අප්පුගේ ආසාවට ඉඩ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොරෝනා රෝගීන්ට දේශීය, ආයුර්වේද ප‍්‍රතිකාර සූදානම්.. ආසාදිතයන් ආයුර්වේද රෝහල්වලට කැදවයි..

    December 18, 2020 at 10:25 pm | lanka C new

    ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සහය ලබාදෙන්නේ නම් කොරෝනා වෛරස ආසාදිතයන්ට දේශීය හා අයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සූදානම් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල්් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍යය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පවසයි.

    රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 17 වන වාර්ෂික මහා සම්මේලනය හික්කඩුවේදී අමතමින් ඔහු මේ බව පැවසීය.

    කොරෝනා වසංගතය බටහිර වෛද්‍යවරුන්ගේ ලෙඩක් කියා ඔවුන් විසින් එය බෙදා ගෙන සිටින බව ඇමතිවරයා චෝදනා කළේය.

    දේශීය වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීමට ඉඩ නොදී බටහිර වෛද්‍යවරුන් විසින් එම රෝගීන් අල්ලාගෙන සිටින බවත් ඔහු පැවසීය.

    මෙරට ඇති අායුර්වේදී රෝහල් පද්ධතියට කොරෝනා ආසාදිතයන්ට පැමිණෙන්නැයි ආරාධනා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

    එසේ පැමිණෙන ආසාදිතයන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීමට සූදානම් බවද කී ඔහු මෙරට මේ තරමින් හෝ නිවී ඇත්තේ දේශීය ඖෂධ වලින් බවද පැවසීය.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ධනපාල කංකානම්ගේ ධම්මික බණ්ඩාර වුණ හැටි


    කොරෝනා මර්දනය කරන පැණියක් නිෂ්පාදනය කළ බව කියමින් දේශපාලකයන් හා සම්බන්ධවීම් සහ මාධ්‍ය ප්‍රචාරයන් නිසා මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති 'ධම්මික බණ්ඩාර' එම නමින් පෙනී සිටියද ඔහුගේ සැබෑ නම එය නොවන බව වාර්තාවේ. කෑගල්ල – මාතුර – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ඉපිද මේ වන විට උඩුවාගම – අඹවල ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහුගේ සැබෑ නම වනුයේ අප්පුකුට්ටි කංකානම්ලාගේ ධනපාලයි.

    ගම් වාසීන්ගේ අතීතානුස්මරණය අනුව ඔහු කලක් රූකඩ නැටවීමේ යෙදී ජීවිකාව සරිකරගත්තේය. අනතුරුව ඩොල්කි ගසන්නෙකු ලෙස සිටියේය. අතිරේක වෘත්තියක් ලෙස පෙදරේරුවෙකු හා වඩු බාස් කෙනෙකු ලෙස ඔහු කටයුතු කළ බවටද ගම් වැසියන් සාක්ෂි සපයා ඇත.

    කෙසේ වෙතත්
    ඔහු කරළියට එන්නේ එක්වරම කාලි මෑණියන්ගේ වරමක් ලැබුණු බව පවසමින් දේවාලයක් ඉදිකර එහි කපු මහතා බවට පත්වීම නිසාය. (මේ හා සමාන හාස්කම් සිදුවීම් අපට දෙරණ නාලිකාවේ 'සිදු' ටෙලිනාට්‍ය හරහාද දක්නට ලැබේ.) කංකානම්ලාගේ ධනපාල ගුරුන්නාන්සේ ශ්‍රී වීර මහා භද්‍රකාලී දේවාලය නමින් දේවාලයක් පවත්වා යමින් ප්‍රදේශයේ අයට විවිධ ගුරුකම් කරමින් සිටියේය.
    එය ගැමියන්ගේ පුදුමයට හේතුවක් වුවත් ගැටලුවක් වූයේ නැත. එවැනි අය ඕනෑතරම් එම ප්‍රදේශවල වාසය කරන නිසාය.

    තමන් කාලි මෑණියන් ලෙස ඔහු හඳුන්වාගත් අතර වැඩ කරගන්නට ගිය අය කිව්වේ 'කාලි' නැතහොත් 'මෑණියෝ'කියාය.
    කාලි මෑණියන් හමුවට යන්නේ යම් යම් අසාධාරණකම් සිදුවූ අය ඒවා සරිකරගන්නට හා යම් යම් අයගේ නොහොඳ නෝක්කඩු වෙනුවෙන් ද්වේශයෙන් පුදපූජා කරන්නටය.
    ගම්මු පවසන්නේ ඔහු හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාගේ සමීපතමයෙකුව සිටි බවයි. මේ නිසා ඇතැම් දේශපාලකයින්ද මෙම ස්ථානයට දේශපාලන හැලහැප්පිලි ගුරුකම් වැඩ කරගන්නට දිගු කලෙක සිට ආ ගිය බව පැවසුණි.

    ඔහු කට්ටඩියෙකු ලෙස කටයුතු කළත් වෙදකම් කළ බවක් වාර්තා නොවේ.

    ලංකාවේ හෙළ වෙදෙකු ලෙස හෝ ආයුර්වේද වෙදෙකු ලෙස ධනපාල කංකානම්ගේ ප්‍රකටව සිටියේ නැති බව ගම්මු දනී. මේ නිසා තමන් කොරෝනා සඳහා බෙහෙතක් සොයාගත් බව ඔහු පැවසුවත් එය පිළිගන්නට හෝ එය දැනගෙන වැල නොකැඩී ගමේ අය ඔහු වෙත ගිය බවක් වාර්තා නොවේ.


    ඔහුගේ පැණිය ගැන ප්‍රසිද්ධවී තමා ඔහු සොයාගෙන ගිය බවත් මෙම වෙදමහතා සොයාගත්තේ තමා බවත් නීතීඥයෙකු වන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
    ඔහු මොහු කෙරේ විශ්වාසය තැබුවේ පැහැදුනේ වෙනත් කවර හේතුවක් නිසාදැයි පැහැදිලි නැත.
    ධනපාල කංකානම්ගේගේ නම එක්වරම ධම්මික බණ්ඩාර වන්නේ මෙම 'නොදන්නා සංසිද්ධියෙන්' පසුය.
    (එය 'පොලිටිකල් මාකටිං' විය හැකිය - හොඳ නමකින් ආවොත් තමයි හරියන්නේ !!)

    උගත් නීතිඥයෙකු හා දිනේෂ් ගුණවර්ධනගේ පක්ෂයේ පැරණි සාමාජිකයෙකු ලෙස ප්‍රකට සිසිර ජයකොඩි මහතා වැනි අයෙකු මොහුව විශ්වාස කිරීම ගැන නැවත සොයා බැලිය යුත්තකි.
    ධනපාල ධම්මික වී ඔහු බෝතලයද රැගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ගෙන ඒමට ජයකොඩි මහතා කටයුතු කරන අතර ඔහුව ප්‍රවර්ධනය කෙරෙන වැඩසටහන් දෙරණ නාලිකාව හරහා විවිධ ලෙස විකාශයවීමද ඇරඹෙන්නේ කිසියම් සැලසුමකට අනුව බව පෙනී යයි.
    ඇතැමුන් මොහුගේ නිරූපණය හඳුන්වන්නේ ලංකාවට එන්නත් ලැබෙනතරු ජනතාවගේ සැනසීමට රජයෙන් නිර්මාණය කළ 'ගෝත්‍රික උපාය ධූතයෙකු' ලෙසයි.


    මේ සමග පළවන්නේ 2006 දී ශ්‍රීමහ බෝධිය අසළදී ධනපාල කංකානම්ගේ වෙනුවෙන් පැවති උත්සවයක් ගැන පෝස්ටරයක් හා 2020 ධම්මික බණ්ඩාර වෙනුවෙන් ප්‍රදේශයේ සිටවූ කටවුටයකි.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මොනවද බන් මේ විකාර. එහෙනම් PCR කරන්නත් බෑ ඒකත් ආයුර්වේදෙන්ම චෙක් කරල කොරෝන තියෙද නැද්ද කියල හොයාගන්න ඕන. කවුරුවත් බලෙන් ගිහින් දාන්න ඕනත් නෑ කැමති ලෙඩ්ඩුන්ට යන්න කියන්න ඕන. දැන් ලංකාවෙ ඉන්න ආයුර්වේද කාරයො ඔක්කොම වගේ බටහිර බෙහෙත් පෙති කුඩු කරල ගුලි හදල පොවන්නෙ බොරු පච කියල :ROFLMAO: :ROFLMAO:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ නූලේ title එක වැරදියි - ආයුර්වේද රෝහල් පෙර සූදානමින් තිබ්බෙ රෝගීන් භාරගන්න ගොඩක් කල් ඉඳලා - ඒත් තාම ලෙඩ්ඩු එවන්නෙ නෑ - විෂය භාර අමාත්‍ය විසින් වසංගත හා නිරෝධායන පනත යටතේ නම් කරලා තිබ්බේ රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහල රෝගීන් භාරගත හැකිය කියලා. ඒත් තාම එතෙන්ට එක ලෙඩෙක් එවල නෑ.

    මේ තනිකර බයියො අන්දවන්න දාන නිවුස් :D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ නූලේ title එක වැරදියි - ආයුර්වේද රෝහල් පෙර සූදානමින් තිබ්බෙ රෝගීන් භාරගන්න ගොඩක් කල් ඉඳලා - ඒත් තාම ලෙඩ්ඩු එවන්නෙ නෑ - විෂය භාර අමාත්‍ය විසින් වසංගත හා නිරෝධායන පනත යටතේ නම් කරලා තිබ්බේ රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහල රෝගීන් භාරගත හැකිය කියලා. ඒත් තාම එතෙන්ට එක ලෙඩෙක් එවල නෑ.

    මේ තනිකර බයියො අන්දවන්න දාන නිවුස් :D
    :lol::lol: