කොරෝනා රෝගීන්ට දේශීය, ආයුර්වේද ප්‍රතිකාර සූදානම්.. ආසාදිතයන් ආයුර්වේද රෝහල්වලට කැදවයි..
December 18, 2020 at 10:25 pm | lanka C new
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සහය ලබාදෙන්නේ නම් කොරෝනා වෛරස ආසාදිතයන්ට දේශීය හා අයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සූදානම් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල්් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසයි.
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 17 වන වාර්ෂික මහා සම්මේලනය හික්කඩුවේදී අමතමින් ඔහු මේ බව පැවසීය.
කොරෝනා වසංගතය බටහිර වෛද්‍යවරුන්ගේ ලෙඩක් කියා ඔවුන් විසින් එය බෙදා ගෙන සිටින බව ඇමතිවරයා චෝදනා කළේය.
දේශීය වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ නොදී බටහිර වෛද්‍යවරුන් විසින් එම රෝගීන් අල්ලාගෙන සිටින බවත් ඔහු පැවසීය.
මෙරට ඇති අායුර්වේදී රෝහල් පද්ධතියට කොරෝනා ආසාදිතයන්ට පැමිණෙන්නැයි ආරාධනා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
එසේ පැමිණෙන ආසාදිතයන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමට සූදානම් බවද කී ඔහු මෙරට මේ තරමින් හෝ නිවී ඇත්තේ දේශීය ඖෂධ වලින් බවද පැවසීය.