අප්පච්චි ගිහින් දුර ඈත

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අප්පච්චි ගිහින් දුර ඈත

    සුර බිළිදියන් එක්ක
    හීනෙනුත් සෙල්ලම් කර
    පාන්දර කිරිසුවද සයනයෙන් නැගිට
    අප්පච්චි හොයන්නට දුවන්නට එපා දෝණි
    චූටි මැනිකේ නිදි අතර...
    අප්පච්චි ගිහින් දුර ඈත

    කදුලු වැක්කෙරන ඇස් වලින්
    දුවට සමුදෙන්න බැරි නිසා
    චූටි දුව නිදිකරවා කම්මුලක හාදුවක් තවරා
    අප්පච්චි ගිහින් දුර ඈත
    දූගෙ මල් මල් කොට්ටය උඩ
    අප්පච්චිගෙ කදුලු තෙත තවමත් ඇති

    අහස් වියනට උඩින්
    තාරුකාවලට පහලින්
    මල් පොහොට්ටු වල කුරුළු ගීතිකාවක
    බලන බලන පැත්තේ
    අප්පචිචිට දූවම පෙනේවි
    ඔය මුවේ කිරි සුවද
    නින්දෙදි හීනෙනුත් දැනේවි

    පුංචි මල් ගවුමක් අන්දලා
    වටයක් කැරකිලා හැඩ බලන්න
    ඇවිදින බෝනික්කියක් එක්ක
    තරගෙට නැටුමක් නටන්න
    පුංචි බංඩියට කිති කවලා
    තරගෙට හිනා වෙන්න
    යස ඉසුරු හොයාගෙන
    අප්පච්චි ගිහින් දුර ඈත

    අයිය බබත් එක්ක සන්ඩු නොකර
    පොඩි ගල්කැට කටේ නොදමා
    අම්මිගෙන් කුක්කු බීල බණ්ඩිය පුරෝගෙන
    අප්පච්චිගෙ සුවද කොට්ටෙට තුරුළු වෙලා
    රත්තරං දුව නිදියන්න

    මේ ලෝකෙ කවුරුත් නොතකපු
    අප්පච්චිගෙ හිත ආදරෙන් පුරවපු
    රත්තරං සුදු දුවේ ඔයාගෙ සිනාව
    කිංකිණි සිනාව
    ආයෙත් දකින තුරු
    අප්පච්චි බොන කදුළු
    චූටි දුව තාම දන්නෙ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: Fox C2

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Thwama duwek ne, hebei duwek gena piyek hithana dewal mage seeyagen, thaththagen dekala tiyenawa. welawakata duwek awoth mage kollata asadaranayak weida kiyala bayakuth denenawa. aath thaththek puthek ekka tiyena bedeema kiyana eka eliyata nepenena deyakne. duwek awama mokak weida danne ne. edata matath mehema dewal nisa adanna weida danne ne...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කීවෙනි පාරටද රිද්දවන්නේ??
    ඉදේ ඔෆිස් එනකොට චූටි දුවගේ ඔලුව අතගෑවා... මේ කවිය මතක් වෙලා කඳුලු ආවා බං අයියේ....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ලෝකෙ කවුරුත් නොතකපු
    අප්පච්චිගෙ හිත ආදරෙන් පුරවපු
    රත්තරං සුදු දුවේ ඔයාගෙ සිනාව
    කිංකිණි සිනාව
    ආයෙත් දකින තුරු
    අප්පච්චි බොන කදුළු
    චූටි දුව තාම දන්නෙ නෑ.
    ඒක කවුරුවත් දන්නෙ නෑ තමා....
    අම්මලා කදුළු පිට කරනවා දුකට...
    තාත්තලා කදුළු හංගනවා දුක හිතුනාම එන.
    ඒ, ඒ කදුළු දැකලා දරුවන් ගේ හිත් දුර්වල වෙන බව දන්න නිසා.
    හිතේ හැටියට කදුළු බිදුවක් හෙළන්න බැරි තාත්තලා බොහොමයි..
    ඒ තාත්තලා ගොඩට උඹත්, මාත් අයිතියි....

    පුතාල තාත්තෙකු ගේ ශක්තිය,
    දුවලා තාත්තෙකු ගේ ආඩම්බරය....
    පුතාලට වඩා තාත්තලට ළග දුවලා....
    ඒ නිසයි, සිංහ බාහු තමන් ගේ බාහු බලයෙන් ගලලෙන බිද, ලෙන් දොර හැර, තම මෑණියනුත්, නැගෙණියත් ගෙන ගිය විට සිංහයා සිය දියණිය ගැන වෙසෙසින් මැ වැළපෙන්නේ......
    සුරතල් දියණිය මොළකැටි වදනින්
    මා අමතන්නිය අහර පිසන්නිය
    කවන්නිය - පොවන්නිය
    මා ගැන බිය වන්නිය
    වනයේ - දුකක් වෙද
    අසන්නිය - සොයන්නිය
    ඈත් ගොසින්ය- ඈත් ගොසින් ය
    ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ
    සොහොයුරා නම් - ඔළ මොළ ගති ඇත
    නුඹ මෙන් මුදු නැත.....
    කවිය දුටු දින සිට ලියන්නට හිතේ ඇති දේ ලියන්නට බොහෝ සෙයින් දැගළුවෙමි. අවසන දී ඇස අගින් කදුළක් හෙලා ළය සැහල්ලු කොට ගෙන මෙය ලියුවෙමි.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒක කවුරුවත් දන්නෙ නෑ තමා....
    අම්මලා කදුළු පිට කරනවා දුකට...
    තාත්තලා කදුළු හංගනවා දුක හිතුනාම එන.
    ඒ, ඒ කදුළු දැකලා දරුවන් ගේ හිත් දුර්වල වෙන බව දන්න නිසා.
    හිතේ හැටියට කදුළු බිදුවක් හෙළන්න බැරි තාත්තලා බොහොමයි..
    ඒ තාත්තලා ගොඩට උඹත්, මාත් අයිතියි....

    පුතාල තාත්තෙකු ගේ ශක්තිය,
    දුවලා තාත්තෙකු ගේ ආඩම්බරය....
    පුතාලට වඩා තාත්තලට ළග දුවලා....
    ඒ නිසයි, සිංහ බාහු තමන් ගේ බාහු බලයෙන් ගලලෙන බිද, ලෙන් දොර හැර, තම මෑණියනුත්, නැගෙණියත් ගෙන ගිය විට සිංහයා සිය දියණිය ගැන වෙසෙසින් මැ වැළපෙන්නේ......
    සුරතල් දියණිය මොළකැටි වදනින්
    මා අමතන්නිය අහර පිසන්නිය
    කවන්නිය - පොවන්නිය
    මා ගැන බිය වන්නිය
    වනයේ - දුකක් වෙද
    අසන්නිය - සොයන්නිය
    ඈත් ගොසින්ය- ඈත් ගොසින් ය
    ඇයි සුදු දුවණියෙ නුඹවත් නොසිටියෙ
    සොහොයුරා නම් - ඔළ මොළ ගති ඇත
    නුඹ මෙන් මුදු නැත.....
    කවිය දුටු දින සිට ලියන්නට හිතේ ඇති දේ ලියන්නට බොහෝ සෙයින් දැගළුවෙමි. අවසන දී ඇස අගින් කදුළක් හෙලා ළය සැහල්ලු කොට ගෙන මෙය ලියුවෙමි.

    ඔය කවියෙ පලවෙනි පදය මතක් උනේ එදා ගෙදරින් එද්දි. හැන්දෑවෙ ඉදන් දුවට මොනවද තේරිලා මා ගාව දැවටි දැවටි හිටිය. දුවට ටටා කියල එන්න බැරි කමට නිදිකරලයි ආවෙ. නිදිකරන්න ගිහිනුත් මට කදුළු නවත්තන්න බැරිව හිටියෙ. කෙල්ල යාන්තම් නිදන් ඉදල නැගිටල මගෙ මූණ දිහා බලල චූටි ඇගිල්ලකින් මගේ කදුලක් පිහල එහෙම්ම වැටිල නිදා ගත්ත.

    කාබුල් වලට එනක්ම් ප්ලේන් එකේ කදුළු උතුර උතුරයි ආවෙ.මම නොකියා ආපු නිසා පහුවෙනිද මුළු දවසෙම දූ මාව හොයල. මේ වචන ටික ගලපන්න පෑන අතට ගන්න ඇති දහපාරකට වඩා. හැමවෙලේම පේලියක් ලියනව. හෝ ගල අඩනව. අන්තිමට එහෙම එකටු කරපු වචන තමයි මේ..

    අපේ නගාල දෙන්න ගෙදරින් පිටවෙලා මාස තුනකින් තාත්තා නැති උනා. ඒක මට තේරුනේ මේ පාර ගෙදරින් එද්දි.
    තාත්තල දුවල නිසා ජීවිතේම ගිනි උහුලනව. ඒ ගිනි තාත්තලාට ගිනි නෙමෙයි.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    Duka Lassanai !


    හෆ්ෆා හිත කඩා වෑටෙනවා.....

    මොකට කියෙවුවාඩ මන්දා

    Thwama duwek ne, hebei duwek gena piyek hithana dewal mage seeyagen, thaththagen dekala tiyenawa. welawakata duwek awoth mage kollata asadaranayak weida kiyala bayakuth denenawa. aath thaththek puthek ekka tiyena bedeema kiyana eka eliyata nepenena deyakne. duwek awama mokak weida danne ne. edata matath mehema dewal nisa adanna weida danne ne...



    කීවෙනි පාරටද රිද්දවන්නේ??
    ඉදේ ඔෆිස් එනකොට චූටි දුවගේ ඔලුව අතගෑවා... මේ කවිය මතක් වෙලා කඳුලු ආවා බං අයියේ....

    dawasakata ba appa ohoma adanna. rata atha arala duwagena enna hithenawa mewa dakinakota...





    අද උදෙත් කියෙවුවා. ආයෙත් දුකයි





    thank you all !!! :(