සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුනේය. වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමග එකම සිර කුටියේ සිටියේය.
පසුකලෙක (තමා සමග එකට සිරබත් කෑ) වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට ජනාධිපතිවරයාගේ උපන් දිනය දා සමාව ලබා දුන්නේය.
ඒ අනුව සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ සිරකරු 2013 නොවැම්බර් මස 24 වන දා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කල අතර ඔහුට 2014 පෙබරවාරි මස 4 වන දා ජනාධිපතිතුමා විසින් තුන්රෝද රථයක්ද ප්රදානය කරනු ලැබීය. ඒ සදහා අරලියගහ මන්දිරයට ගොස් ජනාධිපතිතුමා හමුවීමටද අවස්ථාව ලබා දී තිබුනි. 17 වෙනි වියේදී සිර ගෙදරට පැමිණි ඔහු වසර 41 ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58 ක වියපත් මිනිසකුව සිටියේය.