අපරාධකරුවන්ගේ "භය"

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,628
    113
    colombo
    අපරාධකරුවන්ගේ "භය"

    "බය" ගැන කියා 2020 දී ගෝටාබය නවත්තන්නට බැරිය...
    2015 ජනාධිපතිවරනයෙන් පස්සේ රට කොහොමත් තිබ්බේ අයාලේ යන තැනකය. මහින්ද මහත්තයාටත් වඩා ඔහු වටා උන් වන්දිභට්ටයන්ගේ විකාරරූපී රංගනයන්ගෙන් ⁣හෙම්බත් වී සිටි මිනිස්සු යහපාලනය නම් විනීත බලාපොරොත්තුවක් ඉටු කරගන්නට ජන්දය දුන්නේ ඒ ගැන වගේ වගක් නැති ගොබිලන් පිරිසකටය. ඉබේ ඇඟට කඩන් වැටුණු බලයට මොනවා කරගන්නටදැයි අදටත් සිහි එලවා ගන්නට නොහැකිව දඟලන යහපාලනය නම් මේ ⁣මුග්ධ පාලනය දැන් සම කල හැක්කේ යන්ත්රයේ ආධාරයෙන් පණ නල රැක ගන්නා මරණාසන්න රෝගියෙකුටය. මැරිලා නැතැයි ලඟම නෑදෑයන් හට ඇති හිතේ සන්තෝසය හැ⁣⁣රෙන්නට මේ ලෙඩාගෙන් රටට තබා උටවත් වැඩක් ඇති බවක් පෙනෙන්නට නැත. නිකම් මැෂින් කරකවන්නට යන වියදම විතරය. මේ තත්ත්වය තුල අද මොන කෙනෙක්වත් ඉතිරි පාලන කාලය තුල රටට කුමක් කල යුතුදැයි කතා කරන්නේද නැත. උග්රම යූඇන්පී කාරයෙක් වත් මේ ආණ්ඩුව රටට වැඩදායක ඉදිරිගාමී යමක් කරයි යැයි හිතන පාටක්ද නැත. මේ හන්දා කාගේද කතාව 2020 ගැනය. එයින්ද එක් අපේක්ෂකයෙක් ගැනය. ඒ ගෝටාය....
    ගෝටාට කැමති විශාල පිරිසක් සිටිති. ඒ විශේෂයෙන්ම සිංහල බෞද්ධ ප්රජාව තුලය. මධ්යම පාන්තිකයන් අතරය. ඒ මන්දැයි අමුතුවෙන් අටවා ටීකා ටිප්පණී අවශ්ය නැත. තිස් වසරක යුද්ධය නිම කරන්නට ගෝටා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කලේය. ඒ අතරම අගනුවර කේන්ද්ර කරගත් සිංගප්පූරු පන්නයේ දියුණුවක හැඩතල අප රටට ඔහු හඳුන්වා දුන්නේය. මේ කරුණු සිංහලයා තුලද ලංකාවේ මධ්යම පාන්තික ජන මනස තුලද ගෝටා ගැන ගෞරවනීය සෙනෙහසක් ඉතිරි කල බව අවිවාදිතය. ඒ අතරම ලංකාවේ අත්යන්තයෙන්ම උදාසීන පසුගාමී රාජ්ය සේවය හොල්ලා ⁣වැඩ කරගන්නට ඔහුට හැකිවීම අපවැනි ආසියාතික රටක නායකයෙකු තුල මිනිස්සු බලාපොරොත්තු වන දැඩි බව ඔහු තුල ඇති බව මිනිසුන් අතර සපථ කලේය. මේ දැඩි යයි කියන පාලනය 2015 වන විට යම් ප්රශ්නකාරී බවක් ඇති කරමින් තිබු බව ඇත්තය. මිනිස්සු යහපාලනය තෝරාගන්නට එයද හේතුවක් වුනු බවත් ඇත්තය. ඉන් පසු යුගයේ දැඩි වේවා මෘදු වේවා මොනම වත් පාලනයක් නැති තත්ත්වයක් තුල රට අයාලේ ගිය හැටි දැක්ක ඉහත කී මිනිස්සුන්ම බොහෝ දෙනෙක් එවන් දැඩි පාලනයක් නැතිව මේ රට දුවන්නට බැරි යැයි පිලිගන්නා තත්ත්වයට පත්ව ඇත. අපේ රටේ දේශපාලනයේ වාස්තවික තත්ත්වයන් වෙනස් වන්නේ එවන් පුදුමාකාර ⁣විදිහටය.
    හැබැයි සියල්ලෝම ගෝටාට කැමති නැත. සමහරෙක් ගෝටාට බයය. ආයෙත් සුදුවෑන් එනවා යැයි බයය. රතුපස්වල මතක් කරමින් බය වෙනවාය. මාධ්ය මර්දනය වේ යැයි බයය. මොන මොනවා හරි කියමින් බය වෙනවාය. මේ සියලු ආකාරයේ "බය" වලට 2015 දී යම් වලංගුතාවයක් තිබුනේ නම් මේ වන විට ඒවා බහුතර මිනිස්සු අතර අවලංගුය. එය⁣ට හේතුව ඔය හැම චෝදනාවක්ම අදටත් චෝදනා විතරක්ම වීමය. ඒවා අහලාම මිනිස්සුන්ට එපා වෙලාය. චෝදනා වලින් පමණක්ම ආණ්ඩු ගෙනියන්නට පුලුවන් නම් මේ ආණ්ඩුව මේ කපේ පෙරලනවා බොරුය. හැබැයි ඇත්ත ලෝකයේ එහෙම නැත. අනිත් කාරණාව ඔය චෝදනා කරන හැම ⁣දේශපාලන පක්ෂයේම කිල්ලෝට වලත් හුණු ඩිංග ඩිංග හරි තියෙනවාය. සාමාන්ය මිනිස්සු ජන්දයකදී හිතන්නේ එහෙමය. ඔවුන් හොඳ නරක කිරලා මැනලා බලනවාය. එහෙම නැතුව සර්ව නිර්දෝෂී මිනිස්සුන්ම හොයනවා නම් මේ රටේ ජන්ද ටික ඔක්කොම දාන්නට වෙන්නේ මහ මුහුදටය.
    එහෙම බලාගෙන යන විට 2020 ගෝටා එන එක නවත්වන්නට බැරිය. එක එක ආකාරයේ "බය" ගැන කියා ගෝටාබය එන එක නවත්වන්නට බැරිය.
    ඇත්තටම ගෝටාබය වැනි නායකයෙකුගෙන් මේ රටට වැඩක් කරගත හැකි යයි මම සිතන්නෙමි.. අප වැනි උදාසීන පසුගාමී චින්තන රටාවක් සහිත ආසියාතික රටවල් නිකම්ම නැගිටින්නේ නැත. ආර්ථික වශයෙන් ස්ථාවර තැනකට රට ගෙන යාමට නම් යම්කිසි ක්රමවේදයකට රට අවුරුදු දහයක්වත් ගෙනයන්නට ඕනෑය. ඒ කරන පාලකයා මිනිස්සු ඇහැරවා තබාගන්නට සමත් වන අයෙකු පමණක් නොව කරන හැම මගුලකටම විරුද්ධ වෙන සංස්කෘතියේ කොටස් කරුවන් පාලනය කර ගන්නටද පුලුවන් කෙනෙකු වෙන්නට ඕනෑය. මේවා බටහිර දියුණු රටවල චින්තනයන් හා පෑහෙන්නේ නැති වෙන්නට පුලුවන් වුනත් මේ අපේ රටය...අ⁣පේ මිනිස්සුය...අපේ රටත් මිනිස්සුත් දූෂිතය...බහුතරය රටට ආදරය ඇත්තෝ නොවෙති...ඇඟිල්ලෙන් ඇන කිව්වොත් මිසක් වැඩක් නොකරති...ඒ සංදර්භය තුල ගෝටා වැනි නායකයෙකු හැර වෙන අයෙකුට මේ රට ආර්ථික වශයෙන් හෝ විනය අතින් හදන්නට පුලුවන් යැයි පෙනෙන්නේ නැත
     

    sansun_podda

    Member
    Oct 15, 2014
    37
    1
    0
    මල්ලි ඔයාගෙ මැසේජ් ෆුල් වෙලා රිප්ලයි කරන්න බෑ. request එකක් දැම්ම acpt කරන්න
    tupac97 has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය


    ගෝඨා එන්නේ මේ දේශපාලන ගමන් මගේ තවත් අදියරක් දිගු කරන්න නම් එයින් ඇති වැඩක් නැත... ඒ කියන්නේ ගෝඨා පිටිපස්සේ හිඳ ගෝඨාව තල්ලු කරන නඩය අනුව ඔහු මෛතී‍්‍ර වැනි පඹයෙක් වුවහොත් තීරණාත්මක දේශපාලන හැරවුම අපතේ යනු ඇත... ගෝඨා පැමිණිය යුත්තේ තල්ලුවකින් මේ පාරෙම යන්නේ නම් එය වැඩක් නැත... ගෝඨා යා යුත්තේ වෙනමම මගකි... එහිදී ඇතැම් විට තමන්ගේ දකුණු අත ද වම් අත ද අයින් කර ගැනීමට සිදුවනු ඇත...
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World


    ගෝඨා එන්නේ මේ දේශපාලන ගමන් මගේ තවත් අදියරක් දිගු කරන්න නම් එයින් ඇති වැඩක් නැත... ඒ කියන්නේ ගෝඨා පිටිපස්සේ හිඳ ගෝඨාව තල්ලු කරන නඩය අනුව ඔහු මෛතී‍්‍ර වැනි පඹයෙක් වුවහොත් තීරණාත්මක දේශපාලන හැරවුම අපතේ යනු ඇත... ගෝඨා පැමිණිය යුත්තේ තල්ලුවකින් මේ පාරෙම යන්නේ නම් එය වැඩක් නැත... ගෝඨා යා යුත්තේ වෙනමම මගකි... එහිදී ඇතැම් විට තමන්ගේ දකුණු අත ද වම් අත ද අයින් කර ගැනීමට සිදුවනු ඇත...

    mama nm hithnna bn gota wanei kyl :confused::confused::confused:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇස්දෙක පිහදාල බලපන් ගෝටගෙ ඇඟේ එල්ලිල ආණ්ඩුබලය ගන්න සෙට් එක දිහා. මොන එකා ආවත් ඔය පිසාචයොන්ගෙන් ගැලවීමක් නැතිවෙයි
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොදට ලියලා තියේ...
    හුගාක් අය මහින්ද පාලනේ ගොඩ දාලා බොරු ලියන්න හරි රවට්ටන්න ලියද්දී මේකේ නම් ඇත්ත ගොඩක් තියේ...
    2015 මෛත්‍රීට සහයෝගය දීපු බහුතරයක් චන්ද දායකයා අතේ තමයි ගෝටාව දිනවන්නත් යෂ්ටිය තියෙන්නේ .... පාවෙන චන්ද...

    මුලම ලියලා තියෙන වන්දිභට්ටයන් ගෝටා වටාත් යන්න අර අදියි..
    ගෝටාගේ පසනැලිටිය බලයට ඕනෑවටත් වඩා කෑදරකමක් නොතිබෙනතාක් තියේවි...
    මහජනයාගේ යුතුකම හෙන්චයියන් නොවී, හෙන්චයියන් මගහැර සැබෑ දක්ෂයාට හයියක් වෙන එක