අප්පච්චිගේ ෆෝන් එක

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    අප්පච්චිගේ ෆෝන් එක

    --අප්පච්චිගෙ ෆෝන් එක.---

    අපේ අප්පච්චිට තියෙන්නෙ රුපියල් එක්දහස් අටසීයක් වටින E tel වර්ගයේ පෝන් එකකි...

    නමුත් ඔහුට එය තම පණ තරම් වටී..අප්පච්චි එය නිතරෝම දමාගෙන යන්නට ඉන රැදි බද පටියෙහි කෙලවරක /ඉස්සරහ ගෙදර කිරිඅම්මාට කියා "#පුංචි_බෑගයක්ද මසා ඇත.....

    අප්පච්චි මේ පෝන් එකෙන් කරන්න දන්නා එකම දේ,අත් දෙකින්ම නොම්බර ඔබා කෝල් ගැනීමට පමණී.....

    වැරැදි නොම්බරයක් එබුනාම ආපහු මුල සිට නම්බරය ඩයල් කරයි....

    ඒ වගේම වැරැදි නොම්බරයක් ඩයල් කර අනවශ්‍ය කෙනෙකුට කෝල් එකක් ගියහොත් ඔහුගේ කිසි වැරැද්දක් නැතත් ඔහුට "#බැනගෙන_බැනගෙන යයි....

    වෙලාවකට මට එය පුදුම වදයකි...

    මේකේ සද්දෙ
    ඇහෙන්නෑනෙ පුතේ.බලපන් මොකෑ කියලා..,
    මොකාද ටැලිපෝං එක ඇල්ලුවෙ,මොක්කුද මෙව්වෑ නොම්බර එබුවේ..අල්ලපු එකා කතා කරන එක "#ඇහෙන්නැත්තේ ගගා මට පුදුම වදයක් දෙයි...

    විටෙක එයට මැසේජ් එයි..

    සිග්නල් නැති ප්‍රශ්න ඇති අපිට මැසේජ් එද්දි එක දිගට දෙක /තුනක් /හතරක් එයි...ඒ සියලුම මැසේජ් කම්පැනි මැසේජ් ය..

    එහෙම මැසෙජ් එද්දී
    අප්පච්චිට තනිකර #යකා ආරූඪ වෙයි...

    මේ බලපන් ,මේ බලපන්..ලියුන් කවරෙ එව්වා ඇවිල්ලා ,මෙව්ව අයින් කරලා නවත්තපං මේක, කිය කියා මගේ ඇගට ගොඩ වෙයි...

    බේං මේකෙ සල්ලි නැද්ද කොහෙද.? මේ කාඩ් එක දාලා දියං...මේ ඊයෙ උදේ ගත්තු #නොම්බරේ ඇරන් දියං..

    මේ පෝන් එකේ
    ඇති සියලු ප්‍රශ්න විසදන්නේ මමය...

    එහෙත් අප්පච්චි නගන එක ප්‍රශ්නයක් විසදගන්න මට බැරිය...ඊයේ රුපියල් පනහේ කාඩ් එක දාලා එක කෝල් එකයිනෙ ගත්තේ දැන් රුපියල් දහයය්ද තියෙන්නෙ,අපිට සැර අල්ලයි...

    මන් කටවහන් පාඩුවේ ඉන්නේ මගේ පෝන් එකේ සල්ලි නැතිවායින් පසු අප්පච්චිගෙ පෝන් එකෙන් #හොරෙන් මගේ පෝන් එකට සල්ලි දමාගත් නිසාවෙනි...

    බැනුම් අහන්න බැරිම තැන කනේ තියන් බොරුවට කොම්පැනියට කතා කරමි..

    වැරදිලානෙ කපලා තියෙන්නෙ හෙට උදේ හරි යයි...අප්පච්චි ඒ වචන වලින් "#ඒක_තමයි_මං_කිව්වෙ කියා සංසුං වෙයි...

    හංදියේ කොමිනි කේසන් එකට ගිය පසු අප්පච්චිට රීලෝඩ් එකක් දමා,ගෙදර එනවිට අප්පච්චි වට පිල උඩ විටක් හපමින් සිටී,

    පුතේ ඊයේ වැරදිලා කපපු සල්ලි අද පෝන් එකේ ලියුම් කවරෙකින් ආව ,බොරුනං බලපං උඩහ ගෙදර පොඩියෙකාට කියලා බලාගත්තේ, බොරුනං ඇරං ඔබලා බලහං....

    මට ඉබේම හිනා යයි..

    මන් ගෙදර එන්න රෑ අට නමය පහු උනත් අම්මා අප්පච්චිට කියා හතේ ඉදලා කෝල් ගනී...ඇරන් හොද හැටි මට පරක්කුවට දෙහි කපයි..

    "දැන් යකෝ ගෙදරට කී පාරක් ඇවිල්ලා යන්න තිබ්බද..?"#මන්_ඔතෙන්ට_ගෙන්නගන්න_එපා_තොපි"

    මට සැරෙන් අමතයි...

    අප්පච්චිගෙ පෝන් එකට කෝල් එකක් එනවිට ඔහු පට්ටම ආසයි..පෝන් එකෙන් කෙනෙකු සමග කතා කරන විට ගමටම ඇහෙන්න අප්පච්චි #හයියෙන් කතා කරයි..

    එපා හිමින් කතා කරන්න "මයික්" එකට හොද නෑ ..කියන්න නොයන්නේ, නිකම් පැත්තක ඉදන් ඔහු ලවා ජාතිය අමතා ගැනීමට
    අපි හරි අකමැති නිසාවෙනි..

    මම ඈත ගමනක් ගිය පසු මගේ ලගම ඇති සතුරා අප්පච්චිගේ පෝන් එකයි...

    අප්පච්චිගේ පෝන් එකේ පෝන් බුක් එකේ එක නොම්බරයක්වත් සේව් කර නොමැත.එහෙත් කුඩාවට ගමේම අවශ්‍ය අයගේ නොම්බර ලියූ "#කුඩා_පොත්_පිංචක් ඉන බැදී පටියේ දකුණු පස පොකැට්ටුවේ ඇත.

    අවශ්‍ය ඌ විටෙක එය පටියෙන් ඇද පරණ කන්නාඩි කුට්ටම දමා කන්නාඩි කුට්ටමට යටින් බලමින් එකින් එක එහි ඇති නොම්බර පිරික්සා ඔහු ඇමතුම් අරගනු ලබයි...

    මම නිතරම පෝන් එක ඔබන එක අප්පච්චිට මේ ලොව ඇති ලොකුම ප්‍රශ්නයකි..උදේම එය සිහි උනොහොත් "#වැරැද්දක්_දුටු_සැනින් පෝන් එක අල්ලාගෙන මට හොද හැටි බනී.

    "යකෝ අපිටත් ටැලිපෝං තියනවා,අපි කෝල් එකක් ගත්තා ඒක තිබ්බා,තොපි කොච්චර හරි ඕකම ඔබනවා,මොකක්ද බං මේකේ තේරුම.
    අප්පච්චි #බෙරිහං දෙය්..

    පුතා උබත් ෆෙස්බුක් ද මොකේද ඉන්නවද..?

    ආං ඔය මගුල හින්දා අර කුරුණෑගල දිහා ඉස්කොලේ යන එකියක් බෙල්ලෙ වැල දාගෙන ලු.. #වේසියො.

    ඔව්න්ගෙ මහඑව්න්ට ගහන්ඩ ඕනෑ ඔය මගුල් ඔය කෙල්ලොන්ට ඇරන් දෙනවට..අප්පච්චි තරහෙන් රටේ ලොකු ටච් පෝන් තියෙන මැදි වයසේ #කෙල්ලොන්ට විටෙක දෙහි කපයි...

    ඔව්වගෙන් දවසක උබලට හිරේ විලංගුවෙ වැටෙන්න වෙය්..ගමේ එව්න් තොපිට නෙවෙයි හිනා වෙන්නේ අපිට..

    වෙන කොල්ලො බලන්න ඕනෑ උදේම #වෙල්_වලට යනවා/රස්සා ඔලට යනවා .ඒකට උබලා...අනේ අම්මාපල් උබලට කියන කට හොදය් මහපාරේ උලා ගන්න එක, කියා උදැල්ලක් කරේ තියං වෙල් පැත්තට ගාටන්න සැරසෙයි....

    අහෝ...ශාපයකි....!

    අප්පච්චිට #නාදුනන නම්බරයකින් කෝල් එකකි...ගිය තරහට ලුනු ඇඹුල් ඇතුව ඔහුට අමතයි..

    අප්පච්චි ගේ ටැලිපෝං නොම්බරය සොයා ගෙන විහිලුවක් කිරීමට ගමේ කොලුගැටයෙක් බොරුවට #ඉංගිරිසියෙන් කතාකර ඇත....

    එහෙත් මන් තේරුම් ගත් එක දෙයක් ඇත.

    කියන්නට දහසකුත් දේ හිතේ ඇත.අප්පච්චි පෝන් එකක් ලග තබාගෙන සිටින්නේ මම වෙනුවෙනි...ඔහුගේ "#එකම_පුතා වෙනුවෙනි.

    වෙලාවකට ඔහුට එය වදයකි,ඒ වගේම මටත් වදයකි.ගමනක් ගොස් පරක්කු ඌ සැණින් ඇමතුම් විශාල ප්‍රමාණයක් මට ලබා ගනී...

    එහෙත් මන් තේරුම්ගත් බොහෝ දේ ඇත..මගේ ලොකු "#ටච්_ඉස්ක්‍රින් දුරකථනයේ ඔහු වෙනුවෙන් ඇත්තේ මොන තරම් පුංචි ඉඩක්ද...

    ඔහුගේ කුඩා මුලු දුරකථනයම මම වෙනුවෙනි..

    පෝන් ගැන මෙලෝ හසරක් නොදන්නා අප්පච්චි මේ අමාරුවෙන් පෝන් එකක් #පරිහරණය කරන්නේ මා වෙනුවෙන්මය..

    මම මේ ලියන දේ ඔහු කවදාවත් දකිනු නැත .මොකද අප්පච්චි ෆේස්බුක් කියන #වචනය හැර මේ ගැන වෙනදෙයක් දන්නේද නැත..

    ඔහුගේ පෝන් එක සේම මුලු ජීවිතයම පිරී තිබෙන්නෙ මගෙනි..ඔහුට ඒවා බොරු දේවල්‍ ය..

    අපිට අම්මා වරුන්ගේ දිනක් තිබුනාට/හුදෙක් ලෝකවාසී #අප්පච්චිලාට විශේශ දිනයක් නැත. ඒත් සැමඳා ඔහුට දරුවන්ගේ දිනක් ඇත..

    අපි කුසින් එලියටට පැමිනි දා සිට /ඔහු හැම දවසක්ම අපි වෙනුවෙන් වෙන්කර ඇත...හරියට ඔහුගේ කුඩා පෝන් එක අපි වෙනුවෙන්ම වෙන්කර ඇතිවාක් මෙනි..

    ඉතින් ඒ නිසා
    "#අප්පච්චි_නුබට_ගොඩක්_ආදරෙයි" කියා නුබේ පොටෝ එකක් දමා පේස්බුක් එකේ රැගුවාට නුඹ දකින්න ෆෙස්බුක් නැත ..

    මොකද නුබේ එකදාස් අටසීයේ පෝන් එකෙන් නුබට පේස්බුක් එන්නට බැරිය..ඒ පෝන් එක නුබ වදෙන් පාවිච්චි කරන්නෙ නුබ වෙනුවෙන් නොව මා වෙනුවෙනි..

    මට මාර #දුකක් ඇත ..

    ඔහුගේ මුලු දුරකථනයම මා වෙනුවෙනි..ඒත් 64gb මෙමරියක් ඇති මගේ පෝන් එකේ ඔහුට තිබෙන තැන/ඉඩ කොතැනද..

    කොපමණ ද.....

    මගේ අප්පච්චි..කිසිම දින නුඹ මේ අකුරු නොදකින මේ "#මුහුනු_පොත මට කුමටද.....?

    😭
    -අසා-
    (සාක්ෂි සමග සත්‍ය අත්දැකීම් සමුදායකි.)
    Asanka Pradeep ගේ සටහනකි..
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මගේ තාත්ත ළඟ තිබ්බේ 1100 එකක්. එයා රැකියාවට කලේ ත්‍රිවිල් එක හයර් කරපු එක එයාගේ පොන් එක කොයි වෙලෙත් පටියක් දාගෙන බෙල්ලේ එල්ලගෙනමයි හිටියේ. මට අල්ලනවත් දෙන්නැ ඒක:P (එයාගේ කටේ තිබ්බෙම ඔය පෝන් එක ගන්නෙපා තියහං පැත්තකින් හම්බකරගෙන කන්න තියෙන්නේ ඔච්චරයි කියන වචනේමයි :baffled::baffled:) තාත්ත අන්තිමට 2011 අවුරුද්දේ වගේ අපෙන් සමුගන්නකොට එයා පණවගේ ආදරේ කරපු පොන් එක මට බාර කල තියාගන්න පුතේ මගේ පොන් එක කියල ...

    මන් දැන් ලංකාවේ නෙමෙයි ඉන්නේ ඉන්නේ පොන් එක ලංකාවේ අපේ ගෙදර සුරක්ෂිතව තියනවා එත් ඉතින් ඒ නම්බර් එකට කෝල් කලාට කවදාවත් පොන් එක වැඩකරන්නේත් නෑ කතාකලත් ළමයො ඔයාට කොහොමද කියල අහන්න තාත්තත් නෑ ...:sorry::sorry:
     
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Boralugoda01 again.
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    මගේ තාත්ත ළඟ තිබ්බේ 1100 එකක්. එයා රැකියාවට කලේ ත්‍රිවිල් එක හයර් කරපු එක එයාගේ පොන් එක කොයි වෙලෙත් පටියක් දාගෙන බෙල්ලේ එල්ලගෙනමයි හිටියේ. මට අල්ලනවත් දෙන්නැ ඒක:P (එයාගේ කටේ තිබ්බෙම ඔය පෝන් එක ගන්නෙපා තියහං පැත්තකින් හම්බකරගෙන කන්න තියෙන්නේ ඔච්චරයි කියන වචනේමයි :baffled::baffled:) තාත්ත අන්තිමට 2011 අවුරුද්දේ වගේ අපෙන් සමුගන්නකොට එයා පණවගේ ආදරේ කරපු පොන් එක මට බාර කල තියාගන්න පුතේ මගේ පොන් එක කියල ...

    මන් දැන් ලංකාවේ නෙමෙයි ඉන්නේ ඉන්නේ පොන් එක ලංකාවේ අපේ ගෙදර සුරක්ෂිතව තියනවා එත් ඉතින් ඒ නම්බර් එකට කෝල් කලාට කවදාවත් පොන් එක වැඩකරන්නේත් නෑ කතාකලත් ළමයො ඔයාට කොහොමද කියල අහන්න තාත්තත් නෑ ...:sorry::sorry:

    මගේඅප්පච්චි ළඟ තිබ්බේ J105 එකක්. එයා රැකියාවට කලේ ලොරි එක හයර් කරපු එක එයාගේ පොන් එක කොයි වෙලෙත් ඉනේ පටියක් දාගෙන හිටියේ. මට අල්ලනවත් දෙන්නැ ඒක:P (එයාගේ කටේ තිබ්බෙම ඔය පෝන් එක ගන්නෙපා තියහං පැත්තකින් හම්බකරගෙන කන්න තියෙන්නේ ඔච්චරයි කියන වචනේමයි :baffled::baffled:) තාත්ත අන්තිමට 2017 අවුරුද්දේ වගේ අපෙන් සමුගන්නකොට අන්තිම වතාවටත් "පුතේ...." කියලා මට කතා කරේ ඒ phone එකෙන්ම තමා ...

    මන් දැන් ගෙදර නෙමෙයි ඉන්නේ ඉන්නේ පොන් එක අපේ ගෙදර සුරක්ෂිතව තියනවා එත් ඉතින් ඒ නම්බර් එකට මම කවදාවත් කෝල් කරන්නේ නෑ..මට ඒ phone එකෙන් අම්මගෙ කටහඬ අහන්න ඕනේ නෑ.. ...:sorry::sorry:
     
    Last edited:
    • Like
    Reactions: thanush000

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මගේඅප්පච්චි ළඟ තිබ්බේ J105 එකක්. එයා රැකියාවට කලේ ලොරි එක හයර් කරපු එක එයාගේ පොන් එක කොයි වෙලෙත් ඉනේ පටියක් දාගෙන හිටියේ. මට අල්ලනවත් දෙන්නැ ඒක:P (එයාගේ කටේ තිබ්බෙම ඔය පෝන් එක ගන්නෙපා තියහං පැත්තකින් හම්බකරගෙන කන්න තියෙන්නේ ඔච්චරයි කියන වචනේමයි :baffled::baffled:) තාත්ත අන්තිමට 2017 අවුරුද්දේ වගේ අපෙන් සමුගන්නකොට අන්තිම වතාවටත් "පුතේ...." කියලා මට කතා කරේ ඒ phone එකෙන්ම තමා ...

    මන් දැන් ගෙදර නෙමෙයි ඉන්නේ ඉන්නේ පොන් එක අපේ ගෙදර සුරක්ෂිතව තියනවා එත් ඉතින් ඒ නම්බර් එකට මම කවදාවත් කෝල් කරන්නේ නෑ..මට ඒ phone එකෙන් අම්මගෙ කටහඬ අහන්න ඕනේ නෑ.. ...:sorry::sorry:

    දෙමව්පියෝ නැති උනාට පස්සේ තමා තේරෙන්නේ අපිට එයාල කොච්චර වටිනවද කියල ඒවා මෙහෙමයි කියල වචන වලට පෙරල්ලන්න බෑ කවදාවත් :baffled::baffled:
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    දෙමව්පියෝ නැති උනාට පස්සේ තමා තේරෙන්නේ අපිට එයාල කොච්චර වටිනවද කියල ඒවා මෙහෙමයි කියල වචන වලට පෙරල්ලන්න බෑ කවදාවත් :baffled::baffled:

    ඇත්ත මචං.. ජීවිත කාලයෙම විඳවන එක තමා... :(:(:(:(:(:(:(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    :sorry: