අපහාස

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
බුදු දහමට අපහාස කිරීමේ වරදට සිර දඬුවම්



බුදු දහමට අපහාස කළ බවට චෝදනා ලැබ සිට වරදකරුවන් වූ නවසීලන්ත ජාතිකයකු හා බුරුම ජාතිකයන් දෙදෙනෙකුට බුරුම අධිකරණයකින් බරපතළ වැඩ සහිත වසර දෙක හමාරක සිර දඬුවමක් නියම කර තිබේ.
බුදුන් වහන්සේ ශ්‍රව්‍ය උපාංගයක්(Headphone) පැළඳ සිටින ආකාරය චිත්‍රයට නගා එහි ඡායාරූපයක් අන්තර්ජාලයේ පළ කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබුණි.
එම ඡායාරූපය යොදා ගෙන ඇත්තේ යැන්ගුන්හි රාත්‍රි මත්පැන් සාදයක ප්‍රචාරණ කටයුතු සදහායි.
සීමා රහිත මත්පැන් සහ සීෂා දුම් සපයන බවට වැකියක්ද සහිතව එම ප්‍රචාරණ දැන්වීම පළ වී තිබේ.
බුරුමයේ ආගම් පනතට අනුව ආගමකට අපහාස කිරීම හෝ හානි කිරීමේ වරදට වසර දෙකක සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට බලය හිමි වේ.
නවසීලන්ත ජාතිකයාගේ පවුලේ අපේක්ෂාව වී ඇත්තේ ඔහු රටින් පිටුවහල් කිරීමට බුරුම රජය කටයුතු කරනු ඇති බවයි.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මච්න්ල මම දන්නෙ නති නිසා අහන්නෙ, බුදු හාමුදුරුවන්ගෙ පින්තුරෙ තියන ටිශර්ට් එකෙ අඩින එකත් නිති විරොදිද ලන්කාවෙ.?:confused:
     
    Last edited: