මොකක් හරි හේතුවකට බඳින්නේ නැතුව මග අරින්න හදනවා වගේ. ගෙදරට ගිහින් බැනලා අකමැත්තෙන් බැන්දයි කියලා දෙන්නට හොඳින් ජීවත් වෙන්න බැහැනේ ඒ නිසා ඔය කසාදේ නොකෙරෙන එක හොඳයි.
kari wade. masters puke gahaganna denna one ponnayatanettam police case ekak dala travel ban ekak danna puluwan.

මොකද love affair එකක් නෙවෙයිනෙ. ඒ නිසා.
වන්දියක් ඉල්ලලමෙහෙම case එකකට වන්දියක් ඉල්ලල අපහාස නඩුවක් දාන්න පුලුවන්ද?
මචං මේකයි. අපෙ පුන්චිගෙ දුවට proposal එකක් බලල ඔක්කොම set කරන් හිටියෙ. hotel එකට 1 lax advance බැඳල නැකත් බලල කසාදෙට දිනත් දාගෙන හිටියෙ. ගෙවල් දෙකට ගිහින් ඔක්කොම ඒවත් කරා. දැං මේ besicaya කියනව දැම්ම marry කරන්න බෑලු. උට masters කරන්න රට යන්න ඕනෙලු. 2yrs වලින් ඇවිල්ල තමා කරන දෙයක් කරන්න ඕනෙ කියල. දැං අපෙ පුංචිලාට හෙන අවුල්. එහෙ යන්න ඕනෙ කියනව බැනල එන්න. මම ඒත් අපෙ අම්මලට කිව්ව බැනල වැඩක් නෑ දමල ගහල නිකන් ඉන්න කියන්න කියල. මොකද love affair එකක් නෙවෙයිනෙ. ඒ නිසා.
මෙහෙම case එකකට වන්දියක් ඉල්ලල අපහාස නඩුවක් දාන්න පුලුවන්ද?
බඳිනවාමයි කියලා පොරොන්දු වෙලා බැන්දේ නැත්නම් වන්දි ඉල්ලලා නඩුවක් දාන්න පුළුවන්ද?
වලංගු විවාහයක් සිදුවූ පසු එම විවාහයෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පැවැරීම අනිවාර්යය බව බොහෝ දෙනෙක් දන්නා කාරණයක්. නමුත් විවාහ වන බවට දුන් පොරොන්දුව විවාහ වීමට පෙර කඩකළහොත්? විවාහ පොරොන්දුව කඩකළ පුද්ගලයාට එරෙහිව නීතිය ඉදිරියට යන්න පුළුවන්ද? එහෙම නීතිය ඉදිරියට යනවා නම් සපුරාලිය යුතු කාරණා මොනවාද? එවැනි නිමිත්තක් උදෙසා නඩුවක් පවරන්නේ කොහොමද? අද ලිපියෙන් මම ඔබව දැනුවත් කරනුයේ ඒ සම්බන්ධවයි. විවාහ පොරොන්දු කඩකිරීම
විවාහ පොරොන්දුවක් යනු යම් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයකට විවාහ කරගන්නා බවට දෙනු ලබන පොරොන්දුවයි. පොරොන්දු වූ පරිදි විවාහ නොවීම හෝ විවාහ වීම මඟහැරීම විවාහ පොරොන්දු කඩකිරීම ලෙස හඳුන්වාදිය හැකියි.
එදිනෙදා අධිකරණ කටයුතුවලදී අපට අසන්නට – දකින්නට ලැබෙන නඩු කටයුතු අතර විවාහ පොරොන්දු කඩකිරීම සම්බන්ධ නඩුද දකින්නට – අසන්නට ලැබෙනවා.
විවාහය යනු සිවිල් ගිවිසුමක්. එම නිසා තමයි වලංගු විවාහයකදී සාක්ෂිකරුවන් දෙදෙනකු ඉදිරියේ විවාහය සිදුකරන්නේ. ශ්‍රී ලංකාවේ විවාහ නීති ක්‍රම 3ක් පවතිනවා. ඒවා නම්,
1. උඩරට නීතිය
2. මුස්ලිම් නීතිය
3. සාමාන්‍ය නීතිය
ලංකාවේ පුද්ගලයන්ගෙන් 70% – 75% අතර විවාහ වෙන්නේ සාමාන්‍ය නීතිය අනුවයි. වර්ෂ 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනතේ 20 වන වගන්තියේ තමයි විවාහ පොරොන්දු කඩකිරීම සම්බන්ධයෙන් සඳහන් වන්නේ.
විවාහ පොරොන්දුවක් කියන්නේ ‘මම ඔයාව විවාහ කරගන්නවා’ කියන වචනයම නෙවෙයි. විවාහ කරගන්නා බවට අඟවන ඕනෑම වචන මේ යටතට ගැනෙනවා. නමුත් ලංකාවේ පවතින නීතිය අනුව මෙම පොරොන්දුව ලිඛිත පොරොන්දුවක් වීම අනිවාර්යයි.
අතීතයේ මිනිසුන් ලිපි හුවමාරු කරගත්තත් වර්තමානයේ එස්. එම්. එස්., ඊමේල් හා වට්ස්ඇප් පණිවුඩ ඔස්සේ සිදුකරන විවාහ පොරොන්දු ද මේ යටතට ලිඛිත පොරොන්දුවක් ලෙස අදාළ කරගත හැකියි.
පුරුෂයකු හෝ කාන්තාවක විවාහ පොරොන්දුවක් කඩ කළ විට ශ්‍රී ලංකාවේ පවතින නීති තත්ත්වය අනුව ගත හැකි එකම නෛතික ක්‍රියාමාර්ගය වන්දි ඉල්ලීමේ අයිතියයි.
විවාහ පොරොන්දු කඩකිරීමේදී වන්දි ඉල්ලා සිටිය හැක්කේ කුමන අධිකරණයෙන්ද?
මම මුලින් සඳහන් කළ ආකාරයට විවාහයක් කියන්නේ සිවිල් ගිවිසුමක්. එම නිසා සිවිල් දිසා අධිකරණයක නඩු පවරා විවාහ පොරොන්දුව කඩ කළ පුද්ගලයාට එරෙහිව වින්දිත පාර්ශ්වයට වන්දි ඉල්ලීමේ හැකියාවක් පවතී. මෙහිදී පොලිසියට පැමිණිලි කිරීමට අවශ්‍යතාවක් නොමැත. මක්නිසාද මෙය සිවිල් වරදක් හේතුවෙනි. අගතියට පත්වුණු පාර්ශ්වයට කෙළින්ම ගරු අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකියි.
විවාහ පොරොන්දු කඩකිරීමේදි වන්දි ඉල්ලා සිටිය හැක්කේ කුමන හේතූන් මතද?
– විවාහ වන බවට පොරොන්දු වූ පසු ත්‍යාගයන් මිලදී ගෙන තිබේ නම්
– යාළුවන්ට නෑදෑයන්ට මුණගස්වා තිබේ නම්
– විවාහය සඳහා ස්වර්ණාභරණ මිලට ගෙන තිබේ නම්
– මානුෂීය වශයෙන් හානි වී තිබේ නම්
– රැවටීමට ලක්වූ පුද්ගලයාගේ පෞරුෂත්වයට හානි වී තිබේ නම්
– රැවටීමට ලක්වූ පුද්ගලයා නැවත විවාහ වීමට බියක් ඇතිකරගෙන ඇත්නම්
– ඔහුගේ/ ඇයගේ ආර්ථික මට්ටම බිඳවැටී ඇත්නම් (එම සබඳතාව නිසා)
ආදී කාරණා මත වින්දිත පාර්ශ්වයට වන්දි ඉල්ලා සිටිය හැකියි.
විවාහ පොරොන්දු කඩකිරීමේදි වන්දි ඉල්ලා සිටිය හැක්කේ මූල්‍යමය හේතූන් මත පමණක්ද
කිසිසේත්ම නැත. සමහර අවස්ථා තිබෙනවා මූල්‍යමය පාඩුවලට වඩා සිදුවන මානසික බලපෑම්, ලැජ්ජාව, අපකීර්තිය, සමාජයට මුහුණ දීමට හැකි නොහැකියාව ආදී අවස්ථාවන් මතද අදාළ පාර්ශ්වයන්ගෙන් වන්දි ඉල්ලා සිටීමේ හැකියාව ඔබට පවතිනවා.
එමෙන්ම මෙවැනි සම්බන්ධතාවක සිටීමේදී ගැහැනු ළමයාගේ කන්‍යාභාවය අහිමි වීමක් සිදුවූයේ නම් පසුව අදාළ පුද්ගලයා එම ගැහැනු ළමයා විවාහ කරගැනීම ප්‍රතික්ෂේප කර සිටී නම් වින්දිත පාර්ශ්වයට කන්‍යා දූෂණය සම්බන්ධ නඩුවක් ගොනු කිරීමේ හැකියාව පවතිනවා. මෙහිදී පොලිසියේ සහායද අදාළ වින්දිත පාර්ශ්වයට ලබාගැනීමේ හැකියාවක් තිබෙනවා. මක්නිසාද යත් මෙහි අපරාධමය වැරැද්දක් පවතින නිසා.
විවාහ පොරොන්දුවක් හැමෝටම දෙන්න පුළුවන්ද?
බැහැ. සමහර පුද්ගලයන් ඉන්නවා ඔවුන්ට විවාහ පොරොන්දු දෙන්න බැහැ. හැබැයි විවාහ පොරොන්දු දුන්නත් එම පොරොන්දු කඩ කළා කියලා අපිට ගරු අධිකරණයේ පැමිණිල්ලක් ගොනුකරලා ඔවුන්ට විරුද්ධව වන්දි ඉල්ලා ගැනීමේ හැකියාවක් නැහැ.
විවාහ පොරොන්දුවක් දෙන්න බැරි පුද්ගලයන් කවුරුන්ද?
1. වයස අවුරුදු 18ට අඩු පුද්ගලයකුට
මෙම ලිපිය කියවන ඔබ වයස අවුරුදු 18ට අඩු පුතෙක් හෝ දුවෙක් නම් ඔබට ඔබේ වයසම පුද්ගලයකු විවාහ පොරොන්දුවක් දී ඇත්නම් මතක තියාගන්න පුතේ දුවේ ඔබට ඔවුන්ට එරෙහිව විවාහ පොරොන්දු කඩ කිරීමේ වරදට නඩු පවරන්න බැහැ. මක්නිසාද යත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නීතිය තුළ විවාහ වීමේ අවම වයස ලෙස සලකන්නේ අවුරුදු 18. අවුරුදු 18ට අඩු පුද්ගලයකුට විවාහ පොරොන්දු දීමට නොහැකි බව තමයි නීතිය පූර්ව නිගමනය කරන්නේ.
2.දැනටමත් විවාහ වී ඇති පුද්ගලයන්
අපි සමාජයේ කොතෙකුත් දකිනවා විවාහවූ පුද්ගලයන් පවත්වන අනියම් සම්බන්ධතාවන්. එනම් තම විවාහයෙන් පිට පවත්වන සම්බන්ධතාවන්. ඔබට එවැනි පුද්ගලයෙක් විවාහ පොරොන්දුවක් දී එය කඩ කළේ නම් එම පුද්ගලයාට එරෙහිවද ඔබට නඩු පැවැරිය නොහැකියි. මක්නිසාද යත් දැනටමත් වලංගු විවාහයක ඉන්නා අයකුට විවාහ පොරොන්දු දීමට නොහැකි බව තමයි නීතිය පූර්ව නිගමනය කරන්නේ.
3 තහනම් නීති සම්බන්ධතා ඇති පුද්ගලයන්ට
ශ්‍රී ලංකාවේ නීතිය තුළ විවාහය තහනම් කළ ඥාති සබඳතා පවතිනවා, එනම් එකම පවුලේ සහෝදර සහෝදරියන් අතර ආදී විවාහ වීම තහනම් කර තිබෙනවා. එවැනි පුද්ගලයන්ට එරෙහිව විවාහ පොරොන්දු කඩ කිරීමට එරෙහිව නඩු පැවැරිය නොහැකියි.
4 උන්මන්තක හා බුද්ධිමය ගැටලු පවතින පුද්ගලයන්ට
5 ලිංගික බෙලිහීනතාවන් ඇති පුද්ගලයන්ට
ඒ අනුව ගරු අධිකරණය විසින් සෑහීමකට පත්වන ඕනෑම අවස්ථාවක අගතියට පත් පාර්ශ්වයට තමාට සිදුවූ කායික, මානසික හා ආර්ථික අලාභහානියට එරෙහිව වන්දි ඉල්ලා සිටිය හැකිය.
අතීතයේ මෙවැනි නඩු බොහොමයක් වාර්තා වුවද වර්තමාන පරපුර විසින් විවාහ පොරොන්දු කඩකිරීම යටතේ පවරන නඩු ඉතා අල්පය. නඩු පැවැරීමේ ප්‍රවණතාව අඩු වුවද විවාහ පොරොන්දු කඩකිරීම සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීතීය තාමත් එසේම පවතී.
නීතිඥ
දිලිනි විතානගේ