අප්පච්චීගෙ ණය| Payable to Appachchi

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
අප්පච්චීගෙ ණය| Payable to Appachchi

picture.php
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    තාත්තලා එයාලගෙ ආදරය පෙන්නන්නෙ වෙනස්ම විදිහකට... අපි හුඟ දෙනෙක් ඒ ආදරය තේරුම් ගන්නෙ නැහැ. විශේෂයෙන් පිරිමි ලමයි. නමුත් ඒ ආදරය අපිට හොදටම දැනෙන්නෙ අපිත් කවදහරි තාත්තා කෙනෙක් උනාමයි..

    අයියානම් ඒ ආදරයෙ දිග පළල හොදට තේරුම් අරගෙන වගේ. හරිම සංවේදි විදිහට අකුරු කරලා. ලස්සන නිර්මාණයක්...

    ආසිරි..ඔයාටත් පවුලේ හැම දෙනාටත් නිදුක් නිරෝගී සුබ අනාගතයක්...
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    අපූරු අදහසක් සොයුර. ඒ උදාර පියා පැතූ පැතුමන් ගෙන් චුට්ටක් වත් සපුරාලන්න පුලුවන් වුනා නම් එයත් අගේය, මොකද ඔවුන්ගේ පැතුම් සුලුපටු නොවන නිසා. ඔබට සුබපැතුම්!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    පියෙකුගේ අති උදාර බලාපොරොත්තු..කීයෙන් කී දෙනාටද ඉටු කරන්න ලැබෙන්නේ හා වරප්‍රසාද ලැබිල තියෙන්නේ..

    ඒ ගොල්ලන්ගේ ඇස් පියවෙන්නේ ඔය ඉටු කරගන්න හිතේ දඟලපු අනේකවිධ බලාපොරොත්තුත් එක්ක...

    කොච්චර දුරට ඒ බලාපොරොත්තු පටවගෙන බලාගෙන හිටපු කෙනාට අපිට පෙරලා මිනිසුන් වශයෙන් සාධාරණය ඉටු කරන්න පුලුවන් වෙලා තියෙනවද??? අපිට අපි ගැන ආත්මඅනුකම්පාවක් මතුවන්නේ අන්න ඔවැනි දයිවය අපටම කුරිරු වුන බොහෝ අව්ස්ථාවලදීයි...

    මල්ලියා අගනා සාර්ථක පද පබැඳුමක්.....කථා කල යුතුම හා සිහියට නගා ගෙන පරක්කු වී හෝ නිම කල යුතු පියපුතු බැඳිමක් යුතුකමක් හා අධිෂ්ඨානයක්.....

    මල්ලිට ජය.....
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    අැත්තටම චතුර තාත්ත කෙනෙක්ගෙ අාදරය මහ පුදුමයි. අපිට නොපෙනෙන්නට සැමදාම අපි දිහා බලා ගෙන අපෙම යහපත පතමින් ඉන්නව. ඔබට මදකට හේ ඔහුව සනසන්න ලැබීම ලොකු දෙයක්. මගෙ ජීවිතයෙදි උනත් ගොඩක් දේවල් මම ඉගෙන ගත්තෙ මගෙ අාදර තාත්තා ගෙන්. නිර්මානයක රස විදින්න ෙහාද පොතක් තේර ගන්න ජීවිතය උපෙක්ෂාවෙන් විදගන්න නිරහංකාරව ඉන්න හැම දෙයම දැනගත්ෙත ඔහුගෙන්. ඔයාගෙ පුංචි පැටියටත් මෙහි සදහන් දේවල් කියල දුන්නම කවදාහේ ඔබ දිනුවා වෙයි. නිර්මානය පසුබිම හැමදෙම ලස්සනයි. හොදට රස වින්ද. මගෙ හිතත් මගෙ තාත්ත ලගට අරන් ගියා. ඔබ ෙග් පවුලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    තාත්තලා එයාලගෙ ආදරය පෙන්නන්නෙ වෙනස්ම විදිහකට... අපි හුඟ දෙනෙක් ඒ ආදරය තේරුම් ගන්නෙ නැහැ. විශේෂයෙන් පිරිමි ලමයි. නමුත් ඒ ආදරය අපිට හොදටම දැනෙන්නෙ අපිත් කවදහරි තාත්තා කෙනෙක් උනාමයි..

    අයියානම් ඒ ආදරයෙ දිග පළල හොදට තේරුම් අරගෙන වගේ. හරිම සංවේදි විදිහට අකුරු කරලා. ලස්සන නිර්මාණයක්...

    ආසිරි..ඔයාටත් පවුලේ හැම දෙනාටත් නිදුක් නිරෝගී සුබ අනාගතයක්...

    හරියට හරි මල්ලී.... ඇත්තටම මට නම් මේක තාත්තා කෙනෙක් වෙන්න කලින්ම තේරුණා තමයි. ඒත් මං අදටත් දුක් වෙන කාරණයක් තමයි. අපි දෙන්නට අපි දෙන්නගෙ වැරදිමයි පේන්නේ... ඒත් අපි හොඳින්ම දන්නවා අපි කොයි තරම් අපට ලෙංගතුද කියලා. මං හුඟාක් මගේ අප්පච්චිට ගොඩාක් ණයගැතියි. මං ලඟ තියෙන කවිත්වය, අවංක කම, සංවේදී කම වගේ ගතිගුණ සහ හැකියාවන් මට ඔහුගෙන්ම ලැබුණ දේවල්.

    ඔයාගෙ අදහසට ගොඩාක් ස්තුතියි මල්ලී....
     

    truth100%

    Member
    Jan 13, 2010
    645
    39
    0
    ඇත්තමයි සහෝදරයා, මේක නම් හරිම වටිනවා. තාත්තා කෙනෙකුගේ ආදරය.
    අම්මාත් අපිට ගොඩාක් ආදරෙයි තමා.අම්මා අපට ආදරය දෙනවා. ඒත් තාත්තාට ඒක කරන්න හැමතිස්සෙම බෑ.පවුලේ බර කරට අරන් තාත්තා දුක් විදිනවා දරුවන්ට සැප දෙන්න. ඇත්තටම පිය සෙනෙහසට නම් කවි ගී ලියවෙනවා මදි. එවන් කාලයක මේ කවි පෙල හරිම වටිනවා.
     

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    අපූරු අදහසක් සොයුර. ඒ උදාර පියා පැතූ පැතුමන් ගෙන් චුට්ටක් වත් සපුරාලන්න පුලුවන් වුනා නම් එයත් අගේය, මොකද ඔවුන්ගේ පැතුම් සුලුපටු නොවන නිසා. ඔබට සුබපැතුම්!

    සත්තකින්ම යාළු... ඔවුන්ගේ පැතුම් නම් මහා සාගරය වගේ. ඒත් අපේ හැකියාව පුංචි දිය බිඳක් වගේ....

    ස්තුතියි සහෝ....