පැහැරගත් ඝාතකයෝ එම වරදට සිපිරිගෙට පය තබද්දී “ප්‍රභා” වැළලී ගිය වළතුළම නැවතත් මිහිදන් වූයේ ඔහුට ආදරය කළ පවුලේ ඥාතීන්ගේ කිසිදා නොනිමෙන සෝ සුසුම් මැදය.

    මධ්‍යම පළාත බාර නියෝජ්‍ය පොලිස්පති නිමල් මැදිවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දයානන්ද බණ්ඩාර, සහකාර පොලිස් අධිකාරී තිබ්බොටුවාව යන මහත්වරුන්ගේ උපදෙස් මත උප පරීක්ෂක උදය කුමාර ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පැවැත්වූහ.

    නන්දි අලුත්ගේ රත්නවීර
    මහතාගේ ලිපියක සම්ශිප්තයකි
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    උබ දැන් මරන, කොටන, කපන ඒව දානව වැඩියි
    ගේමක් දෙන්නද යන්නෙ කාට හරි :eek:
    උඹ පරිස්සමෙන් හිටපන්. උඹ සද්දේ වැඩි නිසා ගේම දෙන්න හදන්නේ..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,592
    125,005
    113
    දෙහිවල
    උබ දැන් මරන, කොටන, කපන ඒව දානව වැඩියි
    ගේමක් දෙන්නද යන්නෙ කාට හරි :eek:
    ඔයාට කොහොමත් අපි ගේමක් දෙන්න ඉන්නෙ.. සද්ද වහලා ඉන්න මේකෙ ඉන්නවනම්.. ඔවර්